Finally we are successful with our dream

අවසානයේ අපිත් ඒ හීනය සැබෑ කරගත්තා .
ගිය සතියේ (3/9) ඔස්ට්‍රේලියාවට පය තිබ්බා.
ගෲප් එකේ Waruna Senavirathna සොයුරා ඇතුලු සියලු admin team එකටත් කලින් නිර්නාමික පෝස්ට් වලදී අදහස් දුන්න හැමෝටම ස්තූති කරන්නයි පෝස්ට් එක දාන්නේ.



විශේෂයෙන්ම මම medical appointment ගැන තොරතුරු සොයාගත්තේ Isira සොයුරා ගේ පෝස්ට් එකෙන්. ඔහු සෑහෙන්න මට උදව් කලා . ඒ වගේම අලුතින් හඳුනාගත් මිතුරිය Neomi ත් බොහෝ දේවල් කියලා දුන්නා සහ තවමත් කියලා දෙනවා.
මම ගොඩක් දේවල් අහන්න කතා කලේ Nilupul ට .
අපේ පරණ යාලුවෙක් . ඔයාලා හැමෝටම ස්තූතියි 🙏



අපි family එකම එකට ආවේ.
Two kids of 6&8 y.
ඒ නිසා මම සැලකිලිමත් වුණ දේවල් ගැනත් ලියන්නම්.



1 .මම direct flight book කලේ නැහැ.
එකක් හතරදෙනාට ඒ දවස් වල ටිකට්ස් මිල සෑහෙන්න වැඩී . ඒක දරාගන්න පහසු නැහැ .
2.අපි හතරදෙනාගෙම පළමු ගුවන් ගමන නිසා ළමයින්ට එකදිගට අපහසුද / පහසුද කියලා අවබෝධයක් ද නැහැ.
3.මඟදී සහ singapore – changi airport transit එකේ කන්න hand luggages වල පුරුදු බිස්කට් විතරයි අරගෙන ආවේ.
4.අපි මෙල්බන් වලින් උතුරු පැත්තට කිමී එකසිය අනූවක් වගේ දුර යන නිසා මෙල්බන් වලින් උදේක බහින්න පුලුවන් flight එකක් තමයි බුක් කලේ.
හේතුව රෑ බැහැලා melbourne නවතින්න /කෑමට වියදම් යන නිසාත්
පළමු ගමන නිසා රෑ බැහැලා අපි ගිය පැත්තට taxi එකක වුණත් යන්න අපිට වැඩි කැමැත්තක් තිබුණේ නැහැ .
5.මුලින්ම vline train එකක melbourne සිට යන්න අපි හිතුවත් මේ දවස් වල railway construction එකක් නිසා මඟ station එකකට ඇවිත් coach එකක එන්න වෙන්නේ කියලා website සහ fb page එකේ update කරලා තිබුණ.
පළවෙනි වතාව නිසා ඒක කරදර වෙයි කියලා ලංකාවේ ඉඳන්ම අපිට city council එකෙන් ලබා දුන් community connector ට කියලා 13cabs වලින් cab එකක් බුක් කලා.
(අපේ location එකට ඇවිත් aud වලින් payment කලේ.)

අපි මෙහෙ ඇවිත් කාලයේ වෙනසට එහෙම හුරු වෙමින් ඉන්නවා .
නින්ද තමයි තාම අවුල්. වෙන නම් කිසිම අවුලක් නැහැ. අපි ආවේ 482 visa එකෙන් .ඉන්නේ shepperton කියන regional city එකේ.
අපි ලංකාවේ හිටියෙත් isolate වෙලා වගේම විවිධ ප්‍රදේශ වල ජීවත් වූ නිසා එහෙන් ආවා කියලා වෙන අවුලක් දැනෙන්නෙත් නැහැ.



දරුවන් පාසැල් දාන්න පාසැල බලන්නත් ගිහින් ආවා.
ඒවා ගැනත් ඉස්සරහට ලියන්නම්කො.

කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මේ විස්තර ලීවේ.
තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න ලැබෙන්න කියලා හැමෝටම සුභ පතනවා. ජය වේවා ✌️

එන්න හිතන් ඉන්න අයට ආසා හිතෙන්න , අපි ඉන්න ගෙදර හරියේ පින්තූර ටිකකුත් දානවා.

Ronithi Sardhathilake

Living in a Australian regional City

වික්ටෝරියා ප්‍රාන්තයේ shepparton කියන regional city එකට අපි ආ හැටි මම කලින් විස්තරයක් ගෙනාවා.

ගොඩක් දෙනා merto cities ගැන දන්නවා වුණත් ජීවත් වෙන්න සුදුසු regional cities ගැන දැනගන්නේ හරිම අඩුවෙන් .
ඒ නිසාම මම හිතුවා මෙහෙ ගැන ලියන්න .

වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන නගර අතර හය වෙනියට ජනගහනය වැඩි city එක විදියට දත්ත වල ඇතුලත් වෙන්නේ shepparton city එකයි.
මේක regional city එකක්.
Goulburn river එක shepparton නගරයේ කෙළවරින් ගලාගෙන යන නිසාත් සංචාරක ආකර්ෂණය දිනාගත් නගරයක් විදියට මෙය ප්‍රසිද්ධයි.
පළතුරු වර්ග , එළවළු , cereals සහ කිරි නිශ්පාදනය සම්බන්ධයෙන් මෙහේ ප්‍රසිද්ධ නිසා,
food bowl in australia කියන නමත් ලැබී තියෙනවා .
මෙල්බන් සිට උතුරු පැත්තට වෙන්න ආසන්නව කි.මී 180 ක් දුරින් shepparton city පිහිටා තියෙනවා .

Skill migration කරන අයට shepparton කියන්නේ වඩාත් හොඳ ප්‍රදේශයක් කියලා කියන්න පුළුවන් . විශේෂයෙන් ම Goulburn valley health hospital එකට ලංකාවෙන් වෛද්‍ය වෘත්තීයට එන අයට වඩාත් හොඳ පහසුකම් ලැබෙනවා. (Hospital එකේ website එකට ගිහින් vacancies බලන්න HMO / Registrar vacancies තියෙනවා .)

රටකට ගිහින් ඉන්න තැනක් හොයාගන්න එක ලොකුම ගැටලුවක් නෙ .ඉතින් මුල්ම කාලයේ ( මාස1-3 ) hospital එකෙන් accomodation ලැබෙන එකම ලොකු පහසුවක්.

ඒ වගේම Greater shepparton city council එක මඟින් free community connector program එකක් පවත්වනවා. City council එක මඟින් ලබාදෙන community connector හරහා අපිට මූලිකවම දේවල් වලට සහාය ලබාගන්න පුළුවන් . ඒ ගැන මම වෙනමම ලියන්නම්.

State Primary schools / secondary collages / catholic schools / Grammar school මේ හැම පාසැලක්ම මෙහෙ තියෙනවා . Skill migrate කරන අයට තමන්ට කැමති විදියට දරුවන් ඇතුලත් කරන්න අවස්ථාව තියෙනවා . (Grammar school එකට නම් කලින් අයදුම් කරන්න ඕන. )

මෙහෙ තියෙන හොඳ වගේම අවාසි ගැනත් කියන්නම්.
Indian/ Chinese shops තිබ්බට ලංකාවේ grocery shop එකක් නැහැ. නමුත් කුළුබඩු සහ වෙනත් දේවල් ගන්න shops තියෙනවා .
ලංකාවේ කඩයකට යන්නම ඕන නම් මාස 2/3 කට වරක් මෙල්බන් ගිහින් එන්න පුළුවන් .
Melbourne වලට public transport / private vehicle එකක පැය 2 න් යන්න පුළුවන් .

ඒ වගේම පහුගිය අවුරුද්දේ goluburn river එකේ ගංවතුරක් ආ නිසා ගඟ පැත්තේ ගෙවල් වලින් ගොඩක් අය අයින් වෙලා වතුර ගලන්නේ නැති පැත්තේ rental charges ඉහළ ගිහින් වගේම ගෙවල් සොයාගැනීම ටිකක් විතර අපහසුයි.

මුලු ඔස්ට්‍රේලියාවේම මේ දවස් වල rental crisis එකක් තියෙන නිසා පවුලම එකපාරම එනවා නම් ගොඩක් හිතන්න. Accomodation නැත්නම් main applicant ඇවිත් settle වෙලා අනික් අය එනවා නම් වඩාත් හොඳයි .

ආයෙමත් ලියන්නම්….

Ronithi

මගේ comment එක

නියමයි. නංගි දිගටම ලියන්න.
මන් මේක මගේ blog එකට copy කරනවා.

Regional area වල ලංකාවේ shops අඩුයි තමයි, ඒත් දැන් regional and metro public transport එකම ගාන නිසා
වෙනසකට එක්ක Melbourne ඇවිත් බඩු අරන් යන්න පුළුවන්
Craigieburn වගේම Broadmeadows වලින් Sri Lankan shops වලට ලේසියෙන් access තියෙනවා