Visa Categories

අපි බලමු මුලින්ම ඔසී වලට එන්න පුළුවන් විසා වර්ග මොනවාද කියලා.

අප මේ  සදහා ඔස්ට්‍රලියාවේ ආගමන විගමන දෙපරතුමෙන්තුවේ  (The Department of Immigration and Border Protection)  වෙබ් සයිට්එ ක බලමු. මේකේ තියෙනවා Visa-listing  පිටුවක් එකෙන් පුළුවන් හැම එකක්ම විස්තර ඇතුව බලා ගන්න. ඒ වගේම තියෙනවා Visa Finder කියලා පිටුවක් එකෙන් පුළුවන් ඔයාලටම තමන්ට ඉල්ලුම් කල හැකි විසා වර්ගය බලා ගන්න.

මෙහෙදී අප දැනගන්න ඕනා වීසා වර්ග ගොඩක් තිබුනත් ලංකාවේ අයට පහසුවෙන් ගන්න පුළුවන් වර්ග කිහිපයක් පමණයි තියෙන්නේ කියලා.
අපි මුලින්ම දැන ගන්න ඕනා විසා වර්ගය කුමක්  උනත් ඔසී වලට එන්නේ ස්ථිර පදිංචිය සදහා ඉල්ලුම් කරීමේ බලා පොරොත්තු වෙන්  නම්,  හෝ ස්ථිර පදිංචිය සදහා ඉල්ලුම් කරන්නේ නම් , එය ලබා ගැනීමට පහසුම (පහසුම කිවුවාට පහසුම නැහැ ) ක්‍රමය කුමක්ද කියලා. අපි බලමු ප්‍රදාන විසා වර්ග සහා ඒවායේ උපවර්ගය ගැන පසුව කතා කරමු ( ඒවා තමයි වැදගත්ම) .

මේකෙන් ගොඩක්ම අපේ අයට වැදගත් වෙන දේවල් ඉස්සෙල්ලා කතා කරමු.

Advertisements
Posted in Visa | 6 Comments

ඇයි මෙහෙම දෙයක් පටං ගත්තේ

මට මෙහෙම දෙයක් කරන්න හිතිලා ගොඩක් කල්, එත් අද තමයි එකට අවස්ථාවක් ලැබුණේ.  ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔස්ට්‍රේලියාවට හරි පාරෙන් එන්නේ කොහොමද කියලා. ඉතිං මට හිතුනා මම දන්න දේ මෙහෙම ලියන්න. කවුරු හරි කෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඔන්න ලියන්න ගත්තා.

වරදක් නැහැ නේ නේද ?

 

Posted in Uncategorized | Leave a comment