Vaccinated-international-students-to-return-to-nsw-by-the-end-of-the-year

ඔස්ට්‍රේලියාවට එන්නත් කළ ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගන්න NSW ප්‍රාන්තය වැඩ අරඹයි (SBS සිංහල/ වාර්තා)

International students

Source: Getty Images/urbazon

ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් ජාත්‍යන්තර සිසුන්ට දෙසැම්බර් මාසයට පෙර NSW ප්‍රාන්තයට පැමිණිය හැකිය.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ජාත්‍යන්තර සිසුන්ව ඉදිරි මාසවලදී බාරගැනීමට සූදානම් වෙයි.

කොවිඩ් වසංගතය පාලනය කෙරෙන අතරේ ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරිපත් කළ සැලසුම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනුමත කිරීමෙන් පසුව ඔවුහු මෙය ආරම්භ කර තිබේ.

Highlights

  • කොවිඩ් වසංගතයෙන් පසුව මහා පරිමාණයෙන් ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට රැගෙන එන පළමු ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැඳින්වේ.
  • Sydney නුවර Redfern හි ඉදිකළ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් නිරෝධායනය කර ජාත්‍යන්තර සිසුන්ව බාරගැනීමට සැලසුම් කර තිබේ.
  • ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් සිසුන්ට පමණක් පැමිණිය හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීම

ජාත්‍යන්තර සිසුන්ව යළි ගෙන්වා ගැනීම පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (24/09) පෙරවරුවේ කරුණු හෙළි කළේය.

Sydney නුවර Redfern හි ඉදිකළ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් නිරෝධායනය කර ජාත්‍යන්තර සිසුන්ව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගැනීමට සැලසුම් කර තිබේ.

මෙම නියමු ව්‍යාපෘතියේ පළමු අදියරේදී ජාත්‍යන්තර සිසුන් 500 ක් ගෙන ඒමට සූදානම් වන අතර  එය දෙසැම්බර් මාසයට කලින් සිදුවනු ඇත.

ඔවුන් සියල්ල විශේෂ ගුවන් යානා මගින් සිඩ්නි නුවරට පැමිණෙනු ඇති අතර එම ගුවන් ගමන සඳහා අදාළ සිසුන් විසින් ගෙවිය යුතු වේ.

නමුත් මෙම පිරිස් අතරට එක්විය හැක්කේ ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් සිසුන්ට පමණක් බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පැවසීය.

මේ වන විට Pfizer, AstraZeneca සහ Moderna එන්නත් පමණක් ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කර ඇත.

ඒ අනුව සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, ජපානය, තායිලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලින් පැමිණෙන සිසුන්ට මුල් අදියරේදී ඔස්ට්‍රේලියාවට පැමිණීමට වැඩි ඉඩක් ඇති බව SBS පුවත් සේවය වාර්තා කරයි.

එහි

එහිදී ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් ගහනයෙන් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන චීනයට සහ නේපාලයට අවස්ථාවක් හිමි නොවනු ඇති බවත් සඳහන්.International students Getty Images/Pollyana Ventura

නියමු ව්‍යාපෘතියට සම්බන්ධ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන

ජාත්‍යන්තර සිසුන්ව යළි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගෙන්වා ගැනීමේ මෙම මෙම නියමු ව්‍යාපෘතියට පහත සඳහන් විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සම්බන්ධ වේ.

  • Western Sydney University
  • Macquarie University
  • University of Sydney
  • UNSW
  • UTS
  • Australian Catholic University
  • University of Newcastle
  • University of Wollongong
  • International College of Management Sydney
  • Kaplan
  • Navitas
  • RedHill and Study Group