Places we visited during our 10 Capital Cities Trip in details

පසුගිය ලිපියෙන් මං කිවුවේ අපි public transport වලින් රටවල් 10 ගිය විදිහ Visited 10 Countries within 10 days කට්ටිය එකේ තව විස්තර අහලා තිබුනා. කීයක් වියදම් ගියාද වගේ ඉතින් ටිකක් විස්තර එක්ක ලියන්න.

ඉතින් අපි දැන් ඉන්න Malta ඉදලා Croatia වල Zagreb වලට යන්න ලාබම flight තියෙන්නේ Ryanair එකේ ඔයාලා ගනන් බැලුවොත් €25-45 අතර ගානකට ticket එක ගන්න පුළුවන් ඒ එක්කම 10KG Hand luggage එකක €16-€25 යන්න පුළුවන්.

මේ අපි ගොඩබිමින් ගිය පාර

මෙකෙදි කියන්න ඕනා අපි පල්ලි ඇතුලේ වගේම කෞතුකාගාර ඇතුල බලන්න ගියේ නැ. මොකද වතිකානු කෞතුකාගාරය සහ සාන්ත පීතර බැසිලිකාව බලන්න ගිහින් ඇති තරම් කාලයක් ගත කරපු නිසා ගොඩක් නගරවල තියෙන කෞතුකාගාර සහ දේවස්ථාන බලන්න ගියොත් ගොඩක් වෙලා යන නිසා දවස් 10න් මේ ගමන ඉවර කරන්න ඕනා නිසාත් ඒවයෙ කාලේ ගතකලේ වෙලාව ඉතුරු උනොත් විතරයි ඒ වගේම නැවතුනේ booking.com එකෙන් book කරපු hotel වල හවස කරුවල වෙන නිසා අපි හවස් කාලය කොහේ හරි තැනකට යන්න යොදා ගත්තා එකේදි 24×7 open වෙලා තියෙන hotel වල තමයි හිටියේ ඒත් මේ රටවල €100කට අඩුවෙන් train station එකක් ළග හෝ bus station එකක් ලගින් hotel එකක් හොයා ගන්න පුළුවන් උනා. ඔයාලා කලින් booking දානවා නම්  ගොඩක් අඩුවට හොයා ගන්න පුළුවන් ඒ වගේම breakfast එළියෙන් ගන්න පුරුදු වෙනවා නම් තව ගානක් ඉතුරු කරන්න පුළුවන් මේ දවස් වල ඇවිදින නිසා booking.com එකේ level 3 වලට ගිහින් ඉන්න නිසා මට breakfast   free upgrade එකක් එහෙම ලැබෙනවා දැන්.

Zagreb, Croatia

ඊළඟට Zagreb Airport එකේ ඉඳන් public transport හොයා ගන්න අමාරු වෙලාවක ගියොත් නම් city centre එකට යන්න taxi එකකට €35ක් අගේ යනවා. Public transport තියෙන වෙලාවක ඒ කියන්නේ 6:00 AM to 10:30 PM වගේ වෙලාවක bus එකේ යනවා නම් €2 airport shuttle එකේ €5 city centre එකට ගියාම නම් පහළ අපි බලන්න ගිය තැන් පයින් යන්න පුළුවන්, අපි ගිය දවසේ hotel එකක හිටපු නිසා bag hotel එකේ තියලා තමයි  අවිදින්න ගියේ. එහෙම නැතුව public transport යනවා නම් ඒවයෙ ගණන් zet.hr බලා ගන්න පුළුවන් Single fare, day time 30 minutes €0.53ක් වගේම Day ticket එකක් € 3.98ක්

මේ දේවල් බලලා ලඟට ගිහින් ෆොටෝ එහෙම අරගෙන Zagreb bus station එකෙන් FlixBus එකක් ගත්තා Slovenia වල Ljubljana bus station එකට එකට €14 ඉදලා €16 ක් 20 ක් වගේ උනත් යන්න පුළුවන් ගන්න වෙලාව අනුව. මේ ticket එක උනත් €7-9 අතර ගන්න පුළුවන් සති තුනකට වගේ කලින් booking එකක් දානවා නම්.

  • Art Pavilion in Zagreb
  • Old Town Zagreb
  • Ban Josip Jelačić Square, Zagreb, Croatia  (jelacic square zagreb)
  • Zagreb Welcomes You, Ul. Augusta Cesarca, 10000, Zagreb, Croatia
  • Dolac Market
  • Cathedral of Zagreb
  • Marija Jurić Zagorka, Croatian Novelist, Ul. Ivana Tkalčića 25, 10000, Zagreb, Croatia
  • Stone Gate Kamenita vrata
  • St. Mark’s Church, Trg Sv. Marka 5, 10000, Zagreb, Croatia
  • Lotrščak Tower, Strossmayerovo šetalište 9, 10000, Zagreb, Croatia 
  • Upper Town
  • Nikola Tesla Monument, Masarykova ul. 2, 10000, Zagreb, Croatia
  • Croatian National Theatre
  • Mimara Museum, Rooseveltov trg 5, 10000, Zagreb, Croatia

Ljubljana, Slovenia

අපි Ljubljana වල රෑ නවතින්න බලා පොරොත්තු නැහැ ඒ නිසා Ljubljana train station එකේ තියෙන luggage storage එකේ bag දාලා තමයි ඇවිදින්න ගියේ. සාමාන්‍යයෙන් මේ වගේ service එකක €3 ඉඳලා 20ක් දක්වා ගානක් යන්න පුළුවන්

  • Dragon Bridge, Resljeva cesta 2, 1000 Ljubljana, Slovenia
  • Central Market
  • Town Hall
  • Ljubljana Cathedral, Dolničarjeva ulica 1, 1000 Ljubljana, Slovenia
  • Triple Bridge, Adamič-Lundrovo nabrežje 1, 1000 Ljubljana, Slovenia
  • Prešeren Square, Prešernov trg, Ljubljana, Slovenia
  • Franciscan Church of the Annunciation, Prešernov trg, Ljubljana, Slovenia
  • Museum of Modern Art Ljubljana, Cankarjeva cesta, Ljubljana, Slovenia
  • Tivoli Park

Slovenia Ljubljana ඉදලා Hungary Budapest යන්න කෝච්චියේ යනවා නම් international Train යන්නේ Austria වල ÖBB train එකෙන් ඒ වගේම මේකේ සමහර කොච්චි Slovenia ඉඳන් Australia වලට ගිහින් Hungry border එකේ station එකෙන් Hungry train වලට මාරු වෙන්න වෙනවා ඒ ගැන කල්පනාවෙන් ඉන්න ඕන English වලින් කියන්නේ නැහැ අනිත් අය බහිනවා වගේ නම් conductor ගෙන් හෝ English පුළුවන් කෙනෙක් ගෙන් අහන්න වෙනවා. මේ ticket එක €75-€120 වගේ වෙන්න පුළුවන් ඒ වගේම අපි conductor ගෙන් ටිකට් ගත්තේ මේ train එකේ. ඒ වගේම මේ train එක පැය 7කට වඩා යන නිසා අපි Hungry border එක කිට්ටුව තියෙන Maribor කියන Town එකේ Maribor station එකෙන් උදේ train එක ගත්තේ.

Budapest, Hungary

BKK.HU site එකෙන් Budapest වල public transport වල ගණන් බලා ගන්න පුලුවන් 24 hours traval ticket එකක් 2500HUF ඒ කියන්නේ €6.8ක් වගේ යනවා. Single ticket එකක් 450HUF. අනික Hungry වල Euro භාවිතා කරන්නේ නැ Hungarian Forint වලින් තමයි ගනුදෙනු වෙන්නේ ගොඩක් තැන් card payment කරන්න පුළුවන් උනාට luggage locker එකට කාසි දන්න ඕනා එකට ATM එකෙන් සල්ලි අරගෙන Station එකේ toilet එකේ payment ගන්න කෙනාගෙන් තමයි කාසි ඉල්ලා ගන්න වෙන්නේ කඩවල් වලින් ඉල්ලුවට දෙන්න කාසි එයාලා ගාව නැ.

  • Hungarian Parliament Building, Budapest, Kossuth Lajos tér 1-3, 1055 Hungary
  • Fisherman’s Bastion (by metro)
  • Matthias Church
  • Sándor-palota
  • Széchenyi Chain Bridge
  • Buda Castle
  • Statue of Elizabeth Queen of Hungary, Budapest, Döbrentei tér, 1013 Hungary
  • Budapest, Liberty Statue, Hungary
  • Citadella, Budapest
  • Gellért Hill Cave
  • Budapest, Liberty Bridge, Fővám tér, Hungary
  • Budapest, Central Market Hall, Vámház körút, Hungary
  • Budapest, House of Terror, Andrássy út, Hungary
  • Heroes’ Square, Budapest, Hősök tere, 1146 Hungary
  • Vajdahunyad Castle, Budapest, Vajdahunyad stny 1146 Hungary

Budapest වල ඉදලා අපි ඊළඟට ගියේ Slovakia වල Bratislava වලට Hungarian Railways එකෙන් යන්න පුළුවන් එකට ticket එක €17 – €25 වගේ වෙන්නේ

Bratislava, Slovakia

Bratislava වල public transport ticket වල ගණන් IDS BK site එකෙන් බලා ගන්න පුළුවන් ඒත් මේ ගොඩක් තැන් පයින් යන්න පුළුවන්

  • Freedom Square
  • Presidential Palace
  • Old Town, Bratislava, Slovakia
  • Gallery Multium need entrance ticket E5
  • Sculpture The Witch
  • Bratislava Castle
  • St. Martin’s Cathedral, Rudnayovo námestie,
  • Bratislava, Slovakia
  • UFO bridge slovakia (Most SNP, Bratislava, Slovakia)
  • Hviezdoslav square, Bratislava, Slovakia
  • Slovak National Theatre
    Čumil, Panská, Bratislava, Slovakia
  • Maximilian’s fountain, Hlavné námestie, Old Town, Slovakia
  • Primacial Palace, Primaciálne námestie 2, 811 01 Bratislava, Slovakia
  • Church of the Annunciation,
  • Michael’s Gate, Old Town, Slovakia
  • The Blue Church – Church of St. Elizabeth, Bezručova, Bratislava, Slovakia

Slovakia වල Bratislava ඉදලා අපි ඊළඟට ගියේ , Czech Republic වල Prague වලට එකට අපිට භාවිතා කරන්න උනේ RegioJet කියන train service එක

Prague, Czech (Czech Republic) 

ප්‍රාග් වල ගියාම නිකං අපි ඉතාලියේ රොමෙට ගියා වගේ හැඟීමක් ඉතින් public transport යනවාට වඩා පයින් යනවා නම් ගොඩක් දේවල් බලාගෙන යන්න පුළුවන්

  • Národní Muzeum (National Museum Czech)
  • Wenceslas Square, New Town, Prague 
  • Prašná brána
  • Old Town Square
  • Prague Astronomical Clock
  • Charles Bridge, Prague
  • St. Vitus Cathedral
  • Prague Castle
  • Dancing House
  • Manifesto Market 
  • Vyšehrad, V Pevnosti 
  • Petrin Hill 

Czech Republic වල Prague ඉඳලා අපි ඊළඟට ගියේ Poland වල Warsaw වලට මේ ගමන පැය 7 ක් 8ක් යන්න තියෙන ගමනක් නිසා අපි හිටියේ Czech වල Ostrava කියන city එකේ

Warsaw, Poland ගොඩක් දේවල් බලන්න බැරි උනා කාලගුණය අයහපත් උන නිසා බලපු සහ බලන්න හිටපු තැන් තමයි මේ.

  • Old Town Market Square, Warsaw
  • St. John’s Cathedral in Warsaw,    (Bazylika Archikatedralna w Warszawie p.w. Męczeństwa św. Jana Chrzciciela, Świętojańska 8, 00-278 Warszawa, Poland)
  • The Royal Castle in Warsaw
  • Castle Square
  • Royal Route Warsaw
  • Presidential Palace, Warsaw,
  • St. Anne’s Church Warsaw,
  • Copernicus Science Centre
  • Palace of Culture and Science
  • Łazienki Palace, Warsaw, Poland

Vilnius, Lithuania

Poland වල Warsaw ඉඳන්  Lithuania වල Vilnius යන්න දවසට ම එක train එකයි ඉතින් ඒ ගමන යන්න උණේත් FlixBus එක තමයි ඒ ගමන පැය 6:40 ත් 7 ත් අතර ගමනක් එදාම ticket එක ගන්නවා නම් €28-30 කටත් කලින් අරන් තියා ගන්නවා නම් € 18ක් වගේ ගානකට ඒ ticket එක ගන්න පුළුවන් ඔයාලා හවස bus එකේ යනවා නම් රෑ වෙන නිසා අනිවා 24 X 7 front office එක open hotel එකක් ගන්න එක තමයි වැදගත්. ඒ වගේම කන්න දේවල් බස් ඒකට නගින්න කලින් Warsaw වලදී ගන්න වෙනවා. Lithuania වල කෑම සහ hotel පහු කරපු අනිත් රටවල් වගේම ලාබයි ඒ වගේම සැරට කන්න shorteast  එහෙම Vilnius වල ගන්න තිබුන. අපි රෑ නිදාගෙන උදෙන්ම පහළ තියෙන තැන් බලන්න ගියා උදේ කෑම හෝටල් එකෙන් ලැබුණා ඉතින් ඒ ගැන වද වෙන්න ඕන උනේ නෑ.

  • Gates of Dawn, Aušros Vartų g. 14, 01303 Vilnius, Lithuania
  • Angel of Užupis, Užupio g., 01203 Vilnius, Lithuania
  • St. Anne’s Church
  • Bernardine Garden Musical Fountain, Maironio g. 12, 01124 Vilnius, Lithuania
  • Three Crosses Monument, Kalnų Parkas, 01100 Vilnius, Lithuania
  • Ducal Palace of the Upper Castle
  • Gediminas Castle Tower
  • Palace of the Grand Dukes of Lithuania
  • Bell Tower of Vilnius Cathedral, Katedros varpinė, a. 2, 01143 Vilnius, Lithuania
  • Saint Catherine’s Church
  • Pilies St, Vilnius, Vilniaus
  • Office of the President of the Republic of Lithuania
  • Town Hall Square

Riga, Latvia

Lithuania වල Vilnius දවල් දවස ගත කරපු අපි ඊළඟට බස් එක ගත්තේ Latvia වල Riga වලට. මේ ගමනට අපිට භාවිතා කරන්න උනේත් FlixBus මොකද අපි බලපු වෙලාවේ ලාබම option එක උනේ FlixBus  එකෙනෙක්ට €12ක් වගේ උනේ ටිකට් එක. කලින් ගත්තා නම් €9 කට වගේ ගන්න පුළුවන් bus එකට නැගලා 24×7 front office එක open hotel එකක් book කළා. එකත් €60කට අඩුවෙන් හොයා ගන්න පුළුවන්, මේ පහල තියෙන්නේ අපි ඊළග දවසේ බලන්න ගිය තැන්.

  • Latvian National Opera,
  • The Freedom Monument, Centra rajons, Rīga, LV-1050, Latvia
  • Riga Nativity of Christ Orthodox Cathedral, Brīvības bulvāris 23, Centra rajons, Rīga, LV-1050, Latvia
  • Art Academy of Latvia
  • Latvian National Museum of Art
  • Art Nouveau building
  • Riga Cathedral, Herdera laukums 6, Centra rajons, Rīga, LV-1050, Latvia
  • Rathausplatz Riga (Riga Town Hall Square)
  • House of the Black Heads, Rātslaukums 7, Centra rajons, Rīga, LV-1050, Latvia
  • St. Peter’s Church, Reformācijas Laukums 1, Centra rajons, Rīga, LV-1050, Latvia
  • Riga Central Market
  • Latvian Academy of Sciences

Tallinn, Estonia

Latvia වල Riga වලින් පස්සේ ඊළග නවාතැන උනේ Estonia වල Tallinn ඒ ගමන යන්න සෙට් උනෙත් FlixBus එකේ Ticket එකත් €9 කට වගේ ගන්න පුළුවන් ඒ වගේම Tallinn වලත් ඉන්න තැනක් අනිත් රටවල් වල වගේම අඩුවට සෙට් කර ගන්න පුළුවන් අනික අපේ සැරට කන්න Indian restaurant එහෙම තිබුණා.

  • Viru Gate, Tallinn, Estonia
  • St. Nicholas’ Church and Museum, Niguliste 3, 10146 Tallinn, Estonia
  • Kiek in de Kök Museum and Bastion Tunnels, Komandandi tee 2, 10130 Tallinn, Estonia
  • Toompea Castle
  • Alexander Nevsky Cathedral
  • Town Hall Tower and Old Thomas, Raekoja plats 1, 10146 Tallinn, Estonia
  • Tallinn Town Hall
  • Hellemann Tower and Town Wall Walkway, Müürivahe Tänav 48, 10140 Tallinn, Estonia
  • St. Catherine’s Passage
  • Holy Spirit Church
  • KGB Prison Cells
  • St Olaf’s church,
  • Paks Margareeta, Pikk, 10133 Tallinn, Estonia

Helsinki, Finland

Finland වල Helsinki කියන්නේ ටිකක් වියදම් වැඩි නගරයක් ඒ නිසා අපි දවස් දෙකක් හිටියේ Tallinn වල  මොකද අපේ ගමන ප්ලෑන් කරපු විදියෙන් යන්න බැරි වෙලා එක රටක හෝ ප්‍රමාධයක් උනොත් ෆින්ලන්තයේ ඉදන් මොල්ටා වලට යන්න ගත්තු ටිකට් එක අපරාදේ වෙන නිසා අපි එක දවසක් වැඩියෙන් තියලා ටිකට් බුක් කලේ අනික අපි එස්ටොනියව කියන්නේ අපි මුලින්ම Digital Nomad Visa එකෙන් එන්න හොයපු රට නිසා වැඩියෙන් ඉන්න උනොත් ටාලින් වල ඉන්න හිතාගෙනම ඒ වැඩේ කලේ ඇත්තටම ඒක හොඳයි කියලා හිතුනා මොකද ඉන්න හිතෙන නගරයක් කියන්නේ අපි ඊලග දවසේ උදෙන්ම තියෙන ෆෙරි එකෙන් හෙල්සින්කි බලා යන්න පිටත් උනා. ඒ ෆෙරි ගමන ගැන අපි වෙනම විඩියෝ එකක් කලා.

Helsinki වල වල අපි බලන්න ගිය තැන්මේ. මේ හැම එකකම වගේ පොඩි පොඩි විඩියෝ තියෙනවා කාර්යබහුලත්වය නිසා මට ඒවා චැනල් එකට දාන්න බැරි උනා

  • Helsinki station
  • Finlandia Hall
  • Temppeliaukion Church,
  • Kamppi Chapel
  • Esplanadi, Pohjoisesplanadi, 00130 Helsinki, Finland
  • Senate Square 
  • Market Square
  • Uspenski Cathedral
  • Kallio Church, 1.8 KM north  of Helsinki station
  • Sibelius Park 2.3 N/W of Helsinki station
  • St. John’s Church Helsinki 1.2 KM South  of Helsinki station

හෙල්සින්කි ඉදන් මොල්ටා වලට එන්න අපිට Direct Flight එකක් නෑ.එක්කෝ Austria වල Vienna හරහා හෝ Belgium වල Brussels හරහා එන්න ඔනා. අපි ඉතින් භාවිතා කරන්නේ low cost airline එකක් Ryanair නිසා සමහර වෙලාවට flight deley වෙන නිසා Vienna හරහා එන්න යොදාගත්තෙ නෑ අනික Flight දේක අතර තිබුනේ පැය දෙකක් වගේ. වෙලාව හැබයි වල අපිට පැය පහක වගේ වෙනසක් තිබුනා එක නිසා අපි ඒ පාර යොදා ගත්තා. අනික Ryanair Site එකෙන් මේ දෙකම එකට බුක් කරන්න බැහැ වෙන වෙනම බුක් කරන්න ඔනා. මේ වගේ දේවල් නිසා වැඩි කාලයක් තියෙන විදිහට අපේ අපේ ගමන ප්ලෑන් කරන්න ඔනා.