Bernina Express

යුරෝපයේ ඇවිදින හැමෝගෙම හීනයක් තමයි ස්වි්ටර්ලන්තයේ තියෙන කඳු අතරින් යන කෝච්චි ගමනක් යන එක ඒ දෙකේ විශේෂ ගමන් දෙකක් තමයි Bernina express සහ Glacier express කියන කෝච්චි ගමන් දෙක අපි මේ පාර ගියෙ Bernina Express train එකේ, අපි ඒ යනකොට ලංකාවේ දෙමෝදර රේල් ගැටේ වගේ තැන් කිහිපයක් පහු කරනවා වගේම ආරුක්කු පාලම් කිහිපයක් පහු කරනවා. අපේ ගමන පටන් ගත්තේ ස්වි්ටර්ලන්තයේ චූර් කියන ස්ටේෂන් එකේන් අපි මේ ගමන ඉතාලියේ ටිරානෝ කියන නගරයට යන යනවා. මේකේ සම්පූර්ණ ගමන් කාලය පැය හතරක් හතරහමාරක් වගේ වෙනවා ඒ වගේම විශේෂයක් වන්නේ මේ කෝච්චි පාර UNESCO world heritage list එකේ තියෙන කෝච්චි පාරක්.

මේ බර්නිනා එක්ප්‍රස් කෝච්චිය operate වෙන්නේ Swiss වල තියෙන ලොකුම private transport company එක වෙන රියුෂන් රෙල්වේ( Rhaetian Railway) එකෙන් ඒ වගේම මේ ගමනේදී අපි ටනල් 55 කිනුත් පාලම් 196 කිනුත් යනවා Swiss pass එකෙන් මේකේ යන්න පුළුවන් උනත් වෙනම ගෙවලා seat reservations එකක් කරන්න ඕනා මොකද මේ කොච්චි වල සීට් ගානට විතරයි යන්න පුළුවන් අපි මේකේ chur ඉඳලා Tirano ගියේ අපිට seat reservations එකට €28 per person ගියා. Swiss pass එක නැතුව යනවා නම් second class one way ticket එකක් €63 ක් වෙනවා. First class එකක් €111 දැනට තියෙන ගණන් අනුව. අපි මේකේ ඉහළම ඉස්ථනයට යනකොට මුහුදු මට්ටමින් මීටර 2,253 උසකින් තමයි යන්නේ. මේක යන කොච්චි පාර narrow-gauge එහෙම නැති නම් මිටර් එකක් පළල කොච්චි පාරක් මේ වගේ metre gauge  කොච්චි පාරවල් තමයි ස්විස්ර්ටලන්තයේ කදුකර මාර්ගවල තියෙන්නේ මේවා සහ standard gauge දෙකම තියෙන අතර මැද දුම්රිය ස්ථාන තියෙනවා ස්විස්ර්ටලන්තයේ අපි මේ කොච්චියට නැගපු Chur railway station එක මේ වගේ track ජාති දෙකම තියෙන එකක්. Swiss Federal Railways (SBB CFF FFS) වගේ ඒවා යන  standard-gauge ප්‍රදාන පාර  සුරිච් ඉදලා එනවා අපි යන මේ Rhaetian Railway (RhB) එකේ  metre-gauge  එක වෙනම වේදිකා තියෙනවා.ආපු මේ යන Bernina line එක වෝල්ට් 1000 DC වලින්. ක්‍රියාත්මක වෙන එකක්.

මේකේ අපි යන කොච්චි පෙට්ටි panaroma පෙට්ටි යන අය යන්නේ වටපිට බලන්න නිසා හොඳ view එකක් දෙන්න එහෙම පෙට්ටි හදලා තියෙනවා.

අපි මේකේ යනකොට පහුකරණ  Brusio spiral viaduct එකේ යන ගමන හරිම ලස්සනයි පිටිපස්සේ පෙට්ටියක ඉන්නවා නම් මුළු කෝච්චියම අපිට බcලා ගන්න පුළුවන් ඒ වගේම මේ කොච්චි පාර තමයි ලෝකේ ඉස්සෙල්ලම Google Street View එකට එකතු කරපු කොච්චි පාර..ඉතින් ඔයාලට කවදා හරි මේකේ යන්න ලැබෙන්න කියලා මං පාර්ථනා කරනවා.

අපි ඉතින් පොඩි video එකකුත් කළා යන ගමන් Bernina Express Train Ride video on Under One Roof YouTube channel