Australia borders open what can we do now

ඕස්ට්‍රේලියාවේ borders open කලා දැන් මොකද කරන්නේ 🤔🤔🤔

No photo description available.


අවුරැදු 2 ක් පමන international students ලට හා අනෙකුත් රටවල citizens ලට වසා තැබුනු ඕස්ට්‍රේලියාව අද දින December 15 වෙනිදා සිට සීමා සහිතව විවෘත කර තිබෙනවා. අද මෙම ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න අයට ඉස්සරහට මොකක්ද කරන්න ඕන කියලා පොඩි idea එකක් දෙන්න. මේක මගේ අදහසක් නිසා සමහර විට ඇතැම් අයට ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. හැමොම අහන්නේ ඕස්ට්‍රේලියාවට එන්නේ කොහොමද කියලා ඒකට ප්‍රධාන ක්‍රම 3 ක් තියෙනවා ඒක ඔයාලා දන්නවා ඇති.

01.Derect PR

02.Employer sponsored visa

03. Student visa.

මේ ඇරෙන්න visit visa එන්නත් පුලුවන් ඒත් එක තවකාලික visa එකක් නිසා ඒ ගැන අපිට වදගත් නැ.මුලින්ම ඔයාගේ අධ්‍යාපන සුදුසුකම්, work experience වයස, සල්ලි, අදී කරැණු මත තමන්ට ගැලපෙන ක්‍රමය තොරගන්න ඕන.

මේ ක්‍රම 3 න් ලේසිම හා ඉක්මනින් ගන්න පුලුවන් visa එක තමයි student visa එක. Student visa එන්න ඉන්න අයට තමයි මේ ලිපිය වැදගත් වෙන්නේ. අපි 2020 ඕස්ට්‍රේලියාවට Student visa එකක් අරගෙන Master එකකට ආවා. ඒ ආපු ගමනත් අපි දැනගත්ත දේවලුත් එක්ක ඕස්ට්‍රේලියාවට student visa දාලා එන්න හිතාගෙන ඉන්න අයට වැදගත් කරැණු කිහිපයක් සටහන් කරන්නම්

01. ඕස්ට්‍රේලියාවට certificate , diploma වලට student visa දාන්න එපා. ඔයාට අධ්‍යාපන සුදුසුකම් මදි නම් ලංකාවේදී අඩුම ගානේ diploma එකක්වත් කරලා bachelor එකකට ඕස්ට්‍රේලියාවට apply කරන්න.හැබැයි Bachelor එකකට අවුරැදු 26 න් වගේ පස්සේ apply කරන්න එපා genuine student කෙනෙක් නෙවෙයි කියලා visa regect වෙන්න පුලුවන්. A/L ඉවර කරලා නිකං ගෙදරට වෙලා අවුරැදු 2 ක 3 ක් ඉදලා visa apply කරන්න එපා reject වෙනවා. Study gap තියාගන්න එපා තමන් job එකක් කරනවානම් part time මොනවාහරි ඉගෙනගන්න. තව අවුරැදු 2 කින් visa apply කරන්න බලාපොරොත්තු වෙනවානම් දැන්ම පටන් ගන්න.

02. A/L කරන්න. අවම 3C වත් ගන්න බලන්න. O/L විතරක් නම් තියෙන්නේ ගමන දුෂ්කරයි. Foundation course කරන්න වෙනවා ලංකාවේ A/L වත් කරලා නැති කෙනෙක් ඕස්ට්‍රේලියාවට ගනීද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

03. සල්ලි තියෙනවානම් A/L කරලා bachelor එකකට එන්න. සල්ලි පෙන්නන්න තමන්ට සල්ලි තියෙනවානම් , semester fee එකට ගෙදරින් පොඩි support එකක් ගන්න පුලුවන් අය ඉන්නවානම් ඉක්මනින් Australia එක හොදයි. හරියටම plan කරලා අවුරැදු 25 යෙන් PR ගන්න පුලුවන් වෙයි.

04. Bachelor ⁣එකකට දාද්දි competition එක අඩු bachelor එකකට දාන්න. ඕස්ට්‍රේලියාවට ඇවිත් මාස 6 න් course එක මාරැ කරන්න පුලුවන් හැබැයි degrading කරන්න යන්න එපා. ඒ කියන්නේ IT bachelor එකකට ඇවිත් cookery වලට මාරැ වෙන්න එපා. IT කරන ගමන් cookery කරන්න.

05. දැනට bachelor එකක් තියෙනවානම් masters වලට apply කරන්න. ලංකාවේ masters කරන්න එපා රට යන අදහසක් තියෙනවානම්. Masters වලට දාද්දී field එක change කරන්න එපා. ඒ field එකටම apply කරලා ඕස්ට්‍රේලියාවට ඇවිත් මාස 6 කින් පස්සේ change කරන්න නැත්නම් master එක කරන ගමන් trade course එකක් කරන්න.අවුරැදු 35 ත් අවුලක් නැ Master එකකට නම්.

06. ලංකාවේ master එකක් තියෙනවානම් Mphil හරි phd එකකට apply කරන්න ගොඩක් වෙලාවට scholarship එකක් ගන්න පුලුවන් වෙයි. Phd එකකට ආවොත් PR එක ගන්න chance වැඩි. Global talented visa එක ගන්න පුලුවන් වෙයි.

07. English proficiency exam නැතුව visa දාන්න එපා. University එක ඉල්ලුවේ නැතත් visa දාද්දී student English කරන්න. Dependant කරන්න ඕන නැ. ඉංග්‍රීසි නැතුව ඕස්ට්‍රේලියාවේ ගමනක් නැ. IELTS අමාරැයි නම් PTE කරන්න.

08. සල්ලි පෙන්නද්දී හරියට documents ටික හදලා දාන්න. Home ties ටික හොදට ලියන්න. ලංකාවේ තත්වයත් එක්ක ඉස්සරහට ගොඩක් visa reject වෙයි හරියට දැම්මේ නැත්නම්. ලක්ෂ 100 පෙන්නන්න තියෙනවානම් අඩුම ගානේ තව ලක්ෂ 15-20 ක් වැඩිපුර පෙන්නන්න. Visa officer ට සැක නොහිතෙන විදියට වැඩේ කරන්න.

09. Bachelor එකකට දානවානම් dependant එක්ක එකට visa දාන්න එපා. Student ගේ visa එක වැදුනට පස්සේ dependant ට apply කරන්න. ඕස්ට්‍රේලියාවට student ආවට පසසේ home sick කියලා dependant ගෙන්න ගන්න පුලුවන් වෙයි.

10. තවම marry කරලා නැත්නම් තමන් එක්ක ගමනක් යන්න පුලුවන් කෙනෙක් හොයාගන්න සංස්කෘතික යක්ඛ පුත්තු එක්ක මේ දෙවල් කරන්න බෑ😀.master එකකට phd එකකට එන්න පුලුවන් dependant එක්ක.

11. Melbourne, Sydney Brisbane එනවානම් second option එකක් තියාගන්න PR ගන්න. Comfort zone එකෙන් එලියට යන්න හිත හදාගන්න. Regional area එකකට හරි ගිහින් PR එක ගන්න.

12. හැමදාම cleaning කරන්න බලාගෙන ඉන්න එපා. හොදට spoken English හදාගන්න. Interview වලට මුහුණු දෙන හැටි ඉගෙනගන්න පුලුවන් තරම් සුද්දෝ එක වැඩ කරන්න.

13. බබාල එක්ක student visa පට්ට කට්ටක්. ඒ ගැන පොඩ්ඩක් හිතලා අනාගෙතේ plan කරන්න. ඔයාලට PR නැත්නම් ඕස්ට්‍රේලියාවේ ළමයි ඉපදුනා කියලා කිසිම දෙයක් ලැබෙන්නේ නැ.

14. TR එක දාන්න කලින් කොහොමද PR එක ගන්නේ කියලා plan කරන්න. Student visa ඉවරවෙන්න මාසයක් තියාල English කරන්න යන්න එපා. ඒක කරගන්න බැරි උනොත් කෙලවෙනවා.

15.අවසානෙට කියන්න තියෙන්නේ එන්න කලින් හැමදෙයක්ම හොයන්න. Student agent කියන සුරංගනා ලොකේ මෙහෙ නැ. හොර පාරෙන් එන්න try කරන අයට කෙලවෙන නිසා ඒ දෙවල් කරන්න එපා. ගමේ යනවා වගේ හිතපු ගමන් ඕස්ට්‍රේලියාවට එන්න බැ. Plan කරලා එන්න බලන්න.

ජයවේවා.

Suranga Prasad ගේ FB පොස්ට් එකකින්

Author: වරුණ චින්තක සෙනවිරත්න

මොනා කියන්නද මංදා මං ගැන වෙනම බොලොග් එකක් ලියන්න පුළුවන්

‘ජ්‍යෝෆ්‍රී බේකන්’

මීට දශක 5 කට පෙර, හැම සඳුදා කම ‘මිහිර’ පත්තරය එනතුරු මඟ බල බලා සිටියෙමි. ඒ බූ, බබා, යෝදයා, පඬිතුමා, බටකොල ආච්චිගේ කතා බලන්න ය. මේ අතර එහි, කව්දෝ කෙනෙක් ‘ජ්‍යෝෆ්‍රී බේකන්’ නමින් ලියූ, රට රටවල් වල කතන්දර ඇති පිටුවක්ද විය. ඒ රටවල් වලට මනසින් ගියෙමි. ඒ නොදන්නා රටවල් වලට සිහිනයෙන් ගියෙමි. සමහර සිහින සැබෑ වේ. මේ පිටුව, කුඩා එකෙක්ට ලොව පෙන්වූ , ඒ සිහින සැබෑ කල, නොදන්නා ‘ජ්‍යෝෆ්‍රී බේකන්’ට උපහාරයක් වේ.

වාසිතය

Australian story

SLtoCanada

Australian story

හිස් අහස

Australian story

Ozzie Yarn

Australian story