European Union and Schengen Area

European union එක සහ Schengen Area කියන්නේ දෙකක් ද? එකක්ද ?

යුරෝපා හවුලේ හරිම ගිවිසුම අත්සන් කරන්නේ 1992 පෙබරවාරි 7 වෙනිදා සහ එක බලාත්මක වෙන්නේ 1993 නොවැම්බර් පළවෙනිදා. ගිවිසුම අත්සන් කරන්නේ Netherlands වල Maastricht ගිවිසුමෙන්, ඊට කලින් ගිවිසුම් කිහිපයක් තිබුණා උනත් EU formally established වෙන්නේ මේ Maastricht Treaty එකෙන්, දැන් මේකේ Europe රටවල් 27 එකතුවෙලා තියෙනවා, එකෙන් එයාලා Common economic, social and security policies වලින් පාලනය කරනවා. ඒ සදහා common currency එකක් හදුන්වා දානවා Euro කියලා 2002 ජනවාරි පළවෙනිදා ඉඳන් දැන් Euro currency එක සාමාජික රටවල් 27න් 20ක් ම භාවිතා කරනවා. මේ ප්‍රයත්නය සදහා 2012 නොබෙල් සාම ත්‍යාගය පාවා EU ප්‍රදානය කරනවා යුරෝපයේ සාමය සහ ප්‍රජාතනත්‍රවාදය රැකීම වෙනනුන්. ඇත්තටම මෙහෙම එකක් නොතිබූනා නම් මේ රටාවක් තම සීමා මායිම් වෙනුවෙන් යුද්ධ කරන්න පවා ඉඩ තිබුණා. දෙවන ලෝක යුද්දය අවසාන වනවාත් සමග බටහිර යුරෝපීය රටවල එකතුවෙන් තමයි මූලික කටයුතු ආරම්භ උනේ. Belgium France Italy Luxembourg Netherlands West Germany රටවල නායකයින් තමයි මූලික උනේ. එහෙම එතු වෙලා ඇතිකරගත් ගිවිසුම් ගොඩක් සහ එකමුතු වීම් ගොඩක එකතුවක් තමයි අවසානයේ මේ Maastricht ගිවිසුමෙන් EU බිහි වෙන්නේ.

ඒ වගේම Schengen Agreement එක බිහිවන්නේ ඊට කලින් ඒ කියන්නේ, 1985 ජුනි 15 වෙනිදා Belgium, France, West Germany, Luxembourg, Netherlands, කියන රටවල් තමයි එකේ මුල්ම සාමාජිකයින් වෙන්නේ 1985 එක අත්සන් කරලා උනත් මේ Border controls නැතුව මිනිසුන්ට එහා මෙහා යන්න පුළුවංකම ඇති වෙන්නේ 1995 මාර්තු 25න් පස්සේ. මේ ගිවිසුම අත්සන් කරන්නේ, Luxembourg වල තියන Schengen town එකේ කිට්ටුව Moselle River එකේ Belgium Luxembourg Netherlands රටවල් එකතු වෙන තැන Princess Marie Astrid කියන බෝට්ටුවේ තමයි අත්සන් කලේ.

ඒ වගේම Free movement of people කියන එක core part එකක් 1957 මාර්තු 25 Belgium, France, Italy, Luxembourg Netherlands සහ West Germany අත්සන් කරපු Treaty of Rome කියන ගිවිසුමෙන්. මේ Schengen Area එකේ හරය වෙන්නේ මිනිසුන්ට border control එකක් නැතුව ඕනා රටකට යන්න එන්න පුළුවන් වෙන එක. එකේදි මිලියන 400 කට වැඩි EU citizens ලා සහ Non EU citizens living in EU හෝ EU සදහා එන සංචාරකයින්, ඉගෙන ගන්න එන අය, රැකියා සදහා එන අය, තව අතකින් කියනවා නම් EU countries වල නීත්‍යානුකූලව රැඳී සිටින ඕනාම කෙනෙක් සදහා border control එකක් නැතුව එහෙම නැති නම් immigration එක pass කරන්නේ නැතුව තවත් රටකට යන්න හැකියාව එනවා. හැබැයි මේ EU රටවල් වලින් Bulgaria Cyprus Ireland සහ Romania මේ Schengen Area එකට අයිති වෙන්නේ නෑ. අලුත්ම තොරතුරු අනුව බල්ගේරියා සහ රුමේනියාව මේ අවුරුද්දේ අන්තිම (end of 2023) Schengen free traval are එකට ඇතුලත් වෙනවා.

Bulgaria සහ Romania 2007 EU උනත් ඒ දෙකට Schengen වලට join වෙන්න බැරි උනා එයාලාගේ Cross border crime, illegal migration සහ security issues නිසා. European parliament එක කියන විදිහට දැන් ඒ රටවල් දෙක අවශ්‍යතා සපුරා තියෙනවා. ඒවගේම 1996 Norway සහ Iceland ඊළඟට 2009 ස්විස්තලන්තයත් Schengen Area එකට එකතු වෙනවා ඊළග 2020 UK මෙම EU වලින් අයින් වෙනවා. එක්ක Schengen Agreement එකෙනුත් අයින් වෙනවා.

ඉතින් මේ Schengen Agreement එක නිසා මේ හැම රටකටම ඉන්න පුරවැසියන් වගේම ඒ රටක ජිවත් වෙන එකෙනෙක්ට එකේ Schengen area එකෙ ඇවිදින්න වීසා එකක් ඕනා වෙන්නෙනේ නැ. Bulgaria සහ Romenia Schengen වෙන එකට Germany වගේ ලොකු කර්මාන්ත තියෙන රටවල් ඉතා කැමති මොකද එයාලට එයාලාගේ කර්මාන්ත සදහා සේවකයින් සොයා ගන්නා ලේසි වෙන නිසා.

ඉතින් Schengen Area එකට එන ලංකාවේ වගේ අයට තියෙන වාසි මොනවද මේකෙන්, අපේ අය බොහෝ විට එන්නේ work visa එකකින් එක මාස තුනකට වඩා වැඩි එකක් එහෙම නැති seasonal workers ලා විදිහට මාස තුනට එන short stay visa එකක් නෙවෙයි නම්, Schengen short stay visas කියන්නේ දවස් අනූවකට වඩා අඩු කාලෙකට ඔයාලට Schengen Area එකේ ඉන්න දෙන වීසා එකකට. ඒ වගේම Long stays visa කියන්නේ දවස් 90 ට වඩා ඔයාලට Schengen Area එකේ ඉන්න දෙන වීසා එකකට. ඉතින් Long stay visa තියෙන ඔයාලාට අදාල රටෙන් residency card එකක් දෙනවා, ඔයාලගේ residency card එක valid කාලය තුළ අදාල රටේ රස්සාවක් කරන ගමන් වෙන රටවල ජොබ් හොයන්න පුළුවන්, මෙතනදි unskilled woker කෙනෙක්ට වඩා මොකක් හරි Skill එකක් ඉගෙන ගෙන Schengen Area එකට එන කෙනෙක්ට ජොබ් එකක් හොයා ගන්න ලෙසි ලොකුම දේ face to face interview වලට ඔයාලාට යන්න පුළුවන් මොකද එකේ තියෙනවා. A long stay visa or a residence permit issued by a Schengen State allows you to travel or stay in other Schengen States, while respecting the maximum duration of a “short stay” (a stay of “90 days in any 180 day period”).

ඒ වගේම ඔයලාගේ දැනට තියෙන Schengen visa එක එක රටක long stay visa එකක ඉන්න කෙනෙක් තවත් Schengen රටක දවස් 90 වකට වඩා ඉන්න යනවා නම් අදාල රටේ long stay වීසා එකක් ඔයාලාට ගන්න වෙනවා. එකෙක්දි කියන්නේ මෙහෙම. To move from one EU country to another for more than 90 days, you will need a long-stay visa or a residence permit for that country. For information on the rules that apply in a particular EU country, select the country on this map

එතැනදී ඔයාලා ඉන්න රට first country එක ලෙසත් යන්න හදන රට second country එක ලෙසත් තමයි හඳුන්වන්නේ. ඒ වගේම EU රටක් හඳුන්වන්නේ third country එකක් වගේම අපිව හඳුන්වන්නේ third country nationals ලා කියලා එහෙම වෙන්නේ අපි Non-EU citizens ලා නිසා. ඒ වගේම Non-EU citizens ලා අවුරුදු පහක් එක EU රටක නීත්‍යානුකූලව ජීවත් උනොත් අදාල රටේ long-term residency එහෙමත් නැති නම් permanent resident ගන්න eligible වෙනවා.

මම හැමදාම කියනවා වගේ ඔයලා ලංකාවෙන් එලියට එනකොට නිකන් අත වන වනා එන්න එපා ගෙවල් වල වැඩ කරන්න වයසක අය බලාගන්න වගේ දේවල් වලට වඩා රැකියා යුරෝපයේ තියෙනවා තමන්ට පුලුවන් මොකක් හෝ දෙයක් හරියට කරන්න ඉගෙන ගන්න එන්න හදන රටේ භාශාවෙන් අදහස් හුවමරු කර ගන්න පුලුවන් තරම් හරි ඉගෙන ගන්න. ජයෙන් ජය.

මේ විස්තර පහළ ලින්ක් වල තියෙනනවා

ලිවුවේ

Waruna Senavirathna

https://www.consilium.europa.eu/en/maastricht-treaty

https://home-affairs.ec.europa.eu/…/schengen-area_en

https://en.wikipedia.org/wiki/Treaty_of_Rome

https://immigration-portal.ec.europa.eu/gen…/already-eu_en

https://immigration-portal.ec.europa.eu/index_en

https://home-affairs.ec.europa.eu/…/long-term-residents_en