Grindelwald Switzerland

මුලින්ම කියන්න ඕනා අපි මේ ගමන ගියේ 2023 සැප්තැම්බර් 30 මේ ෆොටෝ වීඩියෝ ඒ වෙලාවේ ගත්තු ඒවා. දැන් මෙහෙ ඇත්තේ වෙනම ලස්සනක් හිම එක්ක. ඉතින් Grindelwald කියන්නේ ස්විස්ටර්ලන්තයේ තියෙන දර්ශනීය එහෙමත් නැතිනම් ලස්සනම ගමක් ඇත්තටම අපිට නම් කියන්න පුලුවන් මේක ලස්සන පොඩි නගරයක් කියලා මොකද අපි කලින් ගිය Lauterbrunnen ගමට වඩා මේක විශාලයි. ජනාකීර්නයි කාර්යබහුලයි.

කලින් පෝස්ට් වල කිව්වා වගේ Top of Europe යන කෙනෙක්ට මේ එක ගමකික් ගිහින් අනිත් ගමෙන් එළියට වෙනවා නම් තමයි එකේ හරිම ලස්සන බලන්න පුළුවන් ඉතින් අපේ Top of Europe සහ Lauterbrunnen වල ෆොටෝ සහ වීඩියෝ කලින් අපි දැම්මා.

Grindelwald වින්ටර් එකට සීත මායාලෝකයක් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම අනිත් කාලවලටත් බලන්න ලස්සනයි මේ වගේ. iconic Eiger mountain එක හොඳටම පේන තැනක් තමයි මේ Grindelwald ගම. කඳු නගින්නන්ගේ අමතක නොවන සහ legendary වැඩක් වන north face එකෙන් නැගීම කරන්නේ මේ ගම පැත්තෙන් කියලා තමයි කියන්නේ. ඒ වගේම 1935 සහ 1936 වසරේ ඔස්ට්‍රියා සහ ජර්මානු කඳු නගින්නන් කිප දෙන්කුට මරණය අත් කර දුන්නා කියලාත් කියන්නවා මේ Eiger’s dramatic north face එකෙන් නගින්න ගිහින්. එහේම උනත් අද වෙනකොට සිය ගනනක් කඳු නගින්නන් මේ Eiger north face එකෙන් උඩට නැගලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම 1936 දී මේ Eiger  කන්දේ north face එකෙන් නගින්න ගිහින් කඳු නගින්නන් පස් දෙනෙක් මරණයට පත්වුනු ඒ කතාව පාදක කරගෙන 2008 දී North Face නමින් ජර්මානු චිත්‍රපටියක් පවා නිශ්පාදනය වෙලා තියෙනවා.
මේ ගමේ තියෙන තවත් ලස්සන තැනක් තමයි Gletscherschlucht Glacier Gorge එතනට යන්න පුලුවන් මැයි මාසේ ඉඳන් නොවෙම්බර් 21 වෙනකන් විතරයි, ඒකත් කාලගුණය නිසා වෙනස් වෙන්න පුලුවන් කියලා කියන්නේ. ඒ වගේම මේ Gletscherschlucht Glacier Gorge කියන්නේ ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක් කියලා කියනවා. වික්‍රමයන් කරන්න ආසා අයට geology, water, glacier and mysticism අත්දැකීම් ගන්න පුලුවන් කියලා කියන්නේ. ඒ වගේම කඹයක ආධාරයෙන් මීටර් 90ක් පහලට පනින්න පුලුවන් තැනක් තියෙනවලු.කලින් බුකින් එකක් දාලා එනවා නම් ඒකේ මිටර් 85ක් පහලට පැයට කිලොමීටර් 120ක් වෙගෙන් පහලට පනින්න පුලුවන්ලු. මෙතනට පයින් යන්න නම් ගමේ ඉදන් විනාඩ් 35ක් පයින් යන්නත් Grindelwald railway station ඉදන් බස් එකක් අරන් Gletscherschlucht stop එකෙන් බහින්න්නත් පුලුවන්, ඒ වගේම තමංගේ වාහනයකින් යන යට වාහන නවත්තන්න තැනක් තියෙනවා.

ඔයාලා Grindelwald යනවා නම් හොඳ නිවාඩුවක් ගත කරන්න ඔනා නම් ස්වභාවධර්මයේ ආස්වාදය විදිමින් එය විදින්න පුලුවන්. ඒ වගේම ඍතු වික්‍රමයන් කරන්න්න කැමති කෙනෙක් නම් යන ඔනා කාලෙක ඒ දේවල් කරන්න පුලුවන්.

අපි මේ ගමට යනකොට වටේ විඩියෝ කරගෙන ගියා මේ තියෙන්නේ ඒ Exploring the Enchanting Beauty of Grindelwald Village, Switzerland විඩියෝ එක.

අපි ගත්තු ෆොටෝ මේ මගේ Grindelwald Switzerland FB photo albem එකේ තියෙන්නේ.

Lauterbrunnen Village

Lauterbrunnen Village (ලවුතර්බුනන් ගම) මේක තියෙන්නේ Switzerland වල ගොඩක් අය කියන්නේ Fairy Tales Village එකක් කියලා ඇත්තටම මේ ගම ගොඩක් ලස්සන ගමක් මේ ගමේ ඉන්න මිනිස්සු හරිම ලස්සනට මේ ගම නඩත්තු කරනවා. ස්වි්ටර්ලන්තයේ සංචාරය කරන හැමෝම වගේ යන්න හින දකින ගමක් තමයි මේ Lauterbrunnen ගම. විශේෂයෙන් To of Europe යන අයට මේ ගම හරහා යන්න හෝ එන්න පුළුවන් අපි To of Europe ඉදලා එනකොට ආවේ මේ ගම හරහා. ඒ වගේම Swiss pass එකෙන් එන අයට Interlaken Ost ඉදලා එකෙන් එන්න පුළුවන්. Swiss traval pass එකෙන් නොවන ක්‍රම වලින් Swiss වල ඇව්දින අයට වෙනම tickets ගන්න වෙනවා. Lauterbrunnen Village එක අයිති වෙන්නේ Jungfrau region එකට නිසා Jungfrau Traval pass එක ගන්න කෙනෙක්ට එකෙන් ගමන් යන්න පුළුවන් අපි මේක බලන්න ගියේ ශරත් ඍතුවේ ඉතින් හිම නම් තිබුණේ නෑ නමුත් ඒ ගමේ ලස්සන අපිට බලන්න පුළුවන් උනා. මේ ගම්මාන වල ගෙවල් හදලා තියෙන්නේ ලී වලින් ඒවා ඒ වගේම එක ළග ගෙවල් එක වගේ හදලා තියෙන්නේ එකම විදිහට. ගෙමිදුල ලස්සනට හදලා මල් වවලා තණකොළ ගානට කපලා බලන්න ලස්සනයි. ඒ වගේම හැම හරකෙක්ගේ වගේම කරේ ලොකු මිනිගෙඩියක් බැඳලා තියෙන්නේ. මේ අය සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ මේ වගේ ලස්සනට මේ ගම්මාන නඩත්තු කරලා ඒ වගේම වැඩිය සංචාරකයින් නොයන Swiss ජාතිකයින් ජීවත් වන ගම්මානත් හරිම ලස්සනයි.

Public transport වලින් Lauterbrunnen වලට එන්න නම් කෝච්චියේ Interlaken Ost වලට ඇවිත් එතනින් Lauterbrunnen යන කෝච්චිය ගන්න ඕනා. මේ කොච්චි ක්‍රියාත්මක වෙන්නේ වෙනම ආයතනයකින් ඒ වගේම Swiss කියන්නේ රට පුරාම tourist destination වලට public transport වලින් යන්න පුළුවන් රටක් කියන්න පුළුවන්.

අපි ගිය ගමන video කරගෙන ගියා. Under One Roof Lauterbrunnen YouTube video මේ වීඩියෝ එක වගේම, අපි මේ මගේ FB Lauterbrunnen Village එකේ තියෙන ෆොටෝ ගත්තේ මේ අවුරුද්දේ (2023) සැප්තැම්බර් 30 ඊට පස්සේ රට වල් 10 trip එක යන්න plan කරලා එක ගිය නිසා වැඩ එක්ක මේවා දාන්න බැරි උනා.

Bernina Express

යුරෝපයේ ඇවිදින හැමෝගෙම හීනයක් තමයි ස්වි්ටර්ලන්තයේ තියෙන කඳු අතරින් යන කෝච්චි ගමනක් යන එක ඒ දෙකේ විශේෂ ගමන් දෙකක් තමයි Bernina express සහ Glacier express කියන කෝච්චි ගමන් දෙක අපි මේ පාර ගියෙ Bernina Express train එකේ, අපි ඒ යනකොට ලංකාවේ දෙමෝදර රේල් ගැටේ වගේ තැන් කිහිපයක් පහු කරනවා වගේම ආරුක්කු පාලම් කිහිපයක් පහු කරනවා. අපේ ගමන පටන් ගත්තේ ස්වි්ටර්ලන්තයේ චූර් කියන ස්ටේෂන් එකේන් අපි මේ ගමන ඉතාලියේ ටිරානෝ කියන නගරයට යන යනවා. මේකේ සම්පූර්ණ ගමන් කාලය පැය හතරක් හතරහමාරක් වගේ වෙනවා ඒ වගේම විශේෂයක් වන්නේ මේ කෝච්චි පාර UNESCO world heritage list එකේ තියෙන කෝච්චි පාරක්.

මේ බර්නිනා එක්ප්‍රස් කෝච්චිය operate වෙන්නේ Swiss වල තියෙන ලොකුම private transport company එක වෙන රියුෂන් රෙල්වේ( Rhaetian Railway) එකෙන් ඒ වගේම මේ ගමනේදී අපි ටනල් 55 කිනුත් පාලම් 196 කිනුත් යනවා Swiss pass එකෙන් මේකේ යන්න පුළුවන් උනත් වෙනම ගෙවලා seat reservations එකක් කරන්න ඕනා මොකද මේ කොච්චි වල සීට් ගානට විතරයි යන්න පුළුවන් අපි මේකේ chur ඉඳලා Tirano ගියේ අපිට seat reservations එකට €28 per person ගියා. Swiss pass එක නැතුව යනවා නම් second class one way ticket එකක් €63 ක් වෙනවා. First class එකක් €111 දැනට තියෙන ගණන් අනුව. අපි මේකේ ඉහළම ඉස්ථනයට යනකොට මුහුදු මට්ටමින් මීටර 2,253 උසකින් තමයි යන්නේ. මේක යන කොච්චි පාර narrow-gauge එහෙම නැති නම් මිටර් එකක් පළල කොච්චි පාරක් මේ වගේ metre gauge  කොච්චි පාරවල් තමයි ස්විස්ර්ටලන්තයේ කදුකර මාර්ගවල තියෙන්නේ මේවා සහ standard gauge දෙකම තියෙන අතර මැද දුම්රිය ස්ථාන තියෙනවා ස්විස්ර්ටලන්තයේ අපි මේ කොච්චියට නැගපු Chur railway station එක මේ වගේ track ජාති දෙකම තියෙන එකක්. Swiss Federal Railways (SBB CFF FFS) වගේ ඒවා යන  standard-gauge ප්‍රදාන පාර  සුරිච් ඉදලා එනවා අපි යන මේ Rhaetian Railway (RhB) එකේ  metre-gauge  එක වෙනම වේදිකා තියෙනවා.ආපු මේ යන Bernina line එක වෝල්ට් 1000 DC වලින්. ක්‍රියාත්මක වෙන එකක්.

මේකේ අපි යන කොච්චි පෙට්ටි panaroma පෙට්ටි යන අය යන්නේ වටපිට බලන්න නිසා හොඳ view එකක් දෙන්න එහෙම පෙට්ටි හදලා තියෙනවා.

අපි මේකේ යනකොට පහුකරණ  Brusio spiral viaduct එකේ යන ගමන හරිම ලස්සනයි පිටිපස්සේ පෙට්ටියක ඉන්නවා නම් මුළු කෝච්චියම අපිට බcලා ගන්න පුළුවන් ඒ වගේම මේ කොච්චි පාර තමයි ලෝකේ ඉස්සෙල්ලම Google Street View එකට එකතු කරපු කොච්චි පාර..ඉතින් ඔයාලට කවදා හරි මේකේ යන්න ලැබෙන්න කියලා මං පාර්ථනා කරනවා.

අපි ඉතින් පොඩි video එකකුත් කළා යන ගමන් Bernina Express Train Ride video on Under One Roof YouTube channel