Temporary Skill Shortage visa (subclass 482)

#482visa

අපි ඔස්ට්‍රේලියාවට ආවේ TSS 482 වීසා එකෙන් කියලා කලින් කීපවරක්ම කියලා තියෙන නිසා මොකද්ද 482 visa එක කියලා ගොඩක් අය අහලා තිබුණා.

මේ ගැන නිවැරදිම තොරතුරු දැනගන්න පුළුවන් ලින්ක් එක පහළින් අමුණලා තියෙනවා . ඒකට ගිහින් බලන්න .

https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/temporary-skill-shortage-482

Temporary Skill Shortage visa (subclass 482)

මෙතනදී,
ඔස්ට්‍රේලියාවේ sponsor කෙනෙක් ඉන්න ඕන.
ඒ වගේම අදාල වෘත්තීයේ සේවක හිඟයක් තියෙන්නත් ඕන.
ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් අවශ්‍යතා සපුරා තියෙන්නත් ඕන. 482 visa එකේදී main applicant ට මෙය මූලිකවම තිබ්බාම ප්‍රමාණවත් .

මේ වීසා එක pr එකට යන path එකක් නිසා spouse ට පසුව සම්පූර්ණ කරගන්න ඕන දේවල් තියෙන්න පුළුවන් . ඒ ගැන සොයා බලන්න.

Skill assessment එක සමහර වෘත්තීන්ට අවශ්‍ය වෙනවා.
ඒක කරන ආයතනය එකිනෙකා ගේ වෘත්තීය අනුව වෙනස් වෙනවා.
මීට අමතරව වෘත්තීයට අදාල registration සම්පූර්ණ කරන්න තියෙනවා .
ඔය දේවල් සම්පූර්ණ කලාම interview එකකින් පස්සේ sponsorship එක ලැබෙනවා. ඒක වසර 2 ට හෝ 4 ට වෙන්න පුළුවන් .

Main applicant , spouse , දරුවන් ඉන්නවා නම් ඒ අයටත් එකවරම මේ වීසා එක ලැබෙනවා.

ඒකට main applicant නිවැරදිව apply කරන්න ඕන.

සාමාන්‍යයෙන් 482 visa එකෙන් ආවාම තමන්ට පුරුදු skills තියෙන රැකියාවම continue කරන්න ලැබෙන නිසා රැකියාව සම්බන්ධයෙන් ලොකු අපහසුතා නැහැ.
අලුතින් රටට අනුගත වෙලා එහි වැඩ කෙරෙන විදියත් භාෂා විලාශයත් හුරු වුණාම ගැටලුවක් නැහැ.

අපි ඉන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ .
Pr සහ citizen තියෙන අයට වගේම stationery වලට ගෙවීමක් තමයි public schools වලට කරන්න තියෙන්නේ . මාසිකව හෝ වාරික විදියට ගෙවීම් නැහැ. ( 482 visa එකට වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ පාසැල් වල නොමිලේ ඉගෙනුම් අවස්ථා ලැබෙනවා කීවත් හරි. මෙහෙ පුරවැසිභාවය තියෙන අයට වගේමයි. කිසිම වෙනසක් නැහැ.)

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මේ දේවල් වෙනස්. ඒවා ගැන කියන්න මම දන්නෙ නැහැ.

පාසැල් නොයන වයසේ childcare දාන දරුවන්ට නම් ගෙවීමට අවශ්‍යයි. සාමාන්‍යයෙන් දවසකට 120-200 aud වගේ ගාණක් යනවා. මේකත් city එක state එක අනුව වෙනස්.

නමුත් 482 visa එකට Medicare එක ලැබෙන්නේ නැති නිසා private medical insurance coverage එකක් දාන්න ඕන.
සාමාජික සංඛ්‍යාව සහ තෝරාගන්නා වරප්‍රසාද අනුව එහි මාසික ගාස්තුව වෙනස්.

දැනට මතක් වුණ කරුණු ටික සටහන් කලා. ආයෙම කොටසක් ලියන්නම්.

Copied Form
#Ronithi #australia