What is the best way to study in Australia.

මම මෙහෙම එකක් ලියන්න හිතුවේ පහුගිය visa invitation rounds වල අපි දැක්කා IT jobs වලට visa invitation ආවා උනාට ඒ ආවේ point system එකේ point 90-100 ක් වගේ තියෙන අයට. ඉතිං ඔයාලා ඔසී වල ඉගෙන ගන්න එන්නේ ස්ථිර පදිංචිය අරගෙන ඔසී වල ඉන්න නම් අපි ස්ථිර පදිංචිය ගන්න ක්‍රමයක් ගැනත් හිතලා එන්න ඕන. මොකද කෝස් ඒකන් පස්සේ හිතන්නේ නැතුව එන්න කලින්ම හිතන්න ඕන. ඒ වගේම අලුතින් වීසා දාන අයට GS එක ලියන්න වෙන නිසා අපි Australia වල නවතිනවා නම් එක කරන්නේ කොහොමද කියලා plan කරන්න වෙනවා වගේම SOP එකට ලියන්න වෙනවා නේ කොහොමත්.

අපි බලමු ලංකාවේ After A/L ළමයෙක් වයස 20න් වගේ ඔසී වල IT bachelor එකක් කරන්න එනවා එයා degee එකෙන් පස්සේ professional year එක එහෙම කරලා ඉවර වන කොට වයස 24ක් තව, PSV එකේ luck එකට IT ජොබ් එකක් ලැබුනොත්  එතකොට එයාට වයසට 25 පනින කන් ඉන්න පුළුවන් එන points ගාන 30ක්,

ඒ වගේම O/L වලින් එන කෙනෙක් නම් එයාට 25 years වෙනකං age එකට එක 30 points එන්නේ නෑ 25 points තමයි එන්නේ.

ඒත් ඒ අඩුව පුරවන ක්‍රමය හොයන්න ඕන සමහර විට NAATI  වගේ එකක් කරලා ඒ 5 ගන්න පුළුවන් එතකොට, අපි age එකට Marks 30යි කියලා හිතාගෙන ඉදිරියට යමු.

Bachelor එක නිසා එන points ගාන 15ක්,

ඒ වගේම මේ වයසට කසාදයක් බදින එකක් නැති නිසා එකට points 10ක් ගන්න පුළුවන්.

Australian one year experience වලට තව points 5ක් එනවා.

IT job වලට මූලින් කිව්වා වගේ Professional year කරපු නිසා points 5

දැන් points 65ක් තියෙනවා.

පොතේ හැටියට 65 points වලට visa invitation ආවා උනත් IT වගේ ජොබ් වලට අපි එක දැක්කේ නෑ නේ.

ඉතින් Best Case එකෙන් IELTS each 8  or PTE equal ලකුණු 84-85 ක් ගත්තාම තව points 20 ක් එනවා එතකොට points 85 ක්

කොහොමත් IELTS each 7 ගන්න ඕනා skill assessment එකට එතකොට ඔයාට marks 75 ක් එනවා.

දැන් කතාවේ මුලට ගියොත් IT ඉගෙන ගන්න ආව කෙනෙක් ඉතුරු points ටික එකතු කරන්න ඕනා.

එක්දී  Australian education 2 years වලට වඩා තියෙන නිසා තව points 5ක් එනවා

එකත් Designated regional area study කළොත් තවත් 5.

උපරිම points 10 ක් claim කරන්න නම් ඔයා popular city වලින් එළියට යන්න වෙනවා. ඉතිං අපි බලමු කොහොමද එක කරලා වීසා invitation එකට Marks ගාන හදා ගන්නේ කියලා.

දැන් IELTS 8 +  Designated regional area studies තියෙන කෙනෙක්ට point 95 කූත් තියෙන නිසා 189 වීසා එකට invitation එකක් ගන්න පුළුවන් ඊළඟට. 190 එකකට යනවා නම් point 100k එක්ක වීසා invitation එකකුත් 491 visa එකකට point 110 එනවා

දැන් IELTS 8 +  metro area studies තියෙන කෙනෙක්ට point 90 නිසා 189 වීසා එකට invitation එකක් ගන්න බොහෝ දුරට පුළුවන්  ඊළඟට. 190 එකකට යනවා නම් point 95 එක්ක වීසා invitation එකකුත් 491 visa එකකට point 105 

දැන් IELTS 7 +  Designated regional area studies තියෙන කෙනෙක්ට point 85 නිසා 189 වීසා එකකට invitation එකක් ගන්න බැහැ. 190 එකකට යනවා නම් point 90 න් සහ 491 එකකට point 100 ක් නිසා chance එක එනවා.

දැන් IELTS 7 +  metro area studies තියෙන කෙනෙක්ට point 80 නිසා 189/190 වීසා දෙකටම Chace එකක් එන්නේ නැහැ. 491 visa එකට යනවා නම් point 95ක් තියෙන නිසා යන්න පුළුවන්.

මේ වගේ කෙස් එකකදී Nursing bachelor එකක් හෝ Teaching bachelor එකක් කරන්න ආවා නම්, professional year, NAATI, Australian experience වගේ කිසිම දෙයක් නැතුව visa invitation mඑක ගන්න පුළුවන් මොකද Marks 75 න් ඒවා කොහොමත් එනවා නේ. ඉතින් ඒ ගැන වෙනම කියන්න ඕන නැහැ නේ.

ඉතිං ඔයාලාට මෙහෙම ගණන් හදලා බලන්න පුළුවන් ඔයාලගේ ගමන plan කරන්න කලින්. එතකොට වයස 25 ට අඩු කෙනෙක් bachelor එකක් කරන්න එනවා නම් Designated regional area එකක ඉගෙන ගන්න එනවා නම් IELTS 7 තිබුණා උනත් 491 visa එකකින් හරි ගොඩ යන්න පුළුවන්. කිසිම අවුලක් නැතුව GS එක ලියන්න පුළුවන්.

එතකොට ගොඩක් අය හිතනවා නේ 35 පැනලා post studie visa නැති නිසා master එකක් ඉගෙන ගන්න එන එක වැඩක් නෑ කියලා. 

ඒ වගේම visa දෙන එකකුත් නැහැ කියලා කියනවා. ඒත් ඔයාලා එන්නේ 39 වෙන්න කලින් studies ඉවර කරලා වීසා invitation එකකට දාන්න නම්, IT jobs තියෙන Designated regional area එකකට ඉගෙන ගන්න එනවා නම් single applicant විදිහට Age එකට ලකුණු 5 ක් අඩුවෙන් ලැබෙන්නේ ඒත් GS එක ලියනවා නම් ඔයා masters එක ඉවර වෙන කොට IELTS each 8 equal අරගෙන skill assessment එක එක්ක වීසා එකට දානවා.

Visa invitation ආවොත් ජොබ් එකක් හොයාගෙන ඔසී ඉන්නවා නැති නම් ලංකාවට ඇවිත් ජොබ් එකක් කරනවා කියලා.  master එකට වීසා නොදි ඉන්න එකක් නැ කියලයි මන් නම් හිතන්නේ.

එතකොට family එකක් එනවා නම් අනිවා dependent ට IELTS each 6 එක්ක skill assessment එකක් දාන්න පුලුවන් occupation එකක් තියෙනවා නම් ඒත් chance එකක් ගන්න පුළුවන්.

ඒ වගේම 35 ක නෙකෙක් master එකක් කරන්න එනවා නම් අනිවා Designated regional area එකක ඉගෙන ගන්න එන්න වෙනවා මොකද වයසට point 5 ක් සහ  Australian experience වලට point 5 ක් අඩු වෙන නිසා PSV නැති නිසා. ඒ වගේම කෝස් ඒක ඉවර වන කොටම 2nd master එකක් විදිහට teaching වගේ එකක් දානවා නම් මං කලින් පෝස්ට් වල කිවුව වගේ ගොඩ යන්න පුළුවන් Why do you need a backup plan if you are coming to studies leas demand courses in Australia.

හැබැයි ලංකාවේ bachelor එක කරලා අවුරුදු 8 කට වඩා experience තියෙන කෙනෙක් නම් එකෙන් ලකුණු 15ක් ගන්න පුළුවන් නිසා IELTS each 8 equal අරගෙන ඉගෙන ගන්න එන්නේ නැතුව 190/491 එකක් try කරන්න පුළුවන් ඒ වගේම Australia වල ඉදිරියට ජොබ් තියෙයි කියලා හිතන IT security, Data science වගේ job වලට Australia වල ඉගෙන ගන්න යනවාට වඩා ලංකාවේ හෝ වෙනත් රටක ඉගෙන ගෙන ඒ experience ඒකන් skill visa හෝ work visa එකක් ට්‍රයි කරන එකෙන් වැඩි වාසි එන්න පුළුවන්. මොකද මං දැකලා තියෙනවා fresh graduates ලාට එහෙම ජොබ් එකක් හොයා ගන්න අමාරු වෙනවා කියලා මොකද ඒ ජොබ් වලට experience එක ඕනා නිසා. IT වලට fresh graduates ජොබ් හොයා ගන්න සහ experience ගන්න නම් හොදම රට ලංකාව.

IT ඉගෙන ගන්න ගමන් experience හදාගෙන ගොඩ යන්න හිතනවා මං හොදම ජර්මනිය මං ඒ ගැන ලියලා තියෙනවා How many Ausbildung programmes are available in Germany and what highest paid Ausbildung?

මං IT   කරන්න එන කෙනෙක් ගැන උදාහරණයකට ඔයාලාට පුළුවන් පහුගිය visa invitation rounds බලලා මේ වගේ අනාගතේ plan කරලා එන්න.

මම මේ කාලේ ලංකාවේ A/L or O/L කරන ගමන් හිටියා නම් මං ඔසී එන්න ආස උනත් මේ වෙලේ ඔසී එන්න හදන්නේ නැ. මං ඒ වෙනුවට තෝරා ගන්නේ Gemany වල තියෙන Ausbildung program එකක් Australia වල bachelor එකක් කරන්න IELTS 6 – 6.5 දාන්න මහන්සි වෙනකොට German language එක B2 ගන්න එකත් අමාරු වෙන්නේ නෑ Ausbildung එක කරලා German වල රැකියාවක් කරලා Europe වල හොදට ඇවිදලා කරලා ඉන්න ගමන් German citizenship එකත් අරන් Australia වල skill visa එකක් හෝ work visa එකක් මගින් ඔසී එනවා නවතින්න. 

ඒ වගේම වයස 35 පැනලා නම් අනිවා Australia යන්න වෙන්නේ master එකක් කරන්න නිසා ඉගෙන ගන්න යන්න try නොකර industry exam කරලා 482. Visa එකකට try කරනවා හෝ Europe රටක work visa එකක් ගන්න හොයනවා. මොකද Australia company ලාබ ලබන්න IT jobs outsource කළාට තාමත් Europe වල තමන්ගේ රටේ company වලට රට ඇතුලේ කරන දේවල් වලට රජයන් ගෙන් උදව් තියනවා. Europe රටවල Main cities වලින් එළියට වෙන්න කරගෙන යන company වලට විශේයගෙන් 3rd country person ලා ගන්නවා work visa වලට.

ඒ වගේම 35න් වගේ teaching or nursing  වගේ demand job එකක master එකකට එන කෙනෙක්ට GS එක ලියන්න පුළුවන් කෝස් ඒක ඉවර වෙනකොටම ENGLISH හදාගෙන skill assessment එක අරගෙන PR එකට දානවා කියලා. ඒ වගේම එක කරන්න බැරි වෙන්නෙත් නැ මොකද demand job වලට visa invitation දෙන නිසා

Agency Coma

ඒජන්සි සන්නිය

කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නෑ. මේක දාන්නම හිතුනා මේ ටිකේ පොඩ්ඩක් එලි බැහැලා තියන ඒජන්සි සන්නිය දැකලා. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ group එක කරන අපි කාටවත් Agency එකක් නෑ. ඔයාලා මේකෙන් දෙයක් අරගෙන ගේමක් ගහගත්තා කියලා අපිට හම්බවෙන්නෙ ආත්ම තෘප්තිය විතරයි එතනින් එහා සතයක්වත් හම්බවෙන්නෙ නෑ. බිස්නස් කාරයෙක් දිහා බලනවා වගේ පොස්ට් එක දිහා බලන්න එපා කොම්ලනේ කෙම්ලනේ 🫡

01. අංක එක. නම්බර් වන්. ඔන්රු. ඉච්. ඒක්. කියන්න ඕන ඔක්කොම භාෂා ටිකෙන් කියන්නේ. කිසිම Agent කෙනෙක් ලමයින්ට ආදරේට වැඩ කරන්නෙ නෑ. ඔයාලා එයාලගේ Customer කෙනෙක් විතරයි. අනේ එන්න බබෝ කියාගෙන සලකන්නෙ නෑ එයාලගේ වැඩ පාඩු කරගෙන හෝ අවදානම් අරගෙන. ඒ බලාපොරොත්තුවෙන් agent කෙනෙක් ලගට ගිහින් එතනදි මොනාහරි දෙයක් උනාම agent ගෙ පතුරු යවන්න එපා. වෙන්න ඕන වැඩේ කියන්න. ඔයාගෙන් වෙන්න ඕන ටික agent කිව්වම ඒ ටික ගානට කරන්න. ඒ කරලත් agent පිස්සු කෙලිනවනම් පතුරු යවන්න බැරිනම් කැලෑ පත්තර හරි ගහන්න තව ලමයෙක් බේරන්න අමාරුවෙ වැටෙන එකෙන්.

02. ඔයාගේ තත්වේ ගැන ඔයා self assessment එකක් කරගන්න. ඕකට කියන සිංහල වචනේ දම්නේ නෑ 🥴
ඒ කියන්නෙ මේකයි. ඔයාගේ financial capacity, academic background, age, work experience, study gaps වගේ ඒවා ඔයාම assess කරගන්න. ඊටපස්සේ ඒවට අනුව ඔසී යන්න ඕන සුදුසුකම් තියනවද කියලා බලන්න. ඔයාගේ තත්වේ ඉන්න දැනට ඔසී ගිහින් ඉන්න කෙනෙක් ගැන හොයලා බලන්න. එහෙම අය ගැන මේ group එකේම ඕනතරම් විස්තර හොයාගන්න පුලුවන්. එතකොට ඔයා යන්න ඕන මොන agent ලගටද කියලා ඔයාට හිතාගන්න ලේසි. ඒ නැතත් මොන agent ලගට ගියත් ඔයා දැනටම process එක දන්න නිසා agent බයිලා ගහන්න එන්නෙ නෑ ඔයා එක්ක. මගේ පෞද්ගලික අත්දැකීම් එක්ක මේ දේ කියන්නේ. මම එන කාලේ මේ groups නෑ. අඩුම uni එකට apply කරන්කොට මට smart phone එකක්වත් නෑ. Office එකේ computer දෙයියට පිං සිද්ධ වෙන්න් හැමදේම internet එකේ හෙව්වා. Quora එකේ තමයි ගොඩක් හෙව්වේ. Offer එක ආවම agent කිව්වා scholarship එක අඩු කරලා show money පෙන්නන්න ඕන කියලා. හැබැයි මම හොයලා දැනගත්තා එහෙම කරන්න බෑ කියලා. Agent සෑහෙන්න තර්ක කරා. මම මගේ විදිහට සල්ලි හැදුවා. අන්තිමට uni එකෙන් කිව්වා show money පෙන්නනකොට scholarship අඩු කරන්න බෑ කියලා. Agent කිව්ව එක ඇහුවනම් හොම්බෙන් යන්න වෙන්නෙ අන්තිම මොහොතේ. ඒ නිසා කවදාවත් 100%ක් agent මත යැපෙන්න එපා. Resources ඕනතරම් තියනවා. ඔයා දන්නවා කියලා පෙන්නන්න පුලවන් තැනට ඔයා update වෙන්න. එතකොට ඔයාව වටේ යවන්න බෑ agent කෙනෙක්ට. ඉස්සෙල්ල කිව්වා වගේ ඔයාගේ තත්වෙට ගැලපෙන path එක තෝරගෙන ඒ process එක ඔයාම හොයාගෙන agent ට ඔයාට ඕන uni එක විතරක් කියන්න. එතකොට ඔයාගෙන වෙන්න ඕන ටික agent කිව්වම අඩුවක් නැතුව ඒ ටික කරන්න. මුකුත් නොදැන ගියාම තමයි වටේ යවලා කාලේ කාලා සමහරවිට වීසා එකම කෙලවෙන තැනට වැඩ කරන්නෙ.

03. කිසිම Agent කෙනෙක්ව ඕනවට වඩා උඩ තියන්න එපා. ඒ කියන්නෙ දෙයියො බුදුන් අදහන්න යන්න එපා. Agent හරියට වැඩේ කරාම home affairs එකෙන් visa එක දෙනවා මිසක් නැතුව Agent ගෙ නම බලලා home affairs එකෙන් visa එක දෙන්නෙ නෑ. ලංකාවේ සංස්කෘතිය මෙහෙ නෑ. තමන්ගේ වැඩේ හරියට කරානම් තව කෙනෙක්ට recommend කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි එයා තමයි ඉන්න එකම Agent ගානට හැසිරෙන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ කොල්ලයි බල්ලයි ඔක්කොම ඒ agent ලගට ගිහින් ඒ Agent ට වැඩ වැඩි උනාම ලේසියෙන්ම යවන්න පුලුවන් high profile ටිකට වැඩි බර දීලා අනිත් අය වටේ යවලා ඔසී එපා කරන එක. ඒක සධාරණයි මොකද ඒක එයාලගේ business එක.අනික ඕනවට වඩා උඩ තිබ්බම එයාලා කියන ඒවා දොහොත් මුදුන් තියලා පිලිගන්නවා ලමයි. මොනවත් නොදන්න ඒ අහිංසකයෝ ඒවා අහලා සමහරවිට ගමන නවත්තලා දානවා.ඕක මම පෞද්ගලිකව දැක්කා එක Agent කෙනෙක් අතින් උනා ලංකාවේ situation එක නිසා visa දෙන එක hold කරලා තියෙන්නෙ කියලා සහ visa reject උනොත් අවුරුදු 5කට visa දාන්න බෑ කියලා.එහෙම උනේ මුරුංගා අත්තෙ තියපු agent කෙනෙක් අතින්.ලොකු ලොකු Agents ලට වඩා හොද පොඩි අය ඉන්නවා හරියට වැඩේ කරන. මොකද එයාලා බලන්නේ business එක develop කරගන්න. හැබැයි එයාලා ලගට එන්නේ perfect profiles නෙවෙයි. අන්න එතනදි එයාලා බලන්නෙ ලමයව කොහොමහරි අඩු පාඩු වහගෙන හෝ හදාගෙන ඔසී යවන්න. ඒ නිසා නමට රැවටිලා ලොකු ලොකු අය ලගට ගිහින් වටේ යන්න එපා. මම මේ කියන්නෙ perfect profile එකක් නැති අයට. Agent ඔයාට කෙලින්ම කියනවනම් යන්න පුලුවන්ද බැරිද කියලා, බැරිනම් හදාගන්න ඕන අඩුපාඩු මොනාද කියලා, එහෙනම් එච්චරයි. හොද Agent කෙනෙක් කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන් එහෙම කෙනෙක්. නැතුව කෝටි ගනන් සල්ලි පොතේ තියෙන්න ඕන, ආච්චිගේ කිරිමුත්තට benz එකක් තියෙන්න ඕන, කොළඹ නගර සීමාවේ තට්ටු සීයක ගෙදරක් ඕන, ඇමරිකාවේ ජනාධිපති දුරින් නෑදෑයෝ වෙන්න ඕන වගේ වැල් බයිලා කියවනවනම් එහෙම Agent කෙනෙක් ගැන group එකේ පෝස්ට් දැම්මත් කමක් නෑ තව එකෙක් යන එක නවත්තන්න.

04. ගෙදරම චාටර් නෑ එක ලමයෙක් පිස්සු කෙලියා කියලා.
ඒ කියන්නෙ මේකයි. මම ආපු Agency එක හොදටම හොදයි. හැබැයි ඒක එපා කරේ මගේ file එක handle කරපු මනුස්සය. එහෙම තව කතා මම ඊයෙත් දැක්කා group එකේ. ඒකට ඔයාලා කරන්න ඕන Agency එකට යන්න කලින් reviews බලන්න. ඒකෙන් ගියපු අයගෙන් විස්තර අහන්න. අහලා පිස්සු හෝන්තු ඉන්නවනම් එයාලා තමන්ගේ file එක handle නොකරන විදිහට වැඩ කරන්න. පුදනකොටම කාපි යකා කියලා ඒ මනුස්සයම file එක handle කරනවනම් දෙයියනේ කියලා file එකේ photocopy ටිකක් අරන් එන්නම් කියලා එතනින් මාරු වෙලා වෙන තැනකට යන්න. මොකද campus එකකින් offer එකක් ඇවිත් තිබුනත් ඔයාට Agent මාරු කරන්න අයිතිය 100% ක් තියනවා. කිසිම වෙලාවක බය වෙන්න එපා කලින් agent මෙහෙ අගමැතිට message එකක් දායි කියලා තරහට ඔයාගේ visa එක reject කරන්න කියලා. එහෙම කරන්න බෑ 🫠

05. සරවනබවන් එකෙන් කන්න සල්ලි තියාගෙන Hilton buffet එකට යන්න එපා එලවනවා.ඒ කිව්වේ ඔයාට financial වෙන විදිහකට කරගන්න ඕනනම් අකුරු තුනේ වගේ ලොකු ලොකු Agent කෙනෙක් ලගට යන්න එපා. ඒක එයාලගෙ වැරැද්දක් නෙවෙයි. කාගෙත් reputation එක තමයි first.(හැබැයි බෑනම් බෑ කියලා කෙලින්ම කියන්න ඕන වටේ යවන්නෙ නැතුව).අපිට ඒකට උදව් කරන agent කෙනෙක් ලගට යන්න. එහෙම කෙනෙක් කවුරුවත් කෙලින්ම කියන්නෙ නෑ මේ වගේ group එකක. හැබැයි හොයලා හොයලා හොදටම හොයලා හොයාගන්න පුලුවන්.

06. ඔය කිව්ව හැම විදිහටම ඕන විස්තර හොයාගන්න ඕනනම් ලොකු research එකක් කරන්න. Group එකේ උඩම තියන search bar එකේ තමන්ට ගැටලුවක් තියන දේ ගැන type කරන්න. උදා : Best agents, සෝ මනී ( ඕක English වලින් ගහපල්ලා මෙතන සිංහලෙන් දැම්මේ auto decline වෙන නිසා 😂) , offer, Uni payments වගේ ඒවා. එතකොට ඒකට අදාලව මෙච්චර කල් දාපු post ඔක්කොම එනවා. ඒ එකින් එක කියවන්න. එහෙමත් හොයාගන්න බැරිමනම් අලුත් post එකක් දාන්න.

07. උඩ කිව්ව කිසි දෙයක් කියන්න මේ group එකේ admi සෙට් එක කිසිම පගාවක් කාගෙන්වත් නොගත් බවටත්, මේවා කියලා උබලා ගොඩ යන එක මිසක් වෙන ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙන බවටත්, මේවා අපි අත්දැකීම්වලින් දන්න ඒවා මිසක් අපි Agentsla නොවන බවටත්, Agent කසු කුසුව බලාගෙන ඉන්න බැරිම තැන සැකතැන් විසදගන්න කියලා හිතාගෙන මේක දැම්ම බවටත් දිවුරා පොරොන්දු වෙමි 🫡🫡🫡

By Asanka Nuwan Thilakarathna

Convert your nursing Qualifications to AHPRA Accredited Bachelor Degree


අද කතාව දැනට ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ ඉන්න nursing qualifications තියෙන අයට..

01. ලංකාවේ nursing bachelor degree එකක් තියෙනවානම් හා දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්නවානම් one year bachelor degree එකක් කරලා nursing registration ගන්න පුළුවන්

02. ලංකාවේ nursing diploma එකක් තියෙනවානම් අවුරුදු 2 ක bachelor එකක් කරලා registration ගන්න පුළුවන්.

03 දැනට ලංකාවේ ඉන්න graduate nurse කෙනෙක් නම් AHPRA accredited Master of nursing වලට apply කරන්න පුළුවන්..

PTE හරි IELTS හරි each 7 තියෙනවානම් apply කරන්න පුලුවන්..

By Suranga Prasad

Teaching post 4 – Australian School Sectors and Salary Rates in Victoria

අද කතාකරන්නේ Australia වල school sectors සහ Victoria state එකේ teacher salary rates ගැන. 😋

Australiaවල මූලික වශයෙන් school sectors 3ක් තියනවා.

1. Public schools – රජයේ පාසල්. ලංකාවේ වගේම ඔස්ට්‍රේලියානු හෝ ප්‍රාන්ත රජයන් මගින් නඩත්‍තු කරන පාසල්. ගොඩක් දුරට නොමිලේ පාසල් අද්‍යාපනය ලබා දෙනවා.

2. Independent schools – පෞද්ගලික පාසල්. ගොඩක් වෙලාවට ළමයින්ගෙන් ගාස්තු අය කරනවා. ලංකාවේ තියනවා වගේ Islamic schools, Jewish Schools වගේ ඔක්කොම වැටෙන්නේ මේ අංශයට.

3. Catholic Schools – කතෝලික පාසල්. Catholic Church Body එකක් මගින් පවත්වාගෙන යන පාසල්. ගොඩක් වෙලාවට ගාස්තු අය කරනවා.

ගොඩක් teachersලා පිලිගන්න දෙයක් තමයි public schoolsවල teaching load එක, එහෙම නැත්නම් සතියකට උගන්නන්න තියන periods ගාන independent and Catholic schools load එකට සාපේක්ශව අඩුයි කියන එක. හැබැයි එහෙම නියතයක් නෑ ඒක school එක අනුව වෙනස් වෙනවා.

පහල image එකේ තියෙන්නේ Victoria Public Sector teachersලගේ salary structure එක. උදාහරණයකට, experience නැති graduate teacher කෙනෙක් 01/07/2023 සිට හෝ 2023 අවුරුද්ද ඇතුළත public school එකක වැඩ කරොත් වාර්ශික වැටුප (before tax) $76,484. වැටුප මාසිකව ගෙවන්නේ. නිවාඩු කාලෙත් වැටුප් ලැබෙනවා 😋 අවුරුද්දෙන් අවුරුද්ද experience add වෙනවත් එක්ක වැටුප වැඩිවෙනවා. ඒ විදිහට අවුරුදු 11කට මේකේ salary එක structure කරලා තියනවා. Independent and Catholic Schoolsවල වැටුප මීට සමාන හෝ වැඩී

Teaching Post 3 – Nature of teaching courses

අද විස්තර කරන්නේ teaching coursesවල අන්තර්ගතය ගැන. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ teaching degrees study කරන්න හිතාගෙන ඉන්න අයට.

Teaching course එකක mainly පහත areas වලට අදාල දේවල් උගන්වනවා.

classroom/student behavior management (හැසිරීම් කලමණාකරණය)

– Curriculum designs and pedagogies (විශය නිර්දේශයන් සහ උගැන්වීමේ ක්‍රමවේද)

– development and learning (ළමා වර්ධනය)

– inclusive education

– specialize කරන subjects වලට අදාල ඉගැන්වීමේ ක්‍රම

– Other electives

මීට අමතරව course එක අතරතුර teaching practice වලට schools වලට යවනවා. ඒකට හේතු දෙකයි. එකක් skills assessment එකට minimum 45 days supervised teaching practice අවශ්‍ය නිසා. අනික teacher කෙනෙක් වෙන්න content වලට අමතරව practice එකකුත් අවශ්‍ය නිසා. Course එකේ සාමාන්‍යයෙන් දවස් 60-80 අතර training යවනවා.

LANTITE – literacy and numeracy test for initial teacher education students.

මේ test එක teacher කෙනෙක් වෙන ඕනිම කෙනෙක් pass වෙන්න ඕනි exam ekak. Australia වල teacher කෙනෙක් වෙන කෙනෙක්ට ඉංග්‍රීසි සහ මූලික ගණිතය හැසිරවීමේ පුළුවන්කම තියෙන්න ඕනි. මේක external exam එකක් හැබැයි univesities වලින් අවශ්‍ය support එක සහ tutorials arrange කරලා දෙනවා. Exam එක face කරන්න chances 3i දෙන්නේ. ඇත්තටම හරියට practice කරොත් අමාරු exam එකක් නෙමෙයි. ලංකාවේ 7-9 වසර වල මට්ටමේ ගණිතය හා සමාන ගණන් තියෙන්නේ.

By Tishan Munasinghe

Teaching Post 2 – Part time jobs for teaching students


අද කතාකරන්නේ teaching study කරන්න එන studentsලට කරන්න පුළුවන් part time jobs ගැන. Studentsලට ආපහු work hour restrictions ඇවිත් තියන නිසා තරමක මුදලක් හොයාගන්න මේක උදව් වෙයි කියලා හිතනවා.

Australiaවල teaching study කරන student කෙනෙක්ට කියන්නේ pre-service teacher කෙනෙක් කියලා. මෙතනදී මූලික වශයෙන් jobs 2k ගැන කියන්නම්.

1. Out of School Hour Care (OSHC) assistant – ඉස්කෝල පටන් ගන්න කලින් සහ ඉවර උනාට පස්සේ primary school ලමයින්ව වැඩට යන parentsලා daycare වල තියනවා. සරලවම එයාල එක්ක චිත්‍ර අඳින්න, සෙල්ලම් කරන්න වගේ වැඩ තමයි assistant කෙනෙක්ට කරන්න තියෙන්නේ 😅 hourly rate eka $33-35 අතර range වෙනවා. වැඩ තියෙන්නෙ උදේ 6.30-9.00 සහ හවස 3.00-6.30 වගේ. ඉස්කෝල නිවාඩු කාලෙට full day work තියනවා. Australiaවල teaching agencies ගොඩක් තියනවා. ANZUK, Randstad, Teamkids වගේ එකකට join වෙලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන් job එකක්.

2. Teacher aide/learning support assistant/integration aide – මේ job එකේ කරන්න තියෙන්නේ classroom එකක teacher කෙනෙක්ට lessons කරන්න උදව් කරන එක සහ විශේෂ අවශ්‍යතා තියෙන ලමයින්ට ඉගෙන ගන්න උදව් කරන එක. School time එකෙ තියන ජොබ් එකක්, school holidaysවල වැඩ නෑ. Hourly rate eka $30-45 අතර range වෙනවා. Teaching study කරන අය automatically මේ job එක කරන්න eligible වෙනවා. වෙන අය කරනවා නම් certificate 3 in education support course එක කරලා තියෙන්න ඕනි. Agency එකක් හරහා හෝ school websites වල තියන jobs බලලා apply කරන්න පුළුවන්.

By Tishan Munasinghe

Teaching Study Paths + Post 1

මේ ටිකේ ගොඩක් දෙනෙක් teaching ගැන කතාවෙන නිසා විස්තර ටිකක් කියන්න හිතුවා…..

මුලින්ම study pathways ගැන කියන්නම්.

  • A/L ඉවර කරලා teaching study කරන්න එන්න කැමති නම් එන්න ඕනි Bachlelor of Education degree එක කරන්න. මේක අවුරුදු 4ක course එකක්. Early childhood/primary/secondary කියලා categories තියෙනවා ඒකෙන් එකක් select කරගන්න පුළුවන්. Teacher කෙනෙක් උනාට පස්සේ උගන්වන subjects (specializations/teaching methods) තීරණය වෙන්නේ education background එක අනුව, ගොඩක් වෙලාවට a/l වලට කරපු subjects අනුව.
  • දැනට degree එකක් තියනවා නම් ඊළග step එක master of teaching කරන්න එන එක. International studentsලට subclass 485 visa එක ගන්න නම් 2year master එක කරන්න වෙනවා. කලින් වගේම categories තියෙනවා, specialization තීරණය වෙන්නේ bachelor එකේ major එක අනුව. Master එක select කරගන්නකොට study discipline එක වෙනස් වෙන නිසා recommend කරන්නේ bachelor එකෙන් පස්සේ ටික කාලෙයක් teacher කෙනෙක් විදිහට work කරලා background එක මුලින් හදාගන්න එක.
  • මොන option එකට ආවත් entry requirements වලින් english language requirement එක ගොඩක් වැඩී. ඒකට හේතු දෙකක් තියනවා. එකක් teaching skills assessment එකට academic ielts L8 S8 R7 W7 අවශ්‍ය එක. අනික obvious reason එකක්, english speaking country එකක teacher කෙනෙක්ගේ english fluency එක near perfect වෙන්න ඕනි නිසා. මේ නිසා ගොඩක් universities ඉහත සඳහන් english requirement එක හරි ඊට ගොඩක් සමාන requirement එකක් ඉල්ලනවා. Univesities කිහිපයක් pte exam එකත් පිලිගන්නවා. මම recommend කරන්නේ ielts 7788 ගන්න පුළුවන්කම තියනවා නම් course එක කරන්න කියලා මොකද පස්සේ කාලෙක skills assessment එක ගන්න 7788 ගන්න ඕනි නිසා.
  • entry requirement එක විදිහට casper test එකත් pass වෙන්න ඕනි. මේක aptitude test එකක් වගේ. මේ test එකේ Practical scenarios වලට effective solutions දෙන්නයි තියෙන්නේ. සමහර univesities casper test eka වෙනුවට SOP එක වගේ statement එකක් submit කරත් පිලිගන්නවා.
  • අනිත් requirements uni එකෙන් එකට වෙනස් වෙනවා. Details ඔක්කොම uni websites වල තියනවා.

ඊළග post එකෙන් teaching course එකක ස්වභාවය සහ උගන්වන දේවල් ගැන කියන්නම්. ජය!

By Tishan Munasinghe

If you are coming to australia for IT Studies

ඕස්ට්‍රේලියාවේ IT related masters/ bachelors කරන්න එන අයට වැදගත් වෙයි.

– දැන් කෙලින්ම studies වලින් පස්සේ IT/ SE වලින් PR apply කරන්න අමාරුයි. ලකුණු මට්ටම උඩින් තියෙන්නේ.

– හරියට වැඩ කරන්න පුළුවන් නම් (නිකම් නමට degree නෙවෙයි) company sponsorships ගන්න පුළුවන්.

– ලංකාවේ experience තියෙනවානම් ගොඩක් වටිනවා. පුළුවන් නම් Bachelors කරන කාලේ ඉඳන් හරි experience හදා ගන්න. (Freelance කරලා හරි profile එකක් හදාගන්න.)

– මම දන්න අපේ උන් ඉන්නවා ඉගෙන ගන්න ගමන් freelance විතරක් කරලා cost එක cover කරගන්න. ඒ නිසා ලේසි ජොබ්ස් හොයන වෙලාවේ තමන් කරන්න ආපු profession එකෙන් දෙයක් කරන්න පොඩ්ඩක් බලන්න.

– මෙහෙ ගොඩක් openings තියෙන්නේ full technical positions වලට. QA/BA වගේ පැති වලට ටිකක් අඩුයි.

– කෝඩින් කරන්න නම් බෑ වගේ මනස්ගාත ඔළුවට දාගන්න එපා. Full stack development වලට පට්ට demand එකක් තියෙනවා.

– Cyber security හොඳ field එකක්. හැබැයි ඒකේ entry level jobs අඩුයි. එනවානම් මුල ටිකක් experience තියෙන්න ඕනි. (අනික වීසා එක ටිකක් බලපානවා මේ area එකේ)

– Data science මේ ටිකෙ trending ෆීල්ඩ් එකක්. හරියට self learning එහෙම කරලා තියෙනවානම් Part time jobs උනත් තියෙනවා.

– අනිවාර්‍යෙන්ම certifications කරන්න. (Azure/ AWS/ GCP වගේ එව්වා). මේවා නැතිව ජොබ්ස් වලට දාන එක අමාරු වැඩක්.

– LinkedIn profile එක හරියට හදා ගන්න. GitHub maintain කරන්න.

– හරියට experience තියෙනවානම් මෙහෙ partime එකක් උනත් හොයාගන්න එක එච්චරම අමාරු නෑ.

ජය!

from Haritha Thilakarathne

Australia Scholarships

ගොඩක් අය මේ ටිකේ දිගටම scholarships ගැන අහලා තිබ්බ නිසා කලින් කියපු එකක් ආයේ දාන්න හිතුනා.

  • Australia වල full scholarship එකක් ගන්න බොහෝ විට අවස්ථාවක් තියෙන්නේ research based studies වලට. ඒ කියන්නේ masters by research සහ PhD program වලට.
  • හැමෝම කියනවා වගේ full scholarship එකක් secure කරගන්න එක ලේසි නෑ. හැබැයි කරන්න බැරිකමක් නෑ. අනිවාර්‍යෙන්ම මෙන්න මේ කියන දේවල් තියෙන්න වෙනවා.

— 4 year bachelors degree එකක් (thesis එකක් එක්ක ඕනි. එහෙම නැත්නම් M.Phil එකක් වගේ කරලා තියෙන්න ඕනි)
— Bachelors ඩිග්‍රී එකේ class එකක් (first class එකක් තමයි ගොඩක් වෙලාවට ඉල්ලන්නේ)
— Research publication කරලා තියෙන එක.

මෙන්න මේ වගේ qualifications හදාගෙන තියෙනවානම් සහ ඇත්තටම research කරන්න ආසාවක් තියේනම් මේ පල්ලෙහා ලින්ක් වල තියෙන ක්‍රම වලට apply කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට full scholarship එකක් එක්ක course fee එක වගේම living expenses, air ticket, insuarance වගේ ඔක්කොම දේවල් cover වෙනවා.

මම කලින් ලියපු article දෙකක ලින්ක් මේත් එක්ක දාන්නම්.. වැදගත් වෙයි කියලා හිතෙනවනම් කියවලා බලන්න.

PhD එකක් කරන්නේ ඇයි – https://harithat.medium.com/phd-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF-633b19e4e176

Dreaming of a PostGrad – https://harithat.medium.com/dreaming-for-a-post-grad-2545b19ee3f7

From Haritha Thilakarathna (නාඩියා)

http://haritha.me/

Why do you need a backup plan if you are coming to studies leas demand courses in Australia.

ඇයි කියන්නෙ ඇයි IT studies, Accounting, Banking වලට එහෙම නැති නම් වෙනත් none demand කෝස් එකක් කරන්න ඔසී එපා කියලා හෝ එනවා නම් ස්ථිර පදිංචිය ගන්න වෙනත් ක්‍රමයක් ගැන හිතාගෙන එන්න.

එකට හේතුව දැනට ඉන්න marks 90 වගේ තියෙන අයටත් PR දාන්න visa invitation නැති නිසා.

මේ දවස් වල නම් ගොඩක් chance thiyenne job offer එකක් තියෙන අයට 491 visa එක ගන්න. ඉතින් IT job offer එකක් අරන් regional Australia වල වීසා එකක් දාන්න කට්ටක් කන්න ඕනෑ

ලොකුම අවුල කොරෝනා එන්න කලින් ඔසී වල කොම්පැණි බොහොමයක් IT වැඩ outsource කළා. දැනටත් බොහොමයක් එහෙම තමා. ඊට කලින් ඉඳලා එක කරන්න පටන් අරන් තිබුණේ. Australia වල ප්‍රධාන බැංකු ඔක්කොගෙම වගේ backend processing වෙන්නේ India Vietnam Indonesia වගේ රටවල.  ඒ වගේම තමයි Telecommunications industry එකෙත්.

දැන් Data centre එකේ කරන installation task විතරයි ගොඩක්ම වෙන්නේ. අනිත් දේවල් ගොඩක් වෙන්නේ remote site එකක ඉඳන් අපි Telstra වගේ company එකක fault එකකට කෝල් කළොත් answer කරන්නේ ඉන්දියාවේ කෙනෙක් 2nd level 3rd ලෙවෙල් එක පාවා ඉන්දියාවට යනවා. බැංකුවකින් ණයක් ගන්න ගියා උනත් එහෙමයි. මොකද Australia වල එක සේවකයෙක්ට ගෙවන Salary එකෙන් සේවකයින් කිහිප දෙනෙක් සේවයට ගන්න ඒ ආයතන වලට පුළුවන්. කෙලින්ම outsource නොකර office විදිහටම operate වෙනවා බොහොමයක් ආයතන ඒ රටවල් වල.


එක වෙලා තියෙන්නේ High speed internet connection එක්ක Remote connections වලින් කරන්න පුළුවන් නිසා remote කරන්න පුළුවන් job ඔක්කොම Labor cheep country වලට දීලා තියෙන්නේ.

කොටින්ම පහුගිය liberal national government එකෙන් immigration visa assessment එකත් outsource කරන්න ගියේ.

China එක තියෙන අවුල නිසා Cyber security ජොබ් නම් ගනී ඒත් එළියෙන් job visa ගහලා experience තියෙන උන් ගැන පුළුවන් කම තියෙද්දී fresh graduate ලාට ජොබ් දෙන්න ගොඩක් company කැමැති නෑ. මොකද අවුරුද්දක් වගෙ experience හදා ගත්තු ගමන් වෙන තැනක ජොබ් එකක් හොයන් යනවා.

මගේ අත්දැකීම මං කීප වතාවක් IT MSc ඉවර කරපු අයගේ CV දුන්නම මට ලැබුන උත්තරේ උනේ අපි හොයන්නෙ experience තියන අය කියන එක.
එකම එකෙක් ගොඩ දා ගත්තා. එයාට MSc එක කරන්න එන්න කලින් අවුරුදු 8 ක වගේ experience එකක් තිබුණා දැන් කරන ජොබ් එකෙන් ලංකාවේ, ඉතින් 189/190 visa invitation එකක් එනකන් දැනට වැඩ කරන company එකේ බලන් ඉන්න කොට company එකට එයාව ඕනා නිසා 186 sponsor එකක් දුන්නා. ඉතින් experience තියෙන කෙනෙක් master එකක් කරන්න ආවොත් ජොබ් එකක් සෙට් උනාම වැඩ පුළුවන් නම් company වලින් work visa එකක් දීලා හෝ PR එකට sponsor කරනවා.

Experience නැති කෙනෙක් එනවා නම් ඉතින්  backup plan එකක් එක්ක එන්න ඕනා.
Marry කරලා එනවා නම් ගොඩක් හොදයි කියන්නෙත් ඒකයි.
එක්කෙනෙක් ට permanent resident වී ගන්න බැරි උනොත් කියලා හිතලා,
Patner cleaning ජොබ් වගේ ඒවා කරන්න නොගිහින්.
පොඩි කෝස් එකක් කරලා demand job එකකින් PR ගන්න path  ගන්න පාර කපා ගන්න.
Onshore students visa එකක් දා ගන්න ලොකු කෙස් එකක් වෙන්නේ නෑ නේ. දැන් නම් ටික ටික onshore studies වීසා උනත් reject කරන්න පටන් අරන්. ඒත් agecare ජොබ් එකට 482 visa sponsorship හොයා ගන්න පුළුවන් නිසා එහෙම කෝස් එකක් වගේ කරලා regional area එකක age care එකක ජොබ් එකක් කරන්න ගන්න එක වටිනවා. අනික ඉගෙන ගන්න කෙනා උනත් part time job එක විදිහට agecare job එකක් කරන්න පුළුවන් නම් ආදායමටත්  හොදයි.

ලංකාවේ IT කරපු කෙනෙක් ඔසී වල Teaching Master එකක්  කළොත් ගොඩ යන්න පුළුවන්
ඉතින් IT degree එකක් තියෙන කෙනෙක් ලංකාවේ international school එකක හරි teaching job එකක් කරලා teaching master එකක් කරන්න පාත් ඒක හදාගන්න එහෙම කරලා වීසා දාන්න.
එකත් හොඳ option එකක්.

ඒ වගේම
IT master එකේ මුල මාස හය ඉවර වෙලා teaching master එකකට මාරු වෙන්න පුළුවන්, 2023 ඉදලා එක කරන්න බැරි කේස් එකක් තියෙනවා ඉතින් කෝස් ඒක මරු කටන්න බැරි නම්
IT master එක ඉවර වෙලා Post studies visa එකට නොගිහින් Teaching Master එකකට යන්න පුළුවන් හැබැයි එහෙම නොකර පළවෙනි master එක ඉවර වෙලා දෙවැනි එක විදිහට Teaching master එකෙන්  කරලා පස්සේ Post studies visa එක අරන් teaching job එකක් හොයන් PR දාන්නත් පුළුවන් එකේ තියෙන වාසියක් තියෙනවා ඒ වගේම bachelor එකක් කරන්න එක කෙනෙක් එකෙන් පස්සේ teaching master එකක් කළත් එහෙමයි.

ඒ තමයි,
Skill assessment එකට සහ registration එකට, එකට IELTS academic 8877 ගන්න ඕනා නෑ මොකද ඔයාට Australian studies 4 years පෙන්නන පුළුවන් නිසා.

ඒ වගේම ඔක්කොම ඉවර වෙලා 491 වීසා ගත්තොත් PR එක ගන්න 191 visa ගන්න වෙනවා එක ගන්න නම් 3 years ජොබ් එකක් කරන්න වෙනවා 491 වීසා ගන්න පළාතේ ජීවත් වෙන්නා වෙනවා රස්සාව කරන ගමන් ඉතින් ඒ දේවල් උනත් හිතන්න ඕනෑ. Master එක කරන්න regional area එකකට ගියොත් තව වාසි තියෙනවා.

Is there an age limit to apply for a Student Visa in Australia

ඔයාලා Is there an age limit to apply for a Student Visa in Australia කියලා Google කලොත් ඔයාලට එන්නේ There is no maximum age limit to apply for a Student Visa in Australia. කියලා එහෙනම් මොකක්ද මේ හැමොම කියන age limit එක?

අපි ඉගෙන ගන්න එන්නේ ආපහු යන්න බලාගෙන නෙවේයි නේ ඉතිං ඉගෙන ගෙන ඉවර වෙල ස්තිර පදිංචිය ගන්න වයස බලපානවා නේ මොකද වයස 45න් පස්සේ ස්තිර පදිංචිය ඉල්ලන්න අමාරු වෙනවා මොකද වයසට ලකුණු ලැබෙන එක නැති වෙලා යනවා 45 පැනපු ගමන්. ඒ වගේම අවුරුදු 40 පැනපු කෙනෙකේ ඉගෙන ගන්නමයි ඔසී එන්නේ කියලා ඔප්පු කරන්න ලෙසි වෙන්නේ නෑ ඔසිට්‍රේලියානු ආගමන විගමන එකට.

Australia Student Visa (Subclass 500): Latest Updates | Leverage Edu

ලොකුම අවුල තියෙන්නේ ලංකාවේ පාස්පෝට් එකේ Sri lankan passport එක ඔස්ට්‍රලියානු ආගමන විගමන එක ගනන් ගන්නේ ඉහල අවදානම් පාස්පෝට් (high risks passport)එකක් විදිහට ඉතින් අපේ student visa කරන agents ලා දන්නවා මොන කොස් එකට දැම්මත් මෙන්න මේ වයස් පැන්නාට පස්සේ විසා වෙන්න පුලුවන් කියලා.

ඉතින් එයාලා කියන විදිහට වල ඉදන් වලට Certificate & Diploma එකතු කරලා දාන student visa දාලා විසා ගන්න පුලුවන් වයස 23 වෙනකන් විතරයි.


Degree එකකට නම් වයස 25 වෙනකන් පුලුවන්.

MSc එකකට නම් වයස 35 වගේ වෙනකන් පුලුවන්.

හැබයි මේ හැම එකකම ඔයාලා පහල දේවල් පෙන්නන්න ඔනා එතනදි.

  • A genuine temporary entrant with the sole intention to study
  • Have incentives to return to your home country such as family or assets back home
  • Able to financially support yourself during the term of the visa

නැත්නම් මොන වසසේදි විසා දැම්මත් එක reject වෙන්න පුලුවන් මොකද ලංකාවෙන් විසා එකක් ඉල්ලපු ගමන් immigration එකේ ඉන්න කෙනා බලන්නේ කොහොම හරි එක reject කරන්න ඔනා කියන සිතුවිල්ලෙන් ඉතින් අපි දැන ගන්න ඔනා අපි හරියටම විසා එක දාන්න.



ඇත්තටම අපිට බැරිද මේ අපේ පාස්පොර්ට් එකේ තියෙන අවුල හදා ගන්න.

පුලුවන් එකට තමා මීට කලින් මම මේ ලිපිය Try Canada Australia visa while working in Middle East Country ලියලා තියෙන්නේ.

එකෙදි තව පැහැදිලිව කියනවා නම් Middle East Country එකක work visa එකක වැඩ කරනවා කියන්නේ අපේ Passport ඒකේ තියෙන High risk Category එක Medium risk Category එකට නිකන්ම මාරු වෙනවා.

Oman visa types


United Arab Emirates to grant residence permit to Nigerians for remote work  | DAILY BLAST

මොකද Bahrain, UAE වගේ රට්වල work visa එකක් කියලා කියන්නේ Resident Permit එකක් ඉතින් වයස මොක උනත්, ඔයාල ලංකාවේ Motor Mechanic/ Chef වගේ trade කොස් එකක් කරලා එකක අවුරුදු දෙකක් වගේ වැඩ කරන අතරේ Travel History එකක් එහෙම හදාගෙන ඔසි වල Student visa එකක් හරියට දැම්මොත් විසා එක ගන්න පුලුවන්. එතනදි ඔයාට travel history එකක් තියෙනවා නම්,
ඔසී විසිට් එකක් ඇවිත් Student එක දානවා නම් සල්ලි පෙන්නන එකෙන් උනත් ගැල වෙන්න පුලුවන්.
මතක තියා ගන්න එක Student visa ගත්තාට මදි කොස් එක ඉවර වෙලා ඔසී දිගටම ඉන්න නම් ස්තිර පදිංචිය ගන්න වෙනවා එතනදි වයස 45 පනින්න කලින් ඔක්කොම ඉවර කරන්න වෙනවා.

Vaccinated-international-students-to-return-to-nsw-by-the-end-of-the-year

ඔස්ට්‍රේලියාවට එන්නත් කළ ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගන්න NSW ප්‍රාන්තය වැඩ අරඹයි (SBS සිංහල/ වාර්තා)

International students

Source: Getty Images/urbazon

ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් ජාත්‍යන්තර සිසුන්ට දෙසැම්බර් මාසයට පෙර NSW ප්‍රාන්තයට පැමිණිය හැකිය.


ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ජාත්‍යන්තර සිසුන්ව ඉදිරි මාසවලදී බාරගැනීමට සූදානම් වෙයි.

කොවිඩ් වසංගතය පාලනය කෙරෙන අතරේ ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරිපත් කළ සැලසුම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනුමත කිරීමෙන් පසුව ඔවුහු මෙය ආරම්භ කර තිබේ.


Highlights

  • කොවිඩ් වසංගතයෙන් පසුව මහා පරිමාණයෙන් ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට රැගෙන එන පළමු ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැඳින්වේ.
  • Sydney නුවර Redfern හි ඉදිකළ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් නිරෝධායනය කර ජාත්‍යන්තර සිසුන්ව බාරගැනීමට සැලසුම් කර තිබේ.
  • ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් සිසුන්ට පමණක් පැමිණිය හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ජාත්‍යන්තර සිසුන්ව ඉදිරි මාසවලදී බාරගැනීමට සූදානම් වෙයි.

කොවිඩ් වසංගතය පාලනය කෙරෙන අතරේ ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරිපත් කළ සැලසුම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනුමත කිරීමෙන් පසුව ඔවුහු මෙය ආරම්භ කර තිබේ.


  • කොවිඩ් වසංගතයෙන් පසුව මහා පරිමාණයෙන් ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට රැගෙන එන පළමු ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැඳින්වේ.
  • Sydney නුවර Redfern හි ඉදිකළ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් නිරෝධායනය කර ජාත්‍යන්තර සිසුන්ව බාරගැනීමට සැලසුම් කර තිබේ.
  • ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් සිසුන්ට පමණක් පැමිණිය හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීම

ජාත්‍යන්තර සිසුන්ව යළි ගෙන්වා ගැනීම පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (24/09) පෙරවරුවේ කරුණු හෙළි කළේය.

Sydney නුවර Redfern හි ඉදිකළ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් නිරෝධායනය කර ජාත්‍යන්තර සිසුන්ව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගැනීමට සැලසුම් කර තිබේ.

මෙම නියමු ව්‍යාපෘතියේ පළමු අදියරේදී ජාත්‍යන්තර සිසුන් 500 ක් ගෙන ඒමට සූදානම් වන අතර  එය දෙසැම්බර් මාසයට කලින් සිදුවනු ඇත.

ඔවුන් සියල්ල විශේෂ ගුවන් යානා මගින් සිඩ්නි නුවරට පැමිණෙනු ඇති අතර එම ගුවන් ගමන සඳහා අදාළ සිසුන් විසින් ගෙවිය යුතු වේ.

නමුත් මෙම පිරිස් අතරට එක්විය හැක්කේ ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් සිසුන්ට පමණක් බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පැවසීය.

මේ වන විට Pfizer, AstraZeneca සහ Moderna එන්නත් පමණක් ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කර ඇත.

ඒ අනුව සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, ජපානය, තායිලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලින් පැමිණෙන සිසුන්ට මුල් අදියරේදී ඔස්ට්‍රේලියාවට පැමිණීමට වැඩි ඉඩක් ඇති බව SBS පුවත් සේවය වාර්තා කරයි.

එහි

එහිදී ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් ගහනයෙන් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන චීනයට සහ නේපාලයට අවස්ථාවක් හිමි නොවනු ඇති බවත් සඳහන්.International students Getty Images/Pollyana Ventura

නියමු ව්‍යාපෘතියට සම්බන්ධ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන

ජාත්‍යන්තර සිසුන්ව යළි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගෙන්වා ගැනීමේ මෙම මෙම නියමු ව්‍යාපෘතියට පහත සඳහන් විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සම්බන්ධ වේ.

  • Western Sydney University
  • Macquarie University
  • University of Sydney
  • UNSW
  • UTS
  • Australian Catholic University
  • University of Newcastle
  • University of Wollongong
  • International College of Management Sydney
  • Kaplan
  • Navitas
  • RedHill and Study Group

Change your path to reach your Goal

ඊයේ දාපු පොස්ට් එක නිසා කට්ටිය ගෙන් ප්‍රශ්න ගොඩයි.

ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමා තමන් ඉගෙන ගත්තු පාත් එකෙන් ඔසී වල එක PR ගන්න බැරි එක.

ඒ එක්කම

PR එක ගන්න ඔනා Skill එකක් ඉගෙන ගන්න ඔසී වලට student visa එන්න බෑ වයස වැඩි.

ඔයාලා කරලා තියෙන දෙයින් ඔසි එන්න බැරි නම් ලංකාවේදි පාත් එක වෙනස් කරන්න. වයස අවුරුදු 35ක කෙනෙක් NVQ Level 6 Nursing course එකක් පටන් ගන්නවා School of Nursing of Lanka hospitals වල එයා එක ඉවර කරලා Nursing master එකක් කරන්න ඔසී විසා එකක් දානවා.
ඔයාලාට ඔක්කොම ඉවර කර ගන්න පුලුවන් නේ අවුරුදු 45 වෙන්න කලින්.

අවුරුදු 42 දි ඉවර කලා කියමු.


වයසට ලකුණු 15
උපාදිය හෝ මාස්ටර් එකක් නිසා ලකුණු 15
Nursing නිසා IELTS අනිවා 7 දාන්න ඔනා නේ එකෙන් 10
ඔයා ඔසී වල Study in Regional Australia or a Low Population ගත්තොත් ලකුණු10
ඔසි වල ඉගෙන ගත්තොත් අවුරුදු දෙකක post stides visa එකක් දෙනවා නේ එකෙන් අවුරුද්දක් වැඩ කලොත් ලකුණු 5
491 විසා එකක් දානවා නම් ලකුණු15

15+15+10+10+5+15 =70

එත් පුලුවන් නේ PR එක ගන්න.

මම හැමදාම කියනවා වගේ ඉස්සෙල්ලම බලන්න ඔනා ඔසී වල ස්තිර පදිංචිය ගන්න පුලුවන් රැකියා ලයිස්තුව ( Skilled occupation list) එකෙන් ඔයාට කර ගන්න පුලුවන් වැඩිම ඉල්ලුමක් තියෙන රැකියාව තොරා ගන්න. අවුරුදු ගානක් ඉස්සරහට හිතලා වැඩ කරන්න.

එක පාරට යන්න ඔනා කියලා දැගලුවාට යන්න බෑ හිතන්න ක්‍රමයක්
ඔයාලටම සෙට් වෙයි හොඳම ක්‍රමේ.

Can a teacher migrate to Australia?

Rear View Of Students Sitting With Teacher
Source: Getty Images

පහුගිය දවස් වල අපි දැක්කා නේ ලංකාවේ ඉන්න ගුරුවරු වැටුප් විශමතාව ඉවත් කරන්න කියලා කොරොනා අස්සේ උත්ගෝෂන කරනවා. දැන් රට ලොක්ඩවුන් කරලා නිසා හිතන්න පාත් එකක් ලියන්න හිතුනා.

ඒ තමයි ගුරුවරයෙක් විදිහට වැඩ කරන කෙනෙක් ඔසී වලට එන්නේ කොහොමද කියලා.

අපි දන්නා ගොඩක් ගුරුවරු එයාලා උගන්වන ගමන් කුමක් හෝ විශ්වවිද්‍යාලක හෝ මහරගම ජාතික අද්‍යාපන ආයතනයේඋසස් අද්‍යාපන පාඨමාලාවක් හදාරනවා හෝ හදාරා තියෙනවා. උදාහරන විදිහට කොළඹ කැම්පස් එකේ Postgraduate Diploma in Education හෝ මහරගම NIE ඒකේ PGDE

විද්‍යාපීට ගුරුවරුත් OUSL එකේ Education Degree එක කරනවා. මේ දේකේම තියෙන්නේ , They are expected to teach 10 hours per week for 10 weeks under the guidance and supervision of two supervisors appointed by the Department කියලා ඉතින් ඔයාලා එක කරන කොට පොඩ්ඩක් හොයන්න ඔයාලාට more than 45 days supervise teaching තියෙන කෝස් එකක් හොයා ගන්න මං දැකපු විදිහට මේක වෙන්නේ Colombo University එකේ PGDE එකේ විතරයි දැනට. අනිත් ඒවා යේ site වල තියෙන details වලින් හොයන්න බැහැ. ගොඩක් වෙලාවට මෙක ගොඩක් වෙලාවට මේක මේ ආයතන වලින් දෙන PGDE transcript එකේ අවුලක් වෙන්න පුළුවන් මං දන්නේ නෑ ඔයලා කොච්චර Supervise teaching කල් ඒ කෝස් වල කරනවාද කියලා.

ඉතින් එහෙම කොස් එකක් ඉවර කරපු ගුරුවරුන්ට පිටරටක රස්සවකට හෝ ස්තිර පදිංචිය සදහා ඉල්ලුම් කරන්න අවස්තාවක් තියෙනවා.

එතනදි ඔසී ඇවිත් වැඩ කරන්න නම් ගුරුවරයෙක් විදිහට ලියා පදිංචි වෙන්න ඔනා එක ගන්න වෙන්නේ එන්න ඉන්න ප්‍රාන්තයේ තියෙන ආයතනයකින් ඒක හරියට ලංකාවේ NIE එක වගේම තමා.

ඒකට තියෙන ආයතන කිහිපයක් තමයි මේ මේ

ඉතිං අපි බලමු මේවායෙන් කියන මූලික කරුණු

මේ පහල ලිස්ට් එකේ තියෙන ලිස්ට් එකේ අයට එන්න පුලුවන් කමක් තිබුනා කොරොනා වලට රටවහන්න කලින් දැනට නම් එන්න පුලුවන් වෙන්නේ Priority Migration Skilled Occupation List එකේ තියෙන ජොබ් වලට අයට විතරයි කියලා ඔයාලා දන්නවානේ

Early Childhood (Pre-primary School) Teacher (ANZSCO 241111)
Primary School Teacher  (ANZSCO 241213)
Middle School Teacher (ANZSCO 241311)
Secondary School Teacher (ANZSCO 241411)
Special Needs Teacher (ANZSCO 241511)
Teacher of the Hearing Impaired (ANZSCO 241512)
Teacher of the Sight Impaired (ANZSCO 241513)
Special Education Teachers (nec) (ANZSCO 241599)

ඔසී වල ගුරුවරයෙක් විදිහට ලියාපදිංචි වෙන්න මොනවාද ඔනා වෙන්නේ

ඉස්සෙල්ලම කරන්න වෙන්නේ ඔයාලගේ අද්‍යාපන සුදුසුකම ඔසී වල පිලිගන්නවාද කියලා Qualifications Assessment එකක් කරන එක

එකෙදි ඔයාලා අනිවාරයෙන්ම අද්‍යාපනය සම්බන්දව උපාදියක් හෝ ඉට උඩ සුදුසු කමක් සපුරලා තියෙන්න ඔනා එක නිසායි මං මුලින් සඳහන් කලේ PGDE ගැන. ඉතිං දැන් ඔයලා PGDE එකක් කරලා තියෙනවා එකේ supervise teaching කරලා තියෙනවා නම් ඔයාලාට skills assessment එකක් ගන්න උත්සාහයක්දෙන්න පුලුවන්.

එතනදි තවත් දෙයක් බොහොම වැදගත් වෙනවා ඒ තමා English language requirement එක. ඔසි එනවා නම් ඉතින් ඉංග්‍රිසි ඔනාම නේ අනික ගුරුවරයෙක් විදිහට එනවා නම් උගන්න වෙන්නේ ඉංග්‍රිසියෙන් නිසත් මේක අනිවාර්යෙන් ඔනා

ඉතිං මම ඉහත කියපු ආයතන වලින් බලාපොරොත්තු වෙන ඉංග්‍රිසි මට්ටම පහල තියෙන්නේ

IELTS exam
Source: IELTS

International English Language Testing System (IELTS) Academic Module

Achievement in Academic module with an overall score of 7.5, comprised of the following skill areas

Speaking – 8.0
Listening – 8.0
Reading – 7.0
Writing – 7.0

International Second Language Proficiency Rating (ISLPR) Professional / Teacher Registration Module

Achievement in Level 4 in all four areas of speaking, listening, reading and writing. Test achievements are only deemed valid if provided by approved testing sites where the assessment is teaching-focused.

මේ දේවල් හරි නම් අපි වෙන ජොබ් එකකින් ස්තිර පදිංචිය ගන්න විස එකක් දානවා වගේම EOI එකක් දාලා VISA invitation එන කන් ඉදලා විසා එක ගන්න පුලුවන්.

එතකොට කවුරු හරි කෙනෙක් PGDE එකක් කරන ගමන් නම් ඉන්නේ එයාට පුලුවන්ද ඉගෙන ගන්න ඔසි එන්න?

ඔවු පුලුවන් එයාලට පුලුවන් Teaching Master එකක් කරන්න එන්න.

එතනදි බොහොමයක් කැම්පස් වලින් අනිවාර්යයෙන්ම IELTS Academic each band 7 ඉල්ලනවා.

ඒ වගේම විද්‍යා පීට වල කොස් එක ඉවර කරපු ගුරුවරුන්ට උපාදියක් කරන්න එන්න උනත් පුලුවන් එකෙදිත් ඉංග්‍රිසි නම් මාස්ටර් එකට වගේම ඔනා.

ඒ වගේම කොස් එක ඉවර කලාම ඔයලාට අවුරුදු දෙකක විසා එකක් දෙනවානේ ඉතින් එකෙන් එකක් හොයන් වැඩ කරන්න නම් උඩ මං කිවුවා වගේම ආයිත් ලියාපදිංන්චිය ගන්නම ඔනා.

වැඩි දුර විස්තර පහල ලින්ක් වල තියෙනවා.

South Australia Applying for Teacher Registration

Queensland Applying for Teacher Registration

Victoria Applying for Teacher Registration

Overseas-trained teachers Moving to NSW

ඔක්කොම දේවල් කර ගන්න පුලුවන් ඒත් මේකට යන සල්ලි හොයා ගන්න බෑ එක තමා ලොකුම අවුල ඉතිං අපි මොකද කරන්නේ.
මුලින්ම කරන්න ඔන ඔයාලගේ එක හදා ගන්න එක ඊලගට ඉංග්‍රිසි දැනුම. ඒ දෙක තියෙනවා නම් මැදපෙරදිග රටවල තියෙනවා ඔයාලාට ගිහින් කරන්න ටික කාලයක් කරලා සල්ලි ටිකක් හොයාගෙන හොඳ රටකට යන්න පාත් එකක් හදා ගන්න පුලුවන් මම ඒ ගැන කලිනුත් ලිපියක කිවුවා ඒ ගැන

naukrigulf teachaway වගේ සයිට් වල බැලුවා නම් විස්තර තියෙනවා

තව එකක් කියන්න ඔනා ගොඩාක් අය දුක් වෙනවා තමන් දැන් කරන උපාදියෙන් හෝ දැන් කරන ජොබ් එකෙන් ඔසී එන්න බෑ කියලා ඉතින් ඔයලාට කරන්න තියෙන්නේ ගුරුවරයෙක් විදිහට රස්සාව මාරු කරලා එක කරන්න ගන්න එක වගේම ඉංග්‍රිසි හදා ගන්න එක උඩ මම කියපු විදිහට ස්තිර පදිංචියට කෙලින්ම හරි ඉගෙන ගන්න ඇවිත් ස්තිර පදිංචිය ගන්න හරි පුලුවන් එතකොට.

ලංකාවේ teacher කෙනෙක් ඔසී ඉගෙන ගන්න එනවා නම් එයා එන්නේ PR දාන්න නම් අනිවා එයා
කරන්න ඕනා

  • Primary Teaching
  • Pre primary Teaching
  • Secondary Teaching

වගේ කෝස් එකක් මොකද Teaching job එකක් කරන්න Skill assessment එක ගන්න පුළුවන් කෝස් එකක් කරන්න වෙනවා මොකද PR ගන්න වීසා දෙන්නේ එහෙම ජොබ් වලට available teaching jobs බලන්න skill list එකේ idea එකක් ගන්න

අනික ඉ

Degree/Master එකෙන් පස්සේ

IELTS academic 8877 දාන ඕනා
Literacy and numeracy test එකක් pass වෙන්න ඕනා teaching registration ගන්න

අනික පෝස්ට් studie වලදී ඔයා Job එකක් හොයා ගන්න ඕනා
මුල අවුරුදු දෙක ඇතුලත

එහෙම කරන ගමන් Skill assessment එකක් දාන්න ඕනෑ PR එකට

How can try a developed country visa while working in Middle East Country?

Australia visa එකකට එහෙම නැතිනම් වෙනත් developed country වීසා එකකටකරන අයට සල්ලී නැත්නම් මුලින් මැදපෙරදිග ගිහිල්ලා එහෙන් apply කරන්න කියන Comment එක ගොඩක් පොස්ට් වලට දාල තියෙනනිසා මේ ගැන දන්න විදිහට විස්තර කරන්න හිතුවා.

  1. මැද පෙරදිග රටකට යන්න IELTS ඕනා නෑ සාමාන්‍ය English දැනුමක් එක්ක යන්න පුළුවන්.
  2. අවුරුදු ගානක experience ඕනා නෑ පොඩි තැනකින් පටන් ගන්න job හොයා ගන්න පුළුවන් – පොඩි කට්ටක් කන්න වෙනවා.
  3. Visit visa එකකින් ගිහින් Job එක්ක හොයන් work visa එකකට මාරු වෙන්න පුළුවන්.
  4. UAE වගේ නම් work visa එකක් කියන්නේ UAE resident permit එකක් එකක් තියෙන කෙනෙක්ට ලේසියෙන් යන්න පුළුවං රටවල් තියෙනවා. Azerbaijan Georgia විසා නැතුව යන්න පුලුවන් එහෙම කෙනෙක්ට traval history එකක් හදා ගන්න පුලුවන්. ඊට පස්සේ Europe visit විසා එකක් යන්න ඒ රටවල වලම ඉන්නවා Europe විසිට් එක්කන් යන traval agent ලා. එයාලා මගින් පුලුවන් Germany, France, Italy, Switzerland වගේ රට වලට Visit ඇවිදින්න ගිහින් අදාල කාලය තුළ ආපහු ආවොත් ඔයාගේ travel history එක හොදයි.
  5. එහෙම travel history එකක් තියෙන කෙනෙක් Australia Canada වගේ රටකට උනත් visit visa එකක් ඉල්ලුවාම සැක නොකර දෙනවා.
  6. ඒ වගේම කට්ටක් කාලා සල්ලි ටිකක් ඉතුරු කර ගන්න උනත් පුලුවන් නේ

Aussie වගේ නම් no further stay condition එක නැතුව visit එකක් ලැබුනොත්,රට ඇතුලට ආවාම students visa එක්ක දාන්න පුළුවං Course එකට ගෙවන්න ගාන විතරයි ගොඩක් වෙලාවට ඕනා වෙන්නේ.වයස උනත් බලපාන්නේ නැහැ.එහෙම ඇවිත් 30 වඩා වයස අය diploma වලට visa අරන් තියෙනවා.එකම දේPR ගන්න වයසට එන ලකුණු අඩු වෙනව.

A No Further inStay condition කියන්නේ මොකක්ද පැහැදිලි කරන්න.

මෙක තියෙන කෙනෙක් අනිවාඅ විසා එක ඉවර උනාම රටෙන් එලියට යන්න ඔනා A No Further Stay condition means you can’t apply for most temporary and permanent visas while you are in Australia.මෙක තියෙන කෙනෙක් අනිවා විසා එක ඉවර උනාම රටෙන් එලියට යන්න ඔනා

  1. Unable to travel for medical reason -> දරුනු ලෙඩ්ක් නිසා දොස්තරල Fly කරන්න එපා කියනවා නම්
  2. Death or serious illness of close family – >ඔසී ඉන්න තමන්ගේ පවුලේ කෙනෙක් ගේ මරණයක් හෝ දරුණු ආභාදයක්
  3. Natural disaster in home country -> තමන් ගේ පාස්පොට් එක තියෙන රටට යන්න බැරි තරම් ලොකු ස්භාවික ව්‍යසනයක් තිබීම
  4. War or civil unrest in home country -> රටතුල යුද්දයක් හෝ කොලාහල තිබීම මෙකෙන් තමා ඔසී වලට බොට්ටුවෙන් ආව අයත් ඉස්සර විසා ගත්තේ, මෙන්න මේ හේතුව නිසා තමා පහුගිය අරගලය කාලේ ඔසී වලට දාපු visit visa ගොඩක් reject උනේ.
  5. your school cannot provide your approved course

කොරොනා පටන් ගන්න කාලේ ඔසී විසිට් හිටිය ඔක්කොටම වගේ ​​​​No further stay waiver කරලා වෙන විසා එකක් දාන්න දුන්නා ගොඩක් දෙමවුපියන්ට තව අවුරුද්දක් ඉන්න විසා ගන්න පුලුවන් උනා

ඒ වගේම පහත දේවල් කරලා No Further Stay condition අයින් කරන්න කියලා ඉල්ලන්නත් බෑ

  1. Marriage or starting a de facto relationship with an Australian citizen or permanent resident -> ඒ කියන්නේ විසිට් එකක් ඇවිත් ඔසියෙක් කසාද බැඳලා විසිට් විසා එකේ No Further Stay තියෙනවා නම් විසා එක ඉවර උනත් යන්න ඔනා ගිහින් තමා Partner විසා එකක් දාන්න වෙන්නේ
  2. Failing your course -> ඒ කියන්නේ No Further Stayවිසා එකේ තියෙනවා නම් ඉගෙන ගන්න විසා එකක් දාන්න බෑ රටෙන් එලියට ගිහින් විසා එකක් දාන්න වෙනවා
  3. pregnancy -> ඒ කියන්නේ ළමයෙක් ලැබෙන්න ගියත් ඉන්න නම් බෑ. ළමයෙක් ලැබුනාත් ළමයගේ තාත්තා ඔසියෙක් නොවුනොත් ළමයාට දෙන්නේ දෙමවුපියන්ගේ විසා එක මොකද ඔසී කියන්නෙ birthright citizenship පිලිගන්න රටක් නෙවෙයි

ගොඩාක් විසිට් විසා වලට මේක වදිනවා විශේෂයෙන් ලංකාව වගේ රටවලින් විසිට් එන අයටරටේ ඉන්නේ නැතුව එලියට යයි කියලා ශුවර් අයට තමා No Further Stay නොදා විසා එක දෙන්නේඒකයි Middle East රටක ඉන්න ගමන් පුලුවන් තරම් ඇවිදින්න කියන්නේ UAE resident විසා තියෙන කෙනෙක් ට Europe visit විසා එකක් අරන් ලෙසියෙන් Europe විසිට් එකක් යන්න පුලුවන් Germany, France, Italy වගේ රට වලට Visit ගිහින් වලට ආපහු තමං ඉන්න රටට ආව කෙනෙට ඔසි විසිට් එකක් දෙන්න සැක හිතන්නේ මොකටද?

අනික තමයි no further stay condition එක තියෙද්දී ඔයාලා visa එකක් දැම්මාට ඔයාලාට bridging visa එකක් දෙන්නේ නැහැ. වීසා එකක් දාලා ආපහු ගියොත් ඔයාලා ආපහු offshore application කෙනෙක් වෙනවා එතකොට පරණ විදිහට තමයි වීසා එක process වෙනේ English requirement වගේම සල්ලි පෙන්න කේස් age එකේ තියෙන අවුල් ඔක්කොම ආපහු apply වෙනවා. ඉතින් no further stay condition එක එක්ක visit වීසා එකක් ආවොත් හොදම දේ ඔසී ඇවිත් පුළුවන් ඉක්මනට ගිහින් ආයිත් visit visa එකක් try කරන එක

කීයක් වියදම් වෙවිද?.

ඒ ගැන නම් හරියට කියන්න දන්නේ නෑ

උදාහරනයකට ඩුබායි අරන් මේ ලින්ක් බලන්න

විසිට් නම් යන්නේ විසිට් විසා එකේ ගාන
https://embassyofsrilankauae.com/consular-services/tourist-visa-to-sri-lanka/

ජොබ් එකක් සෙට් වෙනකන් ඉන්න තැනක් ඔනා ඒ වියදම
https://dubai.dubizzle.com/en/property-for-rent/rooms-for-rent-flatmates/

කන්න බොන්න interview යන්න transport වියදම
ජොබ් එකක් සෙට් උනාම රටෙන් එලියට යන්න ඔනා විසා එක ගන්න

අනික මතක තියා ගන්න පහුගිය අවුරුදු 5 තුළ ඔයාගේ travel history එක අවුල් නම්, ඔයා ඉන්න රටට ආපහු යනවා කියලා පෙන්නන හේතු නැති නම් වීසා එක reject වෙනවා. තමන් රස්සාව කරන රටේ savings හදා ගන්න රස්සාව අවුරුද්දකට වඩා වැඩියෙන් කරන්න වීසා දාන්න කලින්. අනිවා හොඳ Tavel history එකක් හදා ගන්න.

මේ දවස් වල නම් ඒ කියන්නේ ලංකාවේ economic crises එකෙන් පස්සේ මේ වැඩේ කරන්න බැහැ දැන් ගොඩක් අයට visit visa ගන්න බැහැ කොටින්ම නළු නිළියෝ ගායක ගයිකායිකාවන් දැන් flag වෙලා
උන් එනකොට Patner ව එක්කන් ඇවිත් එයාට studie visa දානවා ලු. ඉතින් Muscal show එකට එන්න ආපු සෙට් එකක වීසා reject කරලා කියනවා. ඒක නිසා මේ ක්‍රමේ try කරන්න හිතන එපා.

Visit visa වලින් ඔසී ඇවිත් වෙන වීසා වලට මාරු වෙන්න පුළුවන් ද කියලා ගොඩක් අය අහන නිසා මේ වීසා refuse reasons දන්නේ,

මේ ලංකාවේ හාමුදුරු කෙනෙක් Australian visit visa එකක් දාලා refuse උන හේතු පැහැදිලි කරලා තියෙන විදිහ මේ වීසා එක process කළේ Colombo Australia high Commission එකෙන්.
මේ හාමුදුරුවෝ ඔසී වලට මාස තුනකට එන්න visit visa එක ඉල්ලුවේ ඔසී පන්සලේ සමියියෙන් සම්පූර්ණ වගකීම ගන්නවා කියන කාලෙට ආපහු යනවා කියලා confirm කරලා ලියුමක් දුන්නා. ලංකාවේ හාමුදුරු කෙනෙක් කියල ඔප්පු කරන්න පුළුවන් ඔක්කොම evidence දුන්නා.මේ උදාහරනය ගන්නේ හාමුදුරු කෙනෙක් ගෙන් මෙච්චර විස්තර හොයනවා නම් ඔයාලා ගෙන් කොයි තරම් දේවල් බලාපොරොත්තු වෙයිද ? කියලා හිතන්න, ඉතින් Australian visit visa දාලා ඇවිත් වෙන එකකට මාරු වෙන්න හිතන්න වත් එපා දැන් නම්.

නම් ගම් මම අයික් කළා පුත්ගල රහසිබාවය රකින්න.

My decision is based on the following factors
You have stated in your application that you intend to travel to Australia to visit xxxxxxx zzzzz in Victoria.
In your application you state that you are a Buddhist Monk at the qqqqq bbbbb
Viharaya in pppppp , hhhhhh. However, you have given limited evidence of
supporting documentation regarding your current duties as a Buddhist priest within this
temple or evidence to show that this would act as a strong commitment to return to SriLanka.

You have very limited previous travel overseas in your capacity as a Buddhist Priest and
therefore you have no history of compliance with immigration law. I am therefore not satisfied
that you are a genuine visitor or that you have shown sufficient incentive to return to Sri
Lanka.

While I have given due consideration to the letter of support provided by sponsors in
Australia, I am not satisfied that this in itself would act as sufficient guarantee to warrant your
return to Sri Lanka. Given the limited documentation provided regarding your circumstances
in Sri Lanka, I find that I am not satisfied that you intend a genuine visit to Australia.

After considering the information provided, I am not satisfied that the applicant genuinely
intends to stay temporarily in Australia for the purposes set out above.

Therefore, I am not satisfied that the applicant meets the relevant criteria in clause 600.211
in Schedule 2 of the Migration Regulations.


#aussie #australia #studentvisa #visitvisa #UAEVISA

Would you like to come to Aussie

ඕස්ට්‍රේලියාවට එන්න කැමති නම්

ඕස්ට්‍රේලියාවට එන්න බලන් ඉන්න skilled workers ලට border exemption අරගෙන අද හෙටම ඕස්ට්‍රේලියාවට එන්න පුලුවන් chance එකක්✈️✈️✈️🇳🇿🇳🇿🇳🇿
අලුතින් එකතු උන occupations 22 ත් සමග occupations 41 කට Australia වලට එන්න. පුලුවන්. ඔබට ඒ සදහා employer nomination or sponsor visa ලබා ගැනිමට සිදුවෙනවා. ඒ වගේම 491 වැනි visa තිබෙන අයට මේ occupations වලින් job offer තිබේ නම් එයාලටත් එන්න පුලුවන්. ඕස්ට්‍රේලියාව ගැන හැමදෙයක්ම දැනගන්න අපේ channel එකට එකතු වෙන්න.

වැඩි විස්තර සදහා මේ ටික කියවන්න

ඕස්ට්‍රේලියාවට work visa ගන්නේ කොහොමද ?
✈️✈️✈️✈️✈️✈️✈️✈️🇳🇿🇳🇿🇳🇿🇳🇿🇳🇿🇳🇿🇳🇿🇳🇿
පලවෙනි කොටසින් මම කතා කලා work visa කියන්නේ මොකක්ද, work visa වර්ග මොනවද එමෙන්ම 407 training visa එක ගැනත් කතා කලා.
අද කතාකරන්න යන visa එක තමයි මේ කාන්ඩයේ වැදගත්ම visa එක. TSS 482 නැත්නම් Temporary skill shortage visa 482. මුලින් තිබුනු 457 visa එක වෙනුවට අලුතින් ඇති කරපු visa එකක් තමයි මේ 482 visa එක.( https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/temporary-skill-shortage-482)

මේ visa එක කොටස් 3කින් ලබා දෙනවා

  1. Short term stream
  2. Medium term stream
  3. Labour agreement stream

මේ visa එකට apply කරන්නේ කොහොමද 🤔🤔🤔

මේ 482 visa එකට apply කරන්න අවශ්‍ය process එකේ කොටස් 3 ක් තියෙනවා.

  1. Sponsor application by employer
    Employer විසින් Australian government එකට application එකක් යොමුකරන්න ඕන තමන්ගේ ආයතනයට overseas skilled workers ලා අවශ්‍යයයි කියලා.
  2. Nomination
    Australian government එක මගින් අදාල කරැණු සලකා බලා employer හා employee approve කරන ක්‍රියාවලිය.(මේ step වල ලොකු කතා තියෙනවා ඒවා ලොකුවට අපිට වැදගත් නැ)
  3. Visa application by nominemployee
    මේක තමයි අපිට වැදගත්. මේ visa එක දාන්න අපේ තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා අපි දැනගන්න ඕන
  • මොකක්හරි skill එකක් තියෙන්න ඕන ඉහත සදහන් කල skill list වල තියෙන.
  • ඒ skill එකට අදාලව positive skill assessment එකක් ඕන.
  • 2 years minimum work experience තියෙන්න ඕන.
  • IELTS/ PTE each 5 තියෙන්න ඕන
  • වයස ගැටලුවක් නැ.

ඔන්න ඔය සේරම කරැණු සාර්ථක උනාම visa එක වදිනවා.
මේ visa එක දාන එක තනියම කරන්න බැ. අනිවාර්යයෙන්ම migration lawyer කෙනෙක් හරහා කරගන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔයාව ගන්න කැමති company එකෙන්ම lawyer කෙනෙක් දෙනවා.

සාමාන්‍යයෙන් වියදම 10,000 ඉදලා 14,000 aud වගේ වැඩේට යනවා.

මේ visa එක ගන්න තියෙන ප්‍රධාන ගැටලුව මොකක්ද?

ප්‍රධානම ගැටලුව තමයි Australia වල ඉන්න employer කෙනෙක් ඔයාට sponsor කරන්න කැමති වෙන එක. Employer sponsor කරන්න කැමති උනොත් මේ වැඩෙන් 75% ක් ගොඩ යනවා.

අපි කොහොමද sponsor කෙනෙක් හොයාගන්නේ

Sponsor කෙනෙක් තමන්ට හොයාගන්නත් පුලුවන්, agency එකකින් හොයාගන්නත් පුලුවන් (agency කාරයෝ ගොඩක් හොරැ ඉන්න නිසා තමන් තනියෙන් try කරන්න)

තමන් කොහොමද try කරන්නේ

  1. ඔයාගේ qulification හදාගන්න.
  2. English හදාගන්න exam කලත් කමක් නැ
  3. Linkedin profile එකක් හදන්න හදලා එකේ තමන්ගේ qualifications, certificate, CPD points වගේ සේරම update කරන්න. ඊට පස්සේ job description එකේ දාන්න looking for chef job in Australia (තමන්ගේ job එක ). තව linkedin එකේ Australia වල වැඩ කරන තමන් කරන job එකට අදාල professional ලට request යවන්න. එයාලත් එක්ක chat කරන්න (වල්පල් නෙවෙයි). මම දන්න මගේ field එකේ දෙන්නෙක් මේ විදියට sponsors ලා සෙට් කරගෙන ගිය මාසේ Australia ආවා. මේක තමයි සාර්ථකම ක්‍රමය.
  4. Jobactive website එකේ jobs වලට apply කරන්න. මේ website එක Australia වල jobs හොයන්න තියෙන government approved එකක් https://jobsearch.gov.au/
  5. Seek, Indeed, Jora වගේ website වල search කරන්න.
  6. හැමවෙලේම job වලට apply කරද්දි Australia වට ගැලපෙන resume එකකුයි cover letter එකකුයි හදාගන්න(මගේ youtube channel එකේ මේක කරන්නේ කොහොමද කියලා තියෙනවා)
    https://youtu.be/2vSLxAK4Fvo
  7. පුලුවන් තරම් regional area වල jobs වලට apply කරන්න.

මේ visa එක ගන්න අමාරැයි නමුත් try එකක් දීලා visa එක වැදුනොත් ගොඩ අවුරැද්දකට minimum 53,900 plus supper ලැබෙනවා. ඇතැම් states වල ලමයින්ට school free
https://youtu.be/E1nSLVAGDkQ

Suranga Prasad

AGENTS

අපෙ අයගේ ලොකුම වැරද්ද තමා shortcut වලින් ගොඩ යන්න බලන එක .ඒක නිසා හොර agency open වෙනවා වැඩී. Genuine agency එකකින් shortcut නැහැ කිව්වාට .අපේ අය බලන්නෙ ලේසීයෙන් වැඩේ කරන්න .. එතකොට නිකම්ම හොරෙක්ට සල්ලි පුදලා කෙල කරගන්නවා
ඇත්තමයි මේ වෙද්දී මරණ තර්ජන එමටයි…

May be an image of text

උදේ ඉදන් විවිද ආකාරයෙන් එන තර්ජන දැක්කම තේරෙන එකම දේ, මේ රටේ හරියට දෙයක් පට්ට අමාරුයි බන්…

මේ හැමදේම අතහැරලා දාන්න හේතු 1000ක් තියෙද්දී, උන්ට තව එකෙක් බිලි බා ගන්න නොදී ඉන්න තමයි මමයි මලින්තයි, මේකේ පොස්ට් වලට reply දාලා තමන් දන්නා දේ කියලා දෙන අපේ අනිත් උන් ටිකයි try කරන්නේ.

ඒක නිසා අපි කියන දේ තේරුම් ගන්න බලපල්ලා…

කලේ කාගෙන පොස්ට් දාන්නේ වැඩක් නැති නිසා නෙවේ,පොඩ්ඩක් එකම මගුල හැම වෙලේම අහන්නත් එපා… inbox අස්සේ හැමිනේන්නත් එපා… තේරෙන සිංහලෙන් කිව්වේ… මම කැමති මම දන්න දේ එලි පිට කියන්න තව එකෙක්ට ප්‍රයෝජනයක් වෙන්න.අද කතාව, කාක්කෝ,මම පහු ගිය ටිකේ හොයා ගත්තු දේවල් එක්ක සරලවම උඹලට ඒජන්සි කාක්කෝ විදිහක් කියල හිතුවා.මේ කතා කරන්නේ student කියන තැන ඉදගෙන, SKILL පැත්ත තවම මම ගැලප ගත්තේ නැහැ..ඔස්ට්‍රේලියාව නවසීලන්තය සහා කැනඩාව යන රටවල් වල, අපි Bachelor එකක් කරන්න එන්රෝල් උනොත්,අපිව ඇස්සිට් කරන agent ට අපි වෙනුවෙන් ලැබෙන අවම මුදල 5% ක් වගේ…

මිට වැඩි මිසක් අඩුවක් නැහැ.

එතකොට එක පළමු වසර සදහම ලැබෙනවා… ඒ කියන්නේ අපි හිතුවිත් AUD 30,000 ට ගලපුවොත් AUD 1500/- ලංකාවේ මුදලින් 225,000/- උඹව ඒ රටට පටවනවට ලැබෙනවා…

මම වියපරිකයෙක් විදිහට මේ මුදල බලන්නේ. මගේ කාලය සහ ශ්‍රමය වය කරලා ගන්න ඉහලම මුදලක් විදිහට,ඇයි බන් මාසෙට එකෙක්ව ගොඩ දැනමත් ඇතිනේ. ඉතින් මම මගේ උපරිම දෙනවා මේ එක application එකකට.එච්චර මුදලක් ඔවුන්ට ලැබෙනවා නම් ( මේ ගැන මම දන ගත්තෙත් මේ ලගදී ) ඇයි අපි තව වැඩිපුර ඇඩ්මින් fee එකක් ගෙවන්නේ… ගෙවන්න අවශ්ය .නැහැනේ… අපේ application එක ගොඩ දැන්මොත් එයාලත් ගොඩනේ… සරලයිනේ කථාව..පලවෙනි නියමය, මොකෙක් හරි මේකට උඹෙන් ඇඩ්මින් ෆී එකක් ඉල්ලුවොත් ඒ කියන්නේ උට උව sure නැහැ… visa එක දැන්මට එක sure නැහැ… ඒ යකාගේ වය කරන කාලය පිලිබදව උ පට්ට වොරි වෙනවා…. ගැස්සුනොත් කලෙත් නැහැ අදයමකුත් නැහැ කියලා…සරලවම ඒ වගේ උන්ව හලපන්…. උන් කාක්කෝ ඊළගට SOP එක ලියන්න, documents check කරන්න කියල සල්ලි ඉල්ලුවොත් උන්වත් හලපන්… මොකද එක උගේ job එක…අපිට එක කරන්න පුළුවන් නම් ඒ යකා ගාවට යන්නේ නැහැනේ… උගෙන දෙයක් අහලා එකට උට answer එකක් දෙන්න බැරිනම්… ඒ වේලම නැගිටලා යමන්… මොකද ඒ වගේ උන් lodge කලට පස්සේ මලාට බලන්නේ නැහැ උඹ ගැන..

සැ.යු. : සමහර බ්‍රෑන්ඩ් names තියනවා ඒ company එකෙන් file එකක ගියාම එම්බසි එකෙන් file එක genta ..කියලා. එහෙම නමක් තියන මිනිස්සු හොර වැඩ කරන්නෙම නැති තරම්… ඒ ය උඹෙන් ඉල්ලුවොත් ඇඩ්මින් fee එකක්… එකග වෙයන් visa එක approve උන දාට ගෙවන්න… එකේ මම වැරද්දක් දකින්නේ නැහැ… මොකද එක උන්ගේ අයිතියක්… හැබැයි වැඩේ ඉවර වෙලා.. අවසානෙට මොන යකා file එක lodge කලත් අන්තිමට application එක lodge කරන්න කලින් වෙලාවක් ඉල්ලගෙන අවම පැයක්වත්… උත එක්ක ඉදගෙන SOP එක කියවපන්… application එක උඩ ඉදන් යටට කියවපන්… අකුරක හරි වැරද්දක් දැක්කොත් කියල අයේ refill කරපන් application එක… මොකද ඔය උඹේ ජිවිතේ..නිකන් හරි පලවෙනි පාර reject උනොත් refusal notice එක අරගෙන දන්නා කෙනෙක්ට කියල තේරුම් ගන්න බලපන වෙලා තියන වැරැද්ද… එක 100% හද ගන්නේ නැතුව ආයේ ආයේ දාන්න එපා මණික…

ගොඩාක් කෙල වෙච්ච විසා ගැන කියලා… පතරංග හැලි ගොතල agents ල ගැන බැනලා දාපු පොස්ට් වල උන්ට කතා කරපුවම… කියන්න සතුටුයි.. උන් ඔක්කොම කැමැත්තෙන් ඇර ගත්ත උන්

1. documents හොරට හදලා

2. සල්ලි හොරට පෙන්නලා

3. උප්පන්නෙත් හදලා නෑදෑ කම් පෙන්නන්න

4. ඩිප්ලෝමා එකක්වත් නැතුව masters දාලා ෆුල් time ජොබ් කරන්න

5. කොහේ හරි ඉන්න කළු කඩ කාරයෙක්ට සල්ලි පුදලා ඕස්ට්‍රේලියාවේ apple වත්තක apple කඩන්න

6. හැමෝම එකම රටට යන්න උවමනත් නැහැ.. යන්නත් බැහැ… එක නිසා තමන්ගේ මුදලට.. තමන්ට ගැලපෙන රටට යමන්… තමන්ගේ හින වලට පාර කපා ගන්න.. පස්සේ පුළුවන් උඹ යන්න

7. IELTS PTE වලට .. .agent එපා කිව්වොත් ඒ යකට ඔව්න උඹේ මේ වෙලේ තියන සල්ලි සුරගෙන කන්න… මොකද ඕක අනිවාර්ය දෙයක් බන්… එක නිසා එක කරපන් අපි හැමෝටම පුළුවන් ඉංගිරිසි ගොබ්බයො නොවී පොඩ්ඩක් හොයපල්ලා…. හෙව්වොත් වරදින්න විදිහක් නම් ලොවෙත් නැහැ…

අපිත් මේ උත්සහ කරන්නේ උඹලව ගොඩ දාන්න ඉතා වැදගත් : මචන්ලා මේකේ අදහස දක්වන අපේ උන්ගේ inbox අස්සේ හමිනෙන්න එපා…

උන් මේකෙන් ගියොත් උඹල අයෙත් .තනි වෙනවා… ඔව්නම දෙයක් එළිපිට අහපන් උන් පුළුවන් වෙලාවට උත්තර දෙයි..

එහෙම කිව්වේ උන්ට මල ඇනයක් වෙන්න උඹලා දෙන වදේ නිසා… අක්කා කෙනෙක් මට එව්වා උඹලා එවන පොස්ට්…

රටවල් 12ක් ගැන විස්තරේ අහලා සරින් සැරේ .ඇවිත්.. මොංගල් නේ බන්…

එහෙමනම් ජය වේවා — Dishan Fernando with Malintha Lakmal.

With Patner

Marry කරලා Australia එන්නද කල්පනාව එහෙනම් මේ පොරොන්දම් ගලපන්න

ඕස්ට්‍රේලියාවට එන එක PR එක ගන්න එක ලංකාවේ බොහෝ දෙනෙක්ගේ හිනයක්. ඒ හිනය සාර්ථක කරගන්න විවිධ මාර්ග අනුගමනය කරන්න පුලුවන්.
May be an image of one or more people, sky and text

කෙලින්ම PR අරන් එක එක, work visa අරන් එන එක, Student visa අරන් එන එක ආදී ලෙසට. මේ අතුරින් student කෙනෙක් විදියට ඕස්ට්‍රේලියාවට එන එක තමයි ලේසිම ක්‍රමය.අද මම කතාකරන්න යන්නේ Marry කරලා Partner එක්කන් ඕස්ට්‍රේලියාවට Student visa දාන්න ඉන්න අයට සම්බන්ධ මාතෘකාවක් කොහොමද Partner එක්කන් එන්නේ.ඔයාලට bachelor එකකට , Masters වලට , Mphil වලට හා phd වලට dependent ව අරන් එන්න පුලුවන්. හැබැයි bachelor එකට dependent එක්ක එන්න visa දාද්දි ලොකු risk එකක් තියෙනවා visa refuse වෙන්න. ඒක නිසා මගේ මතය තමයි Masters හා ඊට උඩ උපාධි සදහා පමණක් dependent සදහා visa apply කරන එක.Australia වල PR journey එක ලොකු stress එකක් ඒ වගේම අවදානම් , වියදම් අධික, අවුරැදු 5-6 ක දීර්ඝ කාලයක් මනාව සංවිධානය කල යුතු කාර්යක්. එම කාලය තුලදී තමන්ට හයියක් වෙන්න කවුරැහරි ඉන්නවානම් ඒක ලොකු දෙයක්. ඒ හයිය සැහෙන්න වටිනවා. බැදලා නැත්නම් කොහොමද තමන්ගේ dream එකට හයියක් වෙන partner කෙනෙක් හොයාගන්නේ.

1. ඔසී එන්න දෙන්නටම උණ තියෙන්න ඕනමම මුලින් කිව්වනේ masters වලට apply කරන එක හොදයි කියලා. එතකොට Partner ට full time work rights හම්බවෙනවා. ඒ අනුව student කාලයේදි අවුරැදු 2කුත් TR එකේදි අවුරැදු 2-3 අතර කාලයක් ගැටලුවක් නැතුව work කරන්න පුලුවන්. ඒක නිසා ඔයාටත් partner ⁣ටත් Australia එන්න උණක් තියෙන්න ඕන. Toilet හරි clean කරනවා කියලා හිතහදාගෙන එන්න ඕන. තමන්ගේ partner එහෙම කැමති නැත්නම් Australia එන්න එපා අනිතමට දීගෙත් කැඩිලා තමයි නවතින්නේ ඕනතරම් උදාහරණ තියෙනවා.

2. දෙන්නගෙන් එක්කෙනෙකුට සල්ලි පෙන්නන්න ක්‍රමයක් තියෙන්න ඕන.සල්ලි වලට Marry කරන්න කියන එක නෙවෙයි. නමුත් ලංකාවේ ගොඩක් අය ඕස්ට්‍රේලියාවට , කැනඩාවට යන්න බැරැව ඉන්නේ සල්ලි පෙන්නගන්න බැරැව. එතකොට එක්කෙනෙකුට හරි ඒ හැකියාව ඇත්නම් වැඩේ ගොඩ. අඩුම ගානේ ඉඩමක් හරි තියෙන්න ඕන.

3. Plan b එකකට යනවානම් dependant ට bachelor එකක්වත් තියෙන්න ඕන.මොකක්ද මේ plan b, ඕස්ට්‍රේලියාවට master එකකට ඇවිත් TR එකත් ඉවර වෙනකන් PR එක දාන්න බැරි උනොත් dependant ට නැවත student visa එකක් දාන්න පුලුවන් masters වලට එතකොට කලින් ඉගෙනගත්ත කෙ⁣නාට full time work rights හම්බවෙනවා. එයාට Australia වල ඉගෙනගත් නිසා related job එකක් ගන්න chance වැඩියි.job එකක් ලැබුනොත් PR ගන්න පුලුවන්. Bachelor එකක් ⁣dependant ට නැත්නම් මේක කරන්න වෙන්නේ නැ. එතකොට කලින් ඉගෙන ගත්ත කෙනාට job එකක් full time කරන්න වෙන්නේ නැ. ඒක නිසා තමන්ගේ partner ට bachelor එකක් තියෙන එක වටිනවා.

4. Dependant එන කෙනාට skilled assessment එකක් කරන්න පුලුවන් qualifications තියෙන්න ඕන.PR එක දාද්දි dependant ට ලකුණු 10 ක් අරන් දෙන්න පුලුවන් skilled එකෙන් හා English වලින්. එතකොට උදාහරණයක් විදියට dependant ට skilled list එකේ skill එකක් තියෙනවානම් positive skilled assessment එකක් තියෙනවානම් ලකුණු 5 ක් ද English each 6 ගන්න පුලුවන් නම් ලකුණු 5 ක් ද අරන් දෙන්න පුලුවන්.

Marry කරන්නේ නැතුව එන එක වාසියක් නැද්ද?

තියෙනවා, Australia වල PR තියෙන කෙනෙක් බදින්න chance එකක් තියෙනවා🤣🤣🤣. PRඑක ගන්න ලකුණු 10 ක් නිකම්ම ලැබෙනවා.

මේ දේවල් හරියට දැනගෙන plan කලොත් Australia වල PR එක ගන්න ලොකු අමාරැවක් වෙන්නේ නැ.ඕස්ට්‍රේලියාව ගැන හැමදෙයක්ම අපේ youtube channel එකෙන් දැනගන්න, Subscribe කරලා එකතු වෙන්න. https://www.youtube.com/channel/UCNR77oeH1EFtRkREgaN14GQ

සුරංග ප්‍රසාද්,
Migration lawyer කෙනෙක් නෙවෙයි.
පොතපත ඇසුරෙන්

Australian Visa Scams

කවුරුහරි කියනවා නම් ඕස්ට්‍රේලියාවේ unskilled visa ඒ කියන්නේ පහළ තියෙන ඒවා වගේ ජොබ් වලට

  • පෙට්‍රල් ගහන්න
  • ඇපල් කඩන්න වගේ ෆාම් වල වැඩ වලට
  • සුපර්මාර්කට් වල වැඩ කරන්න
  • ගෙවල් වල වැඩ කරන්න
  • වයසක මිනිස්සු බලා ගන්න
  • Cleaning ජොබ් වගේ වලට
  • පිඟන් සෝදන්න
  • ගෙවල් වල Driving වලට
  • ජල නල කාර්මික
  • හෝ unskilled workers

ලංකාවේ passport එකක් තියෙන ඔයාලාට විසා අරන් දෙනවා කියලා

මේවා ජනප්‍රිය පට්ට පල් බොරු.

ඒවගේම මේ unskilled worker visa අරන් දෙනවා කියලා කියන එකාත් පට්ට හොරෙක්

ඔසී එන්න කෙටි පාරවල් හොයන්න ගියොත් ඔයාලට සොරිම තමා. තියෙන සල්ලි ටිකත් නැති කරන් ගෙම දුන්න එකාගේ පරම්පරාවටම බැන බැන ඉන්න තමා වෙන්නේ

Australian Visa Scam | Australian Visa A to Z | MetaCareTribe - YouTube

ඔසී ස්තිර පදිංචිය ගන්න නම්

  1. Student visa එකකින් ඇවිත්  ඔසී වලට ස්ථිර පදිංචිය දෙන Skill එකක් ඉගෙන ගෙන ළකුනු හදාගෙන PR එක දාන්න ඔනා හෝ TR එකක් අරන් PR එකට මාරු වෙන්න ඔනා
  2. ඔසී වලට වීසා දෙන Skill එකක් තියෙන කෙනෙක් එලියේ ඉදන්ම ලකුනු හදාගෙන PR එක හෝ TR එකක් අරන් PR එකට මාරු වෙන්න ඔනා
  3. ඔසී PR හො Citizen තියෙන කෙනෙක් කසාද බැඳලා Partner විසා එකක් ගන්න ඔනා, දැන් ඒකට කසාද සහතිකය තියෙනවා කියන්නෙ විසා එක ගන්න එකන් 10%ක දෙයක් විතරයි Relationship එක genuine කියලා ඔප්පු කරන්න ඔනා. විසා එක ගන්නත් මාස 18-26 අතර කාලයක් බලන් ඉන්න ඔනා.
  4. ඔසී වලට Work Visa එකක් ගන්න පුලුවන් ඔයා පට්ටම වැඩ්ඩෙක් නම් විතරක් . මොකද ඔයාව මෙහෙට ගන්න company එක immigration එකට පෙන්නන්න ඔනා ඔසී වල එයාලට කෙනෙක් හොයා ගන්න නෑ ඔයා තමා හොඳම කෙනා එයාලට ගන්න ඉන්න කියලා. දැන් නම් මේ work visa ගන්න එක පොඩ්ඩක් ලේසි වෙලා තියෙනවා මොකද skill visa invitation අඩු වෙලා නිසා company වලට එයාලට ඕනා workers ලා එළියෙන් ගන්න ඕනා නන් එකට ඉඩක් දීලා නිසා.
  5. එහෙම නැති නම් Business visa එකක් දාලා එකෙන් PR දාන්න ඕනා.

Skill List ගැන ගොඩක් පොස්ට් මං ලියලා තියෙනව පොඩ්ඩක් ඒ පොස්ට් බලන්න. ඔයාලාට ඉගෙන ගන්න දේවල් ඒවයෙ තියෙනවා.

මෙහෙම නැතිව Visit visa වලින් ඔසී ඇවිත් ජොබ් හොයන්න, protection visa දාන්න, gradian visa වලින් ඇවිත් cash in hand job කරන්න වගේ දේවල් කියලා ඔයාලව ඔසී පටවන්න හදනවා නම් ඒත් හොරෙක්ම තමයි.

Planning apply to Aussie student visa

ඕස්ට්‍රේලියාවට ඉගෙනගන්න එන්න හිතෙනවාද? මේ ගැන දන්නවාද?#Australia#student visa

NSW ප්‍රාන්තයේ borders open කරන්න plan කරන එකත් එක්ක නැවතත් රට යන්න බලාගෙන ඉන්න අයගේ අවධානය ඕස්ට්‍රේලියාව වෙත යොමුවෙලා තියෙනවා. අද මම කතාකරන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ PR එක ගන්න හිතාගෙන ඕස්ට්‍රේලියාවට ඉගෙනගන්න හිතාගෙන ඉන්න අයට කරැණු කිහිපයක් පැහැදිලි කරන්නයි.ඕස්ට්‍රේලියාව, කැනඩාව තරම් PR ගන්න ලේසි රටක් නෙවෙයි. ඒකට හේතුව දැන් ඉන්න PM, හා රජය සංක්‍රමණිකයන්ට හිතවාදි ⁣නීති අයින් කරලා, migration process එක tough කරලා තියෙන නිසා.කොහොමහරි හරි ඕස්ට්‍රේලියාවට එනවානම් හොදට plan කරලා එන්න ඕන.

1. ඔබ පලමුවෙන්ම occupations ceiling list එක ගැන දැනගන්න ඕන. මොකක්ද මේ list එක. Australian home affairs එක මගින් සෑම මුදල් වර්ෂයකටම රටට අවශ්‍ය occupations වල කෝටා එකක් සකස් කරනවා. මේ list එකේ තියෙන Occupations වලට 189 PR visa එකත්, 491 skilled work regional (provincial family sponsored ) කියන visa දෙක ලබා දෙනවා. ඔයාගේ relative කෙනෙක් ඕස්ට්‍රේලියාවේ regional area එකක Citizen හරි PR හරි තියෙනවානම් ඔයාට 491 family sponsored කියන visa එක යටතේ apply කරන්න පුලුවන්. මේ link එකෙන් 2020-2021 අවුරැද්දට අදාල occupations ceiling list එක බලන්න පුලුවන් https://immi.homeaffairs.gov.au/…/occupation-ceilings.මේකෙන් එක් එක් occupation එකට තියෙන කෝටා එකත් මේ වෙනකන් invitation ලැබිලා තියෙන ගානත් බලන්න පුලුවන්.

2. ඊලගට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා territory වල වෙන වෙනම skilled list තියෙනවා. මේ skilled list එක කලින් කියපු list එකට වඩා occupations තියෙනවා. උදාහරණයක් විදියට victoria , NSW ප්‍රාන්ත වල නැති occupations , WA, SA Tasmania වල තියෙන්න පුලුවන්. 2021-2022 ට අදාලව 2021ඡුලි මාසෙන් පස්සේ skilled list දානවා. එතකොට ඒ එක් එක් web site වලට ගිහින් බලන්න පුලුවන්. මේ එක් එක් ප්‍රාන්ත වල විවිධ requirement තියෙනවා ඒත් එක්කම ඒ ප්‍රාන්තයේ ඉගෙනගත්ත අයට priority දෙනවා. WA, SA, Tasmania වල වෙනම graduate occupations list එකක් ති⁣යෙනවා. මේ ප්‍රාන්ත වලින් 190 PR , 491 ( අවුරැදු 3 කින් PR ගත හැකි) visa ලැබෙනවා.

3. DAMA list, මේ list එකේ තියෙන occupations වලට අවුරැදු 45 ට වැඩි අයටත් PR ගන්න පුලුවන්. හැබැයි DAMA list එකට අයත් area එකක employer sponsor එකක් තියෙන්න ඕන.4. තව තියෙනවා Employer sponsored visa ඇතැම් ඒවා PR visa ඇතැම් ඒවා PR pathways. මම ඒවා ගැන වෙනම කතා කරන්නම්.

5. තව දැනගන්න ඔයා ඉගෙනගන්න එන occupation එක මොන category එකටද වැටෙන්නේ කියලා. *Medium and Long-term Strategic Skills List (MLTSSL) * Short-term Skilled Occupation List (STSOL), * Regional Occupation List (ROL) * Regional Sponsored Migration Scheme (RSMS) ROL List https://immi.homeaffairs.gov.au/…/skill-occupation-list මේ ලිනක් එකෙන් බලන්න.

6. ඊලගට දැනගන්න ඕන තමන් ඉගෙනගන්න එන occupation එකේ skilled assessment එක කරන ආයතනය. ඒ ආයතනය accredited කරපු course එකක්ද ඉගෙනගන්න එන්නේ කියලා. උදාහරණයක් හැටියට Nursing bachelor එකක් කරන්න එනවානම් ANMAC accredited institute එකක හෝ university එකක ඉගෙනගන්න එන්න ඕන. ඕස්ට්‍රේලියාවට එනවානම් මේ මුලික කරැණු දැනගෙන එන්න. එතකොට නියම plan එකක් ගහන්න පුලුවන්.

Suranga Prasad
පොත පත ඇසුරින්
මෙල්බර්න් සිට

Path to Aussie visa

හරි පාරෙන් ඔස්ට්‍රේලියාවට යන්න දැනගමු.

www.timeshighereducation.com



ලංකාවේ කාලයකට කලින් තිබුනු බොහොම දරුණු රැල්ලක් තමයි බෝට්ටුවෙන් හරි ඔස්ට්‍රේලියාවට යන්න ඕනේ කියන එක…ගොඩක් අය බෝට්ටු වලින් ගියා සෑහෙන්න පිරිසක් හරවලා එව්වා.අතරරින් පතර කට්ටිය නම් ආ ගිය අතක්වත් හොයා ගන්න නැති උනා.ඒවා මේවා පැත්තකින් තියලා අද අපි කතා කරමු කොහොමද හරි පාරෙන් ඔස්ට්‍රේලියාවට යන්නේ කියන එක.මේ ගමනට වීසා වර්ග ගොඩක් තිබුනත් බොහොමයක් දෙනා කැමති සහ ලේසියෙන් කරන්න පුලුවන් වීසා එක ස්ටුඩන්ට් වීසා එක.ඒ කියන්නේ ශිෂ්‍යයෙක් විදිහට ඔස්ට්‍රේලියාවට යන එක.මෙතනදී මූලිකව සලකලා බලන්න ඕනේ කරුණු කීපයක් තියනවා.ඉස්සල්ලම බලන්න ඔයාලා ඉගනගන්න කැමති විශයකට අදාල පාඨමාලාවක් තෝර ගන්න එක.හැබැයි මෙතනදි මෙහෙම දේකුත් තියනවා.ඉදිරියේදී PR එකට දානවා නම් ඔයාට කිසිම ආසාවක් නැති උනත් ඉල්ලුම තියන සබ්ජෙක්ට් එකකට යන්න පුලුවන් නම් ඒක ඔයාගේ අනාගතේට ගොඩක් හොද වෙයි.ඔයා උසස් පෙලින් පස්සේ කෙලින්ම විදෙස්ගත වෙනවා නම් ඔයාට අනිවාර්‍යෙන් මූලික උපාධියකට තමයි යන්න වෙන්නේ( bachelor’s degree ) හැබැයි ඔයා මේ වෙනකොට ලංකාවේ යුනිවර්සිටි එකකින් bachelor’s එකක් තියන කෙනෙක් නම් ඔයාට පුලුවන් මාස්ටර්ස් එකකට යන්න.මම නම් පුද්ගලිකව කැමති ඔයා මේ පාර තෝර ගන්නවා නම්.බොහොම වෙලාවට හොද අත්වාරමක් වෙනවා ලංකාවේ විශ්වවිද්‍යාලයක මූලික උපාධියක් ඔයාට තියන එක.ඉතින් මම මුලින් කිව්වා වගේ මොන සබ්ජෙක්ට් එක කරත් මේ විශය ඉගනගෙන අවසානයේදි ඔයාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට හොද මාර්ගයක් තියනවා ද කියන එක හොයලා බලන්න.එහෙම නැති උනොත් අවසානයේ මේ හැමදේම ගගට කැපුව ඉනි වගේ වෙලා තමයි නවතින්නේ….ඊලගට බලන්න ඕනේ ඔය ඔස්ට්‍රේලියාවේ පය ගහන්නේ මොන ප්‍රාන්තෙටද කියන එක…ගොඩක්ම ප්‍රසිද්ධ වික්ටෝරියා ප්‍රාන්තය තමයි.වික්ටෝරියා වලත් මෙල්බර්න් සිටි එක .ඒක නම් දැන් නිකන් බස්නාහිර පලාතේ කොළබ නගරය වගේ තමයි.දහදෙනෙක් හම්බුනොත් පස් දෙනෙක්ම වගේ ලංකාවේ උන් තමා හම්බෙන්නේ…😁ඒ වගේම නිව් සවුත් වේල්ස් වල සිඩ්නි වලටත් ගොඩක් අය යනවා.නමුත් මෙතන ප්‍රශ්නෙකට තියෙන්නේ ජනගහනය වැඩි නිසා PR එක ගන්න ගියාම පොඩ්ඩක් ගැටලුකාරී වෙනවා.ඒ නිසා ගොඩක් අය මේ වෙද්දි ඔස්ට්‍රේලියාවේ ග්‍රාමිය ප්‍රදේශවලට යන්න පුරුදු වෙලා ඉන්නවා.ග්‍රාමිය කිව්ව ගමන් ඔලුවට ආවේ එක පාරටම ලංකාවේ වගේ සතියටම එක සී.ටී.බී බස් එකක් යන ඒරියා එකක් ද ???නැහැ නැහැ මේ ග්‍රාමිය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි.ඒ නිසා බය වෙන්න එපා.ඔයා මේ නාගරික නොවන ප්‍රදේශවල ඉදලා PR ඇප්ලයි කරොත් ඔයාට බෝනස් ලකුනුත් ලැබෙනවා ඔයාගේ පී.ආර් එකට.ඒ වාසිය වගේම ඔයාට අවාසියකට තියෙන්නේ ඒ වගේ ප්‍රදේශවල ඔයාට කරන්න තියන පාර්ට් ටයිම් ජොබ් වල අඩුවකුත් තියනවා.ඊලග පියවර වෙන්නේ මේ දේවල් තෝරා ගත්තට පස්සේ ඒ විශය ඔයා ඉගනගන්න ආයතනය ඔයාට තෝර ගන්න ඕනේ.මෙතන විශේෂයෙන් බලන්න ඕනේ කාරනාව තමයි ඔයා මේ තෝර ගන්න ආයතනය ඔස්ට්‍රේලියානු රජයෙන් පිලිගත්ත ආයතනක්ද විශ්වවිද්‍යාලයක්ද කියන එක.මොකද ඔස්ට්‍රේලියානු රජය විසින් අනුමත නොකරපු ආයතනයක උපාධි සහතියක් අරන් ඔයාට වෙන්නේ ඒකෙම බත් එකක් ඔතාගෙන ආපහු ලංකාවට යන්න තමයි….ඊලග දේ ඔයා අධ්‍යාපන ආයතනය තෝරා ගත්තට පස්සේ ඔයාට අදාල පාඨමාලාවට ගෙවිය යුතු මුදල ගැන අදහසක් ගන්න ඕනේ.මොකද ඔයාට ගෙවන්න පුලුවන් ගානක් තියන යුනියක් හොයා ගන්න ඕනේ.උදාහරනයකට ගත්තොත් මොනෑශ් යුනිවර්සිටි එකට යනවා නම් ඔයාට ලොකු මුදලක් වැඩ කරන්න වෙනවා.අනිත් ලොකුම කාරණාව ඔයා තෝරා ගත්ත විශය ඉගැන්වීමට අදාලව යුනිවර්සිටියෙන් නියම කරපු අවම ඉංග්‍රීසී මට්ටම ඔයා බලන්න ඕනේ.මොකද ඔයාට වීසා එක අයදුම් කරන්න නම් ඔයා අනිවාර්‍යෙන් ඒ මට්ටම සපුරලා තියෙන්න ඕනේ.මම මේ කතාකරපු හැම පියවරක්ම ඔයාට පුලුවන් අන්තර්ජාලය හරහා හොයලා බලන්න.ඉතින් ඔයා මේ වෙනකොටත් ලංකාවේ උපාධියක් අවසාන කරලා ඉදිරිය ගැන සැලසුම් හදනවා නම් ඔයාට පුලුවන් මම මේ කතාකරපු කරුණු ගැන පොඩ්ඩක් හොයලා බලලා ඔයාට ගැලපෙන මාර්ගයක් තියනවද කියලා බලන්න.මම මේ මොනවා කිව්වත් ඔයාට හිතෙනවා නම් ඔයා නියෝජිතයෙක් හරහා මේ දේ කරනවා කියලා එතනදි ඔයාට බලන්න ඕනේ මූලික කරුණු දෙකක් තියනවා.එකක් තමයි මේ ආයතනය පිලිගත් ආයතනයක්ද බලන්න.අනිත් දේ ආයතනයේ ඉතිහාසය ගැනත් හොයලා බලන්න.ඉතිරිය ගැන අපි ඊලග කොටසින් කතා කරමු.#Repostedරට යන්න ඉන්න සංගමයට පාර👇👇👇https://www.facebook.com/groups/2786479541607754?modal=false&should_open_composer=false

Copied from

Malintha Lakmal(වාසනාවන්ත කාලකන්නියෙක්)

If you select correct path to come to Aussie you can stay forever

ඕස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්නවානම් හොදට ඕස්ට්‍රේලියාව ගැන දැනගෙන එන්න ඕන. හරියට Plan කරලා එන්න ඕන.

1 ඕස්ට්‍රේලියාවේ weather එක එක එක පැති වල වෙනස් තස්මේනියාව තරමක් සීතලයි, NT රස්නෙයි. Queensland ලංකාව වගේ. මෙල්බන්, සිඩ්නි ලොකු සීතලක් නැ. ගිය අවුරැද්දේ මෙල්බන් වල winter එක 1° c වගේ අඩුම උනේ. ඒක නිසා සරලව Australia වල weather එක හොදයි. සීතලට අකමැති අය මෙල්බන් ඉන්න ආසා නෑ. රස්නේට අකමැති අය ඩාවින් ඉන්න ආසා නෑ

2. ඔස්ට්‍රෙලියාවේ PR ගන්න පුලුවන් වෙන්නේ Melbourne Sydney Brisbane වලින් පිටත. ඒකට හේතුව ජනගහනය වැඩියි මේ නගර වල දැන්.

3. ඕස්ට්‍රේලියාවේ PR ගන්න අමාරැ ඇයි? ප්‍රධාන හේතුව තමයි Australian job එකක් හොයාගන්න බැරිවෙන එක. Job offer එකක් නැතුව 189 visa එක විතරයි apply කරන්න පුලුවන්. 190 ගන්නත් ප්‍රාන්තයක Sponsor එකක් ඔනානේ ඒත් ඒ visa දෙන එක සෑහෙන්න අඩු කරලා තියෙන්නේ. අනිත් හැම visa එකකටම job offer එකක් ඕන. ආන්ඩුවලින් මිනිස්සුන්ව යවන්න හදන්නෙම ප්‍රධාන නගර වලින් පිටතට

4. Job එකට අමතරව English ඕන. Job එකක් කරන්න හොදට English communication skills එක ඕන වෙනවා. Australian native අය කතා කරනවා fast ඒක නිසා උන් කියන්නේ මොනවද කියලා තේරෙන්නේ නැ මුල් දවස් වල. ගොඩක් අයට අනිවාර්යෙන්ම IELTS 7 හො ඊට සමාණ ගානක් අනිත් විභාහවලින් ගන්න වෙනවා PR එක ගන්න

5. IT, Accounting, commerce වලින් PR ගන්න හිතාගෙන Australia එන්න එපා තේරැමක් නැ. Skill Select එකේ ලකුණු 95 පැනල ගත්තා උනත් Visa invitation නැහැ ගොඩක් අයට

6. ඕස්ට්‍රේලියාවේ student ලට jobs තියෙනවා හම්බ කරන්න පුලුවන්. Minimum 20 aud per hour ගන්න පුලුවන්.

7. Marry කරලා Australia එන්න ඉන්නවානම් bachelor එකක් තියෙන කෙනෙක් බදින්න වෙනවා plan b එකකට යනවානම්. 🤔🤔🤔

8. Engineering, Health, Social Work, Psychology, Teaching ( IELTS Speaking & listening 8 reading & writing 7 ගන්න පුලුවන් නම් විතරක්) , Trade course, වගේ ඒවාට job එකක් ලැබුනොත්.PR එක ගන්න පුලුවන්.

9. NSW & Victoria වල උනත් Regional university ඉගෙනගන්න අයට chance වැඩියි. Tasmania, Perth, SA, NT ඉගෙනගන්න අයට chance වැඩියි. Melbourne sydney brisbane ඉගෙනගන්න අයට No chance.

10. මගෙ මතය දැන් Australia එනවානම් ලංකාවේ bachelor එකක් කරලා Master එකකට couple එක එන්න. එතකොට මොකක් හරි ගේමක් ගහන්න පුලුවන්

11. Plan b එක තමයි couple එක ඇවිත් එක්කෙනෙත් ආයෙත් student visa එකකට යනවා TR එක ගන්නේ නැතුව

Suranga Prasad ගේ කොමෙන්ට් එකකින්.

Student Visa 03

තරිදු ගේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය – 03 පොස්ට් එක.

මේ අවසන් කොටසින් සුපවයිසර් කෙනෙක් තෝරගන්නේ කොහොමද, පී. එච්. ඩී. එකක් කරද්දී ඇතිවෙන ගැටළු (විෂයානුබද්ද ගැටළු නොවේ) මොනවද වගේ දේවල් ගැන පොඩ්ඩක් ලියන්නම්
සුපවයිසර් කෙනෙක් තොරගද්දී බලන්න ඕනි ඒ ආචාර්යවරයා අඳාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ද යන වග. මේක බලන්න හොඳම ක්‍රමය තමා ඔහු පසුගිය අවුරුදු කිහිපය ඇතුළත ඒ විෂයට අඳාළව පලකරල තියෙන පර්යේෂණ පත්‍රිකා කියවා බැලීම. ඒව කොතරම් ගුණාත්මකබාවයෙන්යුක්තද, ඒවා පළවෙලා තියෙන්නේ ඉහළ පිළිගැනීමක් තියන ජර්නල්වල හරි සම්මන්ත්‍රණවල හරි ද යන වග සහ පර්යේෂණ පත්‍රිකා ගණන ගොඩක්ම අඳාළ නොවුනත් මේකෙන් කියන්න පුළුවන් ඔහු එම විෂය සම්බන්ධයෙන් නිරතුරුව පර්යේෂණ කරනවාද යන වග ). තවත් වැදගත්ම දෙයක් තමා ඒ ආචාර්යවරයා ළඟ මීට කලින් උපාධිය හැදෑරූ අය දන්නවා නම් ඔවුන්ට කත කරීම. සමහර ආචාර්යවරුන් තම ක්ෂේත්‍රයේ කොතරම් ප්‍රවීණයෙක් වුනත්, තමන්ගේ සිසුන්ට හරිහැටි මඟ පෙන්වීමක් කළ නොහැකි අය. උදාහරණයක් ලෙස, යම් කරුණක් ගැන පැහැදිලි කරගැනීම සඳහා ඔහු/ඇය හමු වීමට සති ගණනාවක් බලා සිටීමට සිදු වීම. සාමාන්‍යයෙන් කියන්නේ “හොඳ සුපවයිසර් කෙනෙක් කියන්නේ පී. එච්. ඩී. එකෙන් භාගයක්” කියල.

පී. එච්. ඩී. එකක් කරද්දී තමන්ට එන මූලික ගැටළුවක් තමා මුදල්. මේ සඳහා විවිධ ශිෂ්‍යත්ව තියනවා. උදාහරණයක් විදියට වැනි ඒව දක්වන්න පුළුවන්. ඒ වගේම ඒ ඒ විශ්ව විද්‍යාලවලින් ලබාදෙන ශිෂ්‍යත්වත් තියන්වා. උදාහරණයක් විදියට විශ්ව විද්‍යාලය ලබා දෙන ශිෂ්‍යත්වය දක්වන්න පුළුවන්. මේ සම්බන්ධ වැඩි විස්තර ඒ ඒ විශ්ව විද්‍යාලවල වෙබ් අඩවි වල සඳහන් කරල තියනවා. මූලික වියදම් වශයෙන් සැලකිය හැකි ඔබගේ සෞඛය රක්ෂණය සඳහා ආසන්න වශයෙන් ඩොලර් 3000ක් පමණත් (මෙය ආසන්න අගයක් පමණක් වන අතර තනි පුද්ගලයෙක් සඳහා වේ) මේ සමහර ශිෂ්‍යත්ව වලින් දරනවා.

මේ ගොඩක් ශිෂ්‍යත්ව වල මසකට ආසන්නව ඩොලර් 2000 බැගින් ලබාදෙනවා. තනි පුද්ගලයෙක් පමණක් මෙහි පැමිණෙනවායැයි උපකල්පනය කොට එදිනෙදා වියදම ආසන්නව මම ලියන්නම්. කාමරයක් සඳහා මාසික කුලිය ඩොලර් 600යි (සියළු බිල්පත් ඇතුළුව මධ්‍යම ප්‍රමාණයේ නගරයෙන් මඳක් එපිටින් පිහිටි කාමරයක ), ආහාර සඳහා ඩොලර් 250ක් පමණ (ගානට කාල හිටියොත්), පොදු ප්‍රවාහනය ඩොලර් 140 (සතියේ සෑම දිනකම ඔබ පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරනවා යැයි උපකල්පනයෙන්), ජංගම දුරකථන ගාස්තු ඩොලර් 20ක් පමණ. මීට අමතරව ඔබගේ විනොදාත්මක, ක්‍රීඩා සහ වෙනත් අවශ්‍යතා සඳහා මුදල්. ඔබට කාමරයක නවාතැන් නොගෙන නිවසක් හෝ අපාර්ට්මන්ට් එකක නවාතැන් ගැනීමට අවශ්‍ය නම් මසකට ඩොලර් 1250ක් පමණවත් කුලිය වශයෙන් ගෙවීමට සිදු වෙනවා.

ඒ වගේම මානසික අංශයන් ගැන කතා කළහොත්, මේ සඳහා ඔබට හොඳ දරාගැනීමක් වගේම කොතරම් අසමත් වීම් තිබුනත් (පර්යේෂණයෙන් අපේක්ෂිත ප්‍රථිපල නොලැබීම වැනි ) එයින් නොසැලී සිටීමත් වැදගත් ගුණාංග වශයෙන් දක්වන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තමා තර්කානුකූලව සිතීමට පුරුදු වීම. මේ අංගයන් පශ්චාත් උපාධියක් හදාරනකොට ඔබට ගොඩක් උපකාරී වේවි.

පළමු පෝස්ටුව
දෙවන පෝස්ටුව

Student Visa 02

තරිඳු විසින් රචිත් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය – 02 ලිපිය .

මුලින්ම, ගිය පෝස්ට් එකේ කෙනෙක් ඇහුව ඇයි Master of Philosophy – MPhil ගැන ලිව්වේ නැත්තේ කියල. ඕස්ට්‍රේලියාවේදී MPhil එක බොහෝ විට සළකන්නේ Research Master’s එකක් විදියට. සමහර විශ්ව MPhil විද්‍යාලවල පාඨමාලා පවත්වනවා, සමහර ඒවගේ නෑ. ඒ දෙක අතර ලොකු වෙනසක් මෙහෙදී සලකන්නේ නෑ.

මේ කොටසින් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පර්යේශණ පශ්චාත් උපාධියක් (Postgraduate Research Degree) සඳහා ඉල්ලුම් කරන්නේ කොහොමද කියන එක ගැන.

මේ සඳහා ඉල්ලුම් කිරීමේ ප්‍රථම පියවර තමා තමන්ට මේ සඳහා සුදුසුකම් තියනවද කියල බලන එක. මේ සඳහා අවශ්‍ය මූලික අධ්‍යාපන සුදුසුකම තමා පළමු හෝ දෙවන ඉහළ පන්තියේ ගෞරව ප්‍රථම උපාධියක් (Bachelor’s Degree – Honors with First or Second Upper Class) ලබා තිබීම. හැබැයි මේ වගේ උපාධියකට ඇතුළත් වෙන්න සෑහෙන ලොකු තරඟයක් තියනවනේ. ඉතින් සුදුසුකම් පෙළගැහෙන්නේ තමන්ට තියෙන්නේ Master’s Degree එකක්ද එහෙමත් නැත්නම් Bachelor’s Degree – Honors එකක්ද කියන කාරණය හා තමන්ට තියන පර්යේෂණ පත්‍රිකාවල (Research Papers) ගුණාත්වය හා ප්‍රමාණය මත. ඒ පර්යේෂණ පත්‍රිකා ලෝකයේ ඉහළම ජර්නල්වල (Journal Papers) පළවෙලා තියනව නම් ඔබට නියත වශයෙන්ම වගේ උපාධිය සඳහා කැඳවීමක් ලැබෙනවා. එහෙම පර්යේෂණ පත්‍රිකා නැත්නම් සම්මන්ත්‍රණ පත්‍රිකා (Conference Papers) සඳහාත් හොඳ අවස්ථාවක් තියනවා. ඒ වගේම තමන්ට Master’s උපාධියක් තියනවා නම් අනිවාර්යයෙන් පර්යේෂණ පත්‍රිකා දෙකක්වත් බලාපොරොත්තු වෙනවා. මේ ඕනිම උපාධියක පන්ති සාමාර්ථෙත් සෑහෙන වැදගත්. දැනට තියන තත්ත්වය අනූව පිළිගත් විශ්ව විද්‍යාලයකින් පළමු පන්තියේ Master’s උපාධියක් හෝ Bachelor’s – Honors with First Class උපාධියක් සමඟ ඉහළම ජර්නල්වල පළවූ පර්යේෂණ පත්‍රිකා කිහිපයක් තියනවා නම් ඔබට මේ උපාධියක් සඳහා අනිවාර්යෙන් වගේ ඇතුළත් වෙන්න පුළුවන් ශිෂ්‍යත්වයක් සමඟම.

මීට අමතරව ඔබේ ඉංග්‍රීසි දැනම මැන බැලෙන පහළ සඳහන් විභාගවලින් එකක් සමත් වෙලා තියෙන්න ඕනි. මේ විභාගවලින් ගන්න ඕනි ලකුණු ප්‍රමාණය ඒ ඒ විශ්ව විද්‍යාලය මත සුළු වශයෙන් රඳාපවතිනවා.
TOEFL, IELTS or Pearson Test of English or Cambridge English: Advanced/
Certificate in Advanced English (CAE)

සරලව ගත්තොත් පහත අනුපෛලිවෙළට තමා ඉල්ලුම් කරන ක්‍රමවේදය සකස් වෙලා තියෙන්නේ.
1. තමන්ට නව අදහසක් (මින් පෙර කවුරුත් නොකළ දෙයක්) තිබීම – Research Idea
2. ඒ අදහස අඳාළ විෂය ක්ෂේත්‍රය ගැන හොඳ දැනීමක් තිබෙන ආචාර්යවරයෙකු (Supervisor) සොයාගැනීම.
3. එම ආචාර්යවරයා තමන්ව ශිෂ්‍යයෙකු වශයෙන් භාර ගැනීමට කැමැත්ත පල කිරීම.
4. එම ආචාර්යවරයාට තමන්ගේ නව අදහස පැවසීමෙන් අනතුරුව එය ඔහු/ඇය අනුමත කරයි නම් පර්යේෂණ යෝජනාවක් (Research Proposal) ලිවීම.
5. එම යෝජනාව අඳාළ ආචාර්යවරයා සමඟ සාකච්ඡා කොට ඔහුගේ/ඇයගේ අනුමැතිය ලබා ගැනීම.
6. එම යෝජනාව අඳාළ විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීම. (යම් විශ්ව විද්‍යාලවල මේ සමඟම ශිෂ්‍යත්වවලටත් (Scholarships) ඉල්ලුම් කරන්න පුළුවන්, අනෙකුත් ඒවගේ වෙන වෙනම ඉල්ලුම් කරන්න ඕනි.)

ඊළඟ පෝස්ට් එකෙන් මේ ගැන වැඩි විස්තරයක් ලියන්නම්.

පළමු කොටස

තෙවන කොටස

Student visa 01

මුලින්ම කියන්න ඔනා මේ ලිපි පෙලේ අයිති කරුවා මෙල්බන් RMIT University එකේ PhD එකක් හදාරන තරිදු රත්නායක බවත්. පාඨමාලා ගාස්තු විශ්වවිද්‍යාල අනුව අඩු වැඩි විය හැකි බවත්.

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය – 01

මේ සටහන්වලින් වැඩිපුර අවධානයක් යොමු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ දර්ශනපති (ආචාර්ය – Doctor of Philosophy – PhD) උපාධි සඳහා ඉල්ලුම් කරන්නේ කොහොමද ඒ සඳහා අවශ්‍යතා මොනවද කියන එක සම්බන්ධයෙන්. දන්න විදියට විද්‍යාපති (Master’s) හා ප්‍රථම උපාධි (Bachelor’s) උපාධි ගැනත් ලියන්නම්.

මේ ඕනිම උපාධියක් කරන්න කලින් එක දෙයක් ගැන හිතන්න ඕනි. ඒ තමන්ට අවශ්‍ය ඉලක්කයට යාමට මේ උපාධි ඉවහල් වෙනවාද කියන එක. උදාහරණයක් විදියට තමන්ගේ ඉලක්කය විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය තනතුරක් ලබාගැනීම හෝ පර්යේෂණ සඳහා තිබෙන ලොකු කැමැත්ත නම් හෝ, එවිට ආචාර්ය උපාධියක් අත්‍යාවශ්‍යයි. බැච් එකේ අනිත් අයත් කරනවා, ඒක නිසා මාත් කරනවා කියන එක කොහෙත්ම සාධාරණ හේතුවක් නෙවෙයි මේ වගේ උපාධියක් කරන්න. ඊට හේතුව තමා මේ සඳහා අවුරුදු ගණනක් (ආචාර්ය උපාධිය සඳහා අවුරුදු 3 ත් 4 ත් අතරත් විද්‍යාපති උපාධිය සඳහා අවුරුදු 2ක් පමණත්) ගතවීම. මේ අවුරුදු ගණන ගොඩක් විට වැය වෙන්නේ ඔබට වයස අවුරුදු 25 ත් 30 ත් අතරදී. තමන්ගේ ඉලක්කයට යන්න මේ උපාධියක් අවශ්‍ය නොවෙනවනම් වඩා වැදගත් ඒ කාලයේදී අඳාළ රැකියාවට සරිලන වර්ක් එක්ස්පීරියන්ස් එකක් ගන්න එක. මේ තීරණය හොඳට හිතල බලල ගන්න.

හොඳයි දැන් තීරණය කළා කියමුකෝ පශ්චාත් උපාධියක් කරන්න, මොනවද දැන් තියන උපාධි වර්ග, ඒවගේ අන්තර්ගතය මොනවද කියන එක බලමු.
ඉසෙල්ලම තියෙන්නේ ප්‍රථම උපාධි (Bachelor’s). මේක ලංකාවේ තියන ප්‍රථම උපාධියක් හා සමානයි. ලංකාවේ උසස් පෙළ ප්‍රථිපල වලින් ඉල්ලුම් කරන්න පුළුවන්, ඒ වගේම ඒ ඒ විශ්ව විද්‍යාලවලින් පවත්වන පදනම් පාඨමාලා සමත් වෙලත් ඉල්ලුම් කරන්න පුළුවන්. මේකෙදී සරලවම වෙන්නේ විෂයන් කිහිපයක් උගන්නල ඊට අඳාළ විභාග තියන එක.
දෙවනි උපාධි වර්ගය තමා විද්‍යාපති (Master’s) උපාධි. මේකත් අනුකොටස් දෙකකට බෙදෙනවා Master’s by Coursework සහ Master’s by Research වශයෙන්. Master’s by Coursework එකකදී වෙන්නේ ප්‍රථම උපාධියට සමාන දෙයක්. විෂයන් කිහිපයක් උගන්නල ඊට අඳාල විභාග පැවැත්වීම. දෙවනි අනුකොටස තමා Master’s by Research. මේකෙදී විෂයන් කිහිපයක් උගන්නල ඊට අඳාළ විභාග පවත්වනව වගේම තමන් නිබන්ධනයක් ලියන්නත් ඕනි. සමහර විශ්ව විද්‍යාලවල නිබන්ධනය පමණයි ලියන්න ඕනි, කිසිදු විෂයක් උගන්වන්නේ නැහැ.
තුන්වෙනි හා අවසාන, එමෙන්ම කිසියම් අයෙක්ට ලබාගන්න පුළුවන් ඉහළම අධ්‍යාපන සුදුසුකම තමා ආචාර්ය (PhD) උපාධිය. මෙහිත් අනුකොටස් දෙකයි PhD by Coursework එහෙමත් නැත්නම් Professional Doctorate හා PhD by Research. Master’s by Coursework උපාධිය හා සමානවම PhD by Coursework උපාධි පාඨමාලවෙත් යම් විෂයන් සම්බන්ධයෙන් දේශන තියල ඒ සඳහා විභාග පවත්වනවා. ඒ වගේම මෙහි පර්යේෂණයක් කරල නිබන්ධනයක් ලියන්නත් ඕනි. ඒත් PhD by Research නිබන්ධනයක් තරම් ඒ නිබන්ධනය දීර්ඝ නෑ. PhD by Research පාඨමාලාවේ විෂයන් කිහිපයකට දේශන පවත්වලා ඊට අඳාළ විභාග පවත්වනව වගේම තමන් නිබන්ධනයක් ලියන්නත් ඕනි. සමහර විශ්ව විද්‍යාලවල නිබන්ධනය පමණයි ලියන්න ඕනි, කිසිදු විෂයක් උගන්වන්නේ නැහැ.

ඉඳිරි කොටසින් පර්යේශණ පශ්චාත් උපාධියක් (PhD by Research, Master’s by Research) සඳහා ඉල්ලුම් කරන්නේ කොහොමද කියන එක ගැන ලියන්නම්.