Portugal D7 and D8 visas

පෘතුගාල්වල තියන D7 & D8 වීසා කියන්නේ කෙනෙක් පෘතුගාලයට ගිහින් ඒ රටේ රැකියාවක් හෝ ඒ රටේ වෙනත් ක්‍රමයකින් මුදල් උපයන්නේ නැතුව වෙනත් රටක ඔයාලා ලබන ආදායමක් ගෙනත් ජීවත් වෙන්න දෙන වීසා දෙකක්.

මගේ Australian company එකට වැඩ කරන ගමන් අපි Malta වල ඉන්න Malta Digital Nomad Residency permit එක වගේම වීසා එකක් තාමයි Portugal වල දෙන D8 visa එකක්ත්. Malta visa එක ගැන මං කලින් ලියලා තියෙනවා.

පෘතුගාලයේ තියෙන මේ වීසා දෙකේ විශේෂත්වය තමයි. ඔයාලාට අවුරුදු පහක් මේ වීසා එකකින් රටේ ජීවත් උනාම prothugal citizenship එකට ඉල්ලුම් කරන්න පුළුවන් වෙන එක.

එක මේ වීසා දෙකට විතරක් නෙවෙයි වෙනත් ඕනෑම වීසා එකකින් පෘතුගාලයට ඇවිත් අවුරුදු පහක් ජීවත් වුණොත් ඔයාලට පෘතුගාලයේ පුරවැසිභාවය ගන්න ඕන කරන residency requirement එක හදා ගන්න පුළුවන් කියලා මං කලින් ලියලා තියෙනවා.

ලංකාවේ වගේ කෙනෙක්ට මේ වගේ ලේසියෙන් ලෝකේ බලවත් passport එකක් ගන්න පුළුවන් රටක් තියෙනවා නම් ඒ Portugal විතරයි මගේ දැනුම් හැටියට තියෙන්නේ.

අපි දකිනවා ගොඩක් අය වෙනත් රටකට යන්න කියලා ලොකු ගණන් වල ආදායම් පෙන්නලා ඉගෙන ගන්න යන්න හෝ work visa එකකට යන්න හදනවා. සමහරු ළමයිට school වල ඉගෙන ගන්න වීසා දාලා guardian visa එකක් දාගෙන ඔසී වගේ ගිහින් ගේමක් ගහන්න හිතනවා.

ඒත් ඔයාලාට €820 කතා වඩා  Passive income එකක් (මේ ගාන අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා) තියෙනවා නම් ඔයාලාට Portugal වල D7 visa එකකට ඉල්ලන්න පුළුවන්.

මොකක්ද මේ Passive income එකක් කියන්නේ?

Passive income එකක් කියන්නේ ඔයාලා සක්‍රිය නොවන ලෙස හෝ ක්‍රියාකාරි නොවන ලෙස උපයන්න ආදායමයක් ඒ කියන්නේ ගෙවල් කුලියට දීමක්, ව්‍යාපාරවල  කොටස් වලින් ලබන ආදායමක් විශ්‍රාම වැටුපකික් හෝ අර්ථසාධක අරමුදලක් වගේ දෙයකින් ලැබෙන ආදායමක් වෙන්න පුළුවන්.

ඒ වගේම ඔයාලා remote job එකක් නම් කරන්නේ එහෙමත් නැති නම් freelancer නම් වැඩ කරන්නේ ඔයාලා එක හොයන්න ක්‍රියාකාරීව වැඩ කරන නිසා ඔයාලාට  €3,280 කට වඩා මාසික ආදායමක් පෙන්නන පුළුවන් නම් ඔයාලාට Portugal D8 visa එක ඉල්ලන්න පුළුවන්.

D7 visa එකක් ඉල්ලුම් කළාම ඔයාලාට මුලින්ම අවුරුදු දෙකකට ඉන්න වීසා එක දෙනවා ඒ අවුරුදු දෙකෙන් මාස 16ක් ඔයාලා රටේ හිටියා සහ අර ආදායම දැනුත් ලැබෙනවා කියලා පෙන්නලා තව අවුරුදු දෙකකට වීසා එක ඉල්ලන්න පුළුවන්

D8 visa එකේදි temporary stay එක ඉල්ලනවා නම් ඔයාලාට දෙන්නේ අවුරුද්දක වීසා එකක් වගේම ඕනා නම් අවුරුද්දෙන් අවුරුද්ද  අවුරුදු තුනක් renew කරගන්න පුළුවන්, ඒ වගේම D8 resident visa එක ඉල්ලනවා නම් මුලින්ම අවුරුදු දෙකකට වීසා එක ලැබෙනවා ඒ දෙකෙන් පස්සේ තව දෙකට ඉල්ලන්න පුළුවන්

මෙහෙම renew කරගෙන අවුරුදු 5ක් Portugal හිටියාම ඔයාලාට Portugal වල Permanent Resident එකට ඉල්ලන්න හෝ හෝ කෙලින්ම Portugal citizenship එකට ඉල්ලන්න පුළුවන්.

මේ.වීසා දෙකෙන්ම ඔයාලාට ඔයාලගේ පවුලේ අය Portugal වලට ගෙන්න ගන්න පුළුවන් family reunification යටතේ.  ඒ වගේම Portugal healthcare and education systems එකාටත් ඔයාලාට access තියෙනවා. ඉතින් මං හැමදාම කියනවා වගේ පෘතුගාල්වල පුරවැසි භාවය ගන්නවා කියන්නේ පසුකාලීනව ඔයාලට යුරෝපයේ සංගමයේ ඕනම රටකට ගිහින් රැකියාවක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් වගේම Switzerland Norway උනත් මුලින් මාස තුනක කාලයකට ගිහින් ස්ථිර රැකියා ගිවිසුමක් හොයාගෙන නවතින්න පුළුවන්.

Passive income එකක් හෝ place independent රැකියාවක් කරන  ඔයාලා ලංකාවෙන් එළියට ගිහින් වෙනත් රටක citizenship එක ගන්න බලාගෙන ඉන්නවා නම් මේක ගොඩක් හොඳ option එකක් වගේම Europe වල ජීවත් වෙන්න ලෝකේ ඇවිදින්න ආසා කෙනෙක් නම් ලේසියෙන් ලෝකේ වටේ යන්න හොදම option එකක් මේක.

තනියම වැඩේ කරගන්න බැරි නම් Waikin Europe team එක ඉන්නවා හීනේට යන්න උදවු කරන්න. මේ email එකෙන් පුළුවන් එයාලා සම්බන්ධ කර ගන්න Info@waikineurope.com