What do you need to think about before moving to another country

අපි ගොඩක් වෙලාවට දකිනවා ගොඩක් අය group එකක පෝස්ට් එකක් දන්නේ, එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්නේ මට මගේ මේ වීසා එක කරල දෙන්න පුළුවන්ද කොහොමහරි? එහෙම නැත්තං මට මොකක් හරි ක්‍රමයකින් රටකට යන්න හොයලා දෙන්න. මට student visa එකක් අරගන්න උදව් කරන්න මට ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න.. වගේ දේවල්. සමහරු හිතනවා visit visa එකකින් රටකට ගියාම හරි කියලා ඒකනේ ඔසී වලට පවා Visit visa වලින් ඇවිත් Student වීසා දාන්න හෝ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්ද කියලා අහන්​නේ. සමහරු Visit visa එකකින් හෝ වෙනත් රටකට ගිහින් සරණාගත වීසා එකක් දාලා නවතින්න හිතනවා. සරණාගත වීසා එක ඉල්ලුම් කරලා එක ගන්නේ කොහොමද එකට ඔනා කරන evidence ලග තියෙනවාද විසා එක ඉල්ලලා ගන්න පුලුවන් උනාට පස්සේ ලංකාවට කවදා යන්න පුළුවන්ද  මේ කිසිම දෙයක් හොයන්නෙ නැ..

ඇත්තටම අපි අපි මොකක් හරි ක්‍රමයකින් රටකට ගියාම හරිද එහෙම යනවා කියන්නේ අපි අපේ ගමන සාර්ථකද? ඔයාලා කලින් කිව්වා ක්‍රමයේ ක්‍රමයට ප්‍රරශ්නවලට විසඳුම් හොයන නිසා ලංකාවේ ඉන්න ඒජන්ට්ලා කරන්නෙත් මෝකක් හරි ක්‍රමයකින් ඔයාලාව රටකට පටවන්න හදන එක. සමහර වෙලාවට අපි දකිනවා අපේ අය රැල්ලට රටකට යන්න හොයනවා. එක්කෝ තව කෙනෙක් කරන නිසා උන්ට පුළුවන් නම් මට බැරි මොකද වගේ හිතලා තීරණ ගන්න එක.

එහෙම උනහම වෙන්නේ ගියාට පස්සේ ඔයාට රැකියාව හෝ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න බැරිවෙන එක. මම දැකලා තියෙනවා මම රස්සාව කරන පැත්තෙ ලංකාවේ කිසිම කෙනෙක් නැහැ. හරි පාලුවෙන් ඉන්නේ ගොඩක් stress එකෙන් වැඩ කරන්නේ වෙන තැනකට යන්න උදව් කරන්න කියලා සහරු  පෝස්ට් දානවා.

ඒ වගේම ඉගෙනගන්න ආපු අය ඉගෙන ගන්න ආපු කෝස් එක හරියට කරගන්න බැරුව රැකියාව සහ අධ්‍යාපනය කරගන්න බැරුව ඒකට stress වෙලා ලංකාවට යන්න හරි එහෙමත් නැත්නම් වෙන මොකක් හරි පිළියමකින් මන්ගේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න හදන අය ගොඩක් ඉන්නවා. ඒ වගේම මොකක් හරි කෝස් එකක් ඉගෙන ගන්න ඇවිත් ස්ථිර පදිංචිය ගන්න බැරුව ඉන්න අය අපි ඕන තරම් දැකල තියෙනව.
ඒ වගම රටකට ගිහන් සරනාගත වීසා දාන්න නම් මම කිසිම දවසක කෙනක්ට කියනනේ නෑ මොකද ගොඩක් මහන්සි වෙලා නීත්‍යානුකුලව රටකට එන්න තියෙන අයට පවා අසාදර්ණයක් වෙනවා අදාල රටවල් වල නීති තද කිරම් නසා.

මේ හැම දේකටම මුල මම අර කලින් අහපු ප්‍රශ්නෙට විසඳුම කියන්නේ ඔයාලා රටකට යන්න කලින්,  ගියහම එතනින් එහාට වෙන්නේ මොකක්ද කියලා කොයිම වෙලාවකවත් හිතන්නෙ නෑ. ඒ වගෙම ඔයගොල්ලො ප්ලෑන් කරන්නේ නැහැ අපි කොහොමද අ​පි යන රටේ පූර්ණ කාලීනව නවතින්නේ කියන එක. කොහොමද ස්තිර පදිංචිය හෝ පුරවැසිභාවය ගන්නේ කියන එක.

ඔයාලා ඉගෙන ගන්න එන කෙනෙක් නං කවුරුහරි ස්ටුඩන්ට් වීසා කරන ඒජන්ට් කෙනෙක් ගාවට ගියහම එයාලා මොකක් හරි කෝස් එකක් ඔයාලට කරන්න කියලා recomend කලාම , එයාලගෙන් ඔයාලා පෙරලා අහන්න ඕනි මේ කෝස් එක ඉවර වෙලා අපි කොහොමද ස්ථිර පදිංචිය ගන්නේ? කියලා මොකක්ද ඒකට තියෙන පාත් එක. අපි තව කොච්චර දෙවල් කරන්න්න ඕනිද ඒකට, ඔසි වල නම් visa invitaion එකක් ගන්න පොයින්ට් කියක් ඔනාද? ඒ පොයින්ට් අපි ගන්නේ කොහොමද කියන එක ස්ටුඩන්ට් වීසා කරන ඒජන්ට් ගෙන් අහන්න ඔනා. මේ දේවල් වලට පැහැදිලි පිලිතුරක් දෙන්න බැරි ඒජන්ට් කෙනෙක් ගෙන් විසා නම් දාන්න එපා. ඒ වගේම දීර්ග කාලීන පදිංචියට තියෙන පාර අපහැදිලි නම් කවමදාකවත් ඒක හරියට නොදැන රටකට එන්න එපා.

කෙනෙකුට කියන්න පුළුවන් ඔයා මේ වගේ කෝස් එකක් කරහම අනාගතයේ ඔයාට opportunity ටිකක් එයි න් ඒකෙන් ඔයාට රස්සාවල් හොයාගන්න පුළුවන් වෙයි කියල. ඒ කියන කතාව විතරක් විස්වස කරලා එනවා කියන්නේ ඔයාලගේ ලොකු වැරැද්දක්, එහෙම කියනකොට ඔයාලා හොයලා බලන්න ඕනි. මොකද රටකට ගියාට පස්සේ ඔයාලා ලංකාවෙන් ඒ රටට පටවපු කෙනාගෙන කිසිම උදවුවක් නැති වෙන්න පුළුවන් ඔයාලට. Visa එක කරන agent ට එයාලට ඔයාලා ගෙවන මුදල හෝ University එකෙන් ගෙවන කොමිස් එක නිසා එයාලට ඔයාලා තවත් එක වීසා එකක් මිසක් ඔයාලාට හොදම option එක agent ගෙන් නම් බලාපොරොත්තු වෙන්න බෑ.

සමහර රැකියාවල් තියෙනවා ඔයාලගේ පාඨමාලාව අවසන් කරපු ගමන්ම රස්සාවක් හොයාගන්න බැරි  හැබැයි සමහර පාඨමාලාවල් තියෙනව පාඨමාලාව ඉවර කරපු ගමන්ම රස්සාවක් කරන්න පුළුවන් උදාහරණයක් විදියට ගත්තොත් IT වගේ ජොබ් එකක් කරන්න බලාගෙන ඉගෙන ගන්නවා නම් ඔයාලා හොයන්න ඕනි ඔයාලගේ කරන කෝස් එකෙන් පස්සේ ඔයාලට placement එකක් ගන්න පුලුවන්ද කියල. හැබැයි ඔයාලා නර්සින් ටීචින් වගේ කෝස් එකක් කරන්න එනවනම් අනිවාර්යෙන් කෝස් එකෙන් පස්සේ ඔයාලට අදාළ රැකියාවේ ලියාපදිංචිය  අරගෙන රැකියාවකට යන්න පුළුවන්.

Placement එකක් නැති කෝස් වල රැකියාවක් හොයාගන්න ගියහම තියෙන ලොකුම ප්‍රශ්නෙ ඔයාලට මුලින්ම හම්බෙන රස්සාවේ ලැබෙන පඩිය අඩුපඩියක් හැබැයි ඔයාලා මාස හයක් වගේ යනකොට පටන් ගන්නවා වෙන රස්සාවල් වලට දාන්න එතකොට ඔයාලට අර මාස හයේ පලපුරුද්ද පෙන්නලා දැනට කරනවාට වඩා හොඳ පඩියකට යන්වන පුලුවන්, ගොඩක් අය පළවෙනි රැකියවේ පළවෙනි අවුරුද්ද  ඉවර වෙන්න කලින්, ඒ කියන්නේ review එකක් තියලා salary increment එකක් ලැබෙන්න කලින් ඔයා රැකියාවෙ​න් අයින් වෙලා වෙන එකකට යනවා. ඉතිං මේ වගේ දෙවල් නිසා company වලින් fresh grduate කෙනෙ​ක් ගන්න කොට දෙපාරක් හිතනවා ඔයා දිගටම එයාලා එක්ක ඉදීද කියලා, ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නෙ. ඒ වගේම සමහර IT රැකියාවල් තියෙනවා ඒ කියන්නෙ network security වගේ ජොබ් වලට national security clearance ගන්න වෙනවා එකට citizenship එක ඕනා.

ඒ එහෙම ඔයාලා එන්නේ work visa එකකින් නම් ඒ වීසා එකේ වලංගු කාලයෙන් පස්සේ ඉස්සරහට අදාල රටේ ඉන්නේ කොහොමද ඒ ඉන්න අතරේ ස්ථිර පදිංචියට හෝ පුරවැසිභාවයට යන්න පුළුවන්ද? ඔයාලගෙම කියලා ගෙයක් අරගන්න පුළුවන් වෙන්නෙ කොහොමද? මේ වගේ දේවල් ඔයාලා ජොබ් වීසා එක කරලා දෙන කෙනා ගෙන් අහන්න ඕනා.

මේ වගේ දෙව​ල් අහන්න නම් ඔයාලා ය​න රටේ ඒ process දෙක ගැන ඔයාලා දැන ගෙන ඉන්න ඕන. දැන් කාලේ අපිට ගොඩක් දේවල් internet එකෙන් හොයන්න පුලුවන්, තියෙන්නේ ඔයාලාගේ කම්මැලි කම කවුරු හරි කෙනෙක් හොයලා දෙනකන් ඉන්නෙ නැතුව ඔයාලම කියවන්න ගන්න.

මගේ අත්දැකීමෙන් මම කියන්නේ අපි ඉස්සෙල්ලම ටාගට් කරන්න ඕනි අපි ලංකාවට වඩා හොඳ rank එකක passport එකක් තියෙන රටක citizenship එකක් ගන්න.

ඒකට යන පාරෙදි ඔයාලගෙම කියලා ගෙයක් ගන්න එක ගැන හිතන්න ඔනා. ප්‍රධානම හේතුව ඔයාලා වෙන රටකට ගියාම ඔයාලට ඔයාලගේ පඩියෙන් වැඩියෙන්ම කරන්න වෙන වියදමක් තමයි ගෙදරකට ගෙවන කුලිය. මොකක් හරි ක්‍රමයකින් ඔයාලට ඔයාලගෙම කියලා ගෙයක් නිවාස ණයක් අරගෙන ගන්න පුළුවන් නං ඔයාලා ඒ ගෙවන වාරිකය ගෙවන්නේ ඔයාලගෙම කියලා ගේකට. කවද හරි දවසක ඔයාලා යන රටේ නොහිටියත් යන දවසක ඔයාලා ඒ ගෙදර විකුණලා යනකොට ඔයාලට ඔයාලා ගෙවපු ගාන හරි අතට ඉතුරු වෙනවා අනිවාර්යයෙන්ම ඒ ගානට වැඩිය වැඩි ගානක් ඔයාලට ඉතුරු වෙනවා.

ඔසී වගේ රටක ගේයක් ගන්න නම් ස්ථිර පදිංචිය තියෙනකොට තමයි ලේසි නැතිනම් ලොකු මුද්දර ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒ වගේම ලෝකයේ සමහර රටවල් තියෙනවා ඔයාලා රැකියා වීසා එකකින් ඒ රටේ ඉන්නවනං ඔයාලට නිවාස ණයක් අරගෙන ඔයාලගෙම ගෙයක් ගන්න පුළුවන්.

ඊළඟට ඔසී වල නම් ගොඩක් වෙලාවට ස්ථර පදිංචිය ගන්න වෙන්නේ point system එකෙන් ගිහින්. උදාහරනයක​ට Chef, Nursing වගේ ජොබ් වලින් තමයි work visa එකකින් chance එකක් ගන්න පුළුවන් වෙන්නේ ලේසියෙන්. ඒ වගෙම සමහර ජොබ් තියෙනවා එහෙම work visa එකක් කොහොමවත් හොයා ගන්න බැ​රි ඔසී වල අවුරුදු හතරක් ජීවත් වෙලා එක අවුරුද්දක් ස්ථිර පදිංචිය සහිතව  හිටියාම තමයි Australian citizenship එක ගන්න ඕනා residency requirement එක හදා අහන්න පුළුවන්.

ඒ වගේම ඔයාලා මොකක් හරි වීසා එකකින් රටක නීත්‍යානුකූලව යම්කිසි අවුරුදු ගානක් ජීවත් වෙලා ඒ රටේ භාෂා ප්‍රවීනතාවය පෙන්නලා citizenship එකට යන්න පුළුවන් රටවල් ලෝකයේ තියෙනවා. මං කලින් මගේ පොස්ට් වලත් කියලා තියෙනවා රැකියාවක් කරන ගමන් ඉගෙන ගෙන ස්තිර පදිංචියට යන්න එකෙන් පස්සේ අඩුම කාලයකින් පුරවැසිභාවය ගන්න පුලුවන් රටවල් ලෝකේ තියෙනවා ගොඩක් වෙලාවට ඒ විසා එකක් කරලා ලොකු ආදායමක් ගන්න බැරි නිසා ලංකාවේ ඉන්න agents ලා ඔයාලාව පටවන්න හදාන්නේ එයාලාට උපරිම ලාභ ගන්න පුලුවන් රටකට.

සමහර ජොබ් තියෙනවා ලංකාවේ පලවෙනි රැකියාව කරලා ලංකාවෙන් experience අරගෙන හෝ මැදපෙරදිග රටක experience අරගෙන වෙන රටකට ගිහින් ඒ රටේ settle වෙන්න පුළුවන්. ඔයා ලෝකේ වටේ ඇවිදින්න කැමති කෙනෙක් නම් ඔසී වගේ ලෝකේ කොනක තියෙන රටකට යනවාට වඩා යුරෝපය හොඳ option එකක් වෙන්න පුළුවන්

ඒ වගේම ඔයා වෙන රටක settle වෙන්න ඕන නැහැ ඔයාගේ අවසාන කාලය ලංකාවේ හොදින් ගතකරන්න යහමින් මුදල්.හොයා ගැන හෝ වෙනත් ආයෝජනයක් කරන්න ඕන කියලා හිතන කෙනෙක්ට නම් ඔසී හෝ යුරෝපා රටකට යනවාට වඩා tax ගෙවන්න ඕනා නැති මැදපෙරදිග රටක ගිහින් මුදල් හොයන එක හොඳ option එකක් වෙන්න පුළුවන්.

ඉතිං රටකට යන්න කලින් අනාගතය ගැන හිතන්න මං හැමදාම කියනවා වගේ steps කිහිපයක් ඉදිරියට හිතන්න.