Vienna (Wien) Capital of Austria

අවුරුදු ගානක්ම Most liveble City එක දිනා ගත්තු මෙල්බන් ඉඳලා අපි අද ආවේ 2023 වල most livable citie එක දිනා ගත්තු Vienna වලට ඒ කියන්නේ ඔස්ට්‍රියාවේ අගනගරයට එයාලා කියන්නේ Wien කියලා. Wien වලට සංගීත නගරය (City of Music) කියලත් කියනවා එකට හේතුව ලෝක ප්‍රසිද්ධ බීතෝවෙන් (Beethoven and Mozart) සහ මෝසාත් කියන සංගීතඥයන් දෙදෙනාගේ නිවහන උනේ මේ විඑන් ඒ වගේම හීන නගරය (City of Dream) කියලා මේකට කියන්නේ ලෝක ප්‍රසිද්ධ සිග්මන් ෆ්‍රොයිඩ් (Sigmund Freud) ගේ එහෙම නැතිනම් psychoanalysis හොයා ගත්තු කෙනාගේ නිවහන උන නිසා.

වියානා වල වැදගත් ගිවිසුම් කිහිපයක් අත්සන් කරනවා ඉන් එකක් තමයි. වියානා කොංග්‍රසය (The Congress of Vienna) නැපෝලියන් අධිරාජ්‍යාගේපරාජයෙන් පසුව යුරෝපා රාජ්‍ය අතර ඇතිකරගත් මෙම ගිවිසුම මගින් සියවසක පමණ කාලයක් පුරාවට යුරෝපයෙහි සාමකාමී පරිසරයක් ඇති කිරීමට අඩිතාලම යොදනු ලැබුවා. වර්තමාන ඉතිහාසඥයන් ප්‍රතිගාමී ගිවිසුමක් ලේස හැඳින්වුවත් සාමකාමී කාලයක් යුරෝපයට උදා කිරීම පිළිබඳව ඊට ගෞරවය හිමිවිය යුතු බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ අදහසයි. මෙම ගිවිසුමේ ප්‍රධාන විශේෂත්වයක් වූයේ පරාජයට පත් වූ ප්‍රංශය පවා එහි කොටස් කාරයකු බවට පත්කර ගැනීමයි.

අනික තමයි ලෝකයේ එතෙක් මෙතෙක් එළෑඹි ජාත්‍යන්තර පාරිසරික සම්මුතීන් සහ එකඟතාවන් අතරින් සාර්ථකම එකඟතාවක් ලෙස ඕසෝන් ස්ථරය රැකගැනීමේ සම්මුතිය. (Vienna Convention for the Protection of the Ozone Layer) පෘථිවි ගෝලය මත වසන සියළු ජීවින් අහිතකර කිරණ සහ තාපයෙන් ආරක්ෂා කරන ඕසෝන් වියන් ස්ථරය 70 සහ 80 දශකය වන විට මිනිස් ක්‍රියාකරකම් නිසා විමෝචනය වන ඕසෝන් හායනික වායුන් නිසා දැඩි ලෙස හායනයට ලක්වෙමින් ඇන්ටාර්ක්ටිකාවට ඉහල අහස් ස්ථරය සිදුරු කරමින් ප්‍රසාරණය වෙමින් පැවතියා. 1985 වර්ශයේ මාර්තු 22 දින රටවල් 22 සහභාගීත්වයෙන් වියනා සම්මුතිය අත්සන් තැබීමෙන් ඕසෝන් වියන රැකගැනීම සඳහා මුල් පියවර තැබෙනවා. ඒ අනුව යමින් 1987 වර්ශයේදි එළැඹී මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය මඟින් ඕසොන් හරන වායුන් භාවිතය තහනම් කරමින් නැවත ස්ථරය ප්‍රකෘති කිරීමට එකඟතාවය පලකිරීමත් සමඟම වර්තමානය වෙද්දි ඕසෝන් වියන නැවත ප්‍රකෘතියට එලඹෙමින් පවතිනවා.

අපි Austria ආවේ දිගටම ඉන්න නම් නෙවෙයි. යුරෝපයේ සංචාරයේ කොටසක් විදිහට. Vienna වල හැම දේම හොඳ ලස්සන ඉන්න හිතෙන නගරයක්. Vienna වල ඉඳන් අපිට Europe වල බොහෝ රටවලට කෝච්චියේ යන්න පුළුවන්
ඒවගේම ගුවනින් යන්න උනත් ලාබයි. Austrian QBB දුමිරිය සේවය වටේ රටවලට පවා දුම්රිය සේවා පවත්වාගෙන යනවා.
යුරෝපයේ අනිත් නගර එක්ක බලන කොට බඩු නම් ටිකක් ගණන් වැඩි. මෙල්බන් ඉගෙන ගන්න එනවාට වඩා අඩු වියදමකින් සහ ලේසියෙන් Austria වගේ රටක ඉගෙන ගන්න එන්න පුළුවන්.
අනික German language එක ඉගෙන ගත්තු කෙනෙක්ට Austria Swiss German රටවල් තුනෙන්ම ජොබ් කරන්න පුළුවන්.

Work right for Europe studies visa

🇪🇺යුරෝපයට අධ්‍යාපනයට පැමිණෙන අයට වැඩ කිරීමට ලැබෙන විදිය

Austria 🇦🇹- සතියකට පැය 20 ක රැකියාවක් සඳහා අවසර ඇත.

Belgium 🇧🇪 – සතියකට පැය 20 ක රැකියාවක් සඳහා අවසර ඇත.

Czech Republic 🇨🇿- ඔබේ අධ්‍යයන කාලය තුළ වැඩ කිරීමට ඔබට අවසර ඇත.

Denmark 🇩🇰 – ඩෙන්මාර්කයේ වැඩ කිරීමට ඔබට අවසර පත්‍රයක් අවශ්‍යය. යුරෝපා සංගම් නොවන පුරවැසියන්ට ඩෙන්මාර්කයේ සතියකට පැය 20 ක් සහ ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල පූර්ණ කාලීනව සේවය කළ හැකිය. … කෙසේ වෙතත්, මේ සඳහා ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ වැඩ බලපත්ර ස්ටිකරයක් අවශ්‍ය වේ.

Estonia 🇪🇪 – ඔබට ශිෂ්‍යයෙකු ලෙස නේවාසික බලපත්‍රයක් ලබා දී ඇත්නම්, ඔබේ රැකියාව ඔබේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන කොන්දේසියක් මත ඔබට වැඩ බලපත්රයක් නොමැතිව පුර්නකාලින වැඩ කළ හැකිය.

Finland 🇫🇮 – ඔබට අර්ධ කාලීනව උපරිම වශයෙන් සතියකට පැය 25 ක් වැඩ කළ හැකිය. නිවාඩු කාලය තුළ වැඩ කරන පැය ගණනට මෙම සීමාව අදාළ නොවේ.

France 🇫🇷 – ඔබට ප්‍රංශයේ පදිංචි වීමට සුදුසුකම් ඇති දිගුකාලීන ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ඔබ සතුව තිබේ නම්, මෙය වසරකට පැය 964 (එනම් පූර්ණ කාලීන රැකියාවෙන් 60%) නොඉක්මවන නම්, ඔබට වැඩ බලපත්රයක් නොමැතිව සේවකයෙකු ලෙස වැඩ කළ හැකිය.
වාර්ෂික උපරිම පැය සීමාවට අනුකූල නොවීම ඔබේ පදිංචිය සඳහා බලපත්‍රය ඉල්ලා අස්කර ගැනීමට හේතු වේ.

Germany 🇩🇪 – දින 120 ක් හෝ half day දින 240 ක් දක්වා සේවයේ නියුක්ත වීමට නීතියෙන් අවසර ඇත.

Greece 🇬🇷 – වසරකට දින 120 හෝ half day දින 240ක් දක්වා සේවයේ නියුක්ත වීමට නීතියෙන් අවසර ඇත.

Hungary 🇭🇺- අධ්‍යයන කටයුතු කරගෙන යාමේ පදනම මත ඔබට පදිංචිය සඳහා බලපත්‍රයක් තිබේ නම්, කාලීන කාල සීමාව තුළ ඔබට සතියකට පැය 24 ක් වැඩ කළ හැකි අතර කාලීන කාල සීමාවෙන් ඔබ්බට උපරිම වශයෙන් දින 90 ක් හෝ වසරකට වැඩ කරන දින 66 ක් වැඩ කළ හැකිය. එවැනි තත්වයන් තුළ, ඔබේ පූර්ණ කාලීන අධ්‍යයන කාලය සඳහා වැඩ බලපත්රයක් අවශ්ය නොවේ.

Iceland 🇮🇸 – සියලුම ජාත්‍යන්තර සිසුන්ට ඉගෙන ගන්නා අතරතුර වැඩ කිරීමට අවසර නැත. වලංගු සංක්‍රමණ stamp 2 අවසරයක් ඇති ජාත්‍යන්තරකරණ ලේඛනයේ සිසුන්ට සතියකට පැය 40 ක් වැඩ කිරීමට අවසර දෙනු ලබන්නේ ජුනි, ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල සහ දෙසැම්බර් 15 සිට ජනවාරි 15 දක්වා කාලය තුළ පමණි. අනෙක් සෑම අවස්ථාවකදීම ආගමන අවසර පත්‍රය දරන සිසුන් සතියකට පැය 20 ක් වැඩ කිරීමට සීමා වේ.

Italy 🇮🇹 – ඔබට සතියකට පැය 20 ක් වැඩ කිරීමට අවසර ඇති අතර සති 52 ක් තුළ වැඩ කරන කාලය 1040 කි.

Ireland 🇮🇪- ඔබ EU නොවන ශිෂ්‍යයෙක් නම්
අයර්ලන්තයේදී සතියකට පැය 20ක් දක්වා සහ නිවාඩු කාලවලදී සතියකට පැය 40ක් දක්වා වැඩ කිරීමට ඔබට හිමිකම් ඇත.

Latvia 🇱🇻 – සතියකට පැය 20 ක රැකියාවක් සඳහා අවසර ඇත.

Lithuania 🇱🇹- අධ්‍යාපන ආයතන හෝ විද්‍යා හා තාක්ෂණ ආයතන විසින් නියම කර ඇති ගිම්හාන නිවාඩු කාලය හැරුණු විට සතියකට පැය 20 ක් දක්වා වැඩ කිරීමට ඔබට අයිතියක් ඇත. ආචාර්ය උපාධි හදාරන විදේශිකයන්ට මෙම සේවා කාල සීමාව අදාළ නොවේ.

Luxembourg 🇱🇺- ඔබ ශාස්ත්‍රපති උපාධියක් හෝ ආචාර්ය උපාධියක් හදාරන්නේ නම් හෝ ඔබ උපාධිය පිළිබඳ පළමු අධ්‍යයන වාරය අවසන් කර ඇත්නම්, කාලීන කාල සීමාව තුළ සතියකට උපරිම වශයෙන් පැය 10 ක් වැඩ කිරීමට ඔබට අවසර ලැබේ.

මෙම සීමාව උසස් අධ්‍යාපන ආයතනයක පර්යේෂණ සිදුකරන ආචාර්ය උපාධිධාරීන්ට හෝ ලක්සම්බර්ග් විශ්ව විද්‍යාලයේ කොන්ත්‍රාත් සමඟ සහායකයින්ට අදාළ නොවේ.

ඔබ උපාධියක් හෝ BTS උපාධියක් හදාරන්නේ නම්, ඔබට පළමු වාර දෙක තුළ වැඩ කළ නොහැක. මෙම කාල පරිච්ඡේදයෙන් පසුව, සතියකට පැය දහයක සීමාව අදාළ වේ.

ශිෂ්ය නිවාඩු කාලය තුළ, ඔබට සතියකට උපරිම පැය 40 ක් වැඩ කළ හැකිය.

Malta 🇲🇹 – පදිංචිව සිට වසරකට පසු සතියකට උපරිම වශයෙන් පැය දහයක් වැඩ කිරීමට ඔබට අවසර ඇත,

Netherlands 🇳🇱 – ඔබ ශිෂ්‍යයෙකු ලෙස නේවාසික බලපත්‍රයක් දරන්නේ නම්, ඔබට නෙදර්ලන්තයේ වැඩ කිරීමට අවසර ලැබෙන්නේ ඔබේ සේවායෝජකයාට වැඩ බලපත්රයක් තිබේ නම් පමණි (twv). ඔබේ සේවායෝජකයා යූඩබ්ලිව්වී හි මෙම වැඩ බලපත්රය සඳහා ඉල්ලුම් කළ යුතුය.

ඊට අමතරව, ඔබට වැඩ කිරීමට අවසර ඇත්තේ සතියකට උපරිම පැය 10 ක් පමණි. සතියකට මෙම පැය 10 වෙනුවට, ඔබට ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල සෘතුමය ශ්‍රමයක් ද කළ හැකිය. අවස්ථා දෙකේදීම සේවායෝජකයාට ද්විත්වයක් තිබිය යුතුය.

සීමාවාසික පුහුණුව ඔබේ අධ්‍යයන වැඩසටහනේ අනිවාර්ය අංගයක් නම්, ඔබේ සේවායෝජකයාට ද්විත්වයක් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට, ඔබ, ඔබේ සේවායෝජකයා සහ ඔබේ අධ්‍යාපන ආයතනය සීමාවාසික ගිවිසුමක් ඇති කර අත්සන් කළ යුතුය.

Poland 🇵🇱- මෙම බලපත්‍රය ලබා ගැනීමෙන් පසු, විදේශිකයෙකුට වැඩ බලපත්රයක් නොමැතිව පෝලන්තයේ වැඩ කළ හැකිය. තාවකාලික පදිංචිය සඳහා වන බලපත්‍රයට අදාළව නිකුත් කරන ලද නේවාසික කාඩ්පතට “ශ්‍රම වෙළඳපොළට ප්‍රවේශය” යන සටහනක් ඇතුළත් වේ.

Portugal 🇵🇹- ඔබට අධ්‍යාපන වේලාවෙන් පසු වැඩ කිරීමට අවසර ඇති අතර ඔබට රැකියා කොන්ත්‍රාත්තුවක් ඇති බවත් ඔබ සමාජ ආරක්ෂණ කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවත් SEF හි පූර්ව අවසරය ඇතිව ලබා දී ඇත.
නුපුහුණු අභ්‍යාසලාභීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට ඔවුන්ගේ නේවාසික බලපත්‍රය සමඟ වැඩ කිරීමට අවසර නැත.

Spain 🇪🇸 – ඔබේ සේවායෝජකයා වැඩ බලපත්රයක් සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් සහ අදාළ සියලු අවශ්යතා සපුරා ඇත්නම් ඔබේ අධ්යයන කාලය තුළ වැඩ කිරීමට ඔබට අවසර ලැබේ.
ක්‍රියාකාරකම් ඔබගේ අධ්‍යයන සමඟ අනුකූල විය යුතු අතර වැටුප ඔබේ යැපීමට හෝ ජීවත්වීමට අවශ්‍ය සම්පතක් නොවිය යුතුය.
ඔබ පූර්ණ කාලීනව වැඩ කරන්නේ නම්, වැඩකරන කාලය කැලැන්ඩර වර්ෂයකට මාස තුනක් නොඉක්මවිය යුතුය.

Sweden 🇸🇪- ඔබ විශ්ව විද්‍යාලයකට / විද්‍යාලයකට ඇතුළත් වී ඇත්නම්, ඔබේ ශිෂ්‍ය පදිංචිය සඳහා වන බලපත්‍රය වලංගු වන තාක් ඔබට වැඩ බලපත්‍රයක් අවශ්‍ය නොවේ.
ඔබ උසස් ද්විතීයික පාසලකට / ජන උසස් පාසලකට ඇතුළත් කර ඇත්නම් ඔබට වැඩ බලපත්‍රයක් නොමැතිව වැඩ කළ නොහැක.

Switzerland 🇨🇭- ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යයන වාරය තුළ සතියකට පැය 15ක් දක්වා අර්ධකාලීන රැකියාවක් කළ හැකි අතර නිවාඩු දිනවල ඔවුන්ට පූර්ණ කාලීනව වැඩ කළ හැකිය. නමුත් EU/EFTA නොවන සිසුන් සඳහා පොඩි කොන්දේසියක් තිබේ , ඔවුන්ට වැඩ ආරම්භ කළ හැක්කේ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ වී මාස 6කට පසුවය.

Norway 🇳🇴 – ඔබට මාස තුනකට වඩා වැඩි කාලයක් නෝර්වේහි ඉගෙනීමට හෝ පාසලට යාමට අවශ්‍ය නම්, ඔබ අධ්‍යයන බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතුය. ඔබට අධ්‍යයන බලපත්‍රයක් ලබා දෙන්නේ නම්, ඔබ ඉගෙන ගන්නා අතරතුර සතියකට පැය 20 ක් සහ නිවාඩු කාලය තුළ පූර්ණ කාලීනව වැඩ කිරීමට ඔබට හැකි වේ.

ඔබ ඉන්න රටේ වෙනස් කම් තියනවනම් යටින් කමෙන්ට් එකක් දාන්න.

Shone Waik

Ideas for job finding

Australia ආපු හුග දෙනෙක් part time jobs ගැන අහලා messages ගොඩක් එනවා. මම ඉන්නේ Australia වල නොවෙන නිසා ගොඩක් අයට උදව් කරන්න අමාරු වුනත් career coach කෙනෙක් විදියට පොඩි ideas කීපයක් දෙන්නම්. This is for student visa holders who are looking for a part time job.

ඔයාගෙ cv එක මුලින්ම හදා ගන්න එක පිටුවකට හෝ maximum දෙකකට, පහුගිය අවුරුදු පහත් 10 අතර experience, qualifications විතරක් ඇතුලත්ව. ඕනෑම වෙලාවක එඩිට් කරන්න පුළුවන් සහ ලේසි විදිකට ඒක තියා ගන්න. ATS හරහා application එක initially check වෙන නිසා ඒ ගැන දැනුවත් වෙන එක බොහොම වැදගත්. “APPLICATIOB FOR A SUITABLE POST” කියලා නම් කොතනක වත් සදහන් කරන්න එපා.

ඔයාගෙ ෆීල්ඩ් එකට අදාල ජොබ්ස් තියන කම්පනීස් වල ප්‍රොෆයිල්ස් Linkedin එකේ ෆලෝ කරන්න, glassdoor, Seek, indeed වගෙත් හොදයි. Notifications on කරලා තියා ගන්න ඒ profiles වල.

වේකන්සීස් දැම්මම ඒවයෙ ඉල්ලලා තියන skills qualifications ඔයාට තියනවා නම්, ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා ඒවා මැච් වෙනවා නම් ඒ විදිහටම copy paste කරන්න ඔයාගෙ cv එකට, ඒකයි එඩිට් කරන්න පහසු විදිහට තියා ගන්න කිව්වෙ. ඔයා ආස ජොබ්ස් තියනවා නම් ඒවයෙ ඉල්ලලා තියන skills, job description වලට ඔයාගෙ profile එක මැච් වෙන්නෙ නැත්නම් ස්කිල්ස්, qualifications හදා ගන්න try කරන්න.

ජොබ්ස් වලට අප්ලයි කරද්දි experience, qualifications match වෙන ඒවා ඔක්කොටම අප්ලයි කරන්න. ඒ වගෙම ඒ ජොබ්ස් පබ්ලිෂ් කරන කම්පනි වෙබ් සයිට් එකෙනුත් අප්ලයි කරන්න පුළුවන්ද බලන්න ඒ වේකන්සියට, එහෙම පුළුවන් නම් ඒකෙන් අප්ලයි කරන්න.

ඇක්ටිව්ලි සතියකට ඇප්ලිකේෂන්ස් 30-40 වත් දාන්න, ජෝක් එකක් නෙවෙයි එහෙම කරන්න.

STAR Interview technique එක හොයලා ප්‍රැක්ටිස් කරලා තියා ගන්න. මේ ගැනත් මම පෝස්ට් එකක් ඉක්මනින් දාන්නම්.

සම්පූර්ණ විස්තර ඇතුලත් pages කිහිපයක cv එකක් හදලා තියා ගන්න. ඔයාගෙ cv එක තේරුනාට පස්සෙ විස්තරාත්මක එකක් යවන්න ඕන සහ පුළුවන් නිසා. ඒ වගෙම ඔයාගෙ certificates, service letters (if applicable), copy of passport, (copy of your immigration status, Aussi ඉන්න අය) additional certifications ඔක්කොම දාලා pdf එකක් හදලා ගන්න පහසු විදිහට සහ ඔයාගෙ email එකෙත් තියා ගන්න. ඔනෑම හදිසි අවස්ථාවක අප්ලෝඩ් කරන්න පුළුවන් විදිහට.

මේ professionally මට දෙන්න පුලුවන් කරුණු කීපයක්. ඒත් practically australia වල contacts through හුගක් දේවල් කරන්න පුලුවන්. ඒක නිසා පුලුවන් තරම් යාලුවෝ හදාගන්න. ඔයා society එකත් එක්ක move වෙන්න අකමැති කෙනෙක් නම් chances හුගක් මග හැරෙන්න පුලුවන්.

Job එකක් හම්බුනාම එක දිගට හරියට වැඩ කරන්න. අපි හුග දෙනෙක්ට හම්බෙන්නේ odd jobs මුලින්ම. කරන එක ලේසිනෑ. ඒත් අත අරින්න එපා. අපි හැමෝම අඩලා තියෙනවා. ගෙදර යන්න හිතිලා තියෙනවා. ඒත් ඒ හැම කට්ටක්ම හොද අඩිතාලමක් අනාගතේට.

මේ සම්බන්ධයෙන් මට වඩා ප්‍රවීණයෝ සෑහෙන්න මේ සමූහයේ ඉන්නවා. ඒ අයගේ articlesනුත් පොඩ්ඩක් කියවන්න. ඔබේ experience එකත් බෙදා ගන්න.

Thank you and Good luck everyone.

By Yasara Kothalawala

PhD Scholarship

PhD scholarship එකක් හොයාගන්නේ කොහොමද කියලා Inbox එකට msg කරලා අහන නිසා තමයි මේ පෝස්ට් එක. විශේශයෙනම මේක ලියන්නේ undergraduate degree එකට 1st class එකක් නැති අයට.

🌏Undergraduate 1st class එක්කක් තියෙනවා නම් graduate උනගමන්ම apply කරන්න. 1st class එකක් තිබුනත් වැඩක් නෑ අවුරුදු තුන හතරක් academic field එකේ හිටියේ නැත්නම් PhD scholarship එකක් හොයාගන්න අමාරුයි study gaps තියෙන නිසා.

🌏2nd upper/ හොද GPA එකක් තියෙන අයත් PhD එක්කට උත්සහ කරාට කමක් නෑ. පුලුවන්නම් Undergrad research එක publish කරන්න බලන්න. PhD එක්කට try කරන ගමන් Postgrad එකක් කරන්න පටන් ගන්න. මොකද අවුරුද්දක් දෙකක්PhD එක්කට try කරලා ආය Postgrad එකක් පටන් ගන්න හිතනකොට ඔයාගේ නැති උන කාලේ අපරාදේ

🔥🔥1st class එකක් නෑ කියලා PhD එකක් කරන්න ආසව නැති කරන්න එපා. Undergraduate subject repeat උනත් කමක් නෑ. 2nd upper or lower එකක්වත් නැතුව Just pass උනත් කමක් නෑ. ඒ මග ඇරුන දේවල් අමතක කරන්න. Undergraduate අදාලම නෑ Postgraduate එකක් හරියටම කරානම්.
ඇත්තටම සමහර වෙලාවට undergraduate හරියට කරන්නේ නැත්තේ ඇත්තටම subject එක බැරි නිසා නෙවෙයිනේ. වෙන බාහිර හේතු නිසා. සල්ලි ප්‍රශ්න, ලව් ප්‍රශ්න, බොන ප්‍රශ්න, කඩු ප්‍රශ්න ඇතුලු තවත් හේතු නිසා ගොඩක් හොද මීටර් තියෙන අය මෝටරේ නැතුව undergraduate අනා ගන්නවා. මේ කියන්නේ ඒ අයට . “O/L හරියට කරේ නෑ කියලා A/L හරියට පාස් උනත් medicine යන්න පුළුවන් වගේ තමයි”.

💥ගොඩක්ම හොද MPhil/Master by research එකක් කරන එක. එහෙම එකක් හොයාගන්න බැරිනම් Master by coursework එකක් හරි කමක් නෑ. සමහර Prof කැමති 1st class එකක් තියෙන ලමයෙක්ට වඩා MPhil එකක් තියෙන කෙනෙක් ගන්න. ඒක නිසා MPhil එකක් කරන්න බලන්න පුළුවන් නම්.
(RA කෙනෙක්ට දෙන්නේ 40000යි ඊට වඩා සික්කා පඩි ගන්නවා ඒක නිසා යන්නේ නෑ වගේ මන්ද මානසික විදියට හිතලා MPhil එකක් කරන එක අමතක කරන්න එපා. ඇත්තටම ඒ ගාන මදි තමයි. ඒත් ඔය ගාන හරි තමන්ගේ MPhil එක කරන ලමයට දෙන්න grant එක ගන්න ලංකාවේ Lecturer කෙනෙක් ලොකු මහන්සියක් ගන්නවා.)

💥Master එකේ research එක මේ වෙනකොට තමන්ගේ subject එකට අදාලා Internationally hot topic එකකින් කරන්න බලන්න. එතකොට PhD scholarship එකක් ගන්න ලේසියි ඒවට grant තියෙන නිසා. ලංකාවට හරි ලොකුයි වගේ පේන සමහර topic, research methods and technic ලෝකෙට සාපේක්ෂව ගල් යුගයේ දේවල්. ඒ නිසා තමන් කරන research topic එක ගැන අවබෝධයක් අරන් කරන්න. ඒත් කරන්න වෙන දෙයක්ම නැත්නම් තියෙන මොකක් හරි කමක් නෑ කරලා research experience එකක් හරි හදාගන්න.

💥Peer review indexing journal එක්ක පේපර් එකක් හරි අඩුම දාන්න. ලංකාවේ Journal එක්ක දානවට වඩා හොදයි impact factor එකක් තියෙන journal එක්කට දාන එක. Publication fee ලක්ශ තුන හතරක් ගෙවන්න නෑ කියලා ඒ වගේ ඒවට දාන එක නතර කරන්න එපා. Editor ට ඊමෙල් එකක් දාලා අහන්න publication fee එක නැති කරගන්න බලන්න. අපි වගේ LMIC අයට free publish කරන්න දෙන journal තියෙනවා. Open acess හරි close acess හරි impact factor එකක් තියෙන journal එක්ක publish කරන්න බලන්න.

💥Research එක ඉවර වෙනකම් ඉන්න එපා. තමන් කරන subject area එකෙන් Review පේපර් එකක් හරි ලියන්න.

💥International conference වලට Abstract දන්න.

💥professor කෙනෙක්ට ලියනකොට තමන්ට research experience තියෙන subject area එකට අදාල prof කෙනෙක්ට ලියන්න.

🙈🙈 රට එන්න ඕන නිසාම PhD එකක් කරනවා වගේ නම් PhD එකක් කරලා PhD scholarship අවභවිතා කරන්න එපා. Research වලට ආස නැත්නම් PhD කරන්න එපා.

🐒🐒 Undergraduate හරි Postgraduate හරි කිසිම qualification එකක් නැතුව , කනාවට හරි professor කෙනෙක් කැමති වෙයිද කියලා බලන්න ඊමෙල් ලියලා Professorලා email inbox පුරවන්නත් එපා. මම දන්න විදියට එහෙම කනාවට prof කැමති වෙලා PhD හම්බ උන අය නෑ. (PhD scholarship එහෙම කනාවට හම්බ වෙන මහජන සම්පත ලොතරැයියක් වගේ නෙවෙයි. ) අන්තිමේට ලංකාවේ කියපු ගමන් ඇත්තටම qualifications තියෙන ලමයෙක්ගේ email එකක්වත් බලන්නේ නැති ගානට එපා වෙයි.

🌚 මගේ දැනුමේ හැටියටනම් STEM subject වලට තමයි ගොඩක් scholarships තියෙන්නේ. ඒක නිසා ආර්ට් කොමස් කරපු අයත් STEM subject එකකින් postgraduate එකක් කරන්න පුළුවන් නම්.

💫Undergraduate/Postgraduate results හොදයි නම්/Medals තියෙනවා නම් Degree එක complete වෙනකම්ම ඉන්න එපා. අන්තිම අවුරුද්දේ ඉදන් prof ලියන්න.

🤞අන්තිමේකට කියන්න තියෙන්නේ මේක ලියපු මටත් Undergraduate 1st class එකක් නෑ. ඒත් මට PhD එකක් හොයාගන්න එක මට පොඩ්ඩක්වත් අමාරු උනේ නෑ. මම email ලියපු හැම Professor කෙනෙක්ම මට කැමති උනා.

Good luck everyone.

By Yasodhara Deepachandi Gunasekara

Australian Visa Scam 2

මේක ලියන්න හිතුනේ මේ දවස් වල යන 482 වීසා ජාවාරම් ගැන අපිට පේන නිසා. මීට කලින් උනත් මං මේ ගැන කියලා තියෙනවා. Australian visa scam කියන පෝස්ට් එකේ. ඔයාලාට 482 visa එකක් අරන් දෙන්න කියලා කවුරු හරි ලක්ෂ ගණන් ඉල්ලනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න අනිවා හොරෙක් වෙන්න පුළුවන්. මොකද Australian skill occupation list එකේ නැති ජොබ් එකටට එහෙම නැති නම් ඔයාලා කියන විදිහට unskilled workers work visa එකක් අරන් දෙන්න කොච්චර සල්ලි දුන්නා උනත් බැහැ. අපි දාන්න බොහොමයක් අයට 482 වීසා එකේදි වීසා එකට යන වියදම් ඔක්කොම job offers එක දෙන company එකෙන් දැරුවා. එයලාට Air Ticket එක සදහා විතරයි සල්ලි ගියේ.

ඒ වගේම 482 visa එක සදහා Australian immigration කෙහෙන් වීසා එක සදහා ගන්න ගාස්තුව AUD3,035.00 හෝ ආසන්න ගාන එක්ක වීසා එක දාන්න agent කෙනෙක් ගෙන් සහයක් ගන්නවා නම් එකට ගන්න ගාන $1500-3000 වගේ ගෙවලා වීසා එකක් කර ගෙන එන්න කියන අය ඉන්නවා. ඒ ඔක්කොම එකතු උනත් රුපියල් ලක්ෂ 35ක් 45 ක් වගේ නම් යන්නේ නැ.

දැන් ලොකුම දේ 3rd of November 2023 කරපු වෙනස් කමින්, ඔයාලා 482 TSS වීසා එකෙන් ආව උනත් අදාල ජොබ් එකේ 2 years වැඩ කරලා නම් තියෙන්නේ 186 TRT එකකට යන්න පුළුවන් එතනිදි short term labour agreement එකක හිටියා උනත් 186 nomination එක ගන්න පුළුවන්. මතක තියා ගන්න ඔයාලා sort turm list TSS එකේ ජොබ් එකකට ආවොත් ඔයාලාට ENS එකේ 186 direct entry එකක් ගන්න බැහැ. TRT එකකට හෝ Labor agreement එකකින් තමයි PR ගන්න වෙන්නේ ඒ මොකක් උනත් ඔයාලා ජොබ් එක කරන තැනින් එකට උදව් ගන්න වෙනවා.

ඉතින් ඔයාලා අතින් වීසා එකට සහ agent ට සල්ලි දීලා එනවා නම් job security PR එකට යනකම් ජොබ් එකේ ඉන්න පුළුවන් ද කියලා හොයලා බලන්න. 482 visa එකෙන් ඔයාලා එනවා කියන්නේ 186 ගන්නකන් ඔයාලා settle නැහැ medical insurance ඕනා සමහර ප්‍රාන්ත වල ළමයි school වල දාන්න ගෙවන්න ඕනා. Day care වලට ගෙවන්න ඕනා මේ කිසි දෙයක් ඔයාලාට වීසා එක කරලා දෙන අය කියන්නේ නෑ මොකද හොර agency වලට මේක scam කරන්න නියම පාත් එකක්. ඔයාලා හොඳටම දන්නවා ඇති UK caregiver එකේ වෙච්ච scam එක



ඒ වගේම fake visa grant notification එක දීලා එක VEVO එකේ පෙන්නන මිලියන ගාන ගානක් ඉල්ලන Australian immigration officer ඉන්නවා නේද? ඒත් පට්ට හොරෙක්, Australian immigration එකේ. වැඩ කරන අය වීසා grant කරන්න කියලා සල්ලි ඉල්ලන්න ඔයාලාට කතා කරන්නේ නෑ

අනික immigration grant notification එක එන්නේ වීසා එකේ වැඩ ඔක්කොම ඉවර උනාම එක genarete වෙලා නම් තියෙන්නේ, email එක ආපු ගමන් online check කළා උනත් විස්තර බලන්න පුළුවන්.
එහෙම පෙන්නෙන් නැති එකක් කියන්නේ fake document එකක්. සමහරුන්ට මේක job offer එකක් කියලා දෙන අයත් ඉන්නවා. ඔයාලා දැනුවත් නම් මෙහෙම ඔයාලව අන්දන්න බැහැ.

මං හැමදාම කියනවා වගේ ඔසී එන්න short cuts හොයන්න එපා plan කරලා එන්න. මං එකටත් ලිපි කිහියයක් ලිවුවා Plan Your Journey වගේ ලිපි.