Visited 10 Countries within 10 days

අපි Europe වලට ආවේ 2023 මාර්තු මාසේ ඒ ඇවිත් පළවෙනි මාස එකහමාර දෙක ගත වුණේ ඉන්න ගෙයක් එහෙම හොයාගෙන settle වෙන්න. දෙවනි මාසේ අන්තිම සතියේ ඉතාලියේ රෝම නගරයෙන් අපි ඉස්සෙල්ලම අපේ යුරෝපා සංචාරය පටන් ගත්තේ දැන් මාස 8 ක් වෙනකොට අපි Schengen countries 27 න් 23ක traval කරලා තියෙනවා. එක එහෙම උන් අපි නොවැම්බර් මාසේ 15 රෑ ඉඳන් 25 රෑ වෙනකං ගියා රටවල් 10 ක් ගියා නිසා. ඒ තැන් වල photo video දාන්න කලින් trip එක ගැන ලියන්න හිතුනා ආපහු එන්න Helsinki Airport එකේ ඉන්න ගමන්. ඉතින් මෙහෙම රට රටවල traval කරන්න නම් අපි Europe වලම ඉන්න ඕනා ලෝකේ වෙන කොහේ හිටියා උනත් මෙහෙම දෙයක් මේ වගේ ලේසියෙන් කරන්න බැහැ.

මේ ගමන අපිට යන්න හිතුනේ දෙසැම්බර් ඉඳන් යුරෝපයේ සීත කාලය එළබේන නිසා Malta ඉඳන් බොහෝ රටවලට flights ග්‍රීෂ්ම කාලේ වගේ යන්නේ නැහැ කියලා පෙනුන නිසා. ඉතින් අපි බැලුවා flight එකේ ගිහින් රටවල් ඇතුලෙන් කොච්චි සහ බස් වලින් රටින් රටට ගිහින් එක රටක එක රැයක් වත් ඉදලා, ෆින්ලන්තයට ෆේරි එකකින් ගිහින් යන්න පුළුවන් උපරිම දුරට හැම ප්‍රවාහන මාධ්‍යයකම ගිහින් ආපහු flight එකේ Malta එන්න. රුසියානු යුක්රේන යුද්ධය නොතිබූණා නම් මේ ගමනේදී ෆේරි එකෙන් රුසියාවේ St Petersburg යන්න උනත් පුළුවන් කමක් තිබුණා නමුත් අපි ඒ තරම් වාසනාවන්ත උනේ නෑ. ඉතින් අපි මෙතෙක් කල් නොගිය නැගෙනහිර යුරෝපීය රටවල් හරහා ගිහින් බෝල්ටික් රටවල් හරහාත් යන්න තමයි කල්පනාව. ඉතින් අපි එහෙම හොයන කොට තමයි හොයා ගන්න පුළුවන් උනේ සමහර රටවල් අතර දිනකට කොච්චි එකක් හෝ දෙකක් ගමන් කරනවා වගේම Baltic countries රටින් රටට යන්න international train නැහැ කියලා. European Union එකෙන් fund කරලා rail project එකක් ඉස්සරහට වෙනවා ඉස්සහට ඉතින් ලේසියෙන් යන්න පුළුවන් ගමන්ක් වෙයි මේක දැනට ඒ රටවල් අතර යන්න හොඳ බස් සේවයක් තියෙනවා. යුර්පෙයේ ඉන්න අය හොදින් දාන්න FlixBus එකෙන් වගේම වෙනත් company වලින් මේ රටවල් අතර බස් වැඩ කරනවා. යුරෝපයේ ඉන්න අය නම් දන්නවා නේ Ryanair සහ FlixBus වල ගොඩක් අඩුවෙන් යන්න පුළුවන් කියලා. ඒ වගේම කොච්චි වල tickets කලින් booking දානවා නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන් කියලත්.

ඉතින් අපි ගිය රටවල් 10 පිළිවෙලින් මෙහෙමයි.

  1. Croatia
  2. Slovenia
  3. Hungary
  4. Slovakia
  5. Czechia
  6. Poland
  7. Lithuania
  8. Latvia
  9. Estonia
  10. Finland

මෙහෙම හේතු උනේ අපිට Malta ඉඳන් ලේසියෙන් flight එකකින් යන්න පුළුවන් රටක් සහ ආපහු Malta එනකොට කරදයක් නැතුව flight එකේ එන්න පුළුවන් රටකික් පටන් අරන් ඒ වගේම එකකින් ඉවර කරන්න ඕනා උණ නිසා. ඒ වගේම අපි plan කරපු බස් එකක් හෝ කෝච්චියක් ගන්න බැරි උනොත් ඉලාග දවස වෙනකං ඉන්න වේන නිසා එක දවසක් වැඩියෙන් තියලා Finland වල Helsinki වලින් return tickets එක book කළා බැරි වෙලා වත් එක මිස් එකක් උනොත් return tickets වැඩක් නැති වෙනවා වගේම ලොකු ගානක් ආපහු යන්න ගෙවන්න වෙනවා නේ. සිත කාලය ලග එන නිසා දැන් යුරෝපයට දවල් කාලය අඩු වේගෙන එන නිසා හවස හතරෙන් පස්සේ අඳුරුයි උදේ හත අට වෙනකං ඉර පායන්න් නෑ ඉතින් පුළුවන් හැම වෙලාවකම රට්න් රටට යන්න භාවිතා කලේ හවස් කාලය හෝ උදේ පාන්දර.

ඉතින් අපි ඉස්සෙල්ලම ගියේ Croatia වලට Croatia කියන්නේ යුරෝපා හවුලේ සහ Schengen කලාපයේ අලුත්ම සාමාජිකයා. අපි පළවෙනි දවස Croatia අගනගරය වන Zagreb වල තමයි නැවතුනේ Zagreb කියන්නේ හොඳ දියුණු නගරයක් Digital nomad residency එක Croatia වල තියෙන නිසා මෙහෙට ඇවිත් ටික කාලයක් ජීවත් වෙන්න හිතුන තරම්.

St. Mark’s Church Zagreb

දෙවැනි දවසේ ගියේ Solvenia වලට. Solvenia වල අග නගරය Ljubljana වලට එහෙම යන්න අපි FlixBus එකෙන් යන ඒක ලේසි උනා මොකද train එකෙන් යනවා නම් හවස් වෙනකං ඉන්න වෙන නිසා.

Dragon Bridge, Ljubljana

හැබයි අපි Ljubljana වල රෑ හිටියේ නෑ ඊළග දවස Hungary වලට යන්න ඕනා නිසා අපි එදා හවස Maribor කියන Solvenia වල city එකේ තමයි හිටියේ. Maribor කියන්නේ Austria වලට ගොඩක් ළග Hungry කිට්ටුව තියෙන දියුණු නගරයක්. අපි Maribor යන්න කොච්චි ticket එක ticket Machine එකෙන් ගත්තා. ඒත් අපි කෝචියේදි දැක්කා conductor ගෙන් උනත් ticket ගන්න පුළුවන් කියලා මොකද නගරාන්තර දුමිරීය වල conductor හැම කෙනා ගාවටම එනවා ticket check කරන්න ticket ගත්තු නැති අයට එයාගෙන් ටිකට් ගන්න පුළුවන්. Maribor කියන්නේ University එකක් එහෙම තියෙන winter කාලෙට Skiing එහෙම කරන්න touristලා එන නගරයක්.

Glavni Trg or The Main square in Maribor

Maribor වලින් උදේ පාන්දර තියෙන කෝච්චිය ගන්න ගියාම international ticket office එකෙන් උදේම තියෙන කෝච්චියේ ticket එක දෙන්න බැහැ කිවුව. එකේ train replacement bus service එකක් මග තියෙනවා කියලා. හැබැයි online ticket එක පෙන්නවා. ඉතින් එක ගන්න හිතාගෙන අපි train platform එකට ගියා. ඒත් online ticket ගන්න පුළුවන් Hungry train website එකේ pay කරන්න ගියාම billing address එකක් ඉල්ලනවා එකට අපේ Malta address එක enter කළාට ගන්නේ නැහැ. බැරිම උනොත් conductor ගෙන් හරි ticket ගන්නවා කියලා හිතාගෙන train එකට නැග්ගා. ඒත් මං දිගටම online ticket ගන්න try කළා ඒ උනාට Maribor වලින් එළියට ගිය ගමන් mobile signal නැහැ. ඒ Tran එක Austria වල QBB එකෙන් ක්‍රියාත්මක වන train එකක් එක Austria වල Graz වලට ගිහින් තමයි Hungry වලට යන්නේ. ඉතින් conductor ticket දුන්නේ Austria border එකේ තියෙන Szentgotthárd කියන station එකට මොකද QBB conductor ට බැහැ ලු Hungry ඇතුළේ යන tickets දෙන්න අපි ඒ ටික යන්න Hungarian Railway conductor ගෙන් ticket එක ගන්න කිවුව. ඉතින් Hungry consultor ගෙන් ticket එක ඉල්ලුවා එයාට තේරුනේ නෑ අපි කියපු දේ Google translate එකේ ගහලා පෙන්නුවා අපිට ticket දුන්නේ විදිහ සහ ඉතිරි ගමන යන්න ticket එකක් දෙන්න කියලා. කොහොම හරි වැඩේ ගොඩ දාගෙන එදා අපි Hungary වල Budapest වලට ආවා Budapest කියන්නේ රෑට මාර ලස්සන නගරයක් Hungarian Parliament Building එක වගේම Széchenyi Chain Bridge එකේ රෑ light දාලා තියෙනකොට බලන්න ලස්සනයි.

Hungarian Parliament Building
Széchenyi Chain Bridge

තුන්වැනි දවස Hungary වල අගනගරය වන Budapest වල ඉඳලා අපි ඊළඟට ගියේ Slovakia වල අග නගරය වන Bratislava වලට හතර වන දවස හිටියේ Bratislava වල. පස් වන දවස විදිහට ආපු ගියේ Czechia එහෙම නැති නම් චෙක් ජනරයයේ (Czech Republic) අග නගරය වන Prague වලට. Prague වලට ගියාම අපිට මතක් උනේ ඉතාලියේ රෝම නගරය ප්‍රාග් සංචාරකයින් ගෙන් පිරුණු අයිතිහාසික නගරයක්

Prašná Brána and Obecní Dům Prague

අපි ප්‍රාග් බලලා එදාම හවස Poland වල ට කිට්ටුව Czech වල තියෙන Ostrava කියන නගරයේ තමයි රෑ හිටියේ. හයවැනි දවසේ උදෙන්ම අපි පිටත් උනේ පෝලන්තයේ Warsaw වලට යන්න. Train එකේ යනකොට පෙනුනා Poland වලට winter එක ඇවිත් කියලා. මොකද දුම්රිය පාර දෙපස හිම වැටිලා තියෙනව දැක්කා එළිය වැටීගෙන එන කොට.

ඒ වගේම අපි Warsaw වලට එනකොට උදේ 10:30 උනත් අහස වළාකුළු වලින් පිරිලා සහ මිදුමෙන් city එකේ ගොඩනැගිලි වැහිලා ගිහින් උෂ්ණත්වය සෘණ 2ක් වගේ එකෙත් ඇඟට දැනෙන උෂ්ණත්වය සෘණ 4ක් වගේ.

Palace of Culture and Science in the fog

කාලගුණ වාර්තාව බලපුවාම දවසම ඊළඟ දවසේ උදෙත් ඒ වගේ. බලන්න යන්න හිටපු දේවල් වලින් ළග පාත් තියෙන ස්ථාන බලලා, කාල ගුණය හොඳ දවස් ටිකක් ආවාම පොලන්යට එන්න අපිට direct flight මෝල්ටා ඉඳන් තියෙන නිසා වෙන දවසක අපි Lithuania යන්න හිතා ගත්තා. පැය 6 කුත් විනාඩි 40ක බස් ගමනකින් Lithuania වල අග නගරයට වන Vilnius වලට ආවා.

Lithuania, Latvia, Estonia කියන්නේ Baltic countries මුලින්ම Finland අයිති උණේත් Baltic states වලට මේවා රුසියාවේ යටත් විජිත විදිහට තිබුණේ දැන් Finland අයිති වෙන්නේ  Nordic countries වලට.ඉතින් මේ Baltic countries වල Train tracks සහ signalling system ගොඩක් සමීප වෙන්නේ රුසියානු ක්‍රමයට නිසා අනිකුත් යුරෝපීය රටවලින් ගමන් කරන international trains වගේම ඒ රටවල් අතරත් දුම්රියෙන් ගමන් කරන්න බෑ. මං අර කලින් කියපු EU වලින් කරන Rail Baltica ගැන විස්තරයක් මේ YouTube video එකේ තියෙනවා

Futurology YouTube video about EU railway investment

අපි හවෙනි දවසේ රෑ හිටියේ Vilnius වල .

St. Anne’s Church Vilnius

Lithuania වලදී අපිට කන්න හොඳ කෑම වර්ග ගන්න පුළුවන් උනා ඒ වගේම ඒ තුබුන දේවල් වල හොඳ සැර වර්ග තිබුණා. ඒ වගේම Lithuania දියුණු රටක්.

අටවෙනි දවසට අපි ආවේ Latvia වල අගනඟරය Riga වලට අපි මේ ගමන plan කරන කොට FlixBus වල Vilnius ඉඳලා Riga වලට ticket එක €9 ක් වගේ ගානකට ගන්න පුළුවන් කම තිබුණා. අපි Riga market එකට ගියාම එකේදි දකින්න ලැබුණා spicy ජාති ගොඩක් විකුණන්න තියෙනවා. ඒ වගේම මී ඉටි වලින් කරපු ඒක එක හැඩයේ ඉටි පන්දම් විකුණන්නත් තිබුණා. අඩු ගානට winter boots ගන්නත් තිබුණා.

නව වැනි දවසට අපි ආවේ Estonia වල අග නාගරය වන Tallinn වලට, Tallinn කියන්නේ බොහොම දියුණු නගරයක් public transport වල බස් tram දැක්කම Luxembourg වලට ටිකක් සමාන කමක් තිබුණා වෙනසට තුබුනේ Luxembourg වල වගේ පාට පාට led light නැති එක විතරයි. අපි එන කොට Tallinn වලට හිම වැටෙන්න පටන් අරන්.

Buses and Trams at Tallinn

මම යුරෝපයේ supermarkets වල ලංකාවේ තේ වරග වැඩිපුරම විකුණන්න තියෙනවා දැක්කේ Estonia Tallinn වල Kaubahalli Rimi super එක්දි,
සමහර රටවල නම් අපි ගිය supermarkets වල Sri Lankan Tea දැක්කේත් නැ.

දැන් ඉතින් අපිට Finland යන්න තියෙන්නේ අපේ ගමන මේ වගේ plan අරපු විදිහටම ආවා නම් අපිට දවසක් ඉතුරු වෙන නිසා අපේ අදහසක් තිබුණා Aurora බලන්න Finland වල Aurora පෙන නගරයක රාත්‍රියක් ගත කරන්න යන්න ඒත් Tallinn වල හිම වැටීම් සහ අහසේ වළාකුළු තිබීම නිසා Finland වලත් එවැනිම කාලගුණික තත්වයක් තිබුණ නිසාත් aurora බලන්න යන ගමන ගියාට වැඩක් වෙන්නේ නැති නිසා අපි එදා රාත්‍රිය Estonia වල ඉදලා උදේ තියෙන පළවෙනි ferry එකෙන් Finland වල Helsinki වලට යන්න හිතා ගත්තා. එකේදි අපිට යන්න ලැබුණේ MyStar කියන Tallink ferry එකේ

MyStar Tallink Ship

මේක ඇත්තටම ලොකු නැවක් එකේ Decks 12ක් තියෙනවා තුනක්ම වෙන් කරලා තියෙන්නේ වාහන ගෙනියන්න. මේකේ normal ticket එකෙන් යන්න තිබුණා cabin එකත් හරිම සැප පහසු එකක්

මේකේ පැය දෙකක ගමනකින් පස්සේ අපි Helsinki වලට ආවා.

Helsinki Main Station

Helsinki නගරයත් winter එකට වගේම නත්තල් සමරන්න ලෑස්ති වෙනවා. අපි දවසක් වැඩි පුර තියලා return tickets book කරපු නිසා එකොළොස් වැනි දවස ෆින්ලන්තයේ හෙල්සින්කි වල ඉදලා බෙල්ජියමේ බ්‍රසල්ස් හරහා Malta වලට එන්න පිටත් උනා ලිපියේ ඉවර කලේ Brussels South Charleroi Airport එකේදි

ගහපු ෆොටෝ ගත්තු video ඉදිරි කාලයේදී දාන්නම්.

Agency Coma

ඒජන්සි සන්නිය

කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නෑ. මේක දාන්නම හිතුනා මේ ටිකේ පොඩ්ඩක් එලි බැහැලා තියන ඒජන්සි සන්නිය දැකලා. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ group එක කරන අපි කාටවත් Agency එකක් නෑ. ඔයාලා මේකෙන් දෙයක් අරගෙන ගේමක් ගහගත්තා කියලා අපිට හම්බවෙන්නෙ ආත්ම තෘප්තිය විතරයි එතනින් එහා සතයක්වත් හම්බවෙන්නෙ නෑ. බිස්නස් කාරයෙක් දිහා බලනවා වගේ පොස්ට් එක දිහා බලන්න එපා කොම්ලනේ කෙම්ලනේ 🫡

01. අංක එක. නම්බර් වන්. ඔන්රු. ඉච්. ඒක්. කියන්න ඕන ඔක්කොම භාෂා ටිකෙන් කියන්නේ. කිසිම Agent කෙනෙක් ලමයින්ට ආදරේට වැඩ කරන්නෙ නෑ. ඔයාලා එයාලගේ Customer කෙනෙක් විතරයි. අනේ එන්න බබෝ කියාගෙන සලකන්නෙ නෑ එයාලගේ වැඩ පාඩු කරගෙන හෝ අවදානම් අරගෙන. ඒ බලාපොරොත්තුවෙන් agent කෙනෙක් ලගට ගිහින් එතනදි මොනාහරි දෙයක් උනාම agent ගෙ පතුරු යවන්න එපා. වෙන්න ඕන වැඩේ කියන්න. ඔයාගෙන් වෙන්න ඕන ටික agent කිව්වම ඒ ටික ගානට කරන්න. ඒ කරලත් agent පිස්සු කෙලිනවනම් පතුරු යවන්න බැරිනම් කැලෑ පත්තර හරි ගහන්න තව ලමයෙක් බේරන්න අමාරුවෙ වැටෙන එකෙන්.

02. ඔයාගේ තත්වේ ගැන ඔයා self assessment එකක් කරගන්න. ඕකට කියන සිංහල වචනේ දම්නේ නෑ 🥴
ඒ කියන්නෙ මේකයි. ඔයාගේ financial capacity, academic background, age, work experience, study gaps වගේ ඒවා ඔයාම assess කරගන්න. ඊටපස්සේ ඒවට අනුව ඔසී යන්න ඕන සුදුසුකම් තියනවද කියලා බලන්න. ඔයාගේ තත්වේ ඉන්න දැනට ඔසී ගිහින් ඉන්න කෙනෙක් ගැන හොයලා බලන්න. එහෙම අය ගැන මේ group එකේම ඕනතරම් විස්තර හොයාගන්න පුලුවන්. එතකොට ඔයා යන්න ඕන මොන agent ලගටද කියලා ඔයාට හිතාගන්න ලේසි. ඒ නැතත් මොන agent ලගට ගියත් ඔයා දැනටම process එක දන්න නිසා agent බයිලා ගහන්න එන්නෙ නෑ ඔයා එක්ක. මගේ පෞද්ගලික අත්දැකීම් එක්ක මේ දේ කියන්නේ. මම එන කාලේ මේ groups නෑ. අඩුම uni එකට apply කරන්කොට මට smart phone එකක්වත් නෑ. Office එකේ computer දෙයියට පිං සිද්ධ වෙන්න් හැමදේම internet එකේ හෙව්වා. Quora එකේ තමයි ගොඩක් හෙව්වේ. Offer එක ආවම agent කිව්වා scholarship එක අඩු කරලා show money පෙන්නන්න ඕන කියලා. හැබැයි මම හොයලා දැනගත්තා එහෙම කරන්න බෑ කියලා. Agent සෑහෙන්න තර්ක කරා. මම මගේ විදිහට සල්ලි හැදුවා. අන්තිමට uni එකෙන් කිව්වා show money පෙන්නනකොට scholarship අඩු කරන්න බෑ කියලා. Agent කිව්ව එක ඇහුවනම් හොම්බෙන් යන්න වෙන්නෙ අන්තිම මොහොතේ. ඒ නිසා කවදාවත් 100%ක් agent මත යැපෙන්න එපා. Resources ඕනතරම් තියනවා. ඔයා දන්නවා කියලා පෙන්නන්න පුලවන් තැනට ඔයා update වෙන්න. එතකොට ඔයාව වටේ යවන්න බෑ agent කෙනෙක්ට. ඉස්සෙල්ල කිව්වා වගේ ඔයාගේ තත්වෙට ගැලපෙන path එක තෝරගෙන ඒ process එක ඔයාම හොයාගෙන agent ට ඔයාට ඕන uni එක විතරක් කියන්න. එතකොට ඔයාගෙන වෙන්න ඕන ටික agent කිව්වම අඩුවක් නැතුව ඒ ටික කරන්න. මුකුත් නොදැන ගියාම තමයි වටේ යවලා කාලේ කාලා සමහරවිට වීසා එකම කෙලවෙන තැනට වැඩ කරන්නෙ.

03. කිසිම Agent කෙනෙක්ව ඕනවට වඩා උඩ තියන්න එපා. ඒ කියන්නෙ දෙයියො බුදුන් අදහන්න යන්න එපා. Agent හරියට වැඩේ කරාම home affairs එකෙන් visa එක දෙනවා මිසක් නැතුව Agent ගෙ නම බලලා home affairs එකෙන් visa එක දෙන්නෙ නෑ. ලංකාවේ සංස්කෘතිය මෙහෙ නෑ. තමන්ගේ වැඩේ හරියට කරානම් තව කෙනෙක්ට recommend කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි එයා තමයි ඉන්න එකම Agent ගානට හැසිරෙන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ කොල්ලයි බල්ලයි ඔක්කොම ඒ agent ලගට ගිහින් ඒ Agent ට වැඩ වැඩි උනාම ලේසියෙන්ම යවන්න පුලුවන් high profile ටිකට වැඩි බර දීලා අනිත් අය වටේ යවලා ඔසී එපා කරන එක. ඒක සධාරණයි මොකද ඒක එයාලගේ business එක.අනික ඕනවට වඩා උඩ තිබ්බම එයාලා කියන ඒවා දොහොත් මුදුන් තියලා පිලිගන්නවා ලමයි. මොනවත් නොදන්න ඒ අහිංසකයෝ ඒවා අහලා සමහරවිට ගමන නවත්තලා දානවා.ඕක මම පෞද්ගලිකව දැක්කා එක Agent කෙනෙක් අතින් උනා ලංකාවේ situation එක නිසා visa දෙන එක hold කරලා තියෙන්නෙ කියලා සහ visa reject උනොත් අවුරුදු 5කට visa දාන්න බෑ කියලා.එහෙම උනේ මුරුංගා අත්තෙ තියපු agent කෙනෙක් අතින්.ලොකු ලොකු Agents ලට වඩා හොද පොඩි අය ඉන්නවා හරියට වැඩේ කරන. මොකද එයාලා බලන්නේ business එක develop කරගන්න. හැබැයි එයාලා ලගට එන්නේ perfect profiles නෙවෙයි. අන්න එතනදි එයාලා බලන්නෙ ලමයව කොහොමහරි අඩු පාඩු වහගෙන හෝ හදාගෙන ඔසී යවන්න. ඒ නිසා නමට රැවටිලා ලොකු ලොකු අය ලගට ගිහින් වටේ යන්න එපා. මම මේ කියන්නෙ perfect profile එකක් නැති අයට. Agent ඔයාට කෙලින්ම කියනවනම් යන්න පුලුවන්ද බැරිද කියලා, බැරිනම් හදාගන්න ඕන අඩුපාඩු මොනාද කියලා, එහෙනම් එච්චරයි. හොද Agent කෙනෙක් කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන් එහෙම කෙනෙක්. නැතුව කෝටි ගනන් සල්ලි පොතේ තියෙන්න ඕන, ආච්චිගේ කිරිමුත්තට benz එකක් තියෙන්න ඕන, කොළඹ නගර සීමාවේ තට්ටු සීයක ගෙදරක් ඕන, ඇමරිකාවේ ජනාධිපති දුරින් නෑදෑයෝ වෙන්න ඕන වගේ වැල් බයිලා කියවනවනම් එහෙම Agent කෙනෙක් ගැන group එකේ පෝස්ට් දැම්මත් කමක් නෑ තව එකෙක් යන එක නවත්තන්න.

04. ගෙදරම චාටර් නෑ එක ලමයෙක් පිස්සු කෙලියා කියලා.
ඒ කියන්නෙ මේකයි. මම ආපු Agency එක හොදටම හොදයි. හැබැයි ඒක එපා කරේ මගේ file එක handle කරපු මනුස්සය. එහෙම තව කතා මම ඊයෙත් දැක්කා group එකේ. ඒකට ඔයාලා කරන්න ඕන Agency එකට යන්න කලින් reviews බලන්න. ඒකෙන් ගියපු අයගෙන් විස්තර අහන්න. අහලා පිස්සු හෝන්තු ඉන්නවනම් එයාලා තමන්ගේ file එක handle නොකරන විදිහට වැඩ කරන්න. පුදනකොටම කාපි යකා කියලා ඒ මනුස්සයම file එක handle කරනවනම් දෙයියනේ කියලා file එකේ photocopy ටිකක් අරන් එන්නම් කියලා එතනින් මාරු වෙලා වෙන තැනකට යන්න. මොකද campus එකකින් offer එකක් ඇවිත් තිබුනත් ඔයාට Agent මාරු කරන්න අයිතිය 100% ක් තියනවා. කිසිම වෙලාවක බය වෙන්න එපා කලින් agent මෙහෙ අගමැතිට message එකක් දායි කියලා තරහට ඔයාගේ visa එක reject කරන්න කියලා. එහෙම කරන්න බෑ 🫠

05. සරවනබවන් එකෙන් කන්න සල්ලි තියාගෙන Hilton buffet එකට යන්න එපා එලවනවා.ඒ කිව්වේ ඔයාට financial වෙන විදිහකට කරගන්න ඕනනම් අකුරු තුනේ වගේ ලොකු ලොකු Agent කෙනෙක් ලගට යන්න එපා. ඒක එයාලගෙ වැරැද්දක් නෙවෙයි. කාගෙත් reputation එක තමයි first.(හැබැයි බෑනම් බෑ කියලා කෙලින්ම කියන්න ඕන වටේ යවන්නෙ නැතුව).අපිට ඒකට උදව් කරන agent කෙනෙක් ලගට යන්න. එහෙම කෙනෙක් කවුරුවත් කෙලින්ම කියන්නෙ නෑ මේ වගේ group එකක. හැබැයි හොයලා හොයලා හොදටම හොයලා හොයාගන්න පුලුවන්.

06. ඔය කිව්ව හැම විදිහටම ඕන විස්තර හොයාගන්න ඕනනම් ලොකු research එකක් කරන්න. Group එකේ උඩම තියන search bar එකේ තමන්ට ගැටලුවක් තියන දේ ගැන type කරන්න. උදා : Best agents, සෝ මනී ( ඕක English වලින් ගහපල්ලා මෙතන සිංහලෙන් දැම්මේ auto decline වෙන නිසා 😂) , offer, Uni payments වගේ ඒවා. එතකොට ඒකට අදාලව මෙච්චර කල් දාපු post ඔක්කොම එනවා. ඒ එකින් එක කියවන්න. එහෙමත් හොයාගන්න බැරිමනම් අලුත් post එකක් දාන්න.

07. උඩ කිව්ව කිසි දෙයක් කියන්න මේ group එකේ admi සෙට් එක කිසිම පගාවක් කාගෙන්වත් නොගත් බවටත්, මේවා කියලා උබලා ගොඩ යන එක මිසක් වෙන ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙන බවටත්, මේවා අපි අත්දැකීම්වලින් දන්න ඒවා මිසක් අපි Agentsla නොවන බවටත්, Agent කසු කුසුව බලාගෙන ඉන්න බැරිම තැන සැකතැන් විසදගන්න කියලා හිතාගෙන මේක දැම්ම බවටත් දිවුරා පොරොන්දු වෙමි 🫡🫡🫡

By Asanka Nuwan Thilakarathna