190

අද ලියන්න හිතුනේ කට්ටියගේ ඉල්ලිමක්  පිට visa (subclass 190) එහෙමත් නැත්තනම් State sponsorship visa ගැන. මොකද  Skilled Independent visa (subclass 189)  විසා එක වගේ නෙවෙයි. ඉක්මනින් process වෙන ඉක්මනින් ඔසී එන්න පුළුවන් විස එකක් තමයි 190 විසා එක.
මේකේ තියෙන ලොකුම දේ තමයි  අපිට ලකුණු 60 ගන්න  මදිව ඉන්නවා නම් තව ලකණු 5 ක් මේ  sponsorship එක  නිසා ලැබෙන  එක.

මේකෙන් ගොඩක් වැඩ ගන්නේ ඔසී වල ඉගෙන ගන්න ආපු ළමයි. එක්කෝ වෙන රටක  ජොබ් එකක් කරලා අවුරුදු 3ක පලපුරුද පෙන්නන කල් ඒ රටේ (ලංකාවේ උනත් )  ඉන්නේ නැතුව ඔසී එන්න ඕනා අය එහෙමත් නැත්නම් ඔසී වල work විසා එකකින් ආපු අය. සමහර වෙලාවට IELTS each 7 ගන්න අපහසු අයත් පලපුරුද්ද තියෙන අය  ලකුණ 60 හදාගන්නත් පාවිච්චි කරනවා
තවත් එකකක් තමයි SOL  එකේ නැති රැකියාවක් උනත් CSOL එකේ තියෙනවා නම් ඔසී වල කොහේ හරි ප්‍රාන්ත ආණ්ඩුවකින් sponsorship අරන් ස්ථිර පදිංචිය ගන්න පුළුවන් වීම.
හැබැයි මේ විසා එකක් ගත්තොත් ඒ ගන්න කෙනා සහ එයාගේ පවුලේ අය අවුරුදු දෙකක් අර sponsorship එක දුන්න ප්‍රාන්තේ ජිවත් වෙන්න ඕනා, එයාලට වැඩ කරන්න ඕනා කියන එක. එක නීතියක් නෙවෙයි එකට කියන්නේ moral obligation  කියලා. මොකද අපි   sponsorship ඉල්ලනකොට අපිට ප්‍රාන්ත ආණ්ඩුවට ලියන්න වෙනවා අපි අපි එහෙ ඉන්න කැමති ඇයි අපි එහෙටම එන්නේ මොකද කියලා ප්‍රාන්තෙකින්  අරන් අපි කැමති ප්‍රාන්තෙක ජිවත් වෙන්න ගියොත් (අර මුල් අවුරදු දෙක ඉන්නේ නැතුව)  ඔයාලා කවදාහරි ඔසී citizenship  එක ඉල්ලනකොට එක නොදී ඉන්න පුළුවන් එයාලට  moral obligation සපුරා නැහැ කියලා. ඉතිං කවදා හරි කට්ට කන්න වෙන එකේ මම නම් කියන්නේ ආපු මුල්ම අවුරුදු දෙක තමන්ගේ අවංක භාවය පෙන්නලා ඒ ප්‍රනතේ ම ජිවත් වෙන එක හොදයි කියලා. සමහර විශේෂ අවස්ථාවලදී ටිකකාලෙකින් sponsorship දීපු ප්‍රාන්තෙන් කැමැත්තෙන්ම ඔනා ප්‍රාන්තෙකට යන්න අවසර දෙන අවස්ථා නැතුවමත් නොවෙයි.

මේ sponsorship එක States සහ Territories අනුව වෙනස් වෙනවා. පහල තියෙන්නේ එක එක ප්‍රාන්ත වල රැකියා ලැයිස්තු

මේවා ගෙන් Northern Territory  සහ Tasmania   කියන දෙකේම ලොකු විශේෂයක් තියෙනවා එයාලගේම කියලා ලැයිස්තුවක් තිබුනත් එකේ නැති එත් CSOL එකේ තියෙන රැකියාවක් නම්, එයාලා කැමති ඕනා කෙනෙක්ට  sponsorship එකක් දෙන්න ලැස්තියි. එයාලට ඔප්පු කරන්න ඕනා අපි ඇවිත් ඒ ප්‍රාන්තේ ම  ඉන්නවා ඇවිත් රැකියාවක් හොයාගෙන ඉන්න කැමති කියලා.අනික  moral obligation  කියලා කියන්නේ ත් මේකේ කොටසක් ඉතිං මේ වගේ දේවල් වලට තමයි migration consultant කෙනෙක්  එහෙමත් නැත්තම් migration lawyer කෙනෙක් ගේ උදවු ඕනා වෙන්නේ.

මේ මොන ප්රාන්තෙකට ගියත් එකේ අනිවා අවුරදු 2ක් ඉන්නවා ආවාට පස්සේ අපිට රස්සාවක් හොයා ගන්න පුළුවන් කියලා අපි ඒ ආණ්ඩුවට ඔප්පු කරන්න ඕනා එහෙම කරලා   sponsorship එක දෙන්න කියලා ඉල්ලීමක් කලාම අපේ  ඉල්ලීම අවංකයි කියලා එයාලට පිලිගන්න පුළුවන් නම් එයාලා අපිට  sponsorship එක දෙනවා මේ හැම එකක්ම කරන්න තියෙන්නේ online අර මම උඩ දාපු ලින්ක් වල ඒවා කරන හැටි තියෙනවා.

හරි sponsorship එක ලැබුනා කියමුකෝ දැන් අපි SkillSelect එකට ගිහින් EOI එක submit කරලා බලන් ඉන්න ඕනා විසා එක දාන්න කියනකන්
මේ හැම දේකදිම ලකුණු 60 සහ ඉංග්‍රීසි අවශ්‍යතාවයන් සපුරන්න ඕනා අනිවාර්යෙන්ම

වෙනත් ලිපියකින් හමුවෙමු.

About වරුණ චින්තක සෙනවිරත්න

මොනා කියන්නද මංදා මං ගැන වෙනම බොලොග් එකක් ලියන්න පුළුවන්
This entry was posted in subclass. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s