Student Visa 03

තරිදු ගේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය – 03 පොස්ට් එක.

මේ අවසන් කොටසින් සුපවයිසර් කෙනෙක් තෝරගන්නේ කොහොමද, පී. එච්. ඩී. එකක් කරද්දී ඇතිවෙන ගැටළු (විෂයානුබද්ද ගැටළු නොවේ) මොනවද වගේ දේවල් ගැන පොඩ්ඩක් ලියන්නම්
සුපවයිසර් කෙනෙක් තොරගද්දී බලන්න ඕනි ඒ ආචාර්යවරයා අඳාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ද යන වග. මේක බලන්න හොඳම ක්‍රමය තමා ඔහු පසුගිය අවුරුදු කිහිපය ඇතුළත ඒ විෂයට අඳාළව පලකරල තියෙන පර්යේෂණ පත්‍රිකා කියවා බැලීම. ඒව කොතරම් ගුණාත්මකබාවයෙන්යුක්තද, ඒවා පළවෙලා තියෙන්නේ ඉහළ පිළිගැනීමක් තියන ජර්නල්වල හරි සම්මන්ත්‍රණවල හරි ද යන වග සහ පර්යේෂණ පත්‍රිකා ගණන (ගොඩක්ම අඳාළ නොවුනත් මේකෙන් කියන්න පුළුවන් ඔහු එම විෂය සම්බන්ධයෙන් නිරතුරුව පර්යේෂණ කරනවාද යන වග ). තවත් වැදගත්ම දෙයක් තමා ඒ ආචාර්යවරයා ළඟ මීට කලින් උපාධිය හැදෑරූ අය දන්නවා නම් ඔවුන්ට කත කරීම. සමහර ආචාර්යවරුන් තම ක්ෂේත්‍රයේ කොතරම් ප්‍රවීණයෙක් වුනත්, තමන්ගේ සිසුන්ට හරිහැටි මඟ පෙන්වීමක් කළ නොහැකි අය. උදාහරණයක් ලෙස, යම් කරුණක් ගැන පැහැදිලි කරගැනීම සඳහා ඔහු/ඇය හමු වීමට සති ගණනාවක් බලා සිටීමට සිදු වීම. සාමාන්‍යයෙන් කියන්නේ “හොඳ සුපවයිසර් කෙනෙක් කියන්නේ පී. එච්. ඩී. එකෙන් භාගයක්” කියල.

පී. එච්. ඩී. එකක් කරද්දී තමන්ට එන මූලික ගැටළුවක් තමා මුදල්. මේ සඳහා විවිධ ශිෂ්‍යත්ව තියනවා. උදාහරණයක් විදියට වැනි ඒව දක්වන්න පුළුවන්. ඒ වගේම ඒ ඒ විශ්ව විද්‍යාලවලින් ලබාදෙන ශිෂ්‍යත්වත් තියන්වා. උදාහරණයක් විදියට විශ්ව විද්‍යාලය ලබා දෙන ශිෂ්‍යත්වය දක්වන්න පුළුවන්. මේ සම්බන්ධ වැඩි විස්තර ඒ ඒ විශ්ව විද්‍යාලවල වෙබ් අඩවි වල සඳහන් කරල තියනවා. මූලික වියදම් වශයෙන් සැලකිය හැකි ඔබගේ සෞඛය රක්ෂණය සඳහා ආසන්න වශයෙන් ඩොලර් 3000ක් පමණත් (මෙය ආසන්න අගයක් පමණක් වන අතර තනි පුද්ගලයෙක් සඳහා වේ) මේ සමහර ශිෂ්‍යත්ව වලින් දරනවා.

මේ ගොඩක් ශිෂ්‍යත්ව වල මසකට ආසන්නව ඩොලර් 2000 බැගින් ලබාදෙනවා. තනි පුද්ගලයෙක් පමණක් මෙහි පැමිණෙනවායැයි උපකල්පනය කොට එදිනෙදා වියදම ආසන්නව මම ලියන්නම්. කාමරයක් සඳහා මාසික කුලිය ඩොලර් 600යි (සියළු බිල්පත් ඇතුළුව මධ්‍යම ප්‍රමාණයේ නගරයෙන් මඳක් එපිටින් පිහිටි කාමරයක ), ආහාර සඳහා ඩොලර් 250ක් පමණ (ගානට කාල හිටියොත්), පොදු ප්‍රවාහනය ඩොලර් 140 (සතියේ සෑම දිනකම ඔබ පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරනවා යැයි උපකල්පනයෙන්), ජංගම දුරකථන ගාස්තු ඩොලර් 20ක් පමණ. මීට අමතරව ඔබගේ විනොදාත්මක, ක්‍රීඩා සහ වෙනත් අවශ්‍යතා සඳහා මුදල්. ඔබට කාමරයක නවාතැන් නොගෙන නිවසක් හෝ අපාර්ට්මන්ට් එකක නවාතැන් ගැනීමට අවශ්‍ය නම් මසකට ඩොලර් 1250ක් පමණවත් කුලිය වශයෙන් ගෙවීමට සිදු වෙනවා.

ඒ වගේම මානසික අංශයන් ගැන කතා කළහොත්, මේ සඳහා ඔබට හොඳ දරාගැනීමක් වගේම කොතරම් අසමත් වීම් තිබුනත් (පර්යේෂණයෙන් අපේක්ෂිත ප්‍රථිපල නොලැබීම වැනි ) එයින් නොසැලී සිටීමත් වැදගත් ගුණාංග වශයෙන් දක්වන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තමා තර්කානුකූලව සිතීමට පුරුදු වීම. මේ අංගයන් පශ්චාත් උපාධියක් හදාරනකොට ඔබට ගොඩක් උපකාරී වේවි.

පළමු පෝස්ටුව
දෙවන පෝස්ටුව

Advertisements
Posted in Uncategorized | 2 Comments

Student Visa 02

තරිඳු විසින් රචිත් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය – 02 ලිපිය .

මුලින්ම, ගිය පෝස්ට් එකේ කෙනෙක් ඇහුව ඇයි Master of Philosophy – MPhil ගැන ලිව්වේ නැත්තේ කියල. ඕස්ට්‍රේලියාවේදී MPhil එක බොහෝ විට සළකන්නේ Research Master’s එකක් විදියට. සමහර විශ්ව MPhil විද්‍යාලවල පාඨමාලා පවත්වනවා, සමහර ඒවගේ නෑ. ඒ දෙක අතර ලොකු වෙනසක් මෙහෙදී සලකන්නේ නෑ.

මේ කොටසින් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පර්යේශණ පශ්චාත් උපාධියක් (Postgraduate Research Degree) සඳහා ඉල්ලුම් කරන්නේ කොහොමද කියන එක ගැන.

මේ සඳහා ඉල්ලුම් කිරීමේ ප්‍රථම පියවර තමා තමන්ට මේ සඳහා සුදුසුකම් තියනවද කියල බලන එක. මේ සඳහා අවශ්‍ය මූලික අධ්‍යාපන සුදුසුකම තමා පළමු හෝ දෙවන ඉහළ පන්තියේ ගෞරව ප්‍රථම උපාධියක් (Bachelor’s Degree – Honors with First or Second Upper Class) ලබා තිබීම. හැබැයි මේ වගේ උපාධියකට ඇතුළත් වෙන්න සෑහෙන ලොකු තරඟයක් තියනවනේ. ඉතින් සුදුසුකම් පෙළගැහෙන්නේ තමන්ට තියෙන්නේ Master’s Degree එකක්ද එහෙමත් නැත්නම් Bachelor’s Degree – Honors එකක්ද කියන කාරණය හා තමන්ට තියන පර්යේෂණ පත්‍රිකාවල (Research Papers) ගුණාත්වය හා ප්‍රමාණය මත. ඒ පර්යේෂණ පත්‍රිකා ලෝකයේ ඉහළම ජර්නල්වල (Journal Papers) පළවෙලා තියනව නම් ඔබට නියත වශයෙන්ම වගේ උපාධිය සඳහා කැඳවීමක් ලැබෙනවා. එහෙම පර්යේෂණ පත්‍රිකා නැත්නම් සම්මන්ත්‍රණ පත්‍රිකා (Conference Papers) සඳහාත් හොඳ අවස්ථාවක් තියනවා. ඒ වගේම තමන්ට Master’s උපාධියක් තියනවා නම් අනිවාර්යයෙන් පර්යේෂණ පත්‍රිකා දෙකක්වත් බලාපොරොත්තු වෙනවා. මේ ඕනිම උපාධියක පන්ති සාමාර්ථෙත් සෑහෙන වැදගත්. දැනට තියන තත්ත්වය අනූව පිළිගත් විශ්ව විද්‍යාලයකින් පළමු පන්තියේ Master’s උපාධියක් හෝ Bachelor’s – Honors with First Class උපාධියක් සමඟ ඉහළම ජර්නල්වල පළවූ පර්යේෂණ පත්‍රිකා කිහිපයක් තියනවා නම් ඔබට මේ උපාධියක් සඳහා අනිවාර්යෙන් වගේ ඇතුළත් වෙන්න පුළුවන් ශිෂ්‍යත්වයක් සමඟම.

මීට අමතරව ඔබේ ඉංග්‍රීසි දැනම මැන බැලෙන පහළ සඳහන් විභාගවලින් එකක් සමත් වෙලා තියෙන්න ඕනි. මේ විභාගවලින් ගන්න ඕනි ලකුණු ප්‍රමාණය ඒ ඒ විශ්ව විද්‍යාලය මත සුළු වශයෙන් රඳාපවතිනවා.
TOEFL, IELTS or Pearson Test of English or Cambridge English: Advanced/
Certificate in Advanced English (CAE)

සරලව ගත්තොත් පහත අනුපෛලිවෙළට තමා ඉල්ලුම් කරන ක්‍රමවේදය සකස් වෙලා තියෙන්නේ.
1. තමන්ට නව අදහසක් (මින් පෙර කවුරුත් නොකළ දෙයක්) තිබීම – Research Idea
2. ඒ අදහස අඳාළ විෂය ක්ෂේත්‍රය ගැන හොඳ දැනීමක් තිබෙන ආචාර්යවරයෙකු (Supervisor) සොයාගැනීම.
3. එම ආචාර්යවරයා තමන්ව ශිෂ්‍යයෙකු වශයෙන් භාර ගැනීමට කැමැත්ත පල කිරීම.
4. එම ආචාර්යවරයාට තමන්ගේ නව අදහස පැවසීමෙන් අනතුරුව එය ඔහු/ඇය අනුමත කරයි නම් පර්යේෂණ යෝජනාවක් (Research Proposal) ලිවීම.
5. එම යෝජනාව අඳාළ ආචාර්යවරයා සමඟ සාකච්ඡා කොට ඔහුගේ/ඇයගේ අනුමැතිය ලබා ගැනීම.
6. එම යෝජනාව අඳාළ විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීම. (යම් විශ්ව විද්‍යාලවල මේ සමඟම ශිෂ්‍යත්වවලටත් (Scholarships) ඉල්ලුම් කරන්න පුළුවන්, අනෙකුත් ඒවගේ වෙන වෙනම ඉල්ලුම් කරන්න ඕනි.)

ඊළඟ පෝස්ට් එකෙන් මේ ගැන වැඩි විස්තරයක් ලියන්නම්.

පළමු කොටස

තෙවන කොටස

Posted in Student Visa | 2 Comments

Student visa 01

මුලින්ම කියන්න ඔනා මේ ලිපි පෙලේ අයිති කරුවා මෙල්බන් RMIT University එකේ PhD එකක් හදාරන තරිදු රත්නායක බවත්. පාඨමාලා ගාස්තු විශ්වවිද්‍යාල අනුව අඩු වැඩි විය හැකි බවත්.

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය – 01

මේ සටහන්වලින් වැඩිපුර අවධානයක් යොමු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ දර්ශනපති (ආචාර්ය – Doctor of Philosophy – PhD) උපාධි සඳහා ඉල්ලුම් කරන්නේ කොහොමද ඒ සඳහා අවශ්‍යතා මොනවද කියන එක සම්බන්ධයෙන්. දන්න විදියට විද්‍යාපති (Master’s) හා ප්‍රථම උපාධි (Bachelor’s) උපාධි ගැනත් ලියන්නම්.

මේ ඕනිම උපාධියක් කරන්න කලින් එක දෙයක් ගැන හිතන්න ඕනි. ඒ තමන්ට අවශ්‍ය ඉලක්කයට යාමට මේ උපාධි ඉවහල් වෙනවාද කියන එක. උදාහරණයක් විදියට තමන්ගේ ඉලක්කය විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය තනතුරක් ලබාගැනීම හෝ පර්යේෂණ සඳහා තිබෙන ලොකු කැමැත්ත නම් හෝ, එවිට ආචාර්ය උපාධියක් අත්‍යාවශ්‍යයි. බැච් එකේ අනිත් අයත් කරනවා, ඒක නිසා මාත් කරනවා කියන එක කොහෙත්ම සාධාරණ හේතුවක් නෙවෙයි මේ වගේ උපාධියක් කරන්න. ඊට හේතුව තමා මේ සඳහා අවුරුදු ගණනක් (ආචාර්ය උපාධිය සඳහා අවුරුදු 3 ත් 4 ත් අතරත් විද්‍යාපති උපාධිය සඳහා අවුරුදු 2ක් පමණත්) ගතවීම. මේ අවුරුදු ගණන ගොඩක් විට වැය වෙන්නේ ඔබට වයස අවුරුදු 25 ත් 30 ත් අතරදී. තමන්ගේ ඉලක්කයට යන්න මේ උපාධියක් අවශ්‍ය නොවෙනවනම් වඩා වැදගත් ඒ කාලයේදී අඳාළ රැකියාවට සරිලන වර්ක් එක්ස්පීරියන්ස් එකක් ගන්න එක. මේ තීරණය හොඳට හිතල බලල ගන්න.

හොඳයි දැන් තීරණය කළා කියමුකෝ පශ්චාත් උපාධියක් කරන්න, මොනවද දැන් තියන උපාධි වර්ග, ඒවගේ අන්තර්ගතය මොනවද කියන එක බලමු.
ඉසෙල්ලම තියෙන්නේ ප්‍රථම උපාධි (Bachelor’s). මේක ලංකාවේ තියන ප්‍රථම උපාධියක් හා සමානයි. ලංකාවේ උසස් පෙළ ප්‍රථිපල වලින් ඉල්ලුම් කරන්න පුළුවන්, ඒ වගේම ඒ ඒ විශ්ව විද්‍යාලවලින් පවත්වන පදනම් පාඨමාලා සමත් වෙලත් ඉල්ලුම් කරන්න පුළුවන්. මේකෙදී සරලවම වෙන්නේ විෂයන් කිහිපයක් උගන්නල ඊට අඳාළ විභාග තියන එක.
දෙවනි උපාධි වර්ගය තමා විද්‍යාපති (Master’s) උපාධි. මේකත් අනුකොටස් දෙකකට බෙදෙනවා Master’s by Coursework සහ Master’s by Research වශයෙන්. Master’s by Coursework එකකදී වෙන්නේ ප්‍රථම උපාධියට සමාන දෙයක්. විෂයන් කිහිපයක් උගන්නල ඊට අඳාල විභාග පැවැත්වීම. දෙවනි අනුකොටස තමා Master’s by Research. මේකෙදී විෂයන් කිහිපයක් උගන්නල ඊට අඳාළ විභාග පවත්වනව වගේම තමන් නිබන්ධනයක් ලියන්නත් ඕනි. සමහර විශ්ව විද්‍යාලවල නිබන්ධනය පමණයි ලියන්න ඕනි, කිසිදු විෂයක් උගන්වන්නේ නැහැ.
තුන්වෙනි හා අවසාන, එමෙන්ම කිසියම් අයෙක්ට ලබාගන්න පුළුවන් ඉහළම අධ්‍යාපන සුදුසුකම තමා ආචාර්ය (PhD) උපාධිය. මෙහිත් අනුකොටස් දෙකයි PhD by Coursework එහෙමත් නැත්නම් Professional Doctorate හා PhD by Research. Master’s by Coursework උපාධිය හා සමානවම PhD by Coursework උපාධි පාඨමාලවෙත් යම් විෂයන් සම්බන්ධයෙන් දේශන තියල ඒ සඳහා විභාග පවත්වනවා. ඒ වගේම මෙහි පර්යේෂණයක් කරල නිබන්ධනයක් ලියන්නත් ඕනි. ඒත් PhD by Research නිබන්ධනයක් තරම් ඒ නිබන්ධනය දීර්ඝ නෑ. PhD by Research පාඨමාලාවේ විෂයන් කිහිපයකට දේශන පවත්වලා ඊට අඳාළ විභාග පවත්වනව වගේම තමන් නිබන්ධනයක් ලියන්නත් ඕනි. සමහර විශ්ව විද්‍යාලවල නිබන්ධනය පමණයි ලියන්න ඕනි, කිසිදු විෂයක් උගන්වන්නේ නැහැ.

ඉඳිරි කොටසින් පර්යේශණ පශ්චාත් උපාධියක් (PhD by Research, Master’s by Research) සඳහා ඉල්ලුම් කරන්නේ කොහොමද කියන එක ගැන ලියන්නම්.

Posted in Student Visa, Visa | Tagged , | 2 Comments

Occupation ceiling list“රැකියා සීමා ලැයිස්තුව”

මේ තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ ස්තිර් පදිංචිය ඉල්ලන්න බලන් ඉන්න අයට හෝ තමංගේ දරුවන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට එවන්න බලාගෙන ඉන්න අයට වැදගත් වෙන යමක්.

හොඳට බැලුවාම වැඩියෙන් රැකියා අවස්ථාවන් තියෙන්න අපි නොදකින රැකියාවල් මේ..

මෙම රැකියාවලට පිලිගන්නා අයුරින් වසර දෙකකට වැඩි පූර්න කාලීන පාඨමාලාවක්, උදාහරනයක් ලෙස ජමන් ටෙක් හෝ ජපන් ටෙක් මෝටාර් මැකෑනික් පාඨමාලවක් හදාරා වසර තුනක පලපුරුද්දක් සහිතව ඉංග්‍රීසි( Ielts ) ඇතුලුව කඩයිම් ළකුණු 65 ලබාගත හැකි වනසේ අනාගතය සැලසුම් කරන්නේ නම් ඔස්ට්‍රේලියාවේ ස්තිර් පදිංචිය ලබා ගැනීම අපහසු කාර්‍යක් නොවෙයි යන්නයි මගේ හැගීම.

Posted in Visa | Tagged | Leave a comment

Skilled—Recognised Graduate visa (subclass 476)

අද ලියන්න හිතුනේ ගොඩක් අය හිතන්නේ නැති visa එකක් ගැන ඒ තමයි 476 visa එක. මේ visa එක  විශ්වවිද්‍යාලයෙන් පිටවුනු ඉංජිනේරු උපදිධාරීන්ට මාස 18 කට දෙන tempory visa එකක්.  මේකේ හැටියට නම් visa එක ලබුනාම ඔසී ඇවිත් මාස 18ක් ඉන්න රස්සාවක් කරන්න පුළුවන් මේක දෙන්නේ අදාල උපදිධාරියාට ඔසී පළපුරුද්දක් ලබාගන්න. හැබැයි මේක හරියට භාවිතා කලොත්  මාස 18 ඉවර වෙනකොට මම අර කලින් කියලා තියෙන MLTSSL & STSOL  වල තියෙන රස්සාවක් අවුරුද්දක් කරගන්න ලැබුනොත් ස්ථිර පදිංචිය සදහා ඉල්ලුම් කරන්න පුළුවන්ති වගේම තියෙන රැකියාව දිගටම කරගෙන යාමට හැකියාවක් ලැබෙනවා.  මේකේ ලොකුම වාසිය visa එකේ ගාන ඔස්ට්‍රේලියන් ඩොලර් 365 සහ ඉංග්‍රීසි අවශ්‍යතාව  IELTS overall score of at least 6 with a minimum score of 5 in each  වීමයි. අවුරුදක් ඔසී වැඩකරලා ස්ථිර පදිංචිය ඉල්ලනකොට  ඔසී පළපුරුද්ද අවුරුද්දක් නිසා ලකුණු 5ක් (මේ ලකුණු 5 ගන්න ලංකාවේ අවුරුදු 3ක් වැඩ කරන්න සිදුවෙනවා ) අනික මාස 18ක් වගේ ඔසී ඉන්න කොට  ඉංග්‍රීසි හුරුවීම නිසා IELTS හොද score එකක් ගන්න පොඩි හරි උදවුවක් කියන්නත් පුළුවන්.

 

ස්ථිර පදිංචිය ඉල්ලනකොට ලකිනු 60 ගන්න විදිහ ගැන වෙනමත් මම උදාහරණයක් අරන් මේ ලිපියේ පැහැදිලි කළා. 189-190  ඒවගේම ලකුණු ගණන් හදන්න පහසු ලින්ක් එක Online Points Test for Skilled Migration මම කලින් පලකලා.

බලමු මේකට කොහොමද සුදුසුකම් ලබන්නේ කියලා.

  1. you are younger than 31 years of age
  2. you have completed an eligible engineering qualification from a recognized institution in the past two years
  3. you have not held a Skilled — Recognised Graduate visa (subclass 476) or a Temporary Graduate (subclass 485) before (unless you were a member of the family unit)
  4. you can demonstrate your English language ability
  5. you meet health and character requirements.

උපාධි ගැන කියනවා නම් පහත වර්ග වෙන්න පුළුවන්

  • bachelors degree
  • masters degree
  • doctoral degree
  • postgraduate diploma.

ඒ වගේම පහල විෂය වර්ග වලින් බහුතර විෂයන් ප්‍රමාණයක් ඒ උපාධියේ තියෙන්න ඕනා

  • civil engineering
  • structural engineering
  • chemical engineering
  • environmental engineering
  • electrical and electronics engineering
  • mechanical, production and plant engineering
  • mining and material engineering.

අපි බලමු මේ පිළිගත් අද්‍යාපනය ආයතනයක පිළිගත් උපාදියක්  වෙන්නේ මොකක්ද කියලා. ලංකාවේ  IESL  තියෙන ඕනෑම විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඉංජිනේරුඋපාදියක් මේසදහා සුදුසුකම් ලබනවා. මොකද IESL  ආයතනයට Washington Accord  තියෙන නිසා.

දැනට  IESL තියෙන ලංකාවේ උපාදි පාඨමාලා මෙතන තියෙනවා

List of Accredited Engineering Degree Programmes (Washington Accord) as at October 6, 2017

visa එක සදහා අවශ්‍ය කරන ලියකියවිලි පිළිබද විස්තරයක් පහල තියෙනවා

Skilled Recognised Graduate visa (subclass 476) document checklist

Posted in subclass | Leave a comment

NAATI 

උපුටා ගැනීම SBS සිංහල වෙතින්

ස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී පිරිනමන ප්‍රසාද ලකුණු අතරට ලකුණු 5 ක් හිමිවන NAATI විභාගය පිළිබඳ මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

NAATI විභාගය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ප්‍රසාද ලකුණු 5 ක් පිරිනමන සුදුසුකමක් වන අතරම NAATI ප්‍රත්‍යයනය ලත් භාෂා සහ භාෂණ පරිවර්තකයින් හට තමාගේ සුදුසුකම් ලැබූ භාෂාවන් මත භාෂා පරිවර්තකයෙක් හෝ භාෂණ පරිවර්තකයෙක් ලෙස  වෘත්තිය මට්ටමින් කටයුතු කිරීමට ද හැකියාව පවතී.

NAATI යන්නෙහි සම්පූර්ණ දිග හැරුම National Accreditation Authority for Translators and Interpreters වන අතර එය සිංහල භාෂාවෙන් ගත් කළ භාෂා සහ භාෂණ පරිවර්තකයින් සඳහා වන ජාතික ප්‍රත්‍යයන බලධාරිය වේ.

භාෂා සහ භාෂණ පරිවර්තන සඳහා උසස් ප්‍රමිතීන් පිහිටුවීම මෙන්ම ඒවා පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කරගෙන යාම NAATI මෙහෙවර ලෙස හැඳින්වෙන බව මෙල්බන් නුවර NAATI ප්‍රත්‍යයනය ලත් ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මිය SBS සිංහල වෙත පැවසුවාය.

ඔස්ට්‍රේලියාව තුළ යම් ලේඛනයක් පරිවර්තනය කිරීමේදී NAATI සහතිකය අත්‍යවශ්‍ය බවත් ඔබ භාෂා සහ භාෂණ පරිවර්තකයින්ගේ සේවාවන් ලබාගන්නා විට ඔවුන් NAATI ප්‍රත්‍යයනය ලත් භාෂා සහ භාෂණ පරිවර්තකයින් දැයි වගබලාගත යුතු බවත් සඳහන් කළ යුතුය.

NAATI Exams

NAATI විභාග වර්ග

ප්‍රඥාරත්න මහත්මිය සඳහන් කළ පරිදි ඔස්ට්‍රේලියාවේ NAATI ජාතික ආයතනය විසින් විභාග වර්ග ගණනාවක් පවත්වන අතර සුලබව පවත්වනු ලබන විභාග වර්ග දෙකකි.

එනම්,

  • භාෂා පරිවර්තක විභාගය (Translator test);
  • භාෂණ පරිවර්තක විභාගය (Interpreter test) වේ.

එම විභාග ද්විත්වයම 2 වන හා 3 වන මට්ටම් දෙකකින් පැවැත්වේ.

ඒ අනුව දෙවැනි මට්ටමේ භාෂා පරිවර්තක විභාගය Para Professional Translator test යනුවෙන් හැඳින්වෙන අතර දෙවැනි මට්ටමේ භාෂණ පරිවර්තන විභාගය Para Professional Interpreter test යනුවෙන් හැඳින්වේ.

තුන්වන මට්ටමේ භාෂා පරිවර්තක විභාගය Professional Translator test යනුවෙන් ද තුන්වන මට්ටමේ භාෂණ පරිවර්තන විභාගය Professional Interpreter test යනුවෙන්ද හැඳින්වේ.

NAATI Exams

විභාග ව්‍යුහයන්.

දෙවැනි හා තුන්වන මට්ටමේ භාෂා පරිවර්තක විභාග (Para Professional & Professional Translator tests)

මෙම විභාග ද්විත්යේම ව්‍යුහය එක හා සාමාන වේ.

විභාග අපේක්ෂකයින්ගේ මනාපය අනුව එම විභාග වල උද්දේශය හෙවත් දිශාව තෝරා ගත හැකිය.

එනම්, සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවාද නැතහොත් ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරනවාද යන්න විභාග අපේක්ෂකයාට තීරණය කළ හැකිවේ.

මෙම විභාග ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විත වේ.

පළමු කොටසෙහි වචන 250 ක පමණ උධෘතයන් හෙවත් passages තුනක් ලබා දෙන අතර විභාග අපේක්ෂකයාගේ කැමැත්ත අනුව ඉන් දෙකක් පරිවර්තනය කළ යුතුය.

මීට අමතරව එම ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසෙහි, NAATI ආචාර ධර්ම මත පදනම්වූ (Ethics) ප්‍රශ්න 3 ක් ලබා දෙන අතර විභාග අපේක්ෂකයාගේ කැමැත්ත අනුව ඉන් දෙකකට පිළිතුරු ලිවිය යුතුය.

උධෘතයන් හෙවත් passages ද්විත්වය සඳහා එකකට ලකුණු 45 බැගින් ලකුණු 90 ක් වෙන් කර ඇති අතර ආචාර ධර්ම මත පදනම්වූ (Ethics) ප්‍රශ්න 2 ක සඳහා එකකට ලකුණු 5 බැගින් ලකුණු 10 ක් වෙන් කර ඇත.

ඒ අනුව මෙහි සාමාර්ථයක් ලබා ගැනීමට මුළු ලකුණු 100 න් ලකුණු 70 ක් ලබා ගත යුතු වේ.

NAATI Exams

දෙවැනි හා තුන්වන මට්ටමේ භාෂණ පරිවර්තක විභාග (Para Professional & Professional Interpreter tests)

මෙම විභාග ද්විත්වය එකිනෙකට වෙනස් බව මෙල්බන් නුවර NAATI ප්‍රත්‍යයනය ලත් ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මිය SBS සිංහල වෙත පැවසුවාය.

දෙවැනි මට්ටමේ Para Professional Interpreter විභාගයට වඩා තුන්වන මට්ටමේ Professional Interpreter විභාගයට තවත් අමතර කොටස් 4 ක් අඩංගු වන බවද ඇය පෙන්වා දුන්නාය.

මෙම භාෂණ පරිවර්තන විභාග දෙකෙහිම උද්දේශයක් හෙවත් භාෂා දිශාවක් තෝරාගැනීමට අවශ්‍ය නැත. මන්ද මෙහිදී ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයම පරිහරණය කළ යුතු වේ.

Para Professional Interpreter විභාගය

මෙහිදී වචන 200 ක පමණ සංවාද ද්විත්වයක් ලබා දෙන අතර එම සංවාද වල  ඉංගීසි සහ සිංහල භාෂා ද්විතයෙන්ම දෙබස් අඩංගු වන බව ප්‍රඥාරත්න මහත්මිය පැවසුවාය.

එහිදී ඉංග්‍රීසි දෙබස සිංහලට පරිවර්තනය කර පැවසිය යුතු අතර සිංහල දෙබස ඉංග්‍රීසියට පරිවර්තය කර පැවසිය යුතු වේ.

මීට අමතරව සාමාජීය හා සංස්කෘතික අවබෝධය හෙවත් Social and Cultural Awareness පිළිබඳ සැකසුණු ප්‍රශ්න 4ක් අසනු ලබන අතර ඉන් ද්විත්වයක් ඉංග්‍රීසියෙන් අසනු ලබන අතර ඉතිරි ද්විත්වය සිංහලෙන් අසනු ලබයි.

ඉංග්‍රීසි භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා ඉංග්‍රීසියෙන් පිළිතුරු දිය යුතු අතර සිංහල භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා සිංහලෙන් පිළිතුරු දිය යුතුය.

ඊට අමතරව NAATI ආචාර ධර්ම මත පදනම්වූ (Ethics) ප්‍රශ්න 4 ක් ලබා දෙන අතර ඉන් ද්විත්වයක් ඉංග්‍රීසියෙන් අසනු ලබන අතර ඉතිරි ද්විත්වය සිංහලෙන් අසනු ලබයි.

ඒවාටද පෙර පරිදිම ඉංග්‍රීසි භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා ඉංග්‍රීසියෙන් පිළිතුරු දිය යුතු අතර සිංහල භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා සිංහලෙන් පිළිතුරු දිය යුතුය.

මෙම විභාගය සමත්වීමේ ලකුණු සංඛ්‍යාව 100 න් 70 කි.

Professional Interpreter විභාගය.

මෙහි ව්‍යුහය තරමක් සංකීර්ණ බව ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මිය SBS සිංහල වෙත පැවසුවාය.

පළමු කොටසෙහි වචන 300 කින් සමන්විත වූ සංවාද ද්විත්වයක් ලබා දෙන බව ඇය පැවසුවාය.

එහිදී ද පෙර පරිදි මෙන් ඉංග්‍රීසි දෙබස සිංහලට පරිවර්තනය කර පැවසිය යුතු අතර සිංහල දෙබස ඉංග්‍රීසියට පරිවර්තය කර පැවසිය යුතු වේ.

දෙවැනි කොටස ලෙස සාමාජීය හා සංස්කෘතික අවබෝධය හෙවත් Social and Cultural Awareness පිළිබඳ සැකසුණු ප්‍රශ්න 4ක් අසනු ලබන අතර ඉන් ද්විත්වයක් ඉංග්‍රීසියෙන් අසනු ලබන අතර ඉතිරි ද්විත්වය සිංහලෙන් අසනු ලබයි.

Para Professional Interpreter විභාගයේ මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා ඉංග්‍රීසියෙන් පිළිතුරු දිය යුතු අතර සිංහල භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා සිංහලෙන් පිළිතුරු දිය යුතුය.

තුන්වන කොටස ලෙස Para Professional Interpreter විභාගයේ මෙන්ම NAATI ආචාර ධර්ම මත පදනම්වූ (Ethics) ප්‍රශ්න 4 ක් ලබා දෙන අතර ඉන් ද්විත්වයක් ඉංග්‍රීසියෙන් අසනු ලබන අතර ඉතිරි ද්විත්වය සිංහලෙන් අසනු ලබයි.

ඒවාටද පෙර පරිදිම ඉංග්‍රීසි භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා ඉංග්‍රීසියෙන් පිළිතුරු දිය යුතු අතර සිංහල භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා සිංහලෙන් පිළිතුරු දිය යුතුය.

ඊට අමතරව සිව්වන කොටස ලෙස Sight Translation යනුවෙන් වචන 200 ක ප්‍රබන්ධයක් ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂාවෙන් දෙනු ලබන ප්‍රබන්ධය සිංහල භාෂාවටත්  සිංහල භාෂාවෙන් ලබා දෙන ප්‍රබන්ධය ඉංග්‍රීසි භාෂාවටත්  පරිවර්තනය කළ යුතුය.

පස්වන කොටස Consecutive Interpreting of Passages හෙවත් අනුක්‍රමනික පරිවර්තන කොටස බව ප්‍රඥාරත්න මහත්මිය පැවසුවාය.

එය වචන 300 කින් පමණ සමන්විත වන ඡේද දෙකකින් සමන්විත වන උද්ධෘතයකි (Passage).

එක් ඡේදයක් සිංහලෙන් ලබා දෙන අතර අනෙක ඉංග්‍රීසියෙන් ලබා දෙයි.

එක් එක් ඡේදය අඛණ්ඩව කියවගෙන යනු ලබන අතර එක් එක් ඡේදය අවසන් වූ විට එය අනෙක් බසට පරිවර්තනය කළ යුතු වේ.

මෙම විභාගය සමත්වීමේ ලකුණු සංඛ්‍යාව ද 100 න් 70 කි.

NAATI Exams

මෙම විභාග සමත් විය යුතු ආකාර හා මට්ටම්.

පරිවර්තන වෘත්තියට සුදුසුකම් ලැබීමට නම් තමන්ගේ කැමැත්ත පරිදි විභාග තේරීම් කළ හැකි බව ප්‍රඥාරත්න මහත්මිය පවසයි.

නමුත් සංක්‍රමණික අවශ්‍යතා මත ප්‍රසාද ලකුණු 5 අපේක්ෂාවෙන් NAATI විභාග සඳහා පෙනී සිටින විට තත්ත්වය ඊට වඩා වෙනස් බව ද ඇය පෙන්වා දෙයි.

මෙහිදී භාෂා පරිවර්තන විභාගය සඳහා මුහුණ දෙන අපේක්ෂකයින් අනිවාර්යෙන්ම තුන්වන මට්ටමේ පවතින Professional Translator විභාගය සඳහා පෙනී සිටිය යුතු අතර Para Professional Translator විභාගය සඳහා සංක්‍රමණික අවශ්‍යතා සඳහා අදාළ ප්‍රසාද ලකුණු 5 නොලැබෙන බව ඇය පැවසුවාය.

නමුත් භාෂණ පරිවර්තන විභාගයේ දෙවැනි හා තුන්වන මට්ටම් ද්විත්වයේම විභාග සඳහා අදාළ ප්‍රසාද ලකුණු 5 ලැබෙන බවද ප්‍රඥාරත්න මහත්මිය පැවසුවාය.

NAATI Exams

සූදානම

එදිනෙදා භාවිත කරන ඉංග්‍රීසි භාෂාව සහ සිංහල භාෂාව මේ සඳහා ප්‍රමාණවත් බව බොහෝ අය සිතා සිටින බවත් එය වැරදි හැගීමක් බවත් මෙල්බන් නුවර NAATI ප්‍රත්‍යයනය ලත් ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මිය SBS සිංහල වෙත පැවසුවාය.

භාෂා සහ භාෂණ පරිවර්තන විභාග සඳහා මුහුණ දෙන විට ඊට අදාළ භාෂා පරිවර්තන කුසලතා සහ ඊට අදාළ පාරිභාෂිත වචන අවශ්‍ය වේ.

මේ පිළිබඳ නිසි දැනුමක් නොමැතිව මෙම විභාග සමත් වීම අසීරු කරුණක් බවද ප්‍රඥාරත්න මහත්මිය පැවසුවාය.

නමුත් ඔබ උනන්දුවෙන් අධිෂ්ඨානයෙන් යුතුව නිසි මග පෙන්වීමක් යටතේ පුරුදු පුහුණු වුවහොත් මෙම විභාග සමත්වීම එතරම් අපහසු කටයුත්තක් නොවන බව ද ඇය පෙන්වා දුන්නාය.

NAATI ජාතික ආයතනය මගින් විභාග වලට පෙර විවිධ වැඩ මුළු පවත්වන අතර ඒවාට සහභාගී වීමෙන් ඔබට විභාග පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගත හැකි අතර ඒවාට පිළිතුරු සපයන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ද දැනගත හැකි බව ප්‍රඥාරත්න මහත්මිය පැවසුවාය.

එමෙන්ම NAATI ජාතික ආයතනය මගින් ඔබේ භාෂාවට අදාළව පැරණි ප්‍රශ්න පත්‍ර නිකුත් කරන අතර ඒවා ලබාගෙන ඔබට පුහුණුවීම් කිරීමටද හැකියාව තිබේ.

නමුත් NAATI ප්‍රත්‍යයනය ලත් සුදුසුකම් ලැබූ භාෂා පරිවර්තකයෙකුගේ මග පෙන්වීම ලබා ගැනීමට හැකියාවක් තිබේනම් ඔබේ දොස් නිදොස් කර ගැනීමට ඉතා පහසුවෙන් හැකි වන අතර ඔබට නිසි මග පෙන්වීමක්ද ලැබෙන බව ප්‍රඥාරත්න මහත්මිය අවසාන වශයෙන් SBS සිංහල වෙත පැවසුවාය.

සිංහල අංශයේ NAATI භාෂා පරිවර්තන සහ පරිවර්තක විභාග එළඹෙන ඔක්තෝබර් 02 සහ 03 දින වලදී ඔස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන බව ද NAATI ජාතික ආයතනයෙන් අප කළ විමසීමකදී අනාවරණය විය.

www.naati.com.au යන  NAATI වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +61 2 6260 3035 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ මේ පිළිබඳ වැඩි විස්තර ඔබට දැනගැනීමට හැකිය.

උපුටා ගැනීම SBS සිංහල වෙතින්

Posted in Visa | Leave a comment

Occupation ceilings

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවානම් ඔබ අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” පිළිබඳ දැන සිටිය යුතුමය. මෙය සෑම විටම යාවත් කාලීන වන අතර අදාළ මුල්‍ය වර්ෂය (ජූලි 01 සිට ඊළඟ වසරේ ජුනි 30 දක්වා) සඳහාවූ නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා තවත් කොපමණ සංඛ්‍යාවක පුරප්පාඩු තිබෙනවාද යන්න එමගින් ප්‍රදර්ශනය කරනවා.

Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

ඔබට මෙය බලා ගැනීමට අවශ්‍ය නම් SkillSelect පිටුවේ occupation ceilings යන ටැබ් එක පිවිසිමෙන් පුළුවන්

මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වෙනවා.

  • Skilled independent visas (189)
  • Skilled regional sponsored visas (489)
  • Skilled or business state or territory sponsored visas.

රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් ලැබෙන්නේ නැහැ.

ආරාධනාවක් යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ “skilled migration program” යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් අදාළ වීසා  සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු  දෙපර්තමේන්තුව විසින් ලබා දෙන අවසරය, ආරාධනාවක් ලෙස හැඳින්වේ.

මෙම ආරාධනා නිකුත් කරනු ලබන්නේ SkillSelect ක්‍රියාවලිය හෙවත්  online expression of interest EOI පද්ධතිය හරහා පමණි.

මෙහි ඇති වැදගත්ම දෙය නම් ඔබ වෘතිය අද්‍යාපනය ලබන අයෙකු නම් සහ ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා කලින් සිටම වැඩ කටයුතු කිරිමට හැකිවීමයි.
occupation ceilings හරි හැටි අධ්‍යනය කලහොත් ඔබට වැටහේවි සමහර රැකියා වල කොටාව 2000ක්ට වඩා වැඩි උවත් අවුරුද්දටම 400ක් වත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට නොපැමිණෙන බව.

උදාහරණ කිහිපයක් බලමු.
මොටර් මැකෑනික්ලා  5597ක්  ඔස්ට්‍රේලියාවට  ඔනා උනත් ගිය අවුරුද්දේ පැමිණ තියෙන්නේ 204 යි.
ඔටෝ ඉලෙක්‍ට්‍රිෂියන් උනත් එහෙමයි. මේ වෘතියයන් දෙකෙන් කිසිම අවුරුද්දක  500ක් ඔස්ට්‍රේලියාවට එක අවුරුද්දේ එන්නේ නැහැ. ජ්මන් ටෙක්, ජපන් ටෙක් වැනි ආයතනයක අවුරුදු 3කට වැඩි පාඨමාලාවක්   හැදෑරීමෙන් පසු අවුරුදු  3ක පලපුරුද්දක් හදා ගන්න ගමන් IELTS පාස් වෙන්න ඉංග්‍රීසි හදාගන්න පුළුවන් නම්  489 විසා එකකින් හෝ  ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් ඉල්ලුම් කල හැකි වෙනවා.

ඔස්ට්‍රේලියාවේ Registered Nurses ලාගේ අවශ්‍යතාවය 16346ක් නමුත් පසුගිය වසරට පැමිණ තිබෙන්නේ 3487 ක්ප මණයි. ලංකාවේ  රජයේ රෝහල් වල වැඩ කරන හෙදියන්ටද ඔස්ට්‍රේලියාවේ පිලිගැනීමක් තියෙනවා.
හෙදියන්ට ලංකාවේ registration එකෙන් පසු අදාල බැදීම් කාලය අවසන් නම් අදාල වන පළපුරුද්ද සදහා වන ලිපි ගත හැකි වන නිසා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් ඉල්ලුම් කල හැකි වෙනවා.
නමුත් හෙදියන් ඔස්ට්‍රේලියාවේ ඇවිත් රැකියාවක් කරන්න ඔස්ට්‍රේලියාවේ registration එක ගැනීම අනිවාර්ය දෙයක් එහිදී IELTS each 7 තිබීමත් අනිවාර්ය දෙයක්.

නමුත් පරිගණක අංශය ගැන බැලුවහොත්  එහි කෝටාව සැම අවුරුද්දකම පිරි අවසන්.

Posted in Visa | Leave a comment