482 visa Australia experience

482 visa එක ගැන ගොඩක් අය අහලා තිබ්බා.. inbox එකට මේ වෙද්දි msg 50කට වඩා ඇවිත් තියනවා.

මගේ experience එක කියන්නන්.

මම මාර්තු මාසේ තමයි මේ වැඩේ පටන් ගත්තේ. යාලුවෙක්ගේ මාර්ගෙන් astralian optimal recruitment කියන agent  (+61 451 342 324-ash) ට කෝල් කලා.මෙයා  ausi වල  ඉන්න ලංකාවේ කෙනෙක්. මගේ විස්තර අහලා මට සතියකින් වගේ job interview  එකක් දැම්මා. එකෙන් මම ok වුනා.
මට අවුරුදු  10ක් වගේ ලංකාවෙයි, maldives වලයි   Pastry Chef කෙනෙක් විදියට experience තියනවා.
මම  PTE Exam  එකත් pass වුනා.

මේකට ඕන වුන Docments ටික තමයි

Passport
Birth Certificate Translation
NIC Translation
O/L, A/L Certificate
SLITHM Hotels School 3yr  Management Diploma Certificate
Sri Lanka Police Report (මෙක දැන් online ගන්න ඕන  මාස එකහාමරක් වගේ යනවා එන්න)
Maldives Police Clearence Report ( මම එහෙ වැඩ කරපු නිසා ඉල්ලුවා. )
Job Experience Service Letters
අන්තිම අවුරුදු පහ වැඩ කරපු තැන් වල pay slips
PTE score sheet (each 36points minimum)
Covid Vaccine Digital Certificate( vaccine තුනම ගහලා තියෙන ඕන.)

මේ ටික ලෑස්ති කර ගත්තා. ඊට පස්සේ මගේ job එක දෙන කෙනා ausi වල web sites තුනක advertisement තුනක් දාලා මාසයක් තියන්න ඕන. ඒකට කවුරුත් හම්බුනේ නෑ කියලා ඊට පස්සේ government එකට මාව nominate කරනවා.
ඊට පස්සේ මට contract letters එවනවා. මේ වැඩේට මාස දෙකක් වගේ ගියා.
Chef Catagery එකට skill assessment එකක් ඕන වෙන්නේ නෑ දැන්.

ඊට පස්සේ ජූනි මාසේ 27 වීසා  එක lodge කලා.
මට Medical එකට letter එක ආවා ජූනි 29.ඊට පස්සේ medical එකට දවස හම්බුනේ ජුනි 14.

https://m.facebook.com/groups/1494620904069852/permalink/2016639465201324/

මෙඩිකල් එක ගැන සම්පූර්න විස්තරයක් මම මේ page එකේ දැම්මා. මේ link එක ඒකේ.

ඊට පස්සේ medical එක ausi වල procces වුනා කියලා ජුනි 17 මට මගේ agent mail එකක් එවුවා. හරියටම දවස් 6යි ගියේ මගේ වීසා එක ජූනි 23 ආවා.

මට මේ වැඩේට ගිය වියදම 11000AUD
Visa Fee 2700AUD
Lawyer Fee 1800AUD
Agent Fee 6500AUD

විසා එක ආවම foreign employment beuro එකටත් register වෙලා රු.17120/=ගෙවන්න ඕන එන්න කලින්. (Working visa නිසා)

මට මේ වැඩ ටික ඔක්කොටම ගියේ මාස 3ත් 4ත් අතර කාලයක්.
Inbox එකට ගොඩක් අය මේ ගැන අහලා තිබ්බ නිසා තමයි මේ post එක දැම්මේ. ඔක්කොටම reply කරන්න වෙලාව මදි නිසා. හැමෝම අහන්නේත් එකම දේවල් නිසා. මෙකේ මගේ agent ගේ number එකත් දාලා තියෙන්නේ.
මීට  අමතරව තියනව නන් දැන ගන්න msg එකක්  දාන්න.
🙏🙏🙏🙏🙏🙏🙏🙏

By Isira Jayasinghe

How many Ausbildung programmes are available in Germany and what highest paid Ausbildung?

පහුගිය දවස් වල ජර්මන් වල අවුස්බිල්ඩින් වැඩසටහන් ගැන හොයන්න ගත්තාම දැන ගන්න ලැබුනේ එක එක වර්ගයේ Ausbildung programmes 500ක් වගේ තියෙනවා කියලා.  ඒ වගේම පිළිගත්  ආධුනිකත්ව පුහුණු වෘත්තී 327 වගේ තියෙනවා කියලා. ඉතිං මේ Ausbildung වැඩසටහන් කියන්නේ දුලබ සහ ජර්මනියේම පමණක් තියෙන අවුරුදු තුනක් වගේ යන ආධුනිකත්ව පුහුණු වැඩසටහන්, ඒ කියන්නේ ඔබට වැඩ කරන්න වෙන ආයතන වලම පුහුනුවක් එක්ක ඉගෙන ගන්න පුලුවන් කම තියෙන නිසා, ඒ වගේම මේක උපාදිය හා සමාණ සුදුසුකමක් මේ වඩසටනන ඉවර උනාම ඔබට ඔනා නම් Master එකක් කරන්න පුලුවන්.

ඉතින් මේ අවුස්බිල්ඩින් කියන්නේ ආධුනිකත්ව පුහුණුවක් එක්ක ඉගෙන ගෙන යන්න තියෙන එකක් කියලා ඔයලා දන්නවානේ, එකේ ඉගෙන ගන්න කාලේ ඔයා වැඩ කරන පුහුණු ආයතනයෙන් ඔයාට මාසෙකට €1000 කට කිට්ටු වෙන්න fixed salary එකක් ගන්න පුළුවන්, උදාහරණ විදිහට එක දෙවැනි අවුරුද්ද තුන්වැනි අවුරුද්ද වෙන කොට €1100ක් €1300ක් වගේ වෙන්නත් පුලුවන්න්  ඒ නිසා ඔයාලාට වෙනම part time job කරන්න ඕන නෑ.  පුහුණු කාලයේ fixed salary එකක් දෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා සතියට දවස් දෙකක් ඉගෙන ගන්න සහ දවස් තුනක් training එකට යන්න ඕනා. ඒ වගේම සතියට දවස් දෙකක් නිවාඩු ලැබෙනවා ඒ දවස් දෙක බොහෝ වෙලාවට weekend එකක් නම් වෙන්නේ නැහැ. රැකියාවක් කරනවා වගේම අවුරුද්දකට දවස් තිහක නිවාඩුවක් ලැබෙනවා වෙනම. ඒ වගේම සමහර අවුස්බිල්ඩින් වල මාස තුනක් එකදිගට රැකියාව කරලා මාස දෙකක් ඉගෙන ගන්න වගේ යන්න වෙන ඒව තියෙනවා එක පලාතෙන් පළාතට වෙනස් වෙනවා.ඒ වගේම පුහුණුවෙන් පසුව 12.40 Euro per Hour minimum salary එකක් හෝ ඊට වඩා ගන්න පුළුවන් මේ  €12.40 කියන්නේ දැනට German වල minimum wage එක. ඒ වගේම Ausbildung programmes වලින් 99%කම වගේ free වැඩසටහන්, එහෙමත් එකක තමයි course fee එකක් ගෙවන්න කෝස් එකට ගෙවන්න වෙන්නේ.ඒ වගේම ඔයාලාට මාසෙකට €1000 දීමනාවක් දෙන Apprenticeship එකක් සෙට් වෙනවා නම් ඔයාලාට show money පෙන්නන ඕනා වෙන්නේ නැහැ.
German වලට Ausbildung programmes එකකට එනවා නම් German language එක B2 Level එකට තියෙනවා නම් තමයි හොඳ . ඒ වගේම ලංකාවේ O/L ප්‍රධාන subject 6 pass කෙනෙක්ට මේකට ඉල්ලුම් කරන්න පුළුවන් වැඩි වාසි තියෙන්නේ A/L pass කෙනෙක්ට ඒත් German language එක B2 සහ Apprenticeship එකේ contract එක හොයා ගත්තු කෙනෙක්ට O/L වලින් උනත් එන්න පුළුවන්. Germany වල summer and winter intake කියලා දෙකක් තියෙනවා ඒ වගේම පලාතෙන් පළාතට කෝස් එක පටන් ගන්න දවස් සතියක් දෙකක් වෙනස් වෙන්න පුළුවන්.

ඒ වගේම මේ වැඩ සටහන් වලින් වැඩියෙම ගෙවන වැඩ සටහන් මොනවාද කියලාත් ඔයලා දැන ගන්න කැමති ඇති නේ ඒවා තමයි.

  • IT professions: Software developers, IT specialists, system analysts, etc.
  • Healthcare professions: Medical technologists, dental hygienists, pharmacists, etc.
  • Technical professions: Industrial mechanics, aircraft mechanics, mechatronics technicians, etc.

තවත් කිවුවොත්

  • IT specialist
  • Nursing
  • Physiotherapist
  • Automation technology
  • Materials testing specialist
  • Mechatronics technician
  • Tool & Die Specialist
  • Bank clerk
  • Dental Assistant
  • Hotel management
  • Aviation specialist
  • Retail salesperson
  • Event management
  • Ship mechanic
  • Dental technician

ඉතින් මේවා අතරින් එකක් කරලා අනිවාරයෙන්ම ඔයාලට වෙනත් රටකට යන හීනේ හැබෑ කරගන්න පුලුවන් වේයි.ඒ වගේම Europe වල ඔයාලා ඉන්න කෙනෙක් නම් ඔයාලා German language එක ඉගෙන ගත්තොත් මෙහෙම program එකට German වලට ගිහින් එහේ settle වෙන්න path එකක් හදා ගන්න පුළුවන්. German language එක ඉගෙන ගන්නවා කියන්නේ Germany  Austria, Belgium and Luxembourg.  වල ජොබ් එකක් කරන්න පුළුවන් අනික German  language එක Gemany වල වගේම Switzerland and Liechtenstein වල official language එකක් නිසා.

ඒ වගේම ඔයාලගේ patner එක්කන් එන්න බැහැ එකට ඕනා නම් තියෙන option එක තමයි patner වෙනම  Ausbildung එකක් කරන්න එන එක, separate applicant කෙනෙනේ විදිහට එතකොට රැකියාවක ප්‍රශ්නේ වගේම living expenses වල ප්‍රශ්නෙත් විසදෙනවා.

ඒ වගේම කෝස් ඒක ඉවර උනාම ජොබ් එකක් ලැබුනොත් work visa එකකට යන්න පුළුවන් එහෙම නැති නම් ජොබ් එකක් හොයා ගන්න අවුරුදු එක හමාරක job seeker visa එකක් ගන්න පුළුවන්. ඒ වගේම මට දැන ගන්න පුළුවන් උනේ ලංකාවේ ඉඳන් මේ වගේ කෝස් එකක් කරන්න දානවා නම් වයස 30ක් 35ක්  වෙන කෙනෙක්ට උනත් chance එකක් ගන්න පුළුවන් හැබැයි German language එක B2 Level එකට තියෙනවා නම්.