Doctors and Nurses ​Moving to Denmark

මේ කියන්න යන්නේ ලංකාවේ ඉගෙනගෙන රැකියාව කරන වෛද්‍ය වෘත්තීය සහ හෙද වෘත්තියේ සේවය කරන අයට යුරෝපයේ රැකියාවක් සඳහා යන්න තියෙන ලේසිම ක්‍රමයක් ගැන.

ඔයාලා දන්නවා ඔස්ට්‍රේලියාව වගේ රටකට මේ රැකියා දෙකට යනවා නම් එක කොයි තරම් අමාරුද කියලා. ඒත් Denmark වලට ඔයාලාට අවුරුදු තුනකට එන්න වීසා එකක් (3 Years Danish Resident Permit එකක් වගෙම මෙක Schengen visa එකක්) ගන්න පුළුවන් කියලා ගොඩක් අය දන්නේ නැතුව ඇති. Denmark වලට නේ Greenland අයිති වෙන්නේ ඉතින් වලින් ගත්තු වීසා තියෙන අයට Greenland යන්න උනත් පුළුවන්

මේ වීසා ඒකන් ආවාම Main applicant ට අදාළ  රැකියාව කරන්න වෙන්නේ නම් Danish Language ඉගෙනගෙන interview එක ගොඩ දාගත්තාම එකට නොමිලයේ පන්ති පැවැත්වෙනවා. 2024 ජූලි වල එන අලුත් නීතිය අනුව main applicant odd job එකක් කරන්න පුළුවන් ඒ වගේම කලින් වගේම spouseට full time job එකක් කරන්න පුළුවන්. ඔයාලගේ ළමයිට නොමිලයේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් Denmark  රජයේ පාසල් නොවන English වලින් උගන්වන පාසල් වලට සුළු ගාස්තුවක් ගෙවලා ඕනා නම් යන්න උනත් පුළුවන්.

මෙක්දි කරන්න මුලින්ම කරන්න තියෙන්නේ ඔයලාගේ ලංකාවේ Education Qualifications assessment කරලා Danish Authorization ඒ කියන්නෙ Registration එක ගන්න එක එක හරිම smooth process එකක්  මේ ගැන විස්තර ඕනා නම Health Professionals and Authorities කියන web site එකෙන් බලා ගන්න පුළුවන්

Danish Nursing /Doctors/ Dentist Registration Program ඒක තනියම කරගන්න විදිහ හරියට කියවලා තේරුම් ගන්න කෙනේක්ට ගෙමක් ගහන්න පුලුවන්.

මේකෙදි ඔයාලට කිසිම Danish භාශා හැකියාවක් හෝ IELTS නොමැතිව මේ වැඩේ කරන්න පුළුවන්. මොකද දැන්Denmark වලින් Danish Language requement එක අයින් Danish Authorization ගත්තාම ඔයාවගේම ඔයාගෙ සහකරු ලමයින්වත් එක්කගෙන යන්න මුලු පවුලටම අවස්ථාව ලැබෙනවා කලින් Dentist ලාට මේ වගෙම එනන පුලුවන් කමක් තිබුනාත් දැන් Danish Exam level 3 pass වන්න ඔනා ඉතින් දැනට පුලුවන් වෙන්නේ Doctors සහ Nurses ලාට පමණයි
මෙන්න මේ අයට තමයි අවස්ථාව තියෙන්නේ. මේ සඳහා ඔයාලට Document කිහිපයක්ම හදාගන්න තියෙනවා. මෙකෙදි හෙද වෘත්තිකයන් Denmark යන විදිහෙන් පටන් ගමු. එහිදී එන්න පුළුවන් වෙන්නේ ලාංකාවේ රජයේ ලියාපදිංචි Nurses ලාට සහ එයාලට Nursing BSC  එකක් තිබීම මූලික සුදුසුකම වෙනවා.

  • Degree Certificate and Transcript
  • Diploma Certificate and Transcript
  • SLNC Validation
  • Degree Validation
  • Diploma Validation
  • SLNC ID
  • Passport‍
  • SLNC Certificate
  • CV with Photo
  • Service Letter from Health Ministry


මේ සියල්ලම ඔයාලTrue Copy කරලා. ඒ ටික ආයෙ Photo Copy කරල තියා ගන්න. මේව තැපැල් කරන්න තියෙනවා Danish Patient Safety එකට.
ඇප්ලයි කරන වැඩේ සඳහා ඔයාල මේ දාල තියෙන ලින්ක් එක භාවිතා කරන්න පුලුව​න්
Application for authorization

මේක සබ්මිට් කරාට පස්සේ ඔයාට Email එකක් එයි ඒක ලැබුනා කියලා. ඒකෙන් පස්සේ ඔයාට තියෙන්නේ මේ පහල ලින්ක් වලින් Validation එක කරගන්න.
SLNC Validation
Degree Validation
Diploma Validation

ඊලගට මේ true copy කර ගත්තු පිටපත් Danish Patients Safety එකට යවන්න වෙනවා. DHL/ UPS/ Aramex/ හෝ SLPost EMS හරහා යවන්න පුළුවන්.ඔයාල කැමති Option එකකට යන්න.


මේකට 3 සඳහා Application වෙනම තියෙනවා ඒව ඔයාලට Download කර ගන්න වෙනවා. උඩ දාල තියෙන links වලින් එක කරන්න පුලුවන්. Diploma එකට Degree එකේ Download කරපු Application එකම භාවිතා කරන්න පුලුවන්. ඒකෙ Degree කියන කොටස වෙනුවෙට Diploma කියලා Edit කරගන්න.


මේකෙන් පස්සේ ඔයාලගෙ සියලුම Documents ටික (True Copy & Photo Copy of True Copy) සෙට් දෙකක් හදලා Attach නොකර ආයෙ Danish Patient Safety එකට යවන්න ඕනේ.
මේ දාල තියෙන්නෙත් ඒ අදාල Document ටික මොනවද කියලා තියෙන Link එක. ඔයාල මේ යවන සේරම Document නැවත ඔයාලට ගෙදරටම එවනවා.

Application and Approval of Qualifications

මේ විදිහට සේරම යැවුවට පස්සේ Danish Patient Safety Authority එකෙන් ඔයාට ලිපියකින් දැනුවත් කරනවා ඔයාගෙ අධ්‍යාපන සුදුසුකම් Denmark වලට recognized කිය​ලා මෙන්න මේ letter එකෙ​න් පස්සෙ තමයි ඔයාට visa ඇප්ලයි කරන්න තියෙන්නේ.
ලංකා​වේ Denmark Embassy එකක් නෑ. ඒක නිසා VFS Global එක හරහා India යවලා Norwegian තානාපති කාර්යාලයෙන් වි​සා කරගන්න තියෙන්නේ. එහෙන් ඔයාගෙ පාස්පෝර්ට් එකට සීල් කරලා එවනවා.

Doctor කෙනෙක් කරන්න තියෙන්නෙ මේ විදිහට. Required Documents:
1. Degree Certificate
2. Academic Transcript
3. SLMC Registration Certificate


තමයි වෙනස් වෙන්නේ අනිත් දේවල් හෙදියන්ට අවශ්‍යයි කියලා දාල තියෙන අනිත් Documents ටික අවශ්‍ය වෙනවා
මෙන්න මේ ලින්ක් එකෙන් ඇප්ලයි කරන්න තියෙන්නේ Danish Patient Safety Authority එකට

EPIC Account එකක් හදන වැඩේ. ඒකට මුදලක් අය කරනවා. මේ හදන Account එක Verify කරන්න තියෙනවා ඒ සඳහා ඔයාට සිද්ධ වෙනවා Online Appointment එකක්. ඔයලගෙ Passport එක වගේම මේ වැඩේට Web Cam එකක් අවශ්‍ය නිසා ඒ දේවල් හදා ගන්න. මතක තියා ගන්න Google Chrome වෙබ් Browser එක Use කරන්න මේ වැඩේදි.
දැන් මේ Verification එක ලැබුනා බවට Danish Patient Safety එකෙන් ඔයාව දැනුවත් කරයි. එතනින් පස්සේ පහත කියලා තියෙන දේවල් ටික කරන්න
Document සියල්ලම Nursing වල වගේම True Copy කරලා True Copy වලත් Photo Copy අරන් සෙට් දෙකක් විදිහට හදලා Danish Patient Safety යවන්න අවශ්‍යයි.

මීලග ප්‍රශ්නෙ තමයි Danish Language එක. දැන් භාශාව නැතිව ඇප්ලයි කරන්න අවස්ථාව ලැබිලා තියෙන නිසා ඔයාලාට අවුරුදු 3ක් දක්වා Resident Permit එකක් දෙනවා. ඔයාලට ඒ අතරෙදි ඔයාගෙ භාශා හැකියාව හදාගෙන තමන්ගෙ වෘත්තියට ඇප්ලයි කරලා කරන්න හැකියාව තියෙනවා.
ඒජන්සියක් හරහා නොයා තනියම කරාම ඔයාලට ඒජන්සි වලට ගෙවන ගාන තමයි අඩු වෙන්නේ. අනිත් දේවල් වල වියදම් කොහොමත් තියෙනවා. ඉතින් ඒ යන වියදම් මේවා.
Document Posting Fee
Doctor කෙනෙක් නම් EPIC Fee
Visa Fee
Accommodation Fee

Authorization fee DKK 2490 කියලා website එකේ තියෙන්නෙ
Air Tickets මේක කාලෙන් කාලෙට වෙනස් වනවා plan කරලා එනවා නම් ගණන් අඩු කාලෙක  €600 කත වගේ එක්කෙනෙක්ට එන්න පුළුවන්. මේක baggages alliance, airline එක අනුව වගේ වෙනස් වෙනවා.

Single applicant එනවා නම් ලක්ෂ 17ක් වගේ දෙන්නෙක් නම් ලක්ෂ 30ක් පමණ
Show Money  මාසයක් පෙන්නන වෙනවා සාමාන්‍යයෙන් 4 දෙනෙකුගේ පවුලට ඒ ගාන රුපියල් ලක්ෂ 40ක් පමණ එක ඔයාලාට සල්ලි පෙන්නන කෙනෙක් හරහා උනත් පෙන්නන පුළුවන්.
Personal Expenses වගේ දේවල් ටික කොහොමත් වියදම් වෙනවා. මේ දේවල් වලට තමයි ලොකුම ගාන යන්නේ.

මේතියෙන්නෙ Danish Patient Safety එකේ නිල වෙබ් අඩවිය. ඒ වගේම මේ තියෙන්නේ වීසා සම්බන්ධ නිල වෙබ් අඩවිය. Authorisation as a medical doctor, dentist or nurse

කාට හරි උදව්වක් ඕනා නම් මේ පහල තියෙන ඊමේල් එකට CV එක එක්ක විස්තර යවලා දාන ගන්න පුළුවන් denmark.waikineurope@gmail.com