Government Funding Courses Australia

මං common දාන comment එකක් නිසා ඒ ගැන ලිපියක් ලියන්න කියලා හිතුනා, මම වෙනත් තැන් වල මීට කලින් ලියලා තිබුනාට වෙනම ලියලා තිබුණා නම් කෙලින්ම එක comment එකට දාන්න පුලුවන් නිසා මටත් ලේසි

ඒ තමයි Australia වල තියෙන government funded course ගැන මං කියන කතාව. මේකෙන් benifits ගන්න ලේසියෙන්ම පුළුවන් permanent resident හෝ citizenship තියෙන කෙනෙක්ට හෝ ඔවුන්ගේ පවුලේ අයට තමයි කලාතුරකින් 491 හෝ 482  වල ඉන්න අයගේ dependent ලා chances අරගෙන තියෙන වෙලාවල් මං දැකලා තියෙනවා.

ඔයාලා news එහෙම බලනවා නම් දැකලා ඇති state governments වලින් සහ federal government එකෙන් ඔසී වල තියෙන skill අඩුව පුරවන්න රටේ ඉන්න අයගෙන් ඉගෙන ගන්න ආස හෝ තමන් කරන වෘත්තිය මාරු කරන්න ආස අයට ඉගෙන ගන්න ආස ආණ්ඩුවෙන් සල්ලි දෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි ටෙෆ් කෝසස් කරන ආයතනයක් හෝ විශ්ව විද්‍යාලයක් මගින් දැනට කරගෙන යන program වලට ඉගෙන ගන්න එන අයට ඒ කෝසස් කරනවා නම් ඒ යන වියදම ආණ්ඩුවෙන් ඒ ආයතනයට ගෙවනවා.  මේ පහල තියෙන video වල තියෙන්නේ එහෙම කරනවා කියලා ඔසී වල ගිය ප්‍රවෘත්ති.

Free AI course for Australians
Free TAFE course in SA
Victorian government pledges free high school teaching degree |9 News Australia

මේ වගේ කාලෙන් කාලෙට ඩිමාන්ඩ් එක අනුව  එක ප්‍රෝග්‍රෑම් ඉගෙන ගන්න පුලුවන් ඔයාලා education providers ලාගෙ website වලට ගිහින් local students විදියට කෝස් හොයන කොට ඒවට government funding තියෙනවද කියලා දැන ගන්න පුළුවන්.

2013 අපි ආපු කාලේ මන් IT job එකක් හොයා ගන්න  බැරි වෙයි කියලා හිතලා Certificate iii in logistics course එකක් කළා. මට  certificate IV කරන්න පුළුවන් උනත් මං එක කරන්න ගියේ නැහැ IT technician job එකක් සෙට් උන නිසා. ඒ කාලේ මගේ යාලුවෙක් ගේ wife ලංකාවේ ඉතා හොඳ පිළිගැනීමක් තියෙනවා රැකියාවක් කරපු කෙනෙක් අපිත් එක්කම ඔසී ඇවිල්ලා එයා certificate iii in age care කලා එයා එක හොඳට ඉවර කරපු නිසා එයාට ඒ ආයතනයෙන්ම certificate IV agecare එක offer කළා අද එයා හොඳ Salary එකක් ගන්න job එකක් කරනවා ඒ වගේම agecare nursing කරනවානම් කරන්න IELTS each 7 කරන්න කියලත් තිබුණා මේ ඕක්කෝම government funding වලින් ආවේ.

ඒ වගේම මං දාන්න අය ඉන්නවා 189/190 වීසා වල main applicant විදිහට ඔසී ඇවිත් ජොබ් එක change කරන්න ඕන උනාම 75% – 80% Commonwealth scholarship එකක් අරගෙන master එකක් කරලා එකෙන් පස්සේ ජොබ් එකකට ගිය උදාහරණ විදිහට IT වලින් skill assessment එක අරගෙන ඔසී ඇවිත් teaching job එකක් කරන්න teaching master එකක් කරපු. ඒ වගේම citizenship ගත්තු අය ඉන්නවා HECS-HELP අරගෙන තමන්ගෙ career path එක වෙනස් කරපු.

ඒක නිසයි මන් කියන්නේ ඔයාලගේ ඔසී හීනේ ජය ගන්න නම් ලේසි පාරකින් කොහොම හරි Permanent Residency  එක ගන්න කියලා. ඒ වගේම studies වීසා ඉන්න අයගේ dependent එන අය සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න ඕනා නැ. පුළුවන් ඉක්මනට main applicant ස්ථිර පදිංචිය ගත්තාය  පස්සේ පුළුවන් ඔයාලගේ dream job එකට මේ වගේ finding course එකකින් දෙන්නටම උනත් ආයිත් ඉගෙන ගන්න. මොකද ඔයාලා PR ගත්තු ජොබ් එකම ඔසී වල කරගෙන ඉන්න කියලා නීතියක් කොහේවත් නැති නිසා. ඒ වගේම dependent විදිහට එන අය හෝ ආපු අය Government funding වලට Eligible නම් හෝ Eligible වෙනකං ඉඳලා ඔයාලා දෙයක් ඉගෙන ගන්න කියලා. එකට ප්‍රධානම දේ ලේසි path එකකින් ස්ථිර පදිංචිය ගන්න එක.  ඒ වගේම main applicant ට permanent resident path එකක් තියෙනවා නම් ඉගෙන ගන්න කාලේ dependent සල්ලි දීලා වෙනම ඉගෙන ගන්න එක අපරාදේ සල්ලි වීයිදම් කිරීමක් කියලා තියෙනවා නේද ?

Australia වල තියෙන Free TAFE මේ ලින්ක් එකෙන් හොයා ගන්න පුළුවන්

Victoria government එකේ Training Needs List එක මෙතනින් බලා ගන්න පුළුවන්

New South Wales වල Funding for vocational education and training එකෙන් විස්තර ගන්න පුළුවන්

Queensland වල Free and subsidised training විස්තර

මේ වගේ අනිත් හැම ප්‍රාන්තේකම විස්තර හොයා ගන්න පුළුවන්. ඔයාලා master එකක් එහෙම කරන්න බලා පොරොත්තු වෙනවා නම් අදාල University එකට enroll වෙලා University එක හරහා Commonwealth scholarship වලට ඉල්ලුම් කරන්න පුළුවන්. ඕනම University එකක commonweal funded course කියලා section එකක් තියෙනවා. මේකට waiting period එකක් තියෙනවා. ආන්ඩුවෙන් දෙන මේවගේ දේවල් ගන්න බලන් ඉන්න ඔනා කාලේ මෙකෙන් බලාගන්න පුලුවන් Newly arrived resident’s waiting period

ඉතින් ඔයාලගේ ඔසී හීනේ ඉක්මනට හැබෑ  කරගෙන ඉක්මනට ඔයාලා කැමති ජොබ් එක කරගෙන ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

If you want to be a nurse in Europe

යුරෝපයේ හෙදියක් වීමට කැමති අය මොකද කරන්න ඕනේ, 🇪🇺 👩‍⚕️

🟢 යුරෝපයේ හෙදියක් වීමට අවශ්‍ය පියවර ටික,

1️⃣ හෙද උපාධියක් හෝ වැඩසටහනක් පිරිනමන යුරෝපීය ආයතනයක් සොයා ගන්න.

හෙද සිසුන්ට හෙද උපාධි හෝ වැඩසටහන් පිරිනමන විශ්ව විද්‍යාල/විද්‍යාල හෝ ආයතන කිහිපයක් ඇති බැවින් මෙය යුරෝපයේ හෙදියක් වීමට වැදගත් පියවරකි. ඔබගේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ස්ථානය තීරණය කිරීමට පෙර හෙද වැඩසටහන් ඉදිරිපත් කරන විශ්ව විද්‍යාල පිළිබඳව සොයාගන්න.

2️⃣ අයදුම් කිරීමට සහ විශ්ව විද්‍යාල අවශ්‍යතා සපුරාලීමට සූදානම් වන්න.

අවශ්‍යතා විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස් විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ බොහෝ රටවල, අධ්‍යාපන හෙද උපාධියකට හෝ වැඩසටහනකට ඇතුළත් වීමට පෙර වසර 12ක ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයක් අවශ්‍ය වේ. බොහෝ විශ්ව විද්‍යාල සහ ආයතන සඳහා අයදුම්කරුගේ අනන්‍යතා විස්තර හෝ අනන්‍යතා සාක්ෂි සැපයීම අවශ්‍ය වේ. ඔබ තෝරාගත් විශ්ව විද්‍යාලය විසින් ඉල්ලා සිටින සියලුම ලියකියවිලි සපුරාලීමට සහ ඔබේ ඇතුළත් වීම සඳහා අවශ්‍ය ගාස්තු ගෙවීමට සූදානම්ව සිටින්න.

3️⃣ භාෂා ප්‍රවීණතා සහතිකයක් ඉදිරිපත් කරන්න.

යුරෝපීය කලාපයේ විශ්ව විද්‍යාල හෝ ආයතනවලට ඇතුළුවීමේදී භාෂා ප්‍රවීණතාවය සැමවිටම මූලික අවශ්‍යතාවය වී ඇත. ඔබේ පළමු භාෂාව ඉංග්‍රීසි නොවේ නම් විශ්ව විද්‍යාල හෝ යුරෝපීය ආයතන ඔබේ භාෂා ප්‍රවීණතාවය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ. ඔබ අයදුම් කරන විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා ඔබට IELTS හෝ TOEFL 6.5 ට නොඅඩු තිබිය යුතුය. ශ්‍රේණිගත කිරීමක් සහිත ඒ හා සමාන ඕනෑම සමාන සහතිකයක් ලබා දිය හැක.

🔴 යුරෝපයේ හෙදියක් වීමට මෙය තීරණාත්මක පියවරකි, හෙදියක් වීමෙන් පසු රැකියාව කිරීමට බලාපොරොත්තු වන රටේ භාෂා ප්‍රවීණතා සහතිකය ලබා ගැනීම අනිවාර්ය වේ.

4️⃣ ජාත්‍යන්තර සිසුන් සඳහා, ඔබ තෝරාගත් විශ්ව විද්‍යාලයට ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා අයදුම් කරන්න.

විදේශයන්හි සිට පැමිණෙන සිසුන් සඳහා, යුරෝපයට යාමට පෙර, ඔබ තෝරාගත් විශ්ව විද්‍යාලයට අයදුම් කිරීමට සහ ඔබගේ අයදුම්පත සුමටව සැකසීම සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි ඉදිරිපත් කිරීමට වග බලා ගන්න. ජාත්‍යන්තර සිසුන් සඳහා විශ්ව විද්‍යාලවලට අයදුම් කිරීමේ මූලික අවශ්‍යතා පහත පරිදි වේ:

▪️ද්විතීයික අධ්‍යාපන සහතිකය හෝ ඩිප්ලෝමාවක්.

▪️වාර්තා පිටපතක්.

▪️හැඳුනුම්පතක් හෝ අනන්‍යතා සහතිකයක්

ඉදිරිපත් කරන ලද ලියකියවිලි ඉංග්‍රීසි භාෂාවෙන් තිබිය යුතුය, එසේත් නැතිනම්, ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයේ සහතික කළ පිටපතක් ඔවුන් සතුව තිබිය යුතුය. විශ්ව විද්‍යාලය විසින් අමතර ලියකියවිලි ඉල්ලා සිටිය හැකි බව සලකන්න.

5️⃣ ජාත්‍යන්තර සිසුන් සඳහා, ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීමට සිදු වේ.

ඔබ තෝරාගත් විශ්ව විද්‍යාලයට ඔබගේ අයදුම්පත සහ අවශ්‍යතා සියල්ල ඉදිරිපත් කිරීමෙන් පසු, ඔබට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වන පිළිගැනීමේ ලිපියක් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරනු ලැබේ. ඔබ යන්නේ කුමන යුරෝපීය කලාපයටද යන්න මත වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේ අවශ්‍යතා ද වෙනස් විය හැක.

6️⃣ උපාධිය හෝ පාඨමාලාව අවසන් කරන්න

ඔබ ඉහත සියලුම අවශ්‍යතා සම්පූර්ණ කළ පසු, ඔබ යුරෝපයේ හෙද අධ්‍යාපනය හැදෑරීමට සූදානම්. හෙද සේවයේ මූලික පුහුණුවට වසර හතරක් (240 ECTS credits) න්‍යායික හා ප්‍රායෝගික අධ්‍යාපනය ඇතුළත් වේ. හෙද සිසුන් ඔවුන් ලබාගත් හෙද උපාධිය අවසන් කළ යුතු අතර යුරෝපයේ හෙදියක් වීම සදහා උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලබා ගැනීමට අවශ්‍ය වේ.

7️⃣ ලියාපදිංචිය සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන්න

හෙද උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු, ඔබ යුරෝපයේ හෙද වෘත්තියේ යෙදීමට හැකිවීම සඳහා ඔබ ඔබේ අධ්‍යයන කටයුතු අවසන් කර ඇති යුරෝපීය කලාපයේ හෙදියක් ලෙස ලියාපදිංචි වීමට අයදුම්පතක් සෙවිය යුතුය. සෑම යුරෝපීය කලාපයකටම ලියාපදිංචි කිරීමේ යෙදුම හසුරුවන එහි නම් කරන ලද සංවිධානයක් හෝ නියෝජිතායතනයක් ඇත. සාමාන්‍යයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශය (MOH) වෘත්තීය හෙදියන් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් භාර ගනී. අයදුම් කිරීම සඳහා අවශ්‍යතා ගැන වැඩි විස්තර දැන ගැනීමට හෝ ඔබ යුරෝපීය කලාපයේ කොතැනක සිටියත් MOH හි වෙබ් අඩවිය පරීක්ෂා කිරීමට MOH සම්බන්ධ කර ගැනීමට වග බලා ගන්න. වෘත්තීය හෙදියන් ලියාපදිංචි කිරීම හසුරුවන නිසි අධිකාරිය විසින් ඔබගේ ලියාපදිංචිය අනුමත කළ පසු, ඔබ යුරෝපයේ වැඩ කිරීමට සහ පුහුණු වීමට සුදුසුකම් ලබයි.

8️⃣ ජාත්‍යන්තර හෙදියන් සඳහා, ඔබ තෝරාගත් ප්‍රදේශයේ වැඩ කිරීමේ අවශ්‍යතා සපුරාලිය යුතුය

යුරෝපයේ හෙදියක් වීමට කැමති විදේශිකයන් සඳහා, යුරෝපීය කලාපය තුළ වැඩ කිරීමට අවසර දීමට පෙර අවශ්‍යතා සපුරාලිය යුතුය, අධිකාරිය අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින මූලික අවශ්‍යතා පහත සඳහන් වේ,

▪️හෙද ඩිප්ලෝමාව පිළිබඳ උපාධිය හෝ සම්පූර්ණ කිරීමේ සහතිකය

▪️ඔබ වෘත්තියෙහි යෙදෙන රටෙහි නිකුත් කර ඇති වෘත්තීය බලපත්‍රය

▪️වැඩ කරපු තැන් සහ ඒ ගැන විස්තර

▪️ හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය

▪️ භාෂා කුසලතාවය පිළිබද සහතිකය

9️⃣ රැකියා වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්න

ඔබ ලියාපදිංචි වී යුරෝපයේ වැඩ කිරීමට අවශ්‍යතා සපුරා ගත් පසු, ඔබ යුරෝපයට ඇතුළු වී හෙදියක් වීමට අවසර ලබා ගැනීමට රැකියා වීසා බලපත්‍රයක් ලබා ගත යුතුය.දැනට ඔබ යුරෝපයේ සිටින්නේ student visa එකකින් නම් ඔබ එය රැකියා වීසා බලපත්‍රයක් බවට මාරු කරගත යුතය , ඒ සදහා රැකියා කොන්ත්‍රතුවක් තිබිය යුතුය.

🟢 ඔබ දැනටමත් යුරෝපා රටක පදිංචිව සිටින කෙනෙක් නම්, ඔබට භාෂා කුසලතාවය තියනවනම් කරන්න තියෙන්නේ Nursing School එකකට ඉල්ලුම් කරන්න, ඒ සඳහා proficiency test එකක් තියනවා ඒක පාස් වෙන්න ඕනේ, ඊට පස්සේ අවම වසර තුනක් ඉගනගන්න වෙනවා, සීමාවාසික පුහුණුව අවසන් වූ විට, වගකිව යුතු හෙදියක් ලෙස ඔබ ඔබේ දැනුම ඔප්පු කර ඇති බවට සහතිකයක් ලබා ගත යුතුය, ඊට පසුව ඒ රටේ හෙදියන් සඳහා දෙන බලපත්‍රයට අයදුම් කල හැක.

Shone Waik

Show money for Europe Studies visa

🇪🇺🇪🇺 යුරෝපයේ වැඩියෙන්ම අධ්‍යාපනය සදහා එන රටවල් ටික, ඒ රටවල් වලට එනකොට ඔබ ශිෂ්‍ය වීසා සඳහා කොපමණ බැංකු ශේෂයක් පෙන්වීමට අවශ්‍යද,

🟢 ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් මේ. දළ වශයෙන් එක් එක් රටට අවශ්‍ය මුදල. ⤵️

Austria 🇦🇹
අවුරුදු 24 ට අඩු සිසුන් සඳහා: €610 මසකට. වයස අවුරුදු 24 සහ ඊට වැඩි සිසුන් සඳහා: මසකට €1110 couples සඳහා: €1,751 මසකට.

Netherlands 🇳🇱
උපාධියේ කාලසීමාව සඳහා අවම වශයෙන් වසරකට යුරෝ 11500 ක් ඇති බවට සාක්ෂි පෙන්විය යුතුය.

Sweden 🇸🇪
මසකට SEK 9450 ක් ඇති බවට සාක්ෂි පෙන්විය යුතුය.

Germany 🇩🇪
වසරක් සඳහා තමන් සතුව €11500ක පමණ මුදල් ඇති බව ඔප්පු කළ යුතුය.

Finland 🇫🇮
මසකට යුරෝ 560 ක් හෝ වසරකට යුරෝ 6,720 කි.

France 🇫🇷
මාසිකව අවම වශයෙන් 615 යුරෝ ඉල්ලා ඇත.

Latvia 🇱🇻
2023 ජනවාරි 1 වන දිනට, මසකට € 620 හෝ වසරකට €7440 නොඅඩු ජීවන වියදම් සහිත බැංකු ප්‍රකාශයක් සැපයීමට අවශ්‍ය වේ.

Lithuania 🇱🇹
අවම වශයෙන් මසකට යුරෝ 460 ක හෝ වසරකට. යුරෝ 5500 ක ප්‍රමාණවත් මූල්‍ය සම්පත් පිළිබඳ සාක්ෂි පෙන්විය යුතුය.

Spain 🇪🇸
මසකට දළ වශයෙන් € 600 දක්වා පෙන්විය යුතුය.

Italy 🇮🇹
මසකට EUR දළ වශයෙන් 448,07 ක් වන අතර, වසරකට EUR 5824,91 කි.

Poland 🇵🇱
සාමාන්‍යයෙන් 13,000 USD බැංකු ශේෂයක් ලෙස පෙන්වීම අවශ්‍ය වේ.

Uk 🇬🇧
ලන්ඩනයේ පාඨමාලා සඳහා මසකට පවුම් 1,334 (මාස 9 දක්වා). ලන්ඩන් පිටත පාඨමාලා සඳහා මසකට පවුම් 1,023 (මාස 9 දක්වා).

Switzerland 🇨🇭
ඔබේ පුද්ගලික බැංකු ගිණුමේ වසරකට ප්‍රමාණවත් CHF 21,000 ක මුදල් තිබිය යුතුය.

Ireland 🇮🇪
වසර සඳහා අවම වශයෙන් €7,000ක් ඇති බවට සාක්ෂි පෙන්විය යුතුය.

Denmark 🇩🇰
ඔබ ඩෙන්මාර්කයේ රැඳී සිටීමට ප්‍රමාණවත් අරමුදල් ඇති බවට සාක්ෂි මසකට EUR1,000ක් පමණ.

Norway 🇳🇴
වසරක පාඨමාලාවක් සඳහා බැංකු ප්‍රකාශය යුරෝ 12,000 (NOK 128887) විය යුතු අතර, එක් අධ්‍යයන වාරයක් සඳහා බැංකු ප්‍රකාශය අවම වශයෙන් යුරෝ 7000 (NOK 70302) දක්වා විය යුතුය.

Hungary 🇭🇺
පසුගිය මාස 3-6 අතර ($ 10,000 දක්වා) නිල බැංකු ප්‍රකාශය අවශ්‍ය වේ.

Shone Waik

Job in Sri Lanka with high demand and less skill workers

ශ්‍රී ලංකාව තුල අවම වෘත්තිකයන් සංඛ්‍යාවක් සිටින සහ ඉහල වැටුප් තලයකට පිවිසිය හැකි තරඟකාරීත්වය ඉතාමත් අඩු රැකියා ක්ෂේත්‍ර කිහිපයක්.

මේවා කරන්න මහ ලොකු සුදුසුකම් ඕන නෑ. උනන්දුව කැපවීමයි ඕන. ලංකාව තුල ඉලක්කම් 6ක වැටුපක් බොහොම ලේසියෙන් අනෙත් රැකියාවන්ට සාපේක්ෂව මේවගෙන් උපයන්න පුළුවන්.

තව මේවගේ ඒවා ඔයාලගේ රැකියා ක්ෂේත්‍රවලත් ඇති. මේවා මං දන්න, මං අත්දැකීමෙන්ම අත් විඳපු මගේ ක්ෂේත්‍රයට ආසන්න ක්ෂේත්‍ර.

මේවා මේ පාර විභාගෙ ලියපු පොඩි එවුන්ට වැදගත් වෙයි. මොකද මේවා මං දැනගත්තෙ ගොඩක් මහන්සි වෙලා හොයල. පෙලක් ඒවා මං දැන ගන්නකොට පරක්කු වැඩියි. කිහිපයක් විතරක් මමත් කරා. මේ වගේ දේවල් හොයන්න උනන්දුවක් තියෙන අයට තමයි, මේක. 👇

ඕන ගොනෙකුට තේරෙන විදියට ලියන්න හිතුණ නිසා බර වචන, තාක්ෂණික වචන ගොඩක් අඩුකරල තමයි මේක දැම්මෙ.

1) Industrial Boiler Operator :-

Garment Factory වල, තේ කර්මාන්තශාලාවල වගේ ලොකු සිලින්ඩරයක් වගේ තියෙන යන්ත්‍රයක් දැකල ඇති ගොඩක් අය. හුමාලය, ජල වාශ්ප, උණු වතුර හදන්න ගන්න විශාල යන්ත්‍රයක් තමයි මේ බොයිලේරුව කියල කියන්නෙ. ඒකෙ වැඩකරන්න නම්, licence එකක් ඕන. ඒක ගන්න ඒ වගේ බොයිලේරුවක මුලින් වැඩකරන්න ඕන trainee කෙනෙක් විදියට. ඒකට අදාල පාඨමාලාත් තියේ 8 pass නම් පුළුවන්. මොරටුව විශ්වවිද්‍යාලය, IITM ආයතනය වගේ ඒවගේ. Boiler Operator grades තියේ class I සිට III වෙනකන්. Class III ඉන්න කෙනෙක්ට වුණත්, ලක්ෂයක් වගේ වැටුපක් ගන්න පුළුවන්. ලංකාවෙම මේ අය 1000ක් නෑ හොයාගන්න.

2) Safety Engineer/ Occupational & Safety Manager :-

කර්මාන්තශාලාවක සෞඛ්‍ය හා වෘත්තීමය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න කෙනා. මෙයා overall ගත්තොත්, doctor, engineer, PHI, ඔය වගේ වෘත්තීන් කිහිපයක තියෙන මූලික සංකල්පවල එකතුවක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ.

මෙහෙම කෙනෙක් වෙන්න අවශ්‍ය පාඨමාලා, NIOSH, CIPM, කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, NEBOSH වගේ ආයතනවල තියේ. මූලික සුදුසුකම O/L. බිංදු 6ක වැටුපක් ගන්න පුළුවන් රැකියාවක්. ලංකාවෙම මේ අය 1000ක් නෑ හොයාගන්න. ඉදිරියේදී අනිවාර්ය වෙනවා මෙම තනතුර රැකියා ස්ථානයක සේවකයින් 100ට වඩා වැඩිනම්.

3) NDT (Non Destructive Test) Technician :-

ගුවන්‍ යානාවල, පාලම්වල, තෙල් ටැංකිවල වගේ ඇතුලත පියවි ඇසට නොපෙනෙන පළුදු, වගේ දේවල් පරීක්ෂණාත්මකව සොයන කෙනා.
මේකටත් පාඨමාලා තියේ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ. හැබැයි ලක්ෂ 4ක් වගේ යනවා ඔක්කොම පාඨමාලා කරන්න. හැබැයි වැටුප බිංදු 7යි. ලංකාවෙම මේ අය 100ක් නෑ.

4) ECU Programming :-

දැන් එන වාහනවල සියලුම පද්ධති පාලනයවන කොටස තමයි ECU එක. ඒක programme කරන්න දන්න අය අඩුයි ලංකාවෙ. ලංකාවෙම 100ක් නෑ මේ අය.

හැපුණ වාහනයක Airbag sensor එක open වෙලා ඒකේ data, ECU එකේ record වෙනවා. පෙලක් අයට ඕන brand new විදියට ඒ වාහනේ විකුණන්න. එතකොට අර recorded data එක අයින් කරගන්න, ECU programming දන්න කෙනෙක් ඕන. මෙහෙම කිව්වම ගොඩක් අයට තෙරේන නිසයි මේක දැම්මෙ. 😂

උඩ කිව්ව හොර වැඩේ වගේම, ECU programming වලින් ගොඩක් සාධනීය දේවල් කරන්න පුළුවන්. මෙහෙම කෙනෙක්ටත් ලංකාවේ බිංදු 6ක වැටුපකට යන්න පුළුවන්. දැනට OBD Academy එකේ පාඨමාලා තියේ. රජයේ අධ්‍යාපන ආයතන මේවා ගැන තවම හිතලවත් නෑ. 😑

උඩ 4ම, පිටරට යන්න පට්ට valid, ඉහලම වැටුපක් පිට රට ගෙවනවා. කරා කියල පාඩුවක් වෙන්නෙ නැහැ. මං දැම්මෙ ලංකාවෙ තත්ත්වය විතරයි. ඒවගේ නම්වල නම් පොඩි පොඩි වෙනස්කම් ඇති, ඒත් කරන්න තියෙන දේ ඔය ටික.

මේ ගැන තව ඔයත් හොයල බලන්න. දන්න පොඩි එවුන්ටත් කියන්න. 😊
O/L ගැන පත හෑලි දාන අතරේ මේ හෑල්ල හොඳයි කියල හිතල දැම්මෙ.

Thiluka T. Thilakarathna

University of Vocational Technology

මොකක්ද මේ Univotec (UoVT) ?

මෙම ලිපිය ලිවීමේ මුලික අරමුණ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ගැන බොහෝ සාවද්‍ය මත නිරන්තරයෙන් කතා බහට ලක් වීමයි. අනෙක් අතට සිසුන් බොහොමයක් මේ පිළිබඳව නොදැන සිටීම නිසා ඔවුන්ට හිමි විය යුතුව ඇති බොහෝ වටිනා උසස් අධ්‍යාපන අවස්ථාවක් ඔවුන් විසින් අහිමි කර ගැනීමයි. ඇතැම් විටක ඇතැමුන් විසින් වෛරීය ස්භාවයෙන් සාවධ්‍ය තොරතුරු මේ පිළිබඳව පැතිරීමට කටයුතු කරන බව සුලබව දැකිය හැකි දෙයක් බවට පත්ව තිබේ.

Univotec යන නාමයත් සමග බොහෝ දෙනා සිතන්නේ මෙය අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවයි. මෙහි Univotec යන නාමයෙන් සංකේතවත් කරනුයේ Uni-University of Vo- Vocational Tec- Technology මිස අනෙකක් නොවේ. කෙසේ නමුත් මෙලෙස ඇති වන අක්‍රමිකතා නිසා Univotec යන්න UoVT ලෙස කරලියට ගෙන ඒමට වර්තමානයේ කටයුතු කරමින් සිටි.

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ( University of Vocational Technology ) 2008 පාර්ලිමේන්තු පනත් 31 යටතේ පිහිටුවන ලද මේ වන විට තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්යංශය යටතේ පවතින තවත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකි. එනම් 100% රජයේ විශ්ව විද්‍යාලයකි.

මෙම විශ්ව විද්‍යාලය පිහිටුවීමේ මුලික අරමුණ වුයේ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 05/06 (NVQ 05/06) සම්පුරණ කරන ලද සිසුන්ට NVQ 07 එනම් උපාධි මට්ටම සපිරිමටයි. 2016 වසරේ සිට NVQ සාමාර්තයන්ගෙන් ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා අදාළ අධ්‍යයන වර්ෂයකදී උසස් පෙළ සමතුන්ගෙන් Z අගය මත සහ අභියෝගතා පරීක්ෂණයක් මගින් සිසුන් බඳවා ගැනීමේ කටයුතු සිදු කරන ලදී. එය උසස් පෙළ සමතුන් ලද අගනා අවස්ථාවක් බව පැහැදිලිවම සඳහන් කල යුතුව ඇත.

වෘත්තීය තාක්ෂණ විද්‍යාලය මේ වන විට බොහෝ පහසුකම් වලින් සමන්විත උපරිම ගුණාත්මක බවකි යුතු සුන්දර පරිසරයක පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලයක්.

එමෙන්ම අධ්‍යයන වර්ෂයකට අදාලව උසස් පෙළ ප්‍රතිපල පැමිණීමත් සමගම කඩිනමින් අයදුම්පත් කැඳවා කඩිනමින් පාඨමාලා අරම්බව වන සුලුතරයක් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන අතර වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ද ඇති බව සඳහන් කල යුතු වේ.

මේ වන විට ඉහළ පහසුකම් වලින් සමන්විත රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස වෘත්තීය තාක්ෂණ විද්‍යාලය රාජ්‍ය විශ්ව විද්‍යාලයන් අතර ඇති මෙම විශ්ව විද්‍යාලය හරහා ඔබට තාක්ෂණවේදී උපාධි (Btec) ලබා ගැනීමේ හැකියාව තිබේ.

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාල සිසුන් වර්තමානයේ බොහෝ ක්ෂේත්‍රයන් ඔස්සේ දස්කම් දක්වමින් සිටින අතර ආසන්නව තාක්ෂණ අංශයේ ඔවුන් ලබා ගත තවත් ජයග්‍රහයක් වන්නේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයෙන් පවත්වන ලද “Robot Battle 2018” වැඩමුළුවේ පළමු , තෙවන සහ සිව්වන ස්ථාන ඔවුන් විසින් හිමි කර ගැනීමයි.

ඔබ 2019 උසස් පෙළ සාමර්තයෙක් නම් ඔබ උසස් පෙළ හැදෑරු විෂය ධාරාවන්ට අනුරුපව පහත පාඨමාලා සඳහා අයදුම් කිරීමේ හැකියාව තිබේ,

1. B. Tech. in Mechatronics Technology – ඉංජිනේරු තාක්ෂණවේදය

2. B. Tech. in Building Services Technology – ඉංජිනේරු තාක්ෂණවේදය

3. B. Tech. in Manufacturing Technology – ඉංජිනේරු තාක්ෂණවේදය

4. B. Tech. in Food Process Technology – ජීව පද්ධති තාක්ෂන්වේදය / ජීව විද්‍යාව

5. B. Tech. in Software Technology – ICT ඇතුලත් ඕනෑම විෂය ධාරාවක්

6. B. Tech. in Multimedia & Web Technology – ICT ඇතුලත් ඕනෑම විෂය ධාරාවක්

7. B. Tech. in Network Technology – ICT ඇතුලත් ඕනෑම විෂය ධාරාවක්

8. B. Tech. in Industrial Management – වාණිජ / ඉංජිනේරු තාක්ෂණවේදය / භෞතීය විද්‍යාව

9. B. Tech. in Construction Technology & Resource Management – ඉංජිනේරු තාක්ෂණවේදය

10. B. Edu. in English Language Training – උසස් පෙළ ඉංගිසි සඳහා සාමාන්‍ය සාමාර්ථයක් හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක්

11. B. Tech. in Media Arts Production Technology – සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ඇතුලත් ඕනෑම විෂ ධාරාවක්

2017 අධ්‍යයන වර්ෂයේ සිට ඇතැම් විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ සාමර්තයන්ට අයදුම් කිරීමට තිබු පාඨමාලා යම් ප්‍රමාණයක් කප්පාදු කිරීමකට කටයුතු කර ඇති බවද සඳහන් කල යුතුව ඇත.

ඔබ NVQ( හෝ සුදුසුකම් )හරහා උපාධිය සම්පුර්ණ කිරීමට බලාපොරාත්තු වන අයෙක් නම් ඒ සඳහා මාර්ගය මෙසේය,

හැදෑරීමට අදහස් කරන උපාධි පාඨමාලාවට අනුරුප වන,

1. NVQ 05 හෝ ඉහළ සුදුසුකමක්

2. අදාල ක්ෂේත්‍රයන්ගේ HNDE , HNDQS , HNDA , NDT , NDES , NDET හෝ සමාන සුදුසුකමක්

3. තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සබාව මගින් අනුමත කරන NVQ 05,06 මට්ටම් වලට සමාන වෙනත් සුදුසු කමක්.

ඉහත පරිදි ඔබ සුදුසුකම් සැපිරිය යුත්තේ පහත දක්වා ඇති උපාධි පාඨමාලාවන් ඉදිරියෙන් දක්වා ඇති ක්ෂේත්‍රයන් ඔස්සේ වේ.

1. B.Tech. in Mechatronics Technology – මෙකාට්‍රොනික් , විදුලි , විද්‍යුත් , යාන්ත්‍රික , නිෂ්පාදන සහ මෝටර් රථ තාක්ෂනය , ජෛව විද්‍යාව

2. B. Tech. in Building Services Technology – ඉදිකීරිම් , සිවිල් , යාන්ත්‍රික , ශීතකරණ හා වායු සමීකරණ , යාන්ත්‍රික , ගොඩනැගිලි සේවා , විද්‍යුත් හා සන්නිවේදන.

3. B. Tech. in Manufacturing Technology – නිෂ්පාදන , මෙකාට්‍රොනික් , ශීතකරණ හා වායු සමීකරණ , යාන්ත්‍රික , මෝටර් රථ තාක්ෂනය , පෑස්සුම් , ෆාම් යන්ත්‍රෝපකරණ , රසායනික හා බහු අවයවික තාක්ෂණ

4. B. Tech. in Food Process Technology – ආහාර තාක්ෂනය , කෘෂිකර්මය , සුපවේද , පශු සම්පත් , සහ කිරි නිෂ්පාදන , අහාර තත්ත්ව සහ ආහාර රසායන විද්‍යාව

5. B. Tech. in Software Technology – තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය

6. B. Tech. in Multimedia & Web Technology – තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය

7. B. Tech. in Network Technology – – තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය , විදුලි සංදේශ

8. B. Tech. in Industrial Management Technology – ඕනෑම තාක්ෂණික හෝ වෘත්තීය ක්ෂේත්‍රයක්

8. B. Tech. in Film & Television Production Technology (සති අන්ත) – සිනමා , ටෙලිවිෂන් , වීඩියෝ නිෂ්පාදන , ඩිජිටල් මාධ්‍ය තාක්ෂනය

9. B. Tech. in Quantity Surveying – ප්‍රමාණ සමීක්ෂණ

10. B. Tech. in Construction Technology and Resource Management – ඉදිකිරීම් තාක්ෂනය

………………………

11. B. Tech. in Media Arts Production Technology(සතියේ දින) – ජන මාධ්‍ය නිෂ්පාදන , සන්නිවේදන , මුද්‍රිත , රේඩියෝ , සිනමා , ටෙලිවිෂන් , ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍ය , නව මාධ්‍ය , ජනමාධ්‍යවේදය හෝ විශ්වවිද්යාලිය අධ්‍යයන සබාව මගින් පිළිගන්නා සුදුසුකම් සහිත පාසල් අධ්‍යාපනය හෝ පිළිගත් ආයතන වල සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය ඉගැනිවිම.

12. BACHELOR OF HOTEL MANAGEMENT (New) – Hospitality Management හෝ Hotel & Tourism NVQ 05 හෝ ඉහළ සුදුසුකමක්, තෘතික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සබාවේ ලියාපදිංචි පුහුණු ආයතන හෝ විශ්වවිද්යාලයිය අධ්‍යන සබාව මගින් පිළිගන්නා විදේශීය ආයතන මගින් පිරිනමනු ලබන , Hotel & Tourism ක්ෂේත්‍රයේ අවම වශයෙන් එක් අවුරුදු පුර්ණ කාලින හෝ ඊට සමන අර්ධ කාලින සුදුසුකමක් සහ තරු 03 හෝ ඉහළ හෝටලයක අවම වශයෙන් වසර දෙකක පළපුරුද්ද

13. Bachelor of Education in Technology (B. Ed. Tech) – අදාල ක්ෂේත්‍රයන්ගේ NVQ 05 හෝ ඉහල සුදුසුකමක් , අදාල ක්ෂේත්‍රයන්ගේ HNDE, NDT, NDES, NDET, NDICT සුදුසුකමක් , ත්රිතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සබාව NVQ 05/06 සමාන ලෙස පිළිගන්නා සුදුසුකමක් , ඉහත ක්ෂේත්‍රයන්ට අදාලව විශ්වවිද්‍යාලයිය අධ්‍යන සබාව මගින් පිළිගනු ලබන ජාතික අධ්‍යාපන පීටයන්හි ලබා දෙන පුහුණුව යටතේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක් ( ඉහත සුදුසුකම් සපිරීමෙන් පසු එම ක්ෂේත්‍රයන්ගේ කර්මාන්ත හා ඉගැන්වීම් පිළිබඳව අවම වශයෙන් වසරක පළපුරුද්දක් ඇති අයදුම් කුවන්ට ප්‍රමුඛතාව හිමි වේ.)

14. Bachelor of Education in English Language Teaching (B. Ed. ELT) – තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සබාව මගින් පිළිගන්නා ඉංග්‍රීසි හා අධ්‍යාපනය පිළිබඳව NVQ 05 සුදුසුකමක් , HNDE(English) , ජාතික අධ්‍යාපන ආයතනය මගින් අධ්‍යාපන පීට වල පවත්වනු ලබන ඉංගිසි භාෂාව ඉගැනිවිම පිළිබඳව ජාතික ඩිප්ලෝමාව , ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය හෝ UoVT මගින් පිරිනැමූ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිලිබඳ ජාතික පුහුණු තාක්ෂණ ඩිප්ලෝමාව , ශ්‍රී ලංකා උසස් කාර්මික ආයතනය මගින් පිරිනමනු ලබන ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමාව , අධ්‍යාපන අමාත්‍යංශයේ ඉංග්‍රීසි පුහුණු ගුරු සහතිකය , ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය හෝ UoVT මගින් පිරිනැමූ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඩිප්ලෝමාව සහ විශ්වවිද්‍යාලයිය සබාව මගින් පිළිගනු ලබන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ඇතුලත් වන සදුසුකම් සහතිකයක්.

තව කෙනෙක්ට දැන ගන්න Share කරන්න.

(Copyright – shaggy boy page)

මෙම ලිපිය මා ලියූවක් නොවේ.. තම මහන්සිය වැයකර මෙම ලිපිය සැකසූ අයට සහ සොයාදුන් කනිශ්ක මල්ලිට ස්තූතියි..

University of Vocational Technology, 100 Kandawala Road, Dehiwala-Mount Lavinia, Sri Lanka