189-190

මුලින්ම කියන්න ඔනා මේ 189-190 කියන්නේ මොනාද කියලා. 

මේ අංක වලින් කියවෙන්නේ ඔසී එන්න පුලුවන්  visa categories ගැන විස්තර ඔය ලින්ක් එකේ තියෙනවා. එතනින් 189-190 කියන්නේ ඔසී ස්තිර පදිංචිය ගන්න ලේසිම විසා කාන්ඩ දෙකක්.

ගොඩක් අයගේ හීනයක් තමයි ඔසී ස්ථිර පදිංචිය ගන්න එක, එකේදී වැදගත් වෙන ප්‍රදානම දෙයක් තමයි SOL එහෙමත් නැත්නම් Skilled Occupations List කියන එක සහ  CSOL එහෙමත් නැත්නම්  Consolidated Sponsored Occupations List.  මේ දෙකෙන්  SOL එක හැම අවුරුද්දකම ජූලි පලවෙනිදා වෙනස් කරනවා. එදාට තියෙන රැකියාවක් අයින් කරන්නත් නැති එකක් ඇතුලත් කරන්නත් පුළුවන් වගේම CSOL   එක ප්‍රාන්ත ආණ්ඩුවෙන් ආණ්ඩුවට එයාලගේ රැකියා ඉල්ලුම තියෙන විදිහ අනුව වෙනස් වෙනවා. ඒ ගැන පසුවට කතා කරමු.

ඔබ Student visa එකක ආවත් ඔබේ බලා පොරොත්තුව ඔසී වල ස්ථිර පදිංචිය අරං නවතින්න නම්,  මේ දෙක හොදින් හදාරන්නම වෙනවා. මේ දෙකේ තියෙන රැකියාවල් සදහා තමයි ස්ථිර පදිංචිය ගන්න පුළුවන් වෙන්නේ.

මොකක්ද මේ SOL කියන්නේ ?
ඔබ ස්වාධීනව ස්ථිර පදිංචිය ඉල්ලනවා නම් ඔබට වැදගත් වෙන්නේ Skilled Occupations List එක තමයි. මොකද මේකේ තියෙන රැකියාවක් Skilled occupation කරනවා නම් හෝ කිරීමට බලා පොලොරෝත්තුව ඉගෙන ගන්නවා නම් තමයි ඔබට ස්වාධීනව ස්ථිර පදිංචිය හෝ තාවකාලිකව පදිංචිය ඉල්ලන්න පුළුවන් වෙන්නේ.

එහිදී ඔබට ලකුණු 60ක් අවම ගන්න වෙනවා. ඒ ලකුණු ගණනය කරන්න පුළුවන් විදිහ මෙන්න මේකේ තියෙනවා. Online Points Test for Skilled Migration

අපි උදාහරණයක් ගමු.

  • ඔබට වයස අවුරුදු 30ක් නම් ඔබට ලකුණු 30ක් ලැබෙනවා
  • ඔබට ඔසී වල පිළිගත්තු උපාධියක් තිබෙනවා නම් ලකුණු 15ක් ලැබෙනවා
    • උදාහරණයක් හැටියට  UCSC එකේ  BIT කියලා හිතමු.
  • ඒ වගේම හොද ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් එකේදී ලකුණු 10 ගන්න පුළුවන්
    • IELTS: 7+ in each component; or
    • OET: B pass in each component; or
    • PTE Academic: 65+ in each component; or
    • Cambridge (CAE): 185+ in each component; or
    • TOEFL iBT: 24 in Listening, 24 Reading, 27 Writing, 23 Speaking
  • දැන් ඔබට ලකුණු 55ක් තියෙනවා තව 5ක් පමණයි අවශ්‍යය එකේදී ඔබට ඔබගේ උපාධියෙන් පස්සේ ( BIT සහතිකේ ලැබුණ දිනයේ සිට)  අවම අවුරුදු තුනක පළපුරුද්ද  තියෙනවා නම් හෝ ඔබ ඔසී වල අවම අවුරුදු දෙකක් පුර්ණ කාලීනව ඉගෙන ගෙන තියෙනවා නම් තව ලකුණු 5ක් ගන්න පුළුවන්.

හරි මේ ළකුනු 60 ගත්තා කියමුකෝ දැන් කොහොමද විසා ගන්නේ ?

ඔබට හොඳ කියවා තෙරුම් ගැනීමේ හැකියාවක් තියෙයි, නම් වියදම් අඩුම විදිහ තමයි තනියම ඉල්ලුම් කරන එක. හැබැයි පොඩි හරි සැකයක් තියෙනවා නම් සල්ලි ටිකක් වියදම් උනත් සංක්‍රමණ උපදේශකයෙකුගේ සහය පතන එක වඩාත්ම පලදායි වෙන්නත් පුළුවන්. කවුරු කොහොම කලත් වර්තමානයේ ස්ථිර පදිංචිය ඉල්ලන්න නම් SkillSelect එකට ගිහින් EOI එකක් (Expression Of Interest) සබ්මිට් කරන්නම වෙනවා.
ඔක්කොම එකම ලිපියකින් කියන්නත් බැහැනේ නේද ?

Advertisements

About වරුණ චින්තක සෙනවිරත්න

මොනා කියන්නද මංදා මං ගැන වෙනම බොලොග් එකක් ලියන්න පුළුවන්
This entry was posted in Visa and tagged . Bookmark the permalink.

4 Responses to 189-190

  1. Very useful stuff .Keep writing

    Like

  2. warunacs says:

    FB ප්‍රස්නයක් Kavindu Wickramasinghe ලකුණු 60 ගන්න අය ඔක්කොටම දෙනවද වීසා.Medical test එහෙම ඔක්කොම හරිනන්.නැත්තන් එයාලා අවුරුද්දකට ලංකාවේ අයට නිකුත් කරන වීසා ගාන මෙච්චරයි කියලා ගානක් තියෙනවද?

    ඇත්තටම අවුරුද්දකට ඔසී වලට ගන්න ප්‍රමාණයක් තියෙනවා. එක රටකට කියලා සිමා කරලා නැහැ, හැබැයි හොදම වැඩේ තමයි.
    189 වලින් විසා දන්න ඉන්නවා නම්
    ජුලි සහ අගෝස්තු අතර EOI එකදාන එක මේ සයිට් එකේ තියෙනවා විස්තර
    https://www.acacia-au.com/occupational-ceilings-announced-for-2016-17.php

    Like

  3. Pingback: 190 | Ozzie Yarn

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s