Visa Categories

ගොඩක් අය ඔසි එන්න ඔනා කියලා හෙව්වාට එන්න පුලුවන් ක්‍රම දන්නේ නෑ කොහේ හරි ඉන්න Agent කෙනෙක් ගාවට ගිහින් එයා කියන දේ කරලා එන්න බලනවා
skill visa එන්න පුලුවන් අය පවා Student Visa එනවා ඉතින් අපි බලමු මුලින්ම ඔසී වලට එන්න පුළුවන් විසා වර්ග මොනවාද කියලා.

අප මේ සදහා ඔස්ට්‍රලියාවේ ආගමන විගමන දෙපරතුමෙන්තුවේ (The Department of Immigration and Border Protection) වෙබ් සයිට්එ ක බලමු. මේකේ තියෙනවා Visa-listing පිටුවක් එකෙන් පුළුවන් හැම එකක්ම විස්තර ඇතුව බලා ගන්න. ඒ වගේම තියෙනවා Visa Finder කියලා පිටුවක් එකෙන් පුළුවන් ඔයාලටම තමන්ට ඉල්ලුම් කල හැකි විසා වර්ගය බලා ගන්න.

මෙහෙදී අප දැනගන්න ඕනා වීසා වර්ග ගොඩක් තිබුනත් ලංකාවේ අයට පහසුවෙන් ගන්න පුළුවන් වර්ග කිහිපයක් පමණයි තියෙන්නේ කියලා.
අපි මුලින්ම දැන ගන්න ඕනා විසා වර්ගය කුමක් උනත් ඔසී වලට එන්නේ ස්ථිර පදිංචිය සදහා ඉල්ලුම් කරීමේ බලා පොරොත්තු වෙන් නම්, හෝ ස්ථිර පදිංචිය සදහා ඉල්ලුම් කරන්නේ නම් , එය ලබා ගැනීමට පහසුම (පහසුම කිවුවාට පහසුම නැහැ ) ක්‍රමය කුමක්ද කියලා. අපි බලමු ප්‍රදාන විසා වර්ග සහා ඒවායේ උපවර්ගය ගැන පසුව කතා කරමු ( ඒවා තමයි වැදගත්ම) .

ඔසි එනවා කිවුවාම ඔයාලා එන්න හදන විසා එකක් තමයි 600 විසිට් විසා එක.
අනික තමයි ගොඩක් අය අහන දෙයක් ඔසි වලට විසිට් එකක් ඇවිත් ජොබ් එකක් හොයා ගන්න බැරිද කියන එක.
ඒක කරන්න ලෙසි නෑ නෙවෙයි බැහැ
මොකද ඔසි වල Job offer එකක් දෙනකොට එයාලා බලනවා ඔයාට ඔසි වල වැඩකරන්න පුලුවන් විසා එකක් තියෙනවාද කියලා. Work right විසා එකක නම් ඔයා ඉන්නේ ජොබ් එකත් දීලා විසා එකත් ගහලා දෙන ගල්ෆ් රටවල තියෙන ක්‍රමය ඔසි වල නෑ මොකද ඔයාට ඔසි වල work visa එකකට sponsor එකක් දෙන කොම්පනි එකක් පෙන්නන්න ඔනා ඔයවාගේ කෙනෙක් ඔසි වලින් හොයාගන්න නැහැ කියලා ඒක කරන්නම මාස තුන හතරක් යනවා.
අන්ක ඔයගේ visit විසා එකෙ No Further Stay condition එක තිබුනොත් ඔයාගේ විසිට් විසා එක ඉවර උන ගමන් ඔසි වලින් යන්න වෙනවා ජොබ් එකක් සෙට් උනා No Further Stay waiver කරන්න පුලුවන් හෙතුවන්ක් නෙවෙයි මන් ඒ ඉස්සරහට ලියන්නම්

ඒ වගේම විසිට් එකෙන් ඇවිත්දි ගටම ඉන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා ගැන එක කරන්න ලෙසි නෑ. ඒ ගැනත් පසුව ලියන්නම් ඒත් දැන් ලංකාවේ තියෙන තත්වය එක්ක එහෙම දෙවල් උත්සාහ කරන්නවත් එපා කියලා තමයි කියන ඔනා. අනික ඒ ක්‍රමය දැනට ලංකාවේ ඉන්න ලංකාවෙන් කොහෙට හරි පනින්න හිතාගෙන පාස්පොට් එකක් හදපු අයට නම් කොහෙත්ම හරි යන්නේ නෑ.

මේ විසා කාන්ඩවල තියෙන්නේ රස්සාවක් කරන අද්‍යාපන සුදුසුකම් තියෙන හෝ ව්‍යාපාරයක් කරන කෙනෙක්ට ඔසි එන්න පුලුවන් විසා වර්ග තමයි.

මේ Businss විසා ගැන ලොකුවට ලියන්න යන්නේ නෑ YouTube එකෙන් විඩියො හොයලා දෙන්න පුලුවන් ඔනා අයට

ඔයාව ඔසි වලට ගන්න කැමති එකකට ඔයාව ගන්න තියෙන විසා එකක් මේ 186 විසා එක

subclass 491 or subclass 494 විසා එකක ඉන්න අයට ස්තිර පදිංචිය ගන්න තියෙන විසා එක වෙන්නේ මේ 191 visa එක. මේකට එන්න නම් regional area එකක 3 years ජීවත් වෙලා රැකියාවක් කරලා තියෙන්න ඕනා ඒ වගේම ඉන්න ගමන් මොකක් හරි දෙයක් ඉගෙන ගන්නවා නම් එක කරන්නත් ඕනා regional area එකක්ම තමයි.

ඔසි වලට ඔනා කරන skill එකක් තියෙන අද්‍යාපන සුදුසු කම් තියෙන IELTS or PTE වලින් ලකුණු 10ක් හෝ 20ක් ගන්න පුලුවන් experinace අඩුම අවුරුදු තුනක් වත් තියෙන point system එකේ ළකුනු 65ට වැඩියෙන් ගන්න පුලුවන් කෙන්කෙට ඔසි ෆෙඩරල් ආන්ඩුවෙන් ඔසි වල ඔනාම තැනක ඉන්න දෙන විසා එකක් මේ 189 විසා එක. මේ විසා එක ස්තිර විසා එකක් මේකේ අවුරුදු හතරක් ඉන්නවා කියන්නේ ඔසි වල පුරවැසියෙක් වෙන්න පුලුවන්

ඔසි වලට ඔනා කරන skill එකක් තියෙන අද්‍යාපන සුදුසු කම් තියෙන IELTS or PTE වලින් ලකුණු 10ක් හෝ 20ක් ගන්න පුලුවන් experinace අඩුම අවුරුදු තුනක් වත් තියෙන point system එකේ ළකුනු 65ට වැඩියෙන් ගන්න පුලුවන් කෙන්කෙට ඔසි ප්‍රාන්ත ආංඩුවකින් එයාලගේ ප්‍රාන්තයට ඔනාකරන කෙකෙන් ගෙන්නා ගන්න ප්‍රාන්ත ආන්ඩුවෙන් sponsor කරන සහ ඒ ප්‍රාන්තයේ අවුරුදු දෙකක් අනිවා ඉන්න ඔනා කියලා දෙන විසා එකක් මේ 190 විසා එක. මේ විසා එක ස්තිර විසා එකක් මේකේ අවුරුදු හතරක් ඉන්නවා කියන්නේ ඔසි වල පුරවැසියෙක් වෙන්න පුලුවන්. එහෙම ඉන්න නිසා ඔයාට ලකුණු පහක් මෙ වෙනුවෙන් ගන්න පුලුවන්.

ඔසි වලට ඔනා කරන skill එකක් තියෙන අද්‍යාපන සුදුසු කම් තියෙන IELTS or PTE වලින් ලකුණු 10ක් හෝ 20ක් ගන්න පුලුවන් experinace අඩුම අවුරුදු තුනක් වත් තියෙන point system එකේ ළකුනු 65ට වැඩියෙන් ගන්න පුලුවන් කෙන්කෙට ඔසි ප්‍රාන්ත ආංඩුවකින් එයාලගේ ප්‍රාන්තයට ඔනාකරන කෙකෙන් ගෙන්නා ගන්න ප්‍රාන්ත ආන්ඩුවෙන් sponsor කරන සහ ඒ ප්‍රාන්තයේ අවුරුදු දෙකක් අනිවා ඉන්න ඔනා කියලා දෙන විසා එකක් මේ 491 විසා එක. එහෙම ඉන්න නිසා ඔයාට ලකුණු 10 -15 දක්වා ප්‍රමාණයක් මෙ වෙනුවෙන් ගන්න පුලුවන් මේ විසා එක තාවකාලික විසා එකක් මෙකෙන් ඉන්න කෙන්කේ ස්තිර විසා එකක් ගන්න එකකට ඔනා කරන සුදුසු කම් සපුරලා 191 විසා එක දාන්න ඔනා.

189/190/491

189, 190 වගේ skill visa ආවාම
ඔයාට ජීවිත කාලේම ඔසී ඉන්න වීසා එක දෙන්නේ Permanent Resident, ඔයාලාට ඔසී ඇවිත් රැකියාවක් කරගෙන ගෙයක් අරන් ඉන්න පුළුවන්. රස්සා හොයලා දෙන්නේ නෑ ඔයාලා apply කරලා interview ගිහින් රස්සාව හොයා ගන්න ඕනා. Government funding දෙන්නෙත් ළමයි ඉන්නවා නම් විතරයි
එහෙම නැති නම් 2 years වලින් පස්සේ
හැබැයි ඒ වීසා එක ඔසී වලින් යන්න එන්න valid 5 years

5 years වලින් පස්සේ ඔසී වලින් එළියට ගිහින් එන්න නම් resident return visa එකක් දාන්න ඕනා එහෙම නැති නම් 4 years ඉදලා citizenship ගන්න ඕනා. Citizenship ගත්තාම Australian passport එක ගන්න පුළුවන්

491 visa එක TR එකක් එකේ 3 years regional area එකක ජීවත් වෙන ගමන් එහෙම ජොබ් එකක් කරලා

191 PR වීසා එක දාන්න ඕනෑ
එකෙන් පස්සේ one year ගිහින් citizenship ගන්න පුළුවන්
නැති නම් resident return visa එකක් දාන්න ඕනෑ.
491 වීසා එකේ ඔයාලා funding වලට eligible නැහැ

මේ 482 වීසා එකෙන් එන්න නම් Australian company එකකින් ජොබ් offer එකක් තියෙන්න ඕනා එහෙම උනාම අවුරුදු 4ක් ඉන්න මේ වීසා එක ගන්න පුළුවන් එකේ ඇවිත් රස්සාව කරන කොට 186 visa එකෙන් PR එකට යන්න පුළුවන් දැන් මේ වීසා එක ගන්න annuall salary එක 70k වලට වඩා වෙන්න ඕනා කියලා අලුත් නීතියක් ආවා.

ඔසි එනවා කිවුවාම ඔයාලා ගොඩක්ම දන්න විසා එකක් තමයි Subclass 500 Studnet visa එක.

ඔයාලගේ පවුල් වල කවුරු හරි ඔසි ඉන්නවා නම් එහෙම කෙනෙක්ගේ මාර්ගයෙන් ඔසි එන්න පුලුවන් විසා වර්ග තමයි මේ

මේ අනිත් විසා වර්ග ගැනත් පසුකාලීනව කතා කරමු.

මේකෙන් ගොඩක්ම අපේ අයට වැදගත් වෙන Studying visas, Skilled and Woking visas, Family and partner visas,Visitor visas කතා කරමු.