How to select my stide path Australia

ගොඩක් අය අහනවා මං කොහොමද ඉගෙන ගන්න කෝස් ඒක හොයා ගන්නේ කියලා දැන් ඔසී වල ඉගෙන ගන්න ඇවිත් PR දාන්න නම් ඔයාලා ඉස්සෙල්ලම 491 වීසා එක හෝ 190 වීසා එක ගන්න පුළුවන් වෙන ඔයාගේ ෆීල්ඩ් ඒකට අදාල ඔසී වල ජොබ් ඒක තියෙනවද කියලා හොයන්න ඕනා. එහෙම උනොත් ඔයාලාට ගොඩක් ලෙසි PR එක ගන්න. ඔසී වල අවුරුදු හතරක් ඉන්න කොට එකෙන් එක අවුරුද්දක් permanent resident හිටියාම citizenship එක ගන්න එක සුදුසුකමක් වෙනවා. ඉතින් ඒකත් ඔලුවෙ තියාගෙන ගේම ගහන්න ඕනා. කවුරු හරි කිවුව පලියට මොකක් හරි කෝස් එකක් කරන්න ඔසී ඇවිත් වැඩක් නැහැ PR දාගන්න බැරි නම් ඉගෙන ගන්න කෝස් එකෙන්.

හරියට plan කරන කොට ඉස්සෙල්ලම skill occupation lists ගැන හොයාගෙන බලන්න ඕනා
එකට “Skill occupation list Australia” කියලා Google කළාම immigration එකේ gov.au ලින්ක් එක හොයා ගන්න පුළුවන් එකෙන් තියෙනවා ඔසී වල PR ගන්න පුළුවන් job lists එකින් එක.

ජොබ් එක list එකේ තියෙනවද කියලා හොයා ගත්තට පස්සේ එක එක states වල sponsor කරන job list හොයන්න වෙනවා මොකද 190 සහ 491 වීසා වලට අපි sponsor එකක් ගන්න වෙන්නේ states හෝ Territory government එකකික් ඉතින් එකට


Victoria state sponsor skilled occupation list


South Australia sponsor skilled occupation list


Tasmania sponsor skilled occupation list

Queensland sponsor skilled occupation list

Western Australia sponsor skiled occupation list

Northern Territory sponsor skilled occupation list

මේ වගේ Google කරන්න එතකොට ඔයාලට පුලුවන් අදාල ජොබ් ඒකට sponsorship එකක් ගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න

ඊට පස්සේ ඔයාගේ ජොබ් ඒකට sponsor කරන state එකක University එකක් හොයා ගන්න එලටත් Google එකම use කරන්න පුළුවන් එකෙන් පස්සේ ඔයාලා කරන විදිහට කෝස් එකට apply කරන්න.
එකේදි agents ලා කියයි එක ඒක option ඒත් ඔයාලම හොයලා බලන්න.

මම මං කියන්නේ Regional area of Australia කියලා Google කරලා එකෙන් එන city එකක University එකක දානවා නම් වඩා හොදයි කියලා. එකෙත් ඔයාලා category 3 යන්න පුළුවන් නම් extra 2 years post studie visa එක ගන්නත් පුළුවන්.

#PathToAustralia #Migration #Australia

Australian Visa Scams

කවුරුහරි කියනවා නම් ඕස්ට්‍රේලියාවේ unskilled visa ඒ කියන්නේ පහළ තියෙන ඒවා වගේ ජොබ් වලට

  • පෙට්‍රල් ගහන්න
  • ඇපල් කඩන්න වගේ ෆාම් වල වැඩ වලට
  • සුපර්මාර්කට් වල වැඩ කරන්න
  • ගෙවල් වල වැඩ කරන්න
  • වයසක මිනිස්සු බලා ගන්න
  • Cleaning ජොබ් වගේ වලට
  • පිඟන් සෝදන්න
  • ගෙවල් වල Driving වලට
  • ජල නල කාර්මික
  • හෝ unskilled workers

ලංකාවේ passport එකක් තියෙන ඔයාලාට විසා අරන් දෙනවා කියලා

මේවා ජනප්‍රිය පට්ට පල් බොරු.

ඒවගේම මේ unskilled worker visa අරන් දෙනවා කියලා කියන එකාත් පට්ට හොරෙක්

ඔසී එන්න කෙටි පාරවල් හොයන්න ගියොත් ඔයාලට සොරිම තමා. තියෙන සල්ලි ටිකත් නැති කරන් ගෙම දුන්න එකාගේ පරම්පරාවටම බැන බැන ඉන්න තමා වෙන්නේ

Australian Visa Scam | Australian Visa A to Z | MetaCareTribe - YouTube

ඔසී ස්තිර පදිංචිය ගන්න නම්

  1. Student visa එකකින් ඇවිත්  ඔසී වලට ස්ථිර පදිංචිය දෙන Skill එකක් ඉගෙන ගෙන ළකුනු හදාගෙන PR එක දාන්න ඔනා හෝ TR එකක් අරන් PR එකට මාරු වෙන්න ඔනා
  2. ඔසී වලට වීසා දෙන Skill එකක් තියෙන කෙනෙක් එලියේ ඉදන්ම ලකුනු හදාගෙන PR එක හෝ TR එකක් අරන් PR එකට මාරු වෙන්න ඔනා
  3. ඔසී PR හො Citizen තියෙන කෙනෙක් කසාද බැඳලා Partner විසා එකක් ගන්න ඔනා, දැන් ඒකට කසාද සහතිකය තියෙනවා කියන්නෙ විසා එක ගන්න එකන් 10%ක දෙයක් විතරයි Relationship එක genuine කියලා ඔප්පු කරන්න ඔනා. විසා එක ගන්නත් මාස 18-26 අතර කාලයක් බලන් ඉන්න ඔනා.
  4. ඔසී වලට Work Visa එකක් ගන්න පුලුවන් ඔයා පට්ටම වැඩ්ඩෙක් නම් විතරක් . මොකද ඔයාව මෙහෙට ගන්න company එක immigration එකට පෙන්නන්න ඔනා ඔසී වල එයාලට කෙනෙක් හොයා ගන්න නෑ ඔයා තමා හොඳම කෙනා එයාලට ගන්න ඉන්න කියලා. දැන් නම් මේ work visa ගන්න එක පොඩ්ඩක් ලේසි වෙලා තියෙනවා මොකද skill visa invitation අඩු වෙලා නිසා company වලට එයාලට ඕනා workers ලා එළියෙන් ගන්න ඕනා නන් එකට ඉඩක් දීලා නිසා.
  5. එහෙම නැති නම් Business visa එකක් දාලා එකෙන් PR දාන්න ඕනා.

Skill List ගැන ගොඩක් පොස්ට් මං ලියලා තියෙනව පොඩ්ඩක් ඒ පොස්ට් බලන්න. ඔයාලාට ඉගෙන ගන්න දේවල් ඒවයෙ තියෙනවා.

මෙහෙම නැතිව Visit visa වලින් ඔසී ඇවිත් ජොබ් හොයන්න, protection visa දාන්න, gradian visa වලින් ඇවිත් cash in hand job කරන්න වගේ දේවල් කියලා ඔයාලව ඔසී පටවන්න හදනවා නම් ඒත් හොරෙක්ම තමයි.

Planning apply to Aussie student visa

ඕස්ට්‍රේලියාවට ඉගෙනගන්න එන්න හිතෙනවාද? මේ ගැන දන්නවාද?#Australia#student visa

NSW ප්‍රාන්තයේ borders open කරන්න plan කරන එකත් එක්ක නැවතත් රට යන්න බලාගෙන ඉන්න අයගේ අවධානය ඕස්ට්‍රේලියාව වෙත යොමුවෙලා තියෙනවා. අද මම කතාකරන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ PR එක ගන්න හිතාගෙන ඕස්ට්‍රේලියාවට ඉගෙනගන්න හිතාගෙන ඉන්න අයට කරැණු කිහිපයක් පැහැදිලි කරන්නයි.ඕස්ට්‍රේලියාව, කැනඩාව තරම් PR ගන්න ලේසි රටක් නෙවෙයි. ඒකට හේතුව දැන් ඉන්න PM, හා රජය සංක්‍රමණිකයන්ට හිතවාදි ⁣නීති අයින් කරලා, migration process එක tough කරලා තියෙන නිසා.කොහොමහරි හරි ඕස්ට්‍රේලියාවට එනවානම් හොදට plan කරලා එන්න ඕන.

1. ඔබ පලමුවෙන්ම occupations ceiling list එක ගැන දැනගන්න ඕන. මොකක්ද මේ list එක. Australian home affairs එක මගින් සෑම මුදල් වර්ෂයකටම රටට අවශ්‍ය occupations වල කෝටා එකක් සකස් කරනවා. මේ list එකේ තියෙන Occupations වලට 189 PR visa එකත්, 491 skilled work regional (provincial family sponsored ) කියන visa දෙක ලබා දෙනවා. ඔයාගේ relative කෙනෙක් ඕස්ට්‍රේලියාවේ regional area එකක Citizen හරි PR හරි තියෙනවානම් ඔයාට 491 family sponsored කියන visa එක යටතේ apply කරන්න පුලුවන්. මේ link එකෙන් 2020-2021 අවුරැද්දට අදාල occupations ceiling list එක බලන්න පුලුවන් https://immi.homeaffairs.gov.au/…/occupation-ceilings.මේකෙන් එක් එක් occupation එකට තියෙන කෝටා එකත් මේ වෙනකන් invitation ලැබිලා තියෙන ගානත් බලන්න පුලුවන්.

2. ඊලගට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා territory වල වෙන වෙනම skilled list තියෙනවා. මේ skilled list එක කලින් කියපු list එකට වඩා occupations තියෙනවා. උදාහරණයක් විදියට victoria , NSW ප්‍රාන්ත වල නැති occupations , WA, SA Tasmania වල තියෙන්න පුලුවන්. 2021-2022 ට අදාලව 2021ඡුලි මාසෙන් පස්සේ skilled list දානවා. එතකොට ඒ එක් එක් web site වලට ගිහින් බලන්න පුලුවන්. මේ එක් එක් ප්‍රාන්ත වල විවිධ requirement තියෙනවා ඒත් එක්කම ඒ ප්‍රාන්තයේ ඉගෙනගත්ත අයට priority දෙනවා. WA, SA, Tasmania වල වෙනම graduate occupations list එකක් ති⁣යෙනවා. මේ ප්‍රාන්ත වලින් 190 PR , 491 ( අවුරැදු 3 කින් PR ගත හැකි) visa ලැබෙනවා.

3. DAMA list, මේ list එකේ තියෙන occupations වලට අවුරැදු 45 ට වැඩි අයටත් PR ගන්න පුලුවන්. හැබැයි DAMA list එකට අයත් area එකක employer sponsor එකක් තියෙන්න ඕන.4. තව තියෙනවා Employer sponsored visa ඇතැම් ඒවා PR visa ඇතැම් ඒවා PR pathways. මම ඒවා ගැන වෙනම කතා කරන්නම්.

5. තව දැනගන්න ඔයා ඉගෙනගන්න එන occupation එක මොන category එකටද වැටෙන්නේ කියලා. *Medium and Long-term Strategic Skills List (MLTSSL) * Short-term Skilled Occupation List (STSOL), * Regional Occupation List (ROL) * Regional Sponsored Migration Scheme (RSMS) ROL List https://immi.homeaffairs.gov.au/…/skill-occupation-list මේ ලිනක් එකෙන් බලන්න.

6. ඊලගට දැනගන්න ඕන තමන් ඉගෙනගන්න එන occupation එකේ skilled assessment එක කරන ආයතනය. ඒ ආයතනය accredited කරපු course එකක්ද ඉගෙනගන්න එන්නේ කියලා. උදාහරණයක් හැටියට Nursing bachelor එකක් කරන්න එනවානම් ANMAC accredited institute එකක හෝ university එකක ඉගෙනගන්න එන්න ඕන. ඕස්ට්‍රේලියාවට එනවානම් මේ මුලික කරැණු දැනගෙන එන්න. එතකොට නියම plan එකක් ගහන්න පුලුවන්.

Suranga Prasad
පොත පත ඇසුරින්
මෙල්බර්න් සිට

If you select correct path to come to Aussie you can stay forever

ඕස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්නවානම් හොදට ඕස්ට්‍රේලියාව ගැන දැනගෙන එන්න ඕන. හරියට Plan කරලා එන්න ඕන.

1 ඕස්ට්‍රේලියාවේ weather එක එක එක පැති වල වෙනස් තස්මේනියාව තරමක් සීතලයි, NT රස්නෙයි. Queensland ලංකාව වගේ. මෙල්බන්, සිඩ්නි ලොකු සීතලක් නැ. ගිය අවුරැද්දේ මෙල්බන් වල winter එක 1° c වගේ අඩුම උනේ. ඒක නිසා සරලව Australia වල weather එක හොදයි. සීතලට අකමැති අය මෙල්බන් ඉන්න ආසා නෑ. රස්නේට අකමැති අය ඩාවින් ඉන්න ආසා නෑ

2. ඔස්ට්‍රෙලියාවේ PR ගන්න පුලුවන් වෙන්නේ Melbourne Sydney Brisbane වලින් පිටත. ඒකට හේතුව ජනගහනය වැඩියි මේ නගර වල දැන්.

3. ඕස්ට්‍රේලියාවේ PR ගන්න අමාරැ ඇයි? ප්‍රධාන හේතුව තමයි Australian job එකක් හොයාගන්න බැරිවෙන එක. Job offer එකක් නැතුව 189 visa එක විතරයි apply කරන්න පුලුවන්. 190 ගන්නත් ප්‍රාන්තයක Sponsor එකක් ඔනානේ ඒත් ඒ visa දෙන එක සෑහෙන්න අඩු කරලා තියෙන්නේ. අනිත් හැම visa එකකටම job offer එකක් ඕන. ආන්ඩුවලින් මිනිස්සුන්ව යවන්න හදන්නෙම ප්‍රධාන නගර වලින් පිටතට

4. Job එකට අමතරව English ඕන. Job එකක් කරන්න හොදට English communication skills එක ඕන වෙනවා. Australian native අය කතා කරනවා fast ඒක නිසා උන් කියන්නේ මොනවද කියලා තේරෙන්නේ නැ මුල් දවස් වල. ගොඩක් අයට අනිවාර්යෙන්ම IELTS 7 හො ඊට සමාණ ගානක් අනිත් විභාහවලින් ගන්න වෙනවා PR එක ගන්න

5. IT, Accounting, commerce වලින් PR ගන්න හිතාගෙන Australia එන්න එපා තේරැමක් නැ. Skill Select එකේ ලකුණු 95 පැනල ගත්තා උනත් Visa invitation නැහැ ගොඩක් අයට

6. ඕස්ට්‍රේලියාවේ student ලට jobs තියෙනවා හම්බ කරන්න පුලුවන්. Minimum 20 aud per hour ගන්න පුලුවන්.

7. Marry කරලා Australia එන්න ඉන්නවානම් bachelor එකක් තියෙන කෙනෙක් බදින්න වෙනවා plan b එකකට යනවානම්. 🤔🤔🤔

8. Engineering, Health, Social Work, Psychology, Teaching ( IELTS Speaking & listening 8 reading & writing 7 ගන්න පුලුවන් නම් විතරක්) , Trade course, වගේ ඒවාට job එකක් ලැබුනොත්.PR එක ගන්න පුලුවන්.

9. NSW & Victoria වල උනත් Regional university ඉගෙනගන්න අයට chance වැඩියි. Tasmania, Perth, SA, NT ඉගෙනගන්න අයට chance වැඩියි. Melbourne sydney brisbane ඉගෙනගන්න අයට No chance.

10. මගෙ මතය දැන් Australia එනවානම් ලංකාවේ bachelor එකක් කරලා Master එකකට couple එක එන්න. එතකොට මොකක් හරි ගේමක් ගහන්න පුලුවන්

11. Plan b එක තමයි couple එක ඇවිත් එක්කෙනෙත් ආයෙත් student visa එකකට යනවා TR එක ගන්නේ නැතුව

Suranga Prasad ගේ කොමෙන්ට් එකකින්.

Priority Migration Skilled Occupation List

සෞඛ්‍ය, ඉදිකිරීම් සහ IT ක්ෂේත්‍ර වලට සුබ පණිවිඩයක් ගෙනෙමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව Skilled Occupation ලැයිස්තුවක් නිකුත් කරයි (SBS සිංහල/ වාර්තා)

Skilled Migration Occupation Lists
ඔස්ට්‍රේලියාවේ ඇතැම් වෘත්තීන් ඉලක්ක කරමින් නව Priority Migration Skilled Occupation List එකක් හෙවත් නව ප්‍රමුඛතා සංක්‍රමණ නිපුණතා රැකියා ලැයිස්තුවක් අද (02/09) ප්‍රකාශයට පත් කෙරුණි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා, නිපුණතා, සුළු හා පවුල් ව්‍යාපාර ඇමතිනී Michaelia Cash සහ ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge එක්ව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

Priority Migration Skilled Occupation (PMSOL) ලැයිස්තුවට හේතුව

කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි නගා සිටුවීම, ඔස්ට්‍රේලියානු රැකියා නිර්මාණය කිරීමට උර දීම මෙලෙස Priority Migration Skilled Occupation List එකක් නිවේදනය කිරීමේ ප්‍රධාන අපේක්ෂාවන් බව Michaelia Cash සහ Alan Tudge යන අමාත්‍යවරුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ හරහා තීරණාත්මක අංශවල හදිසි නිපුණතා අවශ්‍යතා සපුරාලීම සඳහා අනුග්‍රාහක පුහුණු ශ්‍රමිකයින් සුළු පිරිසකට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩ ලැබේ.

මෙම Priority Migration Skilled Occupation ලැයිස්තුවට වෘත්තීන් 17 ක් ඇතුළත් කර ඇත.

ජාතික නිපුණතා කොමිෂන් සභාවේ උපදෙස් හා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අදාළ ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම ලැයිස්තුව නිර්මාණය කළ බව ද වාර්තා වේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළෙඳපොළේ තත්ත්වය සහ ආර්ථිකයට සාපේක්ෂව මෙම ලැයිස්තුව නිතිපතා සමාලෝචනය කරනු ලැබේ.

Health Workers raise concerns about PPE

ආර්ථිකය යළි ගොඩනැගීමට නිපුණතා ශ්‍රමිකයින් ගේ දායකත්වය

මෙම වෙනස්කම් හරහා ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නිවැරදි සමතුලිතභාවය ඇති කරනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge පැවසීය.

“අපගේ ප්‍රමුඛතාව ඔස්ට්‍රේලියානුවන් නැවත රැකියා වලට බඳවා ගැනීමයි. නමුත් කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමට ප්‍රධාන සෞඛ්‍ය සේවකයින් ද ආර්ථිකය නගා සිටුවීමට නිපුණතා ශ්‍රමිකයින් ද අපට අවශ්‍යයි.” යනුවෙන් ඔහු සිය නිවේදනයේ පෙන්වා දී ඇත.

කොරෝනා වසංගතයට ඔස්ට්‍රේලියාව දක්වන ආර්ථික ප්‍රතිචාරය හමුවේ මෙම ලැයිස්තුවේ සෞඛ්‍ය සේවා, ඉදිකිරීම් සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර වලට ප්‍රධාන තැනක් හිමි කර දී තිබේ.

අවශ්‍යතා

මෙම ලැයිස්තුවේ ඇති වෘත්තීන් සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු සමාගමකින් හෝ ව්‍යාපාරයකින් හෝ ආයතනයකින් හෝ අනුග්‍රහය දැක්විය යුතුය.

එලෙස අනුග්‍රහය ලැබූ වීසා ලාභීන්ට දැනට ඔස්ට්‍රේලියාවට පැමිණීමට පනවා ඇති සංචාරක තහනම නොතකා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව ලැබෙන නමුත් ඔස්ට්‍රේලියාවට පැමිණි දිනයේ පටන් දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.

එලෙස අනුග්‍රහය දක්වන සමාගම හෝ ආයතනය ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් අදාළ පුරප්පාඩුව පිළිබඳ දැන්වීම් දෙකක් පළ කළ යුතුය.

ඊට අමතරව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ jobactive වෙබ් අඩවියේ ද එම දැන්වීම පළ කළ යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා, නිපුණතා, සුළු හා පවුල් ව්‍යාපාර ඇමතිනී Michaelia Cash පැවසුවාය.

දැනට ක්‍රියාත්මක නිපුණතා රැකියා ලැයිස්තු එලෙසම ක්‍රියාත්මක වන නමුත් නිපුණතා වීසා ලබා දීමේදී  Priority Migration Skilled Occupation ලයිස්තුවේ ඇති වෘත්තීන් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

Skilled Migration Occupation Lists

Priority Migration Skilled Occupation ලැයිස්තුව

  1. Chief Executive or Managing Director (Occupation ID – 111111)
  2. Construction Project Manager (Occupation ID – 133111)
  3. Mechanical Engineer (Occupation ID – 233512)
  4. General Practitioner (Occupation ID – 253111)
  5. Resident Medical Officer (Occupation ID – 253112)
  6. Psychiatrist (Occupation ID – 253411)
  7. Medical Practitioner nec (Occupation ID – 253999)
  8. Midwife (Occupation ID – 254111)
  9. Registered Nurse (Aged Care) (Occupation ID – 254412)
  10. Registered Nurse (Critical Care and Emergency) Occupation ID – (254415)
  11. Registered Nurse (Medical) (Occupation ID – 254418)
  12. Registered Nurse (Mental Health) (Occupation ID – 254422)
  13. Registered Nurse (Perioperative) (Occupation ID – 254423)
  14. Registered Nurses nec (Occupation ID – 254499)
  15. Developer Programmer (Occupation ID – 261312)
  16. Software Engineer (Occupation ID – 261313)
  17. Maintenance Planner (Occupation ID – 312911)

NSW TO OPEN FOR THE 491 VISA FROM 15 TO 23 JUNE 2020

NSW immigration will begin accepting for NSW nomination for the Skilled Work Regional (Provisional) visa (subclass 491) on Monday 15 June 2020 and will stop accepting applications at5pm Tuesday 23 June 2020.

https://www.business.nsw.gov.au/live-and-work-in-nsw/visas-and-immigration/skilled-work-regional-visa-subclass-491

Applications will be assessed by the end of the financial year; Tuesday 30 June 2020.

Who can apply?

Only candidates who meet all the requirements below will be able to submit an application.

If you do not meet these requirements, we strongly urge you not to apply as your application will be declined.

The NSW nomination fee is not refundable.

Requirements

You can only apply for NSW nomination if you meet Department of Home Affairs’ requirements for the 491 visa and:

  1. have an occupation on the NSW Stream 1 Regional Skilled Occupation List (see below),  and;
  2. have been living in a designated regional area in NSW for at least the last 12 months, and;
  3. have been working in a designated regional area in NSW for at least the last 12 months, and;
  4. have been working in your nominated occupation, or a closely related occupation, for at least the last 12 months.

If you do not meet all of these requirements, you are not able to apply for NSW nomination.

How to apply

NSW will advise on how to apply for NSW nomination on Monday, 15 June 2020.

Your application

As NSW have a short time-frame to assess your application, it is important that your application is complete.

NSW Steam 1 – Regional Skilled Occupation List

ANZSCO    Occupation

https://www.business.nsw.gov.au/live-and-work-in-nsw/visas-and-immigration/nsw-skilled-occupations-list

 

Frequently asked questions

1. NSW Skilled Work Regional (Provisional) visa (subclass 491) program

What regions are eligible in NSW under the 491 visa?

The Commonwealth Department of Home Affairs determines which regions of Australia are eligible for the 491 visa.

Eligible regions are published on the Department of Home Affairs’ designated regional area postcodes webpage.

In NSW all areas of are considered regional except greater Sydney, with the exception of the Blue Mountains and the Hawkesbury river.

Why are Regional Development Australia Committees not nominating applicants for the 491 visa.

NSW was the only Australian jurisdiction that engaged a third party to assist in the delivery of the 489 visa.

The introduction of the 491 visa allows NSW to take a fresh approach to supporting regional economies of NSW through the supply of skilled labour.

A standardised and objective nomination process managed by NSW Treasury aims to improve client experience and provide greater clarity on how to obtain nomination by NSW for the 491 visa.

RDAs will continue to directly support regional employers in NSW and their skill needs through their responsibilities as a Regional Certifying Body (RCB) in the new Skilled Employer Sponsored Regional (Provisional) visa (subclass 494).

NSW Government’s management of 491 visa program demonstrates our strong commitment to regional growth and the program will sit alongside a number of other government initiatives that aim to make regional NSW a desirable place to live, work and do business.

How many migrants can NSW nominate for a 491 visa?

Demand for nomination by NSW for a skilled migration visa is high. The Commonwealth Department of Home Affairs allocates NSW are limited number of primary applicant nomination positions each year.

Due the high demand and limited number of positions available, NSW encourages migrants to consider all visa pathways that may be available to them

2. I am living and working in regional NSW

What areas are regional NSW?

The Commonwealth Department of Home Affairs determines which regions of Australia are eligible for the 491 visa.

Eligible regions are published on the Department of Home Affairs’ designated regional area postcodes webpage.

What are the requirements for my employment to satisfy this requirement?

Your employment must meet the Department of Home Affairs’ requirements for skilled employment.

For more information, please refer to the Department of Home Affairs’ Points table for Skilled Work Regional (Provisional) visa (subclass 491) .

Does my employment for the last 12 months need to be with the same employer?

No, you may have been employed by more than one employer in regional NSW during the last 12 months to satisfy this requirement.

Does my employment for the last 12 months need to be continuous?

Yes, you need to have been continuously employed in regional NSW for at least the last 12 months.

If you have been employed in more than one job during the last 12 months, the gap in between your jobs should not have been for more than one month.

 3. I am offshore

What areas are regional NSW?

The Commonwealth Department of Home Affairs determines which regions of Australia are eligible for the 491 visa.

Eligible regions are published on the Department of Home Affairs’ designated regional area postcodes webpage.

a)  I have a job offer in regional NSW

What the requirements for the job offer in regional NSW?

  • The offer of employment is for a minimum of 12 months and for 35 hours per week.
  • The offer of employment is to work in a designated regional area postcode.
  • The offer of employment is in your nominated occupation, or a closely related occupation.
    • This means an occupations within the same Australian Bureau of Statistics ANZSCO Unit Group.
  • The employment must meet the Department of Home Affairs’ requirements for skilled employment.
  • For more information, please refer to the Points table for Skilled Work Regional (Provisional) visa (subclass 491) .

4. I have recently completed study in regional NSW

What areas are regional NSW?

The Commonwealth Department of Home Affairs determines which regions of Australia are eligible for the 491 visa.

Eligible regions are published on the Department of Home Affairs’ designated regional area postcodes webpage.

Are there any requirements for my study?

Your study must:

  • have been completed at an education provider or education providers located in regional NSW
  • have been continuous and met the Department of Home Affairs’ Australian Study Requirement.
  • have been completed while you were living in regional NSW
  • have been completed within the last 12 months before applying for NSW nomination
  • be closely related to your nominated occupation.
    • This means an occupations within the same Australian Bureau of Statistics ANZSCO Unit Group.

5. Preparing my application for NSW nomination

What do I need to know when entering my employment in my Expression of Interest (EOI)?

When entering your employment in your EOI you must indicate if the employment is closely related to your nominated occupation or not.

If you indicate that your employment is closely related to your occupation, the employment must also be at the relevant skill level of your nominated occupation.

Please see the SkillSelect help text on the page where you enter your employment in your EOI for further information.

If you are unsure if your employment is at the relevant skill level of your nominated occupation, you may wish have your employment assessed by the relevant skills assessing authority.

What supporting documents do I need to provide with my application?

The NSW nomination application forms include a document checklist which outlines the documents you should provide in order to demonstrate eligibility for each requirement.

Do my documents need to be certified?

Colour copies of original documents do not need to be certified. In rare cases, we may request a document to be certified if the content of your scanned colour copy is not clear. You will be contacted if this is required.

Please be aware that this applies to the NSW application process only. The Department of Home Affairs may have different requirements for providing supporting documents for the visa application.

Do my documents need to be translated?

Yes, documents in languages other than English need to be accompanied by an English translation. You also need to include copies of the original documents.

If you are in Australia: translations need to be undertaken by a translator accredited by the National Accreditation Authority for Translators and Interpreters (NAATI).

If you are overseas: translations need to be endorsed by the translator with their full name, address and telephone number, and the translator needs to include details of their qualifications and experience in the language being translated.

Can I apply for NSW nomination while I am waiting to receive my skills assessment or English language test result?

No. You can only submit an application for NSW nomination if you have a valid skills assessment and valid English language test result.

If you apply and do not have a valid Skills Assessment or English Language test result at the time you submitted your application, your application will be declined.

6. After I have applied for NSW nomination

Will NSW contact me if they require more information when assessing my application?

You should ensure that your application is complete and has provided all the information required.

If we require more information when assessing your application, we will contact you to advise what require.

Can I provide new or additional evidence after I’ve submitted my application?

A case officer will contact you if they require further information or documents when assessing your application.

Please do not contact us to provide more documents after you have submitted your application.

I have submitted my application, but some of my details in my application are incorrect. What should I do?

Wait for a case officer to contact you. Please do not contact us after you have submitted your application.

I have submitted my application for NSW nomination and noticed that some of my details in my Expression of Interest (EOI) are incorrect, what should I do?

If the points that you have claimed in your EOI are incorrect, please send an email to: skilled.migration@treasury.nsw.gov.au advising which details in your EOI are incorrect.

Please ensure that you have provided your EOI number, full name and date of birth in your email.

IT and Accounting

පසුගිය මාස අටක කාලය තුළ ආරාධනා පත්‍ර නිකුත් කිරීම සමස්ත EOI (expression of interest) ලකුණු 85ත් 95 ත් අතර විශාල ලෙස ඉහළ මට්ටමක පැවතිණි.

ICT Business and System Analysts (Occupation ID – 2611) සඳහා 23/10/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Software and Applications Programmers (Occupation ID – 2613) සඳහා 31/10/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Computer Network Professionals (Occupation ID – 2631) සඳහා 28/10/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මීළඟ ආරාධනා පත්‍ර වටය එළඹෙන දෙසැම්බර් 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතය.

https://www.sbs.com.au/language/sinhala/skilled-independent-visa-invitations-november-round

DAMA 1

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව අද (09/10) නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව අමාත්‍යධුරයක් වන නගර සහ ජනගහනය සම්බන්ධ අමාත්‍යධුරය හොබවන Alan Tudge විසින් මේ බව අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ප්‍රධාන හේතු

දිනෙන් දින ඉහළ යන ඔස්ට්‍රේලියාවේ ජනගහනය සමස්ත රට තුළම මනාව විසුරුවා හැරීම මෙහි මූලික අරමුණ වන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින් සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් බහුතරයක් පැමිණ ස්ථාපිත වන්නේ මෙල්බර්න් සහ සිඩ්නි නගර ආශ්‍රිතව බව රජය පවසයි.

ඊට අමතරව බ්‍රිස්බන්, ගෝල්ඩ් කෝස්ට්, කැන්බරා සහ පර්ත් නගර වලද මෑත කාලයේදී සැලකිය යුතු සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් ස්ථාපිත වූ බවද රජයේ දත්ත පෙන්වා දෙයි.

මෙමගින් මෙම ප්‍රධාන නගර වල ජනගහනය ශීග්‍රව ඉහළ යන අතර යටිතල පහසුකම් වලට සාපේක්ෂව වැඩි වන ජනගහනය දැඩි පීඩනයක් එල්ල කරන බවද ඔවුන් පෙන්වා දෙයි.

https://www.sbs.com.au/yourlanguage/sites/sbs.com.au.yourlanguage/files/styles/body_image/public/migration_3_aap_1.jpg?itok=_pfSOlGO&mtime=1539149263
Skilled migrants

නිපුණතා සංක්‍රමණිකයින්ගේ වාර්ෂික කෝටාව සහ ප්‍රාදේශීය වීසා

ඔස්ට්‍රේලියාවේ මේ වන විට ක්‍රියාත්මක වන නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අනුව එහි වාර්ෂික කෝටාව 190,000 කි.

එයින් 5,000 ක පමණ සංඛ්‍යාවකට පමණක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල ස්ථාපිත වීමට ඉඩ සලසයි.

නමුත් මෙම නව වැඩසටහන යටතේ වාර්ෂික කෝටාවෙන් අඩක් පමණ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල හෝ කුඩා නගර වල ස්ථාපිත කිරීමට රජය අපේක්ෂා කරයි.

ප්‍රථමයෙන්ම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ නිපුණතා සංක්‍රමණිකයින්ට බවත් මානුෂීය වීසා මත සිටින පුද්ගලයින්ව සහ සරණාගත වීසා ලාභීන්වද මෙම වැඩසටහනට හසු කරගන්නා අයුරු මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවද නගර සහ ජනගහනය සම්බන්ධ අමාත්‍ය Alan Tudge පැවසීය.

https://www.sbs.com.au/yourlanguage/sites/sbs.com.au.yourlanguage/files/styles/body_image/public/alan_tudge_aap_1.jpg?itok=VD5QYcuv&mtime=1539127538

Skilled migrants

නව කොන්දේසි

  • නව නිපුණතා සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන්, ගෝල්ඩ් කෝස්ට්, කැන්බරා සහ පර්ත් නගර වලින් බැහැර කිරීම.
  • නව නිපුණතා සංක්‍රමණිකයින් එම ප්‍රධාන නගර වලින් බැහැරව වසර 5 ක් ජීවත් වීම.
  • Employer-sponsored වීසා මත පැමිණෙන පුද්ගලයින්ට මෙම කොන්දේසිය අදාළ නොවෙයි.
  • Family reunion වීසා හරහා තම පවුල් සමග නැවත එක්වීමට පැමිණෙන පුද්ගලයින්ටද මෙම කොන්දේසිය අදාළ නොවෙයි.

https://www.sbs.com.au/yourlanguage/sites/sbs.com.au.yourlanguage/files/styles/body_image/public/5_years_plan_sbs_news.jpg?itok=aNa64VBz&mtime=1539085898

කොන්දේසි උල්ලංඝනය කළොත්….

ඉහත කොන්දේසි උල්ලංඝනය කළහොත් අදාළ සංක්‍රමණිකයින්ට කුමන අන්දමේ දඬුවමක් හෝ දඩයක් ලබා දෙනවාද යන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තවමත් තීරණය කර නොමැති බව ද නගර සහ ජනගහනය සම්බන්ධ අමාත්‍ය Alan Tudge පැවසීය.

කෙසේවෙතත්, වීසා සම්බන්ධ නීති වෙනස් කිරීමට ඉතා පහසු නමුත් ඒවා බලාත්මක කිරීමට ඉතා අපහසු බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශයේ හිටපු ප්‍රධානී Roman Quadvlieg පවසා තිබේ.

ප්‍රාදේශීය ප්‍රදේශ වලට සංක්‍රමණිකයින්ව යොමු කරනවානම් ඒ ප්‍රදේශ වල ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් රජය විසින් සැපයිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

https://www.sbs.com.au/yourlanguage/sites/sbs.com.au.yourlanguage/files/styles/body_image/public/roman_twitter_msg.jpg?itok=LFlS8DBv&mtime=1539085940

Skilled migrants

මෙමගින් සංක්‍රමණිකයින්ව කැලෑවලට යවයිද?

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල පවතින නිපුණතා හිඟය පිරවීම සඳහා මේ වන විට වීසා වර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ.

නමුත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත ගිය නිපුණතා සංක්‍රමණිකයින්ගෙන් දහයෙන් එකක් මාස 18 ක් තුළදී නැවතත් නාගරික පෙදෙස් වෙත පැමිණෙන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.

2016-17 මුල්‍ය වර්ෂයේදී ප්‍රාදේශීය කලාප වෙත සංක්‍රමණිකයින් ස්ථාපිත කිරීමේදී හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත්තේ පර්ත් කලාපයේ බව හෙළිවී තිබේ.

කෙසේවෙතත්, පසුගිය නොවැම්බර් මාසයේ සිට පර්ත්, ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

මේ අතර Darwin, Adelaide, Canberra සහ Hobart තවමත් ප්‍රාදේශීය වීසා සඳහා අදාළ වේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වලට අදාළ postcodes මෙම වෙබ් යොමුවෙන් ලබා ගත හැකිය.