English accent with volunteer opportunity

මම ඔසී ආ ගමන් volunteer opportunity එකක් ගත්තේ මෙහෙ english accent හදාගන්න කියලා කීපවරක්ම ලියලා තියෙනවා .
ඒක ප්‍රායෝගිකව හරිම සාර්ථකයි.

ඒ අතරේ මට full time job opportunity එකකටත් අවස්ථාව ලැබුණ නමුත් දැනට මට එහෙම කරන්න බලාපොරොත්තුවක් නැති නිසා මම
ඒ අවස්ථාව ගත්තේ නැහැ.
රැකියාවක් ඉක්මනින් ලබාගන්නත් volunteering කියන්නේ මෙහෙ වඩාත් හොඳ අවස්ථාවක්.

ලංකාවෙන් එන්න කලින් australia english accent හදාගන්න කියලා විශේෂ පන්ති හෝ පාඨමාලා නම් කරන්න එපා. එහෙම ඒවාට රැවටෙන්නත් එපා. දරුවන් ට වුණත් .
මොකද ඔස්ට්‍රේලියා ආවම ඔසී අය එක්ක කතා කලාම ඔසී අය කියන දේවල් කණට ඇහුණාම තමයි ඒ උච්ඡාරනයන් හුරු කරගන්න පහසුම.

දරුවන් අපිටත් වඩා ඉක්මනින් accent එක අල්ලා ගන්නවා. දවස් පහක් පැය හය හමාර ගානේ පාසැලේ ඉන්නකොට සති දෙකෙන් ඔවුන් නිකම්ම හුරු වෙනවා.

ඒ වගේම පාසැල් ගුරුවරුන් හරිම supportive නිසා දරුවන් ගේ ඉංග්‍රීසි මට්ටම ගැන ලංකාවෙන් එන්න කලින් වද වෙන්න ඕන නැහැ. (මෙහෙම කියන මගෙ දරුවන් ලංකාවේ ගමේ ප්‍රාථමික පාසැලට ගිය අය අපි ඇවිත් හරියටම මාස 3 යි. ගුරුතුමිය එක්ක මම ඊයේ කතා කලා. ඔවුන් කිසිම ගැටලුවක් නොමැතිව වැඩ කරගෙන යන බව ගුරුතුමිය මට කීවා.)

කාටහරි මෙහෙ ඇවිත් ඉක්මනින් english accent එක හුරු කරගන්න හොඳම ක්‍රමය විදියට මම දකින්නේ volunteer opportunity එක . ඒ වගේම මුල් දවස් වල මම විවිධ courses or jobs වලට online inquiry කලාම ඒ ආයතන වලින් call back කරනවා.
ඒ කෝල් එකක් විනාඩි 15 ක් විතර තියෙනවා .
ඒකෙනුත් accent එක අල්ල ගන්න පුළුවන් .

ආයෙමත් ලියන්නම් …
#Ronithi