Europe is better for traveling


මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ රජයෙන් කරපු සංගණනයක් අනුව ඔස්ට්‍රේලියානුවන් වසර 40ක කාලයක් තුළ traval කරපු top 10 රටවල්.

https://www.facebook.com/share/v/mmENiMggaJ6ch5ab/

මේක බැලුවාම ඔයාලාට හිතා ගන්න පුළුවන් ද මෙහෙම උන් ඇයි කියලා.

ඕස්ට්‍රේලියාව කියන්නේ තනි රටක් උනාට ඒක මහද්වීපයක් කියලා ඔයාලා දන්නවනේ, එකේ විශාලත්වය Schengen area එකට වඩා වැඩි. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් වන ටැස්මේනියා දූපත ලංකාවටත් වඩා ලොකූයි.

ඉතිං ඕස්ට්‍රේලියාවේ ඉඳලා වෙන කොහේ රටකට යන්න ගියහම යන්න යන කාලය සහ වියදම වැඩි වගේම ඔසී වීසා එකක් තිබුණා කියලා වීසා නැතුව යන්න පුළුවන් රටවල් ගොඩක් නෑ. Citizenship තියෙන අයට නම් පුළුවන්.

මං කලින් ඔයාලා එක්ක share කරපු දවස් දහයෙන් රටවල් දහයක් ගියපු ගමනේ දුර කිලෝමීටර් තුන්දාහකට වැඩියි. ඒ ගමන අපි ගියේ පොදු ප්‍රවාහන සේවාවලින්, Places we visited during our 10 Capital Cities Trip in details

මම ඔසී වල අවුරුදු 9 කට වඩා හිටපු නිසා දන්නවා ඒ වගේ ගමනක් අපි ඔසී වල ගියා නම් අපි එකම රට ඇතුළේ මයි ඒත් පොදු ප්‍රමාණයෙන් නම් එහෙම ගමනක් යන්න හරිම අමාරුයි . නෙමෙයි යන්න බැහැ.
අපි Malta වලට ඇවිත් මාස නමයක් යනකොට රටවල් 23ක ගියා.
ඒ වගේම ඒ එක රටකට වත් යන්න වීසා ගන්න ඕනා උනේ නැහැ. එහෙමත් රටක border එකක තමයි ID passport චෙක් කළේ,

ඉතින් ඔයාලා මේ දවස් වල රටකට යන්න හොයනවා නම් පළවෙනි option එක යුරෝපයේ රටක් කරගන්න. ඔසී වල Students visa වල නීති තද වෙලා. Skill visa දාපු සමහර අය අවුරුද්දකට වඩා බලන් ඉන්නවා වීසා එක එනකන්. ඉතිං මේ ඇවිලෙන ගින්නට පැනලා හුල්ල හූල්ලා ඉන්නේ ඇයි? ඔසී වලට වඩා ලාභදායී වගේම හොඳ option Europe වල තියෙනවා. භාෂාවක් ඉගෙන ගන්න වා බයවෙන්න එපා ඔසී ගියා වුණත් ඔයාලා IELTS 7-8  දාන්න වෙහෙසෙන්න ඕනා නේ ස්කෝලෙ කියලා දුන්න English වලින් එක කරන්න බැහැ නේ.

ඒ වගේම ඔයාලා යුරෝපයේ නම් ඉන්නේ ඉතින් ගොඩක් වාසනාවන්තයි.  සති අන්තයේ හරි අහල පහල රටකට යන්න. අනික යුරෝපයේ ලාභදායී ගුවන් සේවා ඕනා තරම් තියෙනවා. වාහනයක් පදින්න පුලුවන් නම් day trip එකක් විදියට තවත් රටකට හෝ එක රටක් හරහා වෙනත් රටකට යන්න පුළුවන්.

ඔසී ඉන්න කෙනෙක් දන්නවා මෙල්බන් ඉදලා සිඩ්නි හෝ ඇඩිලෙඩ් වගේ යන්න පැයක වගේ ගුවන් ගමනක් උනත් ලොකු ගානක් යනවා කියලා.

අපි ඊට වඩා අඩුවට Malta ඉඳලා Prothugal වල Lisbon වලට වගේම Sweden වල Stockholm ඉදලා මෝල්ටා වලට පැය තුනකට වඩා යන ගුවන් ගමන් යුරෝ 15-30 අතර අතර ගිහින් ඇවිත් තියෙනවා.


Malta නැතුව වෙන රටක ඉන්න අයට ඊටත් අඩුවෙන් ටිකට් ගන්න පුළුවන් බස් වල යනවා නම්,
ඉතින් පුළුවන් තරම් ඇවිදින්න. 

ඒ වගේම Melbourne ඉඳලා Sydney හෝ Adelaide වාහනයක් පදිනවා නම් පැය 9-10ක් පාළු පාරවල් වල පෑදගෙන යන්න වෙනවා.


යුරෝපයට එන්න පුළුවන් නම් එන්න. ඇවිත් ඉන්න අය පුළුවන් තරම් ඇවිදින්න.
වෙනස් මිනිසුන් වෙනස් සංස්කෘතීන් වල අත්දැකීම් ගන්න. ඔයා ඇවිදින්න ආස කෙනෙක් නම් නවතින්න හොදම යුරෝපයේ