Chef Pathway to Australia

ගෘප් එකේ චෙෆ්ලාට ඔසි එන්න පාත් ගැන අහලා ගියපු පොස්ට් නිසා මම දන්න විදිහට මේ ලිපිය ලියන්න හිතුනේ

ඒ වගේම මතක තියාගන්න ඔයාලාට දැනට තියෙන Hospitality Management programme වලින් ඔසි වලට කෙලින්ම Skill විසා එකක් දාන්න ලේසිම පාත් එකක් තියෙන්නේ Professional cookery එකෙන් විතරයි කියන එක.

එකට හේතුව වෙන්නේ hospitality management වල තියෙන අනිත් ජොබ් කරන්න පිරිස ඔසී වලින් හොයා ගන්න පුළුවන්. House keeping F&B, Front Office වගේ ජොබ් වලට එන්න after school ළමයි හෝ University students ලා ඉන්නවා එයාලා ගන්න පුළුවං නිසා ඒ ජොබ් තුනට work visa එකක් උනත් ගන්න අමාරුයි නෙවෙයි බැහැ කියලා කිවුවාට කමක් නැ. Australian Home affairs site එකේ තියෙන මේ Invitation rounds  කියන link එකට ගිහින් බලන්න වැඩි විස්තර වලට. Chef කෙනෙකුට ලකුණු 65 න් visas invitation එකක් එන කොට අනිත් ජොබ් වලට කිසිම වීසා invitation එකක් නැ. ඒ වගේම ගොඩක් තැන් වලට work visa වලින් chef ලා අරන් තියෙනව ඔයාලා www.seek.com.au site එකට ගියා නම් ඔයාලාට බලා ගන්න පුළුවන් regional area වල job sponsor එක්ක chef ජොබ් තියෙනවා.

මම දන්න තරමින් chef skill assessment කරන්න 2 year or more full time education එක්ක 3 years experience ඕනා. ගොඩක් අය කියන්නේ 5 years experience තියෙනවා නම් ලේසි කියලා.
එහෙම full time education qualifications පෙන්නන්න බැරි නම් 6 years or more experience පෙන්නල skill assessment ගන්න ක්‍රමයක් තියෙනව එක ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් කියලා නම් දන්නේ නැහැ. ඒ ගැන වැඩි දුර විස්තර මේ ලින්ක් එකේ තියෙනවා CHEF SKILLS ASSESSMENT AUSTRALIA
ගොඩක් Sri Lankan agents ලා බාර ගන්නේ duration එකේ 2 year කියලා ඔප්පු කරන්න පුළුවන් qualifications තියෙන අය විතරයි. 
Chef skill assessment ගන්න ඔනා Trades Recognition Australia (TRA) එකෙන්, ඒ වගෙම එකට යන ගනන් පහල තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ හැම fee එකක්ම අවුරුද්දක් ගානේ වෙනස් වෙනවා

TRA Skill assessment Charges – Subject to change

  • Documentary Evidence AUD 1,280
  • Technical Interview        AUD 2,000
  • Practical Assessment    AUD 2,200


For a successful assessment through Trades Recognition Australia, you need to have completed an NVQ Level 3 at College and have a further 3 years of post-qualification work experience. Alternatively, if you have a minimum of 6 years full-time paid employment in your skilled trade මෙන්න මේ අන්තිම කෑල්ල කරන ලංකාවේ කෙනෙන්ක් මම දන්නේ නෑ හැබයි මුල එක නම් ඔනා කෙනෙක් කරනවා.
ඉතින් අපි බලමු ඉස්සරහට කෙනෙක් විදිහට ඔසි එන්න ඔනා කෙනෙක් ලංකාවේ ඉදන් කරන්න පුලුවන් කොස් මොනවාද ඔයාල කරලා තීයෙනවා නම් මේ දන්නා එකක්ද කියලා


කිසිම chef experience එකක් නැති කෙනෙක්ට දැනට තියෙන ලංකාවේ hospitality management diploma එකක් කරලා Australian skill විසා දාන්න වියදම අඩුවෙන් සහ ලේසියෙන් කරන්න පුලුවන් කොස් එක තියෙන්නෙ කොහෙද කියල

1) SLITHM එකේ 4 years Managemnet diploma එක

මේ SLITHM එකේ 4 years Managemnet diploma එක Professional cookery වලින් ඉවර කරලා ඒ කියන්නේ certificate level එකේ program 4 ම කරලා intermediate and advanced level දෙක cookery වලින් ඉවර කරලා diploma certificate ගන්න එක



2) ඊලග එක ටිකක් ගනන් උනත් SLIIT එකේ කරන Commercial Cookery Programme එකෙන් දෙන්නේ Australian William Angliss Institute එකේ Qualifications

  • Certificate III in Commercial Cookery 12 months
  • Certificate IV in Commercial Cookery 6 months
  • Diploma Hospitality Management 6 months

මේ ඩිප්ලොමා දෙකෙන් එකක් අරගෙන ඊට පස්සේ 3 Years experinace පෙන්නලා skill assemenet එක දාලා ඔසි එන්න පුලුවන්

තවත් ක්‍රමයක් තමයි program කරලා වයස 25 අඩු කෙන්ක් ඔසී hospitality management bachelor එකකට එනවා නම් එයාට chef කෙනෙක් විදිහට වැඩ කරන ගමන් ඉගෙන ගන්න පුළුවන් එහෙම වැඩ කරන ගමන් 482 වීසා එකකට sponsor එකක් හදාගෙන PR පාත් එකට යන්න පුළුවන්.

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Australia වලට NVQ certificate එකෙන් එන්න පුලුවන්ද. NVQ certificate එක Australia වල පිලිගන්නවද කියන එක.

ඉතිං මම කලේ “UK qualifications Australian equivalent” කියලා කරන එක එතකොට දැක්කා

The UK Qualification Level NVQ / EQF Level 4 is equivalent to AQF Level 4 (Certificate IV) under the Australian Qualifications Framework (AQF)

වැඩි විස්තර මේ ලින්ක් වලින් බලන්න

International Qualification Equivalences
What is an NVQ level 4 equivalent to?
Cambridge Professional Development Qualifications: UK NARIC Benchmarking Report

ඊළඟට chef කෙනෙක්ට කොහොම salary එකක් ගන්න පුළුවන් ද?

ඉතින් එකට හොදම දේ තමයි ඔයාලා http://www.seek.com.au වගේ site එකක තියෙන job advertisment එකකින් කීයක් වගේ ගන්න පුළුවන්ද කියලා බලන එක බොහොමයක් ජොබ් වලට පැයකට ඩොලර් 29 ඉඳලා තිස් පහක් හතළිහක් වගේ පඩියක් ගන්න පුළුවන් එහෙමත් නැත්නම් අවුරුද්දකට $65000 75,000 ක වගේ salary එකක් ඒ වගේම බොහොමයක් hospitality රස්සාවල හවස සහ රෑ කරන shifts වලට ටොපප් එකක් විදියට ගෙවනවා ඒ වගේම නිවාඩු දවස් වලට වෙනම වැඩියෙන් ගෙවනවා.