Malta Film Studios

Malta film facilities පටන් අරන් තියෙන්නේ 1963 Fort Rainella වල. Jim Hole කියලා British special effects specialist කෙනෙක් සහ තරුණ Maltese construction manager කෙනෙක් උන Paul Avellino විසින්. අඩි 300ක් දිග සහ අඩි 400ක් පළල නොගැඹුරු වතුර ජලාශයක් එක්ක. මේක ගැඹුරුම ස්ථානය අඩි 7ක් ගැඹුරුයි කියලයි කියන්නේ.මේකේ විශේෂය වෙන්නේ එක මුහුදට ළග නිසා නිල් අහස සමග මුහුද තියෙන දර්ශන ඉතා පහසුවෙන් වෙනත් විශේෂ රංගෝප්‍රකම රහිතව රූගත කිරීමේ හැකියාවයි. පළවෙනියටම රූ ගත කරලා තියෙන්නේ Cold War naval drama එකක් උන The Bedford Incident 1964 දී.

1978 දී මේ site එක Rebrand කරනව Mediterranean Film Studios කියලා අද මේක හඳුන්වන්නේ Malta Film Studios කියලා. 1979 දී මේකට අඩි 36ක් ගැඹුරු ජලාශයක් එකතු වෙනවා. ඒ Raise The Titanic ෆිල්ම් එකේ රූගත කිරීම් වලට. ඒ වගේම වතුර යට කරන රූගත කිරීම් වලට මේක භාවිතා වෙනවා.මේකට වතුර පුරවන්න පැය 15 කුත් වතුර අයින් කරන්න පැය 8 කූත් යනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම අනූව දශකයේ මැද භාගයේ Insert Tank එකක් එකතු වෙලා තියෙනවා ඒ සම්මාන ලබාපු Levis “Mermaid” commercial එකට.

පසුගිය දවස් වල මේකේ ගජරාමෙට රූගත කිරීම් සිදු උනා ඒ Gladiator 2 film එකට එකේ දේවල් බලන්න තිබුණා උනත් Fort Rainella වල ඒ දේවල් අපිට ෆොටෝ ගන්න පුළුවන් උනේ නෑ මොකද film එක එලියට එන්නේ මේ අවුරුද්දේ අන්තිමට නිසා. කොහොම හරි Gladiator 2 film එකේ වැඩ වලට දාහකට වඩා පිරිසක් වැඩ කලා කියලා තමයි දැන ගන්න ලැබුණේ.

Malta මේ තරම් රූගත කිරීම් වලට යොදාගන්නා හේතු වෙලා තියෙන්නේ වසරේ වැඩිම කාලයක් ඉර එලිය ලැබෙන නිසා ඒ වගේම මුහුද එක්ක මුසු උන ලස්සන අහසක් තිබීම නිසා සමහර ෆිල්ම් වල 80% විතර Malta වල රූගත කරලා තියෙනවා කියලා කියනවා.

Diploma in computer science at OpenArc

කොහොමින් කොහොම හරි ශිෂ්‍යත්වෙකුත් සෙට් කරගෙන OpenArc school එකේ කෝස් ඒක පටන් ගත්තා. මෙකෙදි නොකියාම බැරි දෙයක් තියෙනවා අපේ කොට්ටාවේ නැන්දයි මාමයි නැත්තං මට මේකේ මුල පටන් ගන්න වෙන්නෙත් නැහැ. මොකද එයාලා මට ඒ ගොල්ලන්ගේ ගෙදර නවතින්න අවස්ථාව දුන්න එක සහ ඒ කාලේ කන්න බොන්න දීපු නිසායි මට ශිෂ්‍යත්වයක් ලැබුනා උනත් කොස් එකට යන්න පුලුවන් වෙන්නේ. අපේ පවුලෙන් කොළඹ කිට්ටුව  හිටපු ඥාතීන්ගෙන් කිසිම අවුලක් නැතුව පවුලේ (පවුලේ කිවුවේ තාත්තගේ පැත්තේ නෑදෑයින්ගෙන්) ඕනම කෙනෙක් කොළඹට රස්සාවක් කරන්න හරි ඉගෙන ගන්න හරි ආවහම මුල කාලේ හිටියේ ඒගොල්ලන්ගේ ගෙදර. මාමා ප්‍රසිද්ධ වඩු බාස් කෙනෙක්, ගෙවල් තිබුණේ කොට්ටාවේ මහා පන්සල ගාව උදේට නම් පොඩි බස් එකක් ගියා ඒ දවස් වල හවස නම් ගොඩක් වෙලාවට පන්නිපිටියේ ධර්මපාලේ ගාවින් බැහැලා පොරගොඩඇල්ල පාරේ පයින් තමයි ගෙදරට යන්නේ. කොට්ටාවට ගියොත් ආපහු මාලඹේ බස් එකේ එන්න වෙනවා එක්කෝ කනත්ත පාරේ පයින් එන්න ඔනා එක දුර වැඩි, ඒක නිසා ගොඩක් වෙලාවට පනින් යන එක තමයි තෝරගත්තේ.

මුල පාඩම් ටික වගේම පන්තියේ වැඩි හරියක් පාඩම් ඉගැන්නුවේ සුදර්ශන සර් සහ ගංගා මිස්. තියරි subject වල නොටස් ලියන්න ගියාම බර බරේ එන්නේ සුදර්ශන සර් ගෙන්. ගොඩක් වෙලාවට අලුත්  වචනෙක spelling board එකේ ලියන්න එක පාරයි notes print කරලා දුන්නේ නැ. ඉතිං කොහොම හරි ලියන්න ඕන මගේ නම් ගොඩක් notes තිබුණේ සිංහලෙන් ලියපු ඉංග්‍රීසි වචන වලින්, මොකද සාමාන්‍ය පෙළ විභාගෙට ඉංග්‍රීසි ගොඩදාගත්තෙත් කනාවට වගේ. එහෙව් එකේ මං කොහොමද ඔය වගේ බර වචන ලියන්නේ. කොහොම හරි වැඩේ ගොඩ දාගෙන සති දෙක තුනක් පන්තියට එක දවසක් පන්ති ඉවර වෙලා යනකොට සිංහබාහු සර් කතා කළා කිව්වා පොඩ්ඩක් කතා කරන්න තියෙනවා දැන් කතා කරන්න පුලුවන්ද කියලා.

එදා මට කතා කරලා කිව්වේ ඔයා කිව්වනේ වයරින් වඩා දන්නවා කියලා අපේ ක්ලාස් එකේ නයිට් ක්ලාස් කරන කාමරවල ලයිට් වැඩ කරන්නේ හරියට බලලා ඒක හදන්න පුලුවන්ද කියලා. මං කිව්වා පුළුවන් සර්, ඒ ටික හදන්න ඕනි කරන බඩු ටික කලින් ගන්න වෙයි කියලා. OpenArc school එකේ මැනේජර් දිනේශ් සර්ට කතා කරලා මාව අඳුන්වලා දීලා මෙන්න මෙයාට පුළුවන් ඔය ලයිට් වැඩ  පොඩ්ඩක් බලලා වැඩ කරන්නැති ලයිට් එක හදාගන්න බඩු ටික අරගෙන කියලා.  ගොඩක් ලොකු කාමර වලට දන්නේ අඩි හතරේ ටියුබ් ලයිට් නේ. ස්කෝලෙ කාලේ නිවාසාන්තර තරග වලට අටවපු ඒවා හැටියට මේවා මොනවද කියලා හවස පොඩ්ඩක් වෙලා ඉදලා ඕනා කරන බඩු ලැයිස්තුව හැදුවා ඊට පස්සේ දවසේ ඒ ටික ගෙනත් ඒ සතියේ සිකුරාදා night practical තියෙන කොට මාත් ඇවිත් වැඩ කරන්නේ නැති ලයිට් ටික ගොඩ දැම්මා.  පස්සේ මට එකට සල්ලි දුන්නා වැඩ නිකං ගන්න බැහැ කියලා. අපිට ඒ දවස් වල night practical පටන් අරන් තිබුණේ නැහැ. කොහොම හරි දිනේෂ් සර්ව මට සෙට් උනේ එදා. මං කවමදාවත් හිතුවේ නැහැ මගේ OpenArc ජීවිතේ mentor මෙහෙම set වෙයි කියලා. ඒ ගැන වෙනම ලියන්න තියෙනවා

ඊළග සතියේ class ආවාම සිංහබාහු සර් ආපහු කතා කළා ඒ ආවේ යෝජනාවක් එක තමයි computer hardware කෝස් එකක් කරන්න කියන එක හැබැයි මේ දවස් වල OpenArc School එකේ Computer Hardware Course එකක් නැ. වෙන කොහෙන් හැරී කරන්න වෙනවා කියලා කිව්වා, දාන්න හොඳ තැනක් හොයලා බලන්න කියල තමයි කිවුවේ. පස්සේ තමයි දාන්නේ එක ආවේ පිංටෝ සර් සහ දිනේෂ් සර් තුන් දෙනා මේ දවස් වල මගේ වැඩ ගැන කතා වෙලා මට මේ දේ කියන්නේ කියලා. කොහොම හරි එකට උත්තර හේව්වෙත් පරිගණක සඟරාවෙන් ඒ කාලේ ජනප්‍රිය computer hardware course එක්ක උන RayTronics එකේ  සති අන්ත පහක තියෙන කෝස් ඒක හොදයි කියලා කිවුවේ අපේ කොට්ටාවේ පොඩි අයියා. මං එකේ විස්තර අරන් ගියහම සිංහබාහු සර් කිවුව ඔයාට මේ කෝස් ඒක කරන්න මං අතින් සල්ලි දෙන්නම් කාටවත් මේක කියන්න ඕන නෑ මං මේ උදව් කරන්නම් ඒත් මට ඔයා මට කිසි දෙයක්  කරන්න ඕනේ නැහැ ඔයා තැනකට ගියාම ඔයා මං මේ උදවු කරනවා වගේ උදවු ඕනා අයට උදවු කරන්න කියලා. මට කෝස් එකේ මුලු වියදම උන රු 5500ක් දුන්නා

කොහොම හරි මං දැන් week days වල හවස් වරුව Computer Science Diploma එක කරනවා weekend එකේ hardware course එකට යනවා. අපිට ඒ කාලේ diploma එකේ ගියේ මුලම පාඩම් මට ලොකු knowledge එකක් තිබුණේ නැ. Computer එකේ ප්‍රදාන කොටස් ඇදුනා ගේම jumper settings හදන්නේ කොහොමද කියලා ඉගෙන ගෙන, මොකද ඒ කාලේ තිබුණා Motherboard දැන් වගේ Auto detection වෙන තරමට BIOS දියුණුනැ ඉතින් set කරන processor එක අනුව clock speed, voltage වගේ ඒව jumper වලින් සෙට් කරන්න ඕන නැති නම් ඉතින් හරියට වැඩ කරන්නේ නෑ. ඒ දේවල් කොහොම හරි ඉගෙන ගත්තා කියමුකෝ ඊළග කේස් ඒක OS install කරන එක සහ Software Installation එක මං මේවා දකින්නේ පළවෙනි වතාවට මං ඉතින් රූප සටහන් එක්ක පොතේ notes ගන්නවා. මට මතකයි Winamp වගේ ඒව install කරන දේවල් රූප සටහන් එකෙන් එකට ඇඳලා තමයි nots ගත්තේ.  මොකද ඒ Software දැක්කේත් පළවෙනි වතාවට නිසා. ඉතිං එහෙම කරලා Computer parts එකතු කරලා on වෙලා BIOS screen එකේ boot option එනකන් ගොඩ දාගන්න පුළුවන් උනා.

සති පහෙන් කෝස් ඒක ඉවර කරලා යන ඉරිදා දවසේ OpenArc එකට ගොඩ උනා සිංහබාහු සර් ඉන්න නිසා විස්තර කියලා යන්න. මං ඉතිං ඉගෙන ගත්තු දේවල් සහ නොතේරුන දේවල් සර් එක්ක කිව්වා. ඊළඟට RayTronics එකෙන් එයාලාගේ තැන් වල ඕනා නම් training යන්න පුළුවන් කියලා. සර් කිවුව කොහේවත් training යන්න ඕනා නැ room එකක් පුරවල කැඩුණු කොම්පියුටර් තියෙනවා ඔයාට පුළුවන් ඒව හදන්න පටන් ගන්න කියලා එක්කන් ගිහින් staff room එක ගාව තිබුණා පොඩි කාමරේ දාලා තිබුන computers ටික පෙන්නුවා.

හවස class එක තියෙන නිසා උදේ නැන්දට කියලා බත් එකකුත් බැඳගෙන පහුවදාම වැඩේට සෙට් උනා. මුල සතිය වගේ උදේ වරුව එහෙම hardware part එක ගොඩ දාගත්තා උනාට OS සහ software installation එකේ වැඩ මට හරියට කර ගන්න බෑ එකට උදවුවක් විදිහට අහ ගන්න හිටියේ දිනේෂ් සර් ඒත් එයාට මුල දේවල් හරියට කියලා දෙන්නා වෙලාවක් තිබුණේ නැති නිසා ඒ දවස් වල ගාල්ලේ SOS ගම්මානේ computer උගන්නපු ධම්මික අයියා ( ඒ කාලේ ලංකාවේ වටේම තිබුන SOS ගම්මාන වල computer ඉගැන්නුවේ OpenArc School එකෙන්) ටික දවසකට nugegoda ගෙන්න ගෙන මට කියලා දෙන්න කියලා සිංහබාහු සර්ලා arrange කරලා දුන්නා. ධම්මික අයියා රත්නපුරේ කෙනෙක් මට සෙට් වෙලා මල්ලි මෙහෙ ඉන්නවා නම් මේ විදිහට කරගෙන යන්න හැමදේම ඉගෙන ගෙන  ගේමක් ගහන්න පුළුවන් කියලා OS and  software installation part එක කියලා දෙන ගමන් කිවුව. කොහොම හරි සතියක් වගේ එයත් ඉඳලා ගියාම මට තනියම main lab එකේ computer ටික maintain කරන්න සෙට් උනා. මං හැමදාම උදේ. ගිහින් කැඩිලා තියෙන කොම්පියුටර් හදනවා හවස class එකේ ඉන්නවා night practical තියෙන දවසට කැඩිලා තියෙන computer හදාගෙන තමයි මං practical කරන්නේ මං එහෙම දිගටම එනකොට සිංහබාහු සර් කතා කරලා කිව්වා ඔයා දිගටම උදේ වරුව වැඩ කරනවා. එක නිසා අපිට ඔයාගෙන් නිකං වැඩ ගන්න බෑ අපි ඔයාට රු 1000ක් මාසෙකට දීමානවක් විදිහට දෙන්නම් කියලා

ඔන්න ඔහොමයි මගේ computer ඉගෙන ගන්න OpenArc ආපු මං මාස හතරක් වගේ වෙනකොට වරුවක් වැඩ කරන ගමන් ඉගෙන ගන්න සෙට් උනේ තව ලියන්න ගොඩක් දේවල් තියෙනවා අදට ඇති.

Starting at OpenArc School

කලින් ලියපු කතා දෙකේ මැද කියන්න තව කතාවක් තිබුණා. ඒ තමයි OpenArc Scholarship එක හදා ගන්න IQ Test එක ට වෙලාවක් අරගෙන ඒ ශිෂ්‍යත්වය හදාගත්ත විදිහ වෙනම කියන්න ඕන වෙන්නේ අපිට මොකක් හරි පොඩි හරි හැකියාවක් අපි ගාව තියෙනවා නම් එක sell කරන හැටි අපි දැන ගන්න ඕනා. වගේම ඉවසීමෙන් එක කරන්න ඕන. ඔයාට එක කර ගන්න පුළුවන් නම් ඔයා අවංක නම් එකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා පෙන්න. මෙකෙදි ඉතින් Background Story කිහිපය කුත්  කියන්න වෙනවා. ඒවා නැති උනොත් කතාව රසවත් වෙන්නේ නෑ.

කොහොමින් කොහොම හරි OpenArc එකේ ආරම්භක සමන්ත්‍රණයට ගියා එකේ දී දායා හෙට්ටිආරච්චි සර්, සිංහබාහු සර් වගේම පිංටෝ සර් එහෙම කතා පවත්වලා පාඨමාලාව වගේම එයාලා කෝස් ඒක කරන විදිහ ගැන පැහැදිලි කළා. OpenArc School එකේ theory class එකෙන් පස්සේ practice දිවා කාලයේ වෙන්කරලා තිබුණේ ගැහැණු ළමයිට පිරිමි ළමයිට පුළුවන් උනා night එකක් class   එකේ ඉඳලා practical කරන්න ගොඩක් වෙලාවට diploma එක සතියේ දවස් පහම ගිය නිසා සිකුරාදා රෑ තමයි diploma class එකේ පිරිමි ළමයිට practical දුන්නේ. මේවා ඉතින් එදා සම්මන්ත්‍රණයේ කිවුව. අනික අර IQ Test එකෙන් පසේ ශිෂ්ත්ව දෙන කතාව.

මට මගේ කතාවක් කියන්න තිබුණ නිසා මං හිතුවා සම්නත්‍රණය ඉවර වෙලා සිංහබාහු සර් එක්ක කතා කරලාම යනවා කියලා. ඉතිං main hall එකෙන් එලියට ඇවිත් බැලුවා සර් එක්ක කතා කරන්න මෙන්න බොලේ කොළඹ ස්කෝලෙ වල ගියපු කොල්ලො කෙල්ලො සර්ගේ මෙසේ වටේ වට වෙලා සමරු කඩ්ඩෙන් නෙලනවා. දැන් ඉතින් මොකද කරන්නේ? රාත්තල් අස්සේ අරුක්කල් ගහන්න ඕනා නැ නේ කියලා උන් ඔක්කොම කතා කරලා ඉවර වෙනකං පැත්තකට වෙලා බලාගෙන හිටියා. හැමෝම යනකම් ඉදලා සර් එක්ක කතා කරන්න සෙට් උනා.

මට ඕනා උනේ මගේ background එක කියලා IQ Test එකට ඉක්මනින් වෙලාවක් අරගෙන scholarship එකකට try කරන්න. මං ඉතින් සිංහබාහු සර්ට මගේ කතාව ඒ කියන්නේ ඒ දවස්වල ආපේ පවුලේ ආදායම් තත්ත්වය අම්මා ගමන්ට්  යන්නේ තාත්තා ගේ අසනීපය වෙලාවේ කරපු කඩේ වහන්න උනාම අහු වෙන ඕනා රැකියාවක් කරපු ඒක වගේ දේවල්, කෙටියෙන් කිවුවාම සර් කිවුවේ ඉස්සෙල්ලම IQ Test එක ලියන්න එකේ results එක්ක කරන්න පුළුවන් දේ කතා කරමු කියලා. පහුවදා IQ Test එක ලියන්න ගිහින් නුගේගොඩ town එකේම රවුම් ගහන්න උන ඒක වෙන තැනකදී ලියන්න උනොත් කියන්නම්,

ඊට පස්සේ IQ ටෙස්ට් එකේ results එක්ක scholarship එක ගැන කතා කර ගන්න එන්න කියලා postcard එක ආවානේ.

කොහොම හරි ඒ එන්න කිවුව වෙලාවට මං OpenArc School එකට ආවා. එතැනදී මාව  interview එකක් කළා මං ජීවිතේ මුන් දුන්න පළවෙනි interview එක. එක කාලේ විජිත් සිංහබාහු සර් සහ කුමුදු පිංටෝ සර්, එයාලට ඕන උනේ මං මොනවාගේ ඩයල් එකක්ද, මට මොනවද කරන්න පුළුවන් කියලා දැන ගන්න. ඉතිං මං කළේ ස්කෝලෙ කාලේ කරපු කියපු දේවල් කියන ඒක,

මං ලෑස්ති වෙලා නොගියා උනත් මං මතක් උන දේවල් කිවුව. ස්කෝලෙ ප්‍රදර්ශනයකට හදපු  Satellite Dish Antenna එක, සිරස TV MTV පටන් ගත්තු කාලේ ඒව බලන්න හදපු UHF Antenna ඊළඟට ගෙවල් වයරින් වගේ දේවල් තමයි කියන්න තිබ්බේ. ඊළඟට සමස්ථ ලංකා තරගේකට ලංකාවේ Map එකක් අරන් එකේ ස්කොල් තියෙන තැන වල LED ලයිට් පත්තු වෙන්න හදපු  හැටි  වගේ දේවල් ඉතින් කියන්න තිබුණා. ඒ කතා වල background story එක්ක තමයි මේ කියන්න යන්නේ.

ලංකාවේ සිතියමේ ස්කෝලෙ LED පත්තු වෙන්න හදපු project එක අපිට විද්‍යාව උගන්නපු කරුණාදාස සර් ගේ උපදෙස් අනුව තමයි කලේ අපි සෙට් එකක් එක්ක. ගියා අවුරුද්දේ ඉතාලියේදී ධර්මරත්න අයියා එක්ක සර්ට කෝල් එකක් ගත්තාම සර් ඒ වැඩෙත් මතක් කළා. එකේදි කලේ ජාතික පාසල්, මධ්‍ය මහා විද්‍යාලය, මහා විද්‍යාලය වගේ ස්කෝලෙ වර්ග කරලා දිස්ත්‍රික්කයෙන් දෘෂ්ටික්කයට ඒවා වෙන වෙනම පත්තු වෙන්න හදපු එක. කරුණාදාස සර් විද්‍යාව පාඩම කරන්න නියම කෙනා A/L වලදී Electronic කොටස කළේත් සර් තමයි. O/L 11 වසරේ Electric කොටසේදී පාඩමට වැඩිය දෙයක් අපිට ඉගැන්නුව. ඒ දැනුම නිසා තමයි අපි කොල්ලො සෙට් එකක් එකතු වල ආනන්ද සර් ගේ ගේ වයරින් කලේ, ආනන්ද සර් මගෙන් ඇහුවේ කොල්ලො සෙට් එක්ක වැඩේ කරන්න පුළුවන් කියලා ශුවර්ද එහෙම පුළුවන් නම් ගෙදර ගිහින් බලලා බඩු list එක හදමු සර් ඒ ටික ගෙන්න නම් අපිට  වැඩේ කරන්න කියලා.

මං ආනන්ද සර් ගෙන් ඉගෙන ගෙන නැ. ස්කෝලෙ නිවාසාන්තර තරග තියන කොට මං කිසිම ක්‍රීඩාවක් කාලේ නැ. ඇත්තටම මන් ක්‍රීඩා වලට දක්ශනැ. මං කළේ ඉතින් සර්ලා එක්ක එකතුවෙලා පහසුකම් සපයන එක. රෑ නිවාස හදන කොට ඒවට එළිය දෙන්න ලයිට් දාපු එක. ඔයාලා දන්නවානේ අඩු වියදමින් ටියුබ්ලයිට් ලංකාවේ මේ වගේ වැඩ වලට භාවිතා කරනවා. දේකේ දේකේ පොල්ලක ට්යුබ් ලයිට් එක කම්බි වලින් බැඳලා චෝක් එකයි ස්ටාටර් එකයි එකෙම සෙට් කරලා වයර් ඇදලා හදනවා වගෙම නිකම ලයිට් එක එල්ලා චෝක් එකයි ස්ටාටර් එකයි එල්ලා මලගෙවල් වල එහෙම සෙට් කරනව වගෙ වැඩ . ඉලගට ස්පීකර් සෙට් එකේ වැඩ වගේ දේවල්. මට මතකයි එක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් ස්කොලේ ස්පීකර් සෙට් එකෙන් කලා වෙන ඒවට එලියෙන් ගේන සෙට් එක බැකප් එකක් විදිහට තියාගෙන (මොකද කට්ටියට ශුවර් උනේ නෑ ස්කෝලේ එක ඒ වගේ කාලයක් දුවයි කියලා) පස්සේ පස්සේ අපි ස්කෝලෙ ගොඩක් වැඩ කළා ඒවා වෙනත් ලිපි අස්සේ ලියන්නන්, ඉතිං ඒ දේවල් කරගෙන හිටපු විදිහ දැකලා අපිව විස්වාස කරලා වැඩේ බාර දුන්නා. 

O/L වලින් පස්සේ වල බහින්න කියලා සෙට් වෙන්න ගියේ පහළකන්දට අපි ඒ කාලේ සෙට් උන තැනක් තමයි නිමල් සර් ගේ ගෙදර. ඒ කාලේ පහලගම විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා උන නිමල් සර් ඒ කාලේ ගෙදර Electronic Repair වැඩ කළා එතන හිටිය සමීර අපේ සාමාන්‍ය පෙළ වෙනකං එල්ලාවල ස්කෝලෙ ගියත් අපි දහම්පාසලේ යාළුවෝ A/L  වලට අපි පන්ති ගියේ එකට. ඊළඟට තව ලක්ෂමන් කියලා යාලුවෙක් හිටියා. සමීරගේ තාත්තා හොඳ එන්ජින් බාස් කෙනෙක් ඒ කාලේ කියන්නේ එන්ජින් එකක සද්දෙන් ලෙඩේ කියන්න පුළුවන් කියලා. ඒ වගේම සමීරගේ ආයිත් electric වැඩේක්.

ඉතිං ආනන්ද සර්ගේ ගේ  මහා ගෙදර වයරින් කරන වැඩේට වැඩි හොදට කරන්න සමීරව අල්ලා ගත්තා, තව දැන් විදුහල්පති කෙනෙක් වෙලා ඉන්න පත්මමහේන්ද්‍ර (වෙනම කතා ලියන්න තියනවා) හිදුරංගල හිටපු අනුරාධ ( දැන් හොඳ business එකක් කරගෙන ඉන්නවා) Melbourne වල ඉන්න ඉන්දික වගේම, චමිල එහෙම සෙට් කරගෙන දවස්  කිහිපයකින් වායරින් වැඩේ කළා. මං ඔසී ඉඳලා ලංකාවට ගියාට පස්සේ සර් බලන්න ගියාම කිවුවේ ගෙදර වයරින් එක තාම තියෙනවා. වැස්ස දවසට ඒක light එකක් දාන කොට ට්‍රිප් ස්විච් එක off වෙන කේස් එකක් දැන් තියෙනවා කියලා. ඒ කාලේ සර් හිටියේ අලුත් ගෙදර මහ ගෙදර මල්ලිට දීලා තිබුණේ.

ඊළඟට අපි UHF channel පටන් ගත්තු කාලේ  UHF Antenna හදපු එක. TV එකක් කියලා ඉස්සෙල්ලම ලැබුණේ කොටාවේ මාමා එයාලට colour TV එකක් ගත්තම එයාලා ඉස්සෙලා ගත්තු සිඩ්ලිස් TV එක අපේ ගෙදර දුන්නම ඒ 96 world cup එක කිට්ටුව. UHF channel පටන් ගත්තාම UHF all channel Antenna එකක් හැදුවේ පරණ Radio Aerial එකක කෑලි වලින් antenna එකේ measurement ගත්තේ නිමල් සර් ගේ ගෙදර තිබුණා පොතකින්.  ඒ කතාව ස්කෝලෙ ඇවිත් කිවුවාම චාමකගේ අයියා හෝ චමිල දෙන්නාගෙන් කෙනෙක් ඒ පොත කොළඹින් ගෙනත් තිබුණා.

Antenna සීන් එක දැන ගත්තු අබේසිංහ මිස් මහත්තයා එක්ක කතා කරලා එයාලට antenna එකක් හදන්න බඩු ගෙන්නලා දුන්නා. ඉතිං ඉස්සෙල්ලම කියලා හරි විදියට Antenna වක් හැදුවේ අබේසිංහ මිස්ගේ ගෙදරට. ඒ කයන්නේ ඉතාලියේ ඉන්න ගියුම් මල්ලිගෙ ගෙදරට. ඒ වගේ කීපදෙනෙක්ට ඇන්ටේනා හැදුවා මතයයි.

ඒ වගේම සෙනිත් පොත් වලින් බලාගෙන සෙනිත් එකෙන් බඩු ගෙනත් චමිලට STK ඇම්ප් එකක් එහෙමත් අපි A/L කරන කාලේ හැදුවා. කරුණාදාස සර් ගේ තිතරි පංතියයි නිමල් සර් ගේ ගෙදරදී ලැබුණා ප්‍රැක්ටිකල් දැනුමයි එක කරන්න වැඩ කරන කොට උදවු උනා. චාමක සහ චමිල ඒ කාලේම Antenna, ඇම්ප් බෆල් හදන බිස්නස් එකට බැස්ස.

Seattle Antenna එක ගැනත් නොකියාම බැහැ. එක හැදුවේ අගල් බාගේ වයරින් කරන්න ගන්න ප්ලාස්ටික් බට 8ක් ලැල්ලක ගහලා එක අවුවේ තියලා කොන් අනිත් කොන් විඳලා  නූලක් දාලා හෙමිහිට හිර කළා පරාවර්තක ඩිස් (Parabolic reflector) එකේ ෆේම් එක වගේ එන්න ගානට එන්න නවලා. බටෙක්  එක හදලා කවර් කලේ ෆයිල් කවර වල ඇලුමිනියම් කොළ අලවලා ත්‍රිකෝණ කාර කොටස් හදාගෙන, දැන් ඉතින් LNB සහ Antenna receiver (අර dish antenna එකේ මැද තියෙන කොටස) එකකුයි Satellite Tuner Box (TV එක ළග තියක පෙට්ටිය) ඒකකුයි ඕනා.

මේවා හදන්න පුළුවං දේවල් නෙවෙයි. කාගෙන් හරි ඉල්ලා ගන්න වෙනවා ඉතින් එකට කතා කර ගත්තේ ඉඩන්ගොඩ පෙරේරා කඩේ පෙරේරා මහත්තයා. ඒ කඩේ විකුණන්න තිබුණේ electric සහ electronic බඩු එක්ක electronic circuit items, ස්කෝලෙ ඉවර වෙලා බස් එකක් එනකන් කයියක් එහෙම ගහගෙන ඉන්න පුරුදු වෙලා හිටියේ එතන නිසා පෙරේරා මහත්තයගෙන් ඒ කොටස් ටික ඉල්ලා ගන්න අමාරු උනේ නෑ.

රෑ වෙලාවක dish එකට ටොච් තුනක් ගහලා ගේමක් දීලා focus කරලා focal point එක අල්ලා ගත්තා. අගලේ අගලේ පොල්ලක LNB යි Antenna receiver එකයි සෙට් කරලා dish එක මැද තිබුණා හතරැස් ලෑල්ල හිල් කරලා එකෙන් පොල්ල බස්සලා ගානට සෙට් කරලා BBC channel එකයි තව Indian channel එකාකුයි අල්ලා ගත්තා. පහුවදා ප්‍රදර්ශනේ දවසේ උදේ වැස්සක් වැහැලා Parabolic reflector dish එක අවුල් ගියා මොකද ෆයිල් කවර වල එක එක පැත්තක විතරයි ඇලුමිනියම් කොළ අලවලා තිබුණේ. කොහොම හරි දවල් වෙන කොට යන්තම් BBC channel එක නම් පෙනුනා. මට නම් ඒ ප්‍රාථමික නිර්මාණයට වැඩිත් එක්ක. මොකද ඒ කාලේ ඩයලොග් ටීවී එහෙම තිබුනේ නෑ. සමහරු නම් හිනා උනා මේක බලන්නද මේ දඟලුවෙ කියලා. අපේ පැති වල මේ වගේ Dish Antennaඑකක් සල්ලි දීල අරන් තිබුන අය හිටියේ බොහොම සුලු ප්‍රමානයක් ගමේ නම් හිටියෙම නෑ.

කොහොම හරි සිංහබාහු සර් සහ පිංටෝ සර් මගේ මේ කතා අහගෙන ඉදලා ඔයාට computer hardware පැත්ත අල්ලායයි. කොහොමත් diploma එක කරන්න. එකෙක් හොඳ දැනුමක් එනවා hardware ගැනත් පස්සේ බලමු කියල. මට IQ test එකෙන් High marks තිබුණේ නැති නිසා සම්පූර්ණ ශිෂ්‍යත්වයක් දෙන්න බැහැ කිවුවා. කොහොම හරි මාසෙට රු 2500ක් ගෙවන්න තිබුණා කෝස් එක මාසේට රුපියල් 400+ VAT ගෙවන්න හදා ගත්තේ ඔන්න ඔහොමයි.  හෑල්ල නම් දිග වැඩි වුනා. ඒත් ඉතින් මේ ඔක්කොම මේකේ කියන්න ඕනනේ

Diploma එක පටන් අරන් මාස තුනෙන් වගේ වරුවක් වැඩ කරන්න සෙට් උන විදිහ ඊළඟ  ලිපියෙන් .